ලක්ෂ 57 ට මොකද කරන්නේ?

pissekවෙනසක් බලාපොරොත්තු වූ අය අපේක්ෂා භංගත්වයට පත්කරමින් තවත් සතියක් ගෙවී යමින් තිබේ. ජනවාරි 12 වැනිදා පත්කරනවා යැයි කියූ ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන ජාතික උපදේශන සභාව සතියක් ඉක්මගිය පසුත් පත්කර නැත. ජනවාරි 19 වැනිදා පාර්ලිමේන්තුව රැුස්වනවා කීවාට එය කැඳවූයේ 20 වැනිදාය. 20 වැනිදාට නියමිතව තිබූ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා හා ඒවායේ සභාපතිවරුන් පත්කෙරුණේ නැත. සාමාන්‍ය සුභපැතුම් ආදිය ඉදිරිපත් කරමින් දවස ගෙවා දැමූ පාර්ලිමේන්තුව ජනවාරි 29 වැනිදා දක්වා කල්දමා ඇත. එනිසා අධීක්ෂණ කාරක සභා පත්කිරීම ද සතියකටත් වඩා ප‍්‍රමාද වනු ඇත. හදිසිය තිබුණේ බලය තහවුරු කරගැනීමට පමණක් බව අපි පසුගිය

සතියේ ද ලියුවෙමු. ඇතිවන අපේක්ෂා භංගත්වය වසා දැමෙන්නේ පෙබරවාරි 4 වැනිදාට ඉන්ධන මිල අඩු කරන බවට හා අතුරු අයවැයක් හරහා ජනවාරි 30 වනවිට බඩු මිල අඩු කරන බවට ප‍්‍රකාශයක් සිදුකිරීම හරහාය. එවැනි ජයග‍්‍රහණ තාවකාලික වන අතර සහනය තරමක් කල් පවත්වා ගැනීමටවත් බදු ප‍්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍ය වේ. දැනට ලංකාවේ බදු ප‍්‍රතිපත්තිය වන්නේ පොහොසතුන්ගෙන් අඩුවෙන් බදු අයකර දුප්පතුන්ගෙන් වැඩිපුර බදු අය කිරීමය. ආර්ථික විiා භාෂාවෙන් කියන්නේ නම් ඍජු බදු අනුපාතය අඩුවන අතර රාජ්‍ය බදු ආදායම වැඩිපුර සංයුක්ත වන්නේ වක‍්‍ර බදුවලිනි. මේ බදු ප‍්‍රතිපත්තිය වෙනස් නොකර ඉඳහිට භාණ්ඩයක දෙකක මිල අඩුකිරීම ප‍්‍රමාණවත් නොවේ. ඒ වම් අතින් දෙන දේ දකුණු අතින් උදුරාගත හැකි හෙයිනි. පෙනෙන ආකාරයට මතුපිට වෙනස්කම්වලින් හිතහදාගන්නවා මිස දිගුදුර යන ප‍්‍රතිසංස්කරණයක් ගැනවත් සමාජ තෙරපුමක් එල්ල නොවන බවයි.

 

දුටුගැමුණු බෲටස් වීම

තමන් තවදුරටත් දුටුගැමුණු නොව බෲටස් යැයි මර්වින් සිල්වා පවසා තිබේ. බෲටස් යනු ජුලියස් සීසර් අසලම මිතුරකු ලෙස සිට ඔහුට පිහියෙන් අනින ලද පුද්ගලයාය. මර්වින් සිල්වා තමන් බෲටස් බව පැවැසුවේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මිනීමැරුම් පිළිබඳ චෝදනා එල්ල කර පැමිණිලි කරන අවස්ථාවේ දීය. මේ වනවිට දේශපාලන සාකච්ඡුා තලයේ ඉදිරියට පැමිණ තිබෙන්නේ ජනාධිපතිවරණයට පෙර පැවැති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, ¥ෂණ වැළැක්වීමට ව්‍යවස්ථාමය ව්‍යුහයන් සකස් කිරීම වැනි මාතෘකා නොවේ. ඒ වෙනුවට ඉදිරියට පැමිණ ඇත්තේ ෂර්ලොක් හෝම්ස් පන්නයේ රහස් පරීක්ෂක මෙහෙයුම්ය. එක් පැත්තකින් තමන් තමන් විසින්ම බෲටස් ලෙස නම් කරගන්නා මර්වින් සිල්වා මිනීමැරුම් ගැන කරන හෙළිදරව් කිරීම්ය. තවත් පැත්තකින් පොලිසිය හා එජාප දේශපාලකයන් ගොස් සිදුකරනු ලබන සැඟවුණු දේ සොයාගන්නා මෙහෙයුම්ය. මහින්දගේ රුව රැුගත් ඔරලෝසු, ලිත් මෙන්ම රේසිං කාර් හා ගිනි අවි ද මෙසේ සොයා ගැනේ. හැමදෙනාම දැන් තරගයට මෙන් සැඟවූ දේවල් සොයයි. ජවිපෙ ගිනි තැබීමට නියමිත ලිපිගොනු

සොයාගත් අතර මුදල් ඇමැති රවී කරුණානායක ගෝඨාභයගේ ගිණුමක රුපියල් කෝටි 750 ක් ඇති බව සොයා ගත්තේය. එහෙත් එවැනි සොයාගැනීම් ඒ තරම් සමාජ ආකර්ෂණයක් හිමි කරගත්තේ නැත. පුළුස්සා දැමීමට නියමිතව තිබූ ලිපිගොනුවල වංචා ¥ෂණ අඩංගු නොවූ අතර ඒ තුළ තිබුණේ රැුකියා අයදුම්පත් වැනි ලේඛනය. මුදල් ඇමැතිවරයා විසින් සොයාගත් ගිණුම ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුමක් බව පසුව ප‍්‍රකාශයට පත්විය.

අලූත් ආණ්ඩුව හඳුන්වා දෙමින් ජනවාරි 20 වැනිදා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවැසුවේ එය ඒකීය රාජ්‍ය සංකල්පය මතම ඉදිරියට යන බවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කේ.පී.ට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහිදී ඔවුන් කරන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමය. එක් පැත්තකින් මහින්ද රාජපක්ෂගේ හිතුවතුන්ට පහර දෙන අතර අනෙක් පැත්තෙන් ජාතික හෙළ උරුමය විසින් ආකර්ෂණය කරගන්නා ඡුන්ද දායකයාට පිවිසීමය. එසේ නොමැතිව මෙවැනි ප‍්‍රදර්ශනාත්මක ක‍්‍රියාවලීන්ගෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා ලැබෙන පිටුබලයක් නැත. යුද්ධය, ජාතික ගැටලූවේ වර්ධනයක් විසින් ඌන සංකීර්ණ ක‍්‍රියාවලියකි. එහි හේතු මූලයන් සමාජමය වන අතර තනි තනි පුද්ගලයන්ට නඩු පැවරීමෙන් විසඳිය හැකි ප‍්‍රශ්නයක් නොවේ. මහින්ද රාජපක්ෂ කළේ එම ක‍්‍රියාවලියට සම්බන්ධ අයගෙන් තමන් සමඟ සම්මුතියට පැමිණි අය අතහැර අන් අයට තනි තනිව දඬුවම් ලබාදීමයි. නව ආණ්ඩුව කරන්නේත් එයම දැයි ප‍්‍රශ්නයක් පැන නැෙඟන අතර කරන්නේ එයම නම් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත. ජවිපෙ කරන්නේ ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා ප‍්‍රවේශයක් ගැනීම නොවේ. මෙවැනි ජනප‍්‍රියවාදී සන්දර්ශනවලින් සිදුවන්නේ යුද්ධයට පෙර පැවැති මනෝභාවයන් යළි ශක්තිමත් වීම, දෙමළ විරෝධයට පොහොර දැමීම හා ජාතිවාදය පෝෂණය වීමයි. ජවිපෙට ජාතිවාදය හරහා දේශපාලන පාරක් කපාගත හැකිවනු ඇත. එහෙත් එය සමාජයට අතිශය හානිකරය. මෙහි ඇති උත්ප‍්‍රාසජනක කරුණ වන්නේ කේ.පී.ට එරෙහිව පැමිණිලි කරන ජවිපෙ හා කේ.පී. නිදොස් කිරීමට ඩයස්පෝරා බිල්ලකු එවන වීරවංශලා ද පෝෂණය කරන්නේ එකම දේශපාලන ධාරාවක් වීමය. එම දේශපාලන ධාරාව අතිශය විනාශකාරීය. එය විනාශකාරී බවට අලූත් තර්ක අවශ්‍ය නොවන අතර දශක ගණනාවක අත්දැකීම් එය අපට පෙන්වා දෙයි.

 

මුව හමට තැලීම

ජනවාරි 20 වැනිදා මහනුවර දළදා මාලිගාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසුවේ තමන්ව අනුමත කරන ලක්ෂ 57 ක් ලංකාවේ සිටින බවය. ඒ ජනතාවගෙන් පළිගන්නට එපා යැයි ද ඔහු ඉල්ලීමක් කළේය. දේශපාලන පළිගැනීම් ගැන මහින්දටම කතා කරන්නට සිදුවීම හරි අපූරු දෙයකි. වෙබ් අඩවියක කාටූනයක් ඇඳ තිබුණේ මහින්ද දේශපාලන පළිගැනීම්

ගැන කියනා අතර සරත් ෆොන්සේකා හා ශිරානි බණ්ඩාරනායක සිනා වෙන රූපයකි. එය වෙනම කතාවකි. ගම්වල ජනයා මේවාට කියන්නේ ‘කළ කළ දේ – පල පල දේ’ කියාය. මහින්ද සිදුකළ දේශපාලන පළිගැනීම් ගැන කතාව පසුවට තබා දැන් සිදුවන ක‍්‍රියාවලිය ගැන ද යමක් කිව යුතුය. ඒ කතාව ආරම්භ කිරීම සඳහා මහින්ද තමන් අනුමත කළ බව කියන ලක්ෂ 57 ක ජනතාව ගැන ද කතා කළ යුතුය. මේ අය මෙවර ජනාධිපතිවරණයේ දී ඡුන්දය දුන් පදනම විවිධාකාරය. නමුත් ඒ අතරින් වැඩි පිරිසකගේ මනස තුළ තිබූ තර්කය අපට මෙසේ සංක්ෂිප්ත කළ හැක. ”හොරකම් කළාට කමක් නෑ, සුදු වෑන් එව්වට කමක් නෑ, පහළ පන්තිවල ආර්ථිකය බිඳ වැටුණට කමක් නෑ, මිනීමැරුවට කමක් නෑ කොටියට ගැහැවුවනේ” ඒ චින්තනය එයයි. ඕනෑනම් අපට එය ‘මහින්ද චින්තන’ ලෙස ද නම් කළ හැක. මෙය තවත් සංක්ෂිප්ත කළ හොත් කියවෙන්නේ ‘දෙමළාට, මුසල්මානුවාට ගහනවා නම් මේ මොනවා කළත් කමක් නෑ” ලෙස අමුවෙන්ම කිවහැකි ජාතිවාදී අදහසකි. අප පොරබැදිය යුත්තේ මේ සිතීම සමඟය.

ලක්ෂ ගණනක ජනතාවක් මෙවැනි සිතීමකට පැමිණ ඇති හේතුව කුමක්ද? එය අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්නයකි. අප ඔළුවේ නහර ගැට ගැසෙන තුරු කල්පනා කර හෝ විසඳිය යුතු ගැටලූව ද එයයි. ඒ හේතුවට පිළියම් නොසොයා එම සිතීමේ දේශපාලන ප‍්‍රකාශකයන්ට පහරදීමෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත. පාලිත තෙවරප්පෙරුම කරන්නේ එම මතයේ ප‍්‍රකාශකයෙක් මහපාරේ දණගස්වා පහර දීමයි. එය පාදඩ හා ප‍්‍රචණ්ඩ දේශපාලනයක් ලෙස ප‍්‍රකාශ කරන ලිබරල් මතධාරීන් ද වසන්ත බණ්ඩාරව අත්අඩංගුවට ගැනීම අනුමත කරයි. අප සිතන ආකාරයට නම් කළ යුත්තේ වසන්ත බණ්ඩාර හා ගුණදාස අමරසේකර වැනි ජාතිවාදී ප‍්‍රකාශකයන්ගේ මතයට පහරදීම මිස ඔවුන්ට පහරදීම නොවේ. බන්දුල පද්මකුමාර රූපවාහිනී වැඩසටහනෙන් එළවා දැමීම වෙනුවට කළ යුත්තේ ඔහුගේ මතය ප‍්‍රශ්න කිරීමයි. මතයේ ප‍්‍රකාශකයන්ට පහර දීම වෙනුවට අවශ්‍ය වන්නේ ඒ මතය පැවැතීමට අදාළ සමාජ මූලයන්ට පහරදීමයි. එසේ නොකර හුදු බලහත්කාරය මඟින්ම මිලියන ගණනක ජනතාවක් සිටින අගතිගාමී මතවාද පරාජය කළ නොහැක. දේශපාලන පළිගැනීම්වලට අප එරෙහි වන්නේ ඒ දෘෂ්ටි කෝණයෙනි. ජාතිවාදී දේශපාලනයට එරෙහි අය ගෙදර තිබෙන මුව හමට තැලීම වෙනුවට වනයට ගොස් මුවා ඇල්ලීමේ දුෂ්කර, එහෙත් කළ යුතු දේශපාලනයට පිවිසිය යුතු යැයි අප යෝජනා කරමු.

අවසානයේ දී සියල්ල මතුපිටින් අතගානවා මිස විසඳුමක් සඳහා වන අවංක උත්සාහයක් පෙනෙන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය වැනි සීමිත ක්ෂේත‍්‍රවල පවා කෙරෙන්නේ ඒ ගැන සංදර්ශනාත්මක අලංකාරෝක්ති ගොඩනැඟීම මිස ප‍්‍රශ්නය ගැඹුරෙන් විග‍්‍රහ කිරීම නොවේ. අරලියගහ මන්දිරයේ තිබූ සැප කාමර දෙස බලා හීල්ලීමෙන් හෝ හොරු ඇල්ලීමේ ජවනිකා රහස් පරීක්ෂක චිත‍්‍රපටයක් බලන්නා සේ බලාසිටීමෙන් අත්වන සුගතියක් නැත. ජනතාව රවටන තාවකාලික ආර්ථික සහන නමැති බොම්බයි මුටයි වෙනුවට පහළ පන්තීන්ගේ ආර්ථිකය සවිමත් කරන පෝෂ්‍යදායී ආහාර අවශ්‍ය වේ. නමුත් එවැනි කිසිදු යෝජනවාක් ඉදිරියට එන්නේ නැත. ආණ්ඩු බලය හොබවන එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපති ධුරය හොබවන මෛත‍්‍රීපාල සිරිසේනට ඒ සඳහා හැකියාවක් නැත. එවැනි ඉදිරි දර්ශනයක් ද නැත. එවැන්නක් සඳහා උවමනාවක් ද නැත. එනිසා තිබුණාටත් වඩා ප‍්‍රතිගාමීත්වයක් වෙත ගමන් කිරීමේ අවදානමක් ද තිබේ. එය වෙනස් කළ හැක්කේ පහළ පාන්තික ජනයා වැඩි වැඩියෙන් දේශපාලනයට කැඳවීමෙනි. ඔවුන්ගේ දේශපාලන විඥානය වර්ධනය කිරීමෙනි. ඔවුන් සංවිධානය කිරීමෙනි. දැනටමත් ඔවුන් සංවිධානය වී සිටින ප‍්‍රජා ව්‍යුහයන් ශක්තිමත් කිරීමෙනි. රනිල් හා මෛත‍්‍රී ස්වර්ග රාජ්‍යය පහළ කරදෙනු ඇතැයි අපේක්ෂා දල්වාගෙන මාධ්‍ය මත දිගහැරෙන සංදර්ශන බලා සිටීමෙන් සමාජයට අත්වන වාසියක් නැත.

Advertisements