සංගක්කාර සහ රොනාල්ඩෝ

sanga සංගක්කාර – ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට

දෙදහස් පහළොව වසරේ සියල්ලන්ගේම අවධානය යොමුව ඇත්තේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය කෙරෙහිය. ශ‍්‍රී ලංකාවේ දී බහුතර ක‍්‍රීඩා ලෝලීන්ගේ සහ ජනතාවගේ පැතුම මෙවර ද ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගැනීම දක්වා පැමිණීමයි. විශේෂයෙන් ලෝක කුසලානයෙන් අනතුරුව ලංකාවේ සුපිරි ක‍්‍රීඩකයන් දෙපොළක් වන මහේල සහ සංගාගේ සමුගැනීම් පිළිබඳ බොහෝ මාධ්‍ය කතා කර තිබිණි. තවත් දින 45 කට ආසන්නයෙන් ඇති ලෝක කුසලාන තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගාවලිය වන්නේ නවසීලන්ත තරගාවලියයි. මෙම නවසීලන්ත තරගාවලියට එක්දින තරග 7 ක් ඇතුළත්ය. මේ එක් දින තරග 7 ඇතුළත ක‍්‍රීඩා කිරීමට සංචිතයට සම්බන්ධ සියලූ ක‍්‍රීඩකයන්ට අවස්ථාව හිමි වේ. බොහෝ විට අදාළ ලෝක ශූරතා තරගාවලියේ අවසන් තේරීම් ලෙස 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ යුතුය.

පසුගිය දා අවසන් වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දැක්වීම මත කුමාර සංගක්කාර ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පිතිකරුවන් අතර ප‍්‍රථම ස්ථානයට පත්වීමට හැකිවී තිබිණි. පසුගිය දා පැවැති තරග අතරතුර සංගා තමන්ගේ ක‍්‍රිකට් දිවියේ නොමැකෙන සටහන් අතරට පැමිණ තිබිණි. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරු ලැයිස්තුවේ සංගාට පහළිින් සිටිනුයේ දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රීඩකයන් වන ඩිවිලියර්ස්, දෙවැනි සහ තුන්වැනි ස්ථානයේ හෂීම් අම්ලාය. මෙම ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ පසුවන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ය.

නවසීලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී දිමුත් කරුණාරත්න දක්ෂතා දැක්වීම කැපී පෙනෙන කාරණාවකි. එම තරගයේ දී ලකුණු 152 ක් ලබාගැනීම ඔහු සමත් වීම නිසා ලෝක කුසලාන තරගාවලියට ඔහුගේ දායකත්වය ලබාගැනීමේ ඉඩකඩක් පවතී. ලෝක කුසලාන තරගාවලියේ දී පිතිකරු අනු පිළිිවෙළ ඉතා වැදගත් වේ. ආරම්භක පිතිකරුවන් වන්නේ මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ද නොඑසේ නම් දිමුත් සහ ඩිල්ෂාන් ද යන වග තෝරා බේරාගැනීම නිවැරදිව කළ යුතුය.

2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායමට මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, කුමාර සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, දම්මික ප‍්‍රසාද් ඇතුළත්ව ඇත. මේ වනවිට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය වෙත අදාළ ක‍්‍රීඩකයන්ගේ නාමලේඛනය ලබාදීමට ක‍්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

එච්.එස්. ආරියදාස රඹුක්කන

 

ronaldoChristino Ronaldo දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයා

ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින් පැවැත්වෙන ලෝක පාපන්දු සම්මාන ප‍්‍රධානයේ දී මෙවර දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව සිටී. මේ සමඟ රොනාල්ඩෝ අදාළ සම්මානය දෙවරක් දිනාගෙන ඇත. 1985 වසරේ පෙබරවාරි 05 වැනි දින උපත ලබා ඇති රොනාල්ඩෝ පෘතුගාලයහි ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබයි. රොනාල්ඩෝ හට වයස අවුරුදු 22 වනවිට ෆිෆා ආයතනය විසින් ලෝක ක‍්‍රීඩකයකු ලෙස නම් කරනු ලැබිණි. 2008 වසරේ දී පළමු වරට රොනාල්ඩෝ ෆිෆා ආයතනය විසින් දෙනු ලබන ලෝක පාපන්දු ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා ලදී. ඉන් අනතුරුව 2013 – 2014 වසරේ ඹෑත්‍් විසින් දෙනු ලබන යුරෝපයේ දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා ලදී. රොනාල්ඩෝ තමන්ගේ වයස අවුරුදු 28 පසු කරන විට ක‍්‍රීඩා සංගම් (ක්ලබ්* සහ රට නියෝජනය කරමින් ගෝල 400 ක කඩඉමක් පසු කිරීමට සමත්කම් දක්වා ඇත. රොනාල්ඩෝගේ පියා ජොසේ ඩිනිෂ් ඇවෙයිරෝ වයස අවුරුදු 52 දී මිය ගියේය. ඒ 2005 වසරේ සැප්තැම්බර් මාසයේය. ඒ වනවිට රොනාල්ඩෝගේ වයස අවුරුදු 20 කි. තම පියාගේ මරණයට හේතුව ඇල්කොහොල් නිසා වූ අක්මාව දුර්වල වීමක් බව රොනාල්ඩෝ පවසා තිබේ. මේ හේතුව නිසා තමන් ඇල්කොහොල් නොගන්නා බව රොනාල්ඩෝ පවසා ඇත.

තමන්ගේ කණ්ඩායමේ ඉදිරිපෙළ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරනු ලබන රොනාල්ඩෝ සමඟ මෙම තරගයට තවත් ක‍්‍රීඩකයන්ගේ නම් නිර්දේශව තිබිණි. ඒ අතර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී, මැනුයෙල් නෙයුඅර්, බයර්න් මියුනික්, යන අය ද කැපී පෙනුණි. නමුත් ඒ සියලූ දෙනා පරදා මෙවර ද රොනාල්ඩෝ හට ජයග‍්‍රහණය හිමි කරගැනීමට හැකි විය.

මෙම තරගයෙන් අනතුරුව රොනාල්ඩෝට ලැබෙන සම්මානය බැලෝන් ඩි ඕර් ලෙස නම් කර තිබේ. මෙම සම්මානය සඳහා රොනාල්ඩෝ සහ ලයනල් මෙසී අතර 2011 වසරේ සිටම තරගයක් පැවැති බව විචාරකයන්ගේ අදහසයි. කෙසේවෙතත් පිට පිට දෙවතාවක් ජයග‍්‍රහණය තහවුරු කරගැනීමට රොනාල්ඩෝ සමත් වී තිබේ. ප‍්‍රංශ බසින් බැලොන් ඩි ඕර් යන නමින් හැඳින්වෙන්නේ රන් පන්දුව යන්නට බව ප‍්‍රකාශිතය. අදාළ සම්මානය සඳහා ක‍්‍රීඩකයන් තෝරා ගනු ලබන්නේ පාපන්දු ක‍්‍රීඩාවේ නියැළෙන රටවල සිටින ජාතික කණ්ඩායම්වල පුහුණුකරුවන්, කණ්ඩායම්වල නායකයන්, මෙන්ම පාපන්දු ක‍්‍රීඩාව හා සම්බන්ධ මාධ්‍යවේදීන්ගේ ඡුන්දයෙනි. මේ නිසා මේ තරගයේ දී ලබන ජයග‍්‍රහණය ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වන බව විචාරකයන් පෙන්වා දී තිබේ.

Advertisements