ක‍්‍රීඩාව ගොඩගැනීමට නම්

match fixingලාංකේය ක‍්‍රීඩාවේ සමාජ භාවිතාවන් පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ තෘප්තිමත් විය හැකි හෝ ඉදිරිගාමී බලාපොරොත්තුවක් රඳවාගත හැකි ගොඩනැංවීමක් නොවේ. මේ නිසා විවේචන සහ අවලාද දෝෂාරෝපණ, අතෘප්තිමත් හැඟීම් හා හැසිරීම්, එකිනෙකා පරයා යන කිසිදා නිම නොවන තරග, ප‍්‍රතිලාභ සහ බලය වෙනුවෙන් කරනු ලබන නින්දිත ක‍්‍රියාකාරීත්වයන්ගේ අවසානයක් නැත. වර්තමානයේ මේ සියල්ලෙහි  අඩුවක් දැකිය හැකි නොවන අතර එහි සංකීරණතාවක් ගොඩනැංවෙමින් ඇත. සමස්තයක් ලෙස සංස්කෘතික තලයක අදාළ සියලූ භාවිතයන් අවගාමී භාවිතයන් ලෙස සමාජයේ ප‍්‍රශ්න කිරීමට ලක් වේ.
මෙවන් සිද්ධි ලාංකේය ක‍්‍රීඩාවේ දිනෙන් දින  ඕනෑවටත් වඩා අප වෙත උදාහරණ සපයයි. රටක මෙවන් තත්වයක් ගොඩනැංවීම සහ ඒ තුළ සිදුවන පරිහානිය පිළිබඳ සිද්ධිවාචක විවේචන, සංවාද, බැන අඬගසා ගැනීම්, නීතිමය පිළිසරණ සොයා යාම, මාධ්‍ය සර්කස් සංදර්ශන, දේශපාලකයන්ගේ පිහිට සොයා යාම වැනි ක‍්‍රියාකාරීත්වයන්ගෙන් මෙපිට සිදුවන භෞතික ක‍්‍රියාවලියක් පවතින්නේ නැත. වඩා හොඳ යැයි සිතන දේ පිළිබඳ ප‍්‍රාර්ථනාවන් සහිතව තමන් ද පුද්ගලවාදී මුග්ධත්වයක සිට කටයුතු කිරීම සමාජ භාවිතාවක් වී තිබේ. රටක් ලෙස මෙය අතිශය අභියෝගාත්මක කාරණාවකි. ක‍්‍රීඩකයන් මේ ව්‍යුහාත්මක තත්වයේ ගොදුරු බවට පත්ව ඇති විට ක‍්‍රීඩාවේ නිලධාරීන් ද ක‍්‍රීඩාවේ නීති සුරකින්නන් ද මෙහි ගොදුරු බවට පත්ව ඇත. එවිට පේ‍්‍රක්ෂකයා ද නිතැනින්ම එහිම ව්‍යුහාත්මක තත්වයේ ගොදුරක් බවට පත් වේ. මෙය සංකීර්ණ තත්වයකි. මේ නිසා සියල්ලෝම අපේක්ෂා භංගත්වයට පත් වේ. එමනිසා අවසානයේ රටක් ලෙස සාක්ෂාත් කරගන්නේ මොනවාද යන්න දීර්ඝ කාලයක සිට නොයෙක් ආකාරයෙන් යමක් ¥රදර්ශීව සිතූ බොහෝ දෙනා සංවාදගත කර අතහැර දමා තිබේ.
මේ පිළිබඳ පූර්විකාවට අදාළ කාරණා දෙකක් පසුගිය දා
සමාජයේ සංවාදයට ලක් විය. ඉන් එක් කාරණාවක් වූයේ කුමාර සංගක්කාර විසින් ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සහ ක‍්‍රීඩා ඇමැතිවරයා තමන්ට කළා යැයි කියන අකටයුතුකම් පිළිබඳ කළ හෙළිදරව්වයි. දෙවැන්න වූයේ වැලිසර නාවික හමුදා කඳවුරේ පැවැති රගර් ක‍්‍රීඩා තරගාවලියක් අතරතුර විනිසුරුවන්ට ක‍්‍රීඩකයන් සහ තවත් පුද්ගලයන් විසින් කළ පහරදීම පිළිබඳ සිද්ධියයි. මෙහි ඉහළින් කතා කළ කාරණාව සමාජයේ ක‍්‍රීඩාවේ ඉහළ තලයේ අවගාමී භාවිතයන් ප‍්‍රකට කරන අතර දෙවන සිද්ධිය පහළ තලයේ අවගාමී භාවිතයන් ප‍්‍රකට කරන්නකි. වර්තමාන ලාංකේය සමාජය මෙවන් සිද්ධි දාමයන්ගේ එකතුවක් ලෙස ව්‍යුහගත වී තිබේ. මේ තත්වය ව්‍යුහාත්මකව වෙනස් කරගැනීම සඳහා සමාජ මතවාදයන් සකස් කරවීමත් ප‍්‍රතිව්‍යුහගත කිරීමත් සුළු පටු අභියෝගයක් නොවේ. මේ සඳහා නීති රීති සහ බලය යෙදීම්වලට එහා ගිය සමාජ පරිවර්තනයක් සඳහා පදනම සකස් කරනුයේ කුමන නම් භාවිතාවන් හරහාද යන්න සොයා බැලිය යුතුය. මේ වර්තමාන තත්වය දීර්ඝකාලීන බිඳ වැටීම්වල ඵලයන් ලෙස  වටහාගත යුතුය.
මේ නිසා ප‍්‍රායෝගික භාවිතයන් සොයා යාම සහ ස්ථාපිත කරගැනීම හරහා යම් සාධනීය තත්වයක් වර්ධනය කරගැනීම ඉලක්ක කර ගත යුතුය. අදාළ ඉහත සිද්ධි දාමයක් ලෙස සමාජයේ සිදුවන්නේ ඇයි? ඊට අදාළ මිනිස් විෂයන්වල භාවිතාත්මක තලයේ පරිවර්තනයන් සමාජ මනෝ විiාත්මක භාවිතයන් සහ උපදේශනය හරහා ප‍්‍රති-
ගොඩනංවාලීම සිදු කළ යුතුය. ක‍්‍රීඩා තරගයක් පවත්වන්නේ ඇයි? එහි අරමුණුගත තත්වයන් කුමක්ද? මේ සඳහා වූ මිනිස් සාමූහිකයන් ගොඩනැංවෙන්නේ සහ ඔවුන් අතර සිදුවන සමාජ ක‍්‍රියාවලිය තරගය සහ තරගයෙන් පසු අවධිය යනු කුමන නම් තත්වයක් ද යන්න පවතින අවිඥානික භාවිතාවන්ගෙන්
මිනිස් සවිඥානිකත්වයක් වෙත රැුගෙන ආ යුතුය. ලංකාවේ ක‍්‍රීඩාව ගොඩගැනීමට නම් ඊට අදාළ සියක් කාරණා අතර විනය අධීක්ෂණ උපදේශන කමිටුවක අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය. මේ සඳහා විෂය දැනුම සමාජ විiාවන්ගේ සහ මනෝ විiාවන්ගේ දැනුම සහ ප‍්‍රායෝගික භාවිතයන්, මනෝ විශ්ලේෂණයේ න්‍යායන්, බලය, ප‍්‍රතිලාභ සහ සමාජ අවභාවිතයන්ගේ ගොඩනැංවීම පිළිබඳ මානුෂවාදී න්‍යායාත්මක දැනුමක් සහිත සාමූහික භාවිතාවක් ක‍්‍රීඩා අමාත්‍යාංශය අධීක්ෂණ සහ බලාත්මක ව්‍යුහයක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය. මෙහි තීරණාත්මක කර්තව්‍ය උපදේශනය (ජදමබිැකකසබට* වෙනුවෙන් කටයුතු කිරීම සහ අදාළ තත්වයන්ට අදාළව බලය යොදා තීන්දු තීරණ ගැනීම ද කළ යුතුය. එයට නිශ්චිත තත්වයන් තුළ බලය යොදා ක‍්‍රියා කළ හැකි විය යුතුය. එහෙත් එය තනිකරම පොලිසියේ රාජකාරිය අබිබවා යන සමාජ මනෝ විiාත්මක භාවිතාවක් සහිත නව භාවිතාවක් විය යුතුය.  උදාහරණයක් ලෙස ක‍්‍රීඩකයන් කරනු ලබන වැරදි හෝ විනය කඩකිරීම්, නිලධාරීන්ගේ සහ විනිසුරුවන්ගේ එවැනි කටයුතුවලට ඍජු ලෙස මැදිහත් විය හැකි බලය යෙදිය හැකි සහ ඊට දීර්ඝකාලීන පරිවර්තන විසඳුම් ළඟා කරදීමට සමත් මිනිස් ක‍්‍රියාකාරීත්වයකි. වර්තමාන ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අවධානයට ලක්විය යුතු ප‍්‍රධාන කාරණාවක් ලෙස මෙය පෙනී යා යුතුය. පසුගිය දා සිදු වූ රගර් ක‍්‍රීඩකයන්ගේ මෙම විනය සහ ආචාර ධර්ම විරෝධී ක‍්‍රියාකාරීත්වය සමස්ත ක‍්‍රීඩාවේ ව්‍යුහාත්මක අභියෝගයක් සේ ගෙන කටයුතු කිරීමට සමත් ක‍්‍රීඩාවේ ඉහළ බලාත්මක ව්‍යුහයක් ලෙස දැනුම, බුද්ධිය සහ නිර්මාණාත්මක භාවිතාවක් මිනිස් සමූහයකින් අදාළ කමිටුව සකස් කර එය ක‍්‍රීඩාවේ ජාතික අවශ්‍යතාවක් සේ කටයුතු කිරීමට බලය පැවරිය යුතුය. කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට බලපෑම් කළ නොහැකි නිවැරදි මාර්ගෝපදේශකත්වයක් සපයන සහ නිල වශයෙන් බලය යොදා කටයුතු කළ හැකි මිනිස් ක‍්‍රියාකාරීත්වයක් විය යුතුය. වහාම අදාළ කාරණාව හා උවමනාව පදනම් කරගනිමින් සංවාදයක් ගොඩනැංවිය යුතු අතර ලාංකේය ක‍්‍රීඩාවේ අවභාවිතාවන් ගොඩනැඟීම වළකාලීම ඉලක්ක කළ යුතුය.

මහේන්ද්‍ර කුමාර

Advertisements