ජනමාධ්‍ය ඇමැති ගයන්ත ‘ජනරළට’ පොලූතියයි

images8ජනරළ වෙනුවෙන් ප‍්‍රධාන දේශපාලන සකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් කිහිපදෙනකුම සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළෙමු. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ විය. ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ඒ ෙත්රීම් අතරින් එක් අයෙකි. සතියේ මුල සිටම දරන ලද උත්සාහයක ප‍්‍රතිඵයක් වශයෙන් අපි ඔහුව 2015/02/17 දින සවස 2.30 ට පමණ සම්බන්ධ කරගත්තෙමු.

  • ජනරළ – ඇමැතිතුමා මේ කතා කරන්නෙ ජනරළ පත්තරෙන්. අපිට මේ සතියේ පත්තරේට ඔබතුමාගෙන් ඉන්ටර්විව් එකක් ඕනේ. ඔබතුමාට පුළුවන්ද?

ගයන්ත – ඔව්. පුළුවන්. මොනවද අහන ප‍්‍රශ්න ?

  • ජනරළ – මෙහෙමයි ඇමැතිතුමා අපි තවම මොනවද අහන්නේ කියලා සාකච්ඡුා කළේ නැහැ. ඔබතුමා වෙලාවක් දෙන්න. අපි එන්නම්.

ගයන්ත  – එහෙනං මොනවද අහන්නෙ කියලා ඩිසයිඞ් කරලා මට කියන්න. ඊට පස්සෙ වෙලාවක් දෙන්නම්.

  • ජනරළ – අපිට මේ සතියේ පත්තෙරේටයි ඉන්ටර්විව් එක ඕන. අපිට ඉක්මනට වෙලාවක් ගන්න ඕන ඇමැතිතුමා.

ගයන්ත  – කවදද ඕන ඔයගොල්ලන්ට.

  • ජනරළ – අද පුළුවන්ද ඇමැතිතුමාට ?

ගයන්ත  – අද නං බෑ. හෙට උදේ මහජන දිනේ. හවස පාර්ලිමේන්තු. හයෙන් පස්සෙ වගේ පුළුවන්.

  • ජනරළ – හරි ඇමැතිතුමා. අපි හෙට හයෙන් පස්සේ වෙලාවක් දාගමු.

ගයන්ත – එහෙනං අහන ප‍්‍රශ්න ටික මට කියන්න. මම ඊට පස්සෙ වෙලාවක් දෙන්නම්.

(යම්කිසි සම්මුඛ සාකච්ඡුාවකට මුහුණ දීමට ප‍්‍රථමයෙන් ඔහුගෙන් විමසන ප‍්‍රශ්න මොනවාදැයි අදාළ ජනමාධ්‍ය ආයතනයෙන් විමසීමෙන් අදාළ ඇමැතිවරයාගේ පෞරුෂත්වය ප‍්‍රශ්න කිරීමකට ලක්වනවා පමණක් නොව මාධ්‍ය ආචාර ධර්ම ද උල්ලංඝනය කිරීමකි. සති ගණනාවක් තිස්සේ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් ජනරළ පත්තරයට පිළිතුරු නොදී ම`ගහැර යාම නිසාම ජනමාධ්‍ය ඇමැතිවරයා ද එසේ කිරීමට ඉඩ ඇති බැවින් දළ වශයෙන් ඔහුගෙන් අසන ප‍්‍රශ්න පිළිබඳ ඔහුට අවබෝධයක් ලබාදීමට ජනරළ කතෘ මණ්ඩලය තීරණය කරන ලදී)

එම නිසා නැවතත් එම දිනයේම සවස 3.00 පමණ අපි ජනමාධ්‍ය ඇමැතිවරයාව සම්බන්ධ කරගත්තෙමු.

  • ජනරළ – ඇමැතිතුමාට කතා කරන්න පුළුවන්ද?

දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා – කවුද මේ කතා කරන්නෙ මිස්?

  • ජනරළ – මම කතා කරන්නෙ ජනරළ පත්තරෙන්.

දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා – ඇමැතිතුමා නං දැන් ඉන්නෙ පොඩි මීටිමක.

  • ජනරළ – අපි කතා කරන්නේ ජනරළ පත්තරෙන්. ඇමැතිතුමාට කියන්න පුළුවන්ද ඉන්ටර්විව් එකට අහන ප‍්‍රශ්න ටික අපි දළ වශයෙන් හදාගෙන තියෙන්නෙ. අපිට වෙලාවක් ගන්නයි ඕන ඇමැතිතුමාගෙන් ඒ ටික කියලා.

දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා –   ආ… ඉන්න බලන්න මිස්..ඇමැතිතුමාට කතා කරන්න පුළුවන්ද කියල. (තත්පර කිහිපයකට පසු) දැන් කතා කරන්න බෑ… පැයකින් ගන්න පුළුවන්ද?

  • ජනරළ – හරි. මම පැයකින් ගන්නම්.

හරියටම පැයකින් (පෙ.ව.04.00) අපි ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට ඇමතුමක් ගත්තෙමු.

  • ජනරළ – ඇමැතිතුමා ජනරළ පත්තරෙන් කතා කරන්නෙ. දළ වශයෙන් ප‍්‍රශ්න ටිකක් අපේ ළඟ තියෙනවා.

ගයන්ත  – මොනවද ප‍්‍රශ්න ටික.

  • ජනරළ – මෙහෙමයි ඇමැතිතුමා.. මෙන්න මේ වගේ ප‍්‍රශ්න ටිකක් තමයි අහන්නෙ. විප‍්‍රවාසික මාධ්‍යවේදීන් සම්බන්ධ ගැටලූව පිළිබඳ අහනවා.

ගයන්ත  – ඒ කියන්නෙ ඔය ජීවිත ආරක්ෂාව සඳහා රට ගිය අය නේද?

  • ජනරළ – ඔව්. ඊට පස්සේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය ගැන අපි අහනවා.

ගයන්ත  – මොකක්ද ඒ ගැන තියෙන ප‍්‍රශ්නෙ. ඒ ගැන ප‍්‍රශ්නයක් නෑනේ.

  • ජනරළ – මෙහෙමයි ඇමැතිතුමා, ඔබතුමාලා කිව්වෙ රාජ්‍ය සේවකයගේ වැටුපට රුපියල් 5000 ක් එකතු කරනවා කියලනේ. අන්තිමට සිද්ධ වුණේ එහෙම නෙවෙයිනේ.

ගයන්ත  – ඉතිං වැටුපට එකතු වුණත් නැතත් කොහොම දුන්නත් ඒක ජනතාව අතටනේ යන්නෙ. ඉතින් ප‍්‍රශ්නයක් නෑනේ නේද?

  • ජනරළ – නෑ ඇමතිතුමා, ඒකේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක ගැනයි අපි අහන්නෙ.

ගයන්ත  – අපි කිව්වෙ 5000 ක් වැඩි කරනවා කියලා. අපි ඒක කළා.

  • ජනරළ – නෑ ඇමැතිතුමා, ඔබතුමාලා කිව්වෙ වැටුපට 5000 ක් එකතු කරනවා කියල නේද? අපි ඒක හෙට කතා කරමු. ඊට පස්සෙ තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධව අපිට ගැටලූ තියෙනවා. ඒ සම්බන්ධව අහනවා. දින 100 සම්බන්ධවත් ප‍්‍රශ්න කිහිපයක් තියෙනවා. දළ වශයෙන් ඒ වගේ ප‍්‍රශ්න ටිකක් තමා අපි අහන්න ඉන්නෙ. ඇමැතිතුමා, අපිට කීයටද වෙලාවක් ගන්න පුළුවන් ?

ගයන්ත  – මෙහෙමයි හෙට ගන්න බැරිවෙයි. හෙට පාර්ලිමේන්තු තියෙනවනේ.

  • ජනරළ – ඒක හරි. ඔබතුමා කිව්වෙ ? වෙලා පුළුවන් කියලනේ.

ගයන්ත  – නැහැ. මට අමතක වුණා. දැන් ඩයරිය බලනකොටයි මම දැක්කේ හෙට හවස කැබිනට් රැුස්වීම තියෙනවා.

  • ජනරළ – එහෙම නම් ඇමැතිතුමා අපිට අනිද්දා උදේ ගන්න පුළුවන් නේද?

ගයන්ත  – බැහැ. අනිද්දා මහජන දිනේ.

  • ජනරළ – ඇමැතිතුමා මහජන දිනේ තියෙන්නෙ බදාදා.

ගයන්ත  – ආ.. ඔව්. මට අමතක වුණා. අනිද්දා උදේට කෝල් එකක් දෙන්නකො බලන්න.

——————————————————

(ඔහු පැවසූ පරිදි අප 2015/02/19 වැනි දින උදෑසන සිට ජනමාධ්‍ය ඇමැතිවරයාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් ඔහුගේ දුරකතනය ක‍්‍රියා විරහිත කොට තිබිණි)

Advertisements