රව්සා ගලිමෝවාගේ ජීවිතය හා මරණය

Rauza Galimovaසමාජවාදය හා ධනවාදය අතර වෙනස අපට කියන රව්සා ගලිමෝවාගේ ජීවිතය හා මරණය

81 හැවිරිදි රව්සා ගලිමෝවාව පසුගිය 03 වැනි දින ශාන්ත පීටර්ස්බර්ග් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු හදිසියේ හෘදයාබාදයකට ලක්ව මිය යනවා. ඇයව අත්අඩංගුවට ගැනීමට හේතුවූයේ් ඇය විසින් ඩොලර් 04 ක් වටිනා බටර් කෑලි තුනක් සොරකම් කිරීමේ චෝදනාවයි. අද අප ගලිමෝවා ගැන ලියන්න අදහස් කළේ ඇයගේ ජීවිතය හා මරණය ලොවට පෙන්වා දෙන පාඩම කුමක්ද යන්නයි.

වත්මන් රුසියාව තුළ මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමුවීමට බලපෑ විශේෂ හේතුවක් ද තිබේ. එයට හේතු වී ඇත්තේ ඇය පසුබිමේ ඇති ඓතිහාසික කතාන්තරයයි. එනම් මීට වසර 71 කට පෙර 1941 වසරේ සිට 1944 දක්වා දින 900 ක් ලෙනින්ග‍්‍රාද් නගරය ජර්මන්් නාසි හමුදාව විසින් වටලනු ලැබූ අවස්ථාවේ එහි සිටි දස ලක්ෂයක් පමණ වන රුසියානු ජනතාව අතර එවකට හත් හැවිරිදි රව්සා ගලිමෝවා ද සිටීම මෙයට හේතුවිණි. නිසි ආහාර හා ජලය සනීපාරක්ෂක හා අනෙකුත් අවම පහසුකම්වත් නැතිව එම කුරිරු වටලෑම දරාසිටින්නට එවකට හත් හැවිරිදි දැරියක්ව සිටි රව්සා ගලිමෝවා ඇතුළු ලක්ෂ ගණනකට හැකිවූයේ එවකට සෝවියට් සමාජවාදයේ ආදර්ශය හා භාවිතාව නිසාය. ලෙනින්ග‍්‍රාද් නාසි වටලෑම බිඳ දැමීමේ මෙහෙයුමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ මාෂල් ෂුකෝව්ගේ වචන අදටත් වලංගු වන්නේ එබැවිනි. ’’අහිමි වූ බිම නැවත අල්ලාගැනීමට හැකි නමුත් මියගිය සොල්දාදු වෙකු හෝ පුද්ගලයකුට නැවත ජීවිතය ලබාදිය නොහැක. එබැවින් ඔබගේ මානව සම්පත රැුකගනිමින් පසු බසින්න’’ යන්නයි. අතිශය දුෂ්කර අවස්ථාවේදීත් සමාජවාදය මානව සම්පතේ අගය තක්සේරු කරන්නේ එසේය.

පසුගිය පෙබරවාරි 03 දින රුසියානු මාධ්‍ය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඇයගේ හදිසි මරණයත් වත්මන් රුසියානු ජන ජීවිතය ගැන යම් ආකාරයක අදහසක් දෙන්න මෙම සිදුවීම යොදාගෙන තිබුණු බව පෙනෙන්ට තිබුණි.

රුසියාව තුළ ශාඛා විශාල සංඛ්‍යාවක් ගොඩනඟා පවත්වාගෙන යනු ලබන මැග්නට් සුපිරි වෙළෙඳසැල් ජාලයේ ශාන්ත පීටස්බර්ග් වෙළෙඳසැල තුළ සිදුවූ ඉතා අවාසනාවන්ත සිද්ධිය මෙයට හේතුවිණි. රව්සා ගලිමෝවා තම අවශ්‍යතා සඳහා එම වෙළෙඳසැලට ගොස් තමන්ට අවශ්‍ය භාණ්ඩ ගෙන ඇති අතර ඇය විසින් තමා ලබාගන්නා ලද භාණ්ඩ සඳහා මුදල් ගෙවීමට මුදල් කවුන්ටරය වෙත ගොස් ඇත. එහිදී ඇය ගෙනෙන ලද භාණ්ඩ සදහා මුදල් ගෙවීමෙන්් පසු නික්මයෑමට සූදානම් වූ මොහොතේ දී එහි සේවයේ සිටි මුදල් අයකැමිවරිය ඇයගේ බෑගය පරීක්ෂා කරන ලෙස එහි සේවයේ නියුතු නිලධාරීයකුට පවසා ඇත. එසේ ඇයගේ බෑගය පරීක්ෂා කරනු ලැබූවේ එම කවුන්ටරය අසල තවත් විශාල පිරිසක් ඉදිරිපිටදීය. මේ හේතුවෙන් ඇයට යම් මානසික කම්පනයක් ද ඇතිවන්නට ඇත. පරීක්ෂා කිරීමේ දී පසු ඇය විසින් ගෙවන ලද බිල්වල සඳහන්ව නොමැති බටර් කෑලි 3ක් සොයාගෙන තිබේ. එහි වටිනාකම ඩොලර් 4කි. මේ හේතුවෙන් ඇයව පොලිසියට බාරදෙන්නට එම වෙළෙඳසැළේ පාලනාධිකාරිය කටයුතු කර ඇත. ඇය මිය යනු ලබන්නේ එසේ අත්අඩංගුවේ සිටියදීය. ඇයගේ මරණයටත් ඇයගේ ඓතිහාසික සම්බන්ධයටත් එරට මාධ්‍ය විසින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දීම හේතුවෙන් රුසියානු සමාජයේ සෘජු විවේචනය එරට පොලිසියේ කි‍්‍රයාකාරීත්වයට මෙන්ම මැග්නට් වෙළෙඳ ව්‍යාපාරයේ මෙම හැසීරීමට එල්ලවුුණි. මේ හේතුවෙන් මැග්නට් වෙළෙඳසැල් ජාලයේ ප‍්‍රධාන විධායක නිලධාරී සර්ජී ගැලිස්කී මෙම සිදුවීම පිළිබඳව පවසා තිබුණේ එය තම ආයතනයේ සේවකයකුගෙන් සිදුවූ අත් වැරැුද්දක් බවයි. මෙම සිදුවීම ගැන රුසියන් මාධ්‍ය පෙන්වා තිබෙන්නේ රුසියාවේ වත්මන් මානව ඛේදවාචකය පිළිබඳව මෙය කැඩපතක් වන බවයි.

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මන් නාසි හමුදාව පරදා සෝවියට් රතු හමුදාව ලද ජයග‍්‍රහණ අතර ලෙනින්ග‍්‍රාද් නගරය බේරාගැනීමේ මෙහෙයුම ගැන නොමැකෙන සටහනක් ඉතිහාසයේ ලියවී තිබේ. වත්මන් රුසියාව තුළ නවලිබරල් ධනවාදය කි‍්‍රයාත්මක වන තත්වයක් තුළ ලොව සුපතළ මැක්ඩොනල්ඞ් වැනි සුපිරි වෙළද සමාගම් ද ඊට අමතරව රුසියානු සුපිරි වෙළෙඳසැල් ජාලය වන මැග්නට් විසින් රුසියානු පාරිභෝගික ජනතාව ග‍්‍රහණය කරගෙන තිබෙන අයුරුයි. එපමණක් නොව යම් අත්වැරැුද්දක් සිදුව ඇත්නම් එය නිවැරදි කරගත යුතුව තිබේ. එය එරට ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂවන ලෙස කෙසේ කටයුතු කළ යුතුදැයි වත්මන් රුසියානු පාලනයට පෙර පැවැති සමාජවාදී පාලනය ගැන අපට ද විවේචන ඇති අතර එසේ තිබියදීත් එරට ජනතාවගේ මානව ගරුත්වය වත්මන් ධනවාදී රුසියාවට වඩා ඉතා ඉහළින් පැවැති බව පමණක් වුවත් සඳහන් කළ හැක.

ගාමිණී මදනායක

Advertisements