කෙල්ලෝ අටයි වැඩ සීයයි

‘තූර්යා’ කණ්ඩායමේ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම

1472934_345129565682215_3741799115141629825_n 1902766_345131185682053_5539216447448012447_n 1959455_345130682348770_7653186902201141894_n 10994062_345128469015658_2888518686878349407_n 11001889_345129452348893_6803507925985130815_n 11013484_345129432348895_2050601110237495286_n 11021238_345131415682030_9037138683201032147_n

ගැහැනිය දුර්වලයි. එහෙම කියන්න කැමති ගැහැනු දුර්වලයන් ලෙස දකින්න කැමති උදවිය. ඒත් කිසි විටක ගැහැනිය දුර්වල නැහැ. ලෝක කාන්තා දිනයට තියෙන්නේ තවත් දවස් කිහිපයක් විතරයි. බොහෝ දේශපාලන ව්‍යාපාර වගේම රාජ්‍ය පාලකයොත් වෙනත් දින සමරනවා වගේම ඒ දිනයත් සමරාවි. එහෙම සමරන අයට අපි මේ කියන්න උත්සාහ කරන්නේ ලංකාවේ කෙල්ලෝ අට දෙනෙක් එකතුවෙලා කරපු දැවැන්ත නිර්මාණයක් පිළිබඳව. එය තවත් විශේෂ වන්නේ ඔවුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් වීම. මේ ශිෂ්‍යාවෝ අට දෙනා ලංකාවේ නොයෙක් පළාත්වලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු අය. ලංකාවේ ප‍්‍රථම වතාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවෝ කණ්ඩායමක් එකට එකතු වෙලා නගපු උත්සාහයක් මල් පල දරපු අවස්ථාවක් කිව්වොත් මෙය නිවැරදියි.

ඩ‍්‍රම්ස් වාදනයට ලංකාවේ බිහි වුණු ප‍්‍රථම පර්යේෂණාත්මක කණ්ඩායම ලෙස මෙය හඳුනාගන්න පුළුවන්. උඩරට, පහතරට බෙරේ ඉඳල වෙස්ටන් ඩ‍්‍රම් එක දක්වා සියලූ‍ වාදන භාණ්ඩ වාදනය කළේ හුදු වාදනයන්ට පමණක් සීමා වෙලත් නෙවි. ඒ වෙනුවට බැලේ රංගනයන්, ගීත, තමන්ගේ ශරීරය යොදාගෙන නිර්මාණය කරපු නිර්මාණ මේ තුළ ගැබ් වෙලා තිබුණා. ඔවුන්ගේ ප‍්‍රසංගය ආරම්භ වුණේම ශරීරයට තට්ටු කරමින් ඉන් නිකුත් වන ශබ්දය උපයෝගී කරගනිමින් සහ වාචික අභිනය නොමැති සුවිශේෂී බැලේ රංගනයන් තුළින්. රංග වින්‍යාසය ඉතාමත් හොඳින් පවත්වා ගනිමින් වෙහෙසකර පුහුණුවීමක ප‍්‍රතිඵල ඒ තුළ ගැබ් වෙලා තිබුණ.

සාමාන්‍යයෙන් අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට මෙවැනි පර්යේෂණාත්මක අත්දැකීමක් විඳගන්න බලධාරීන් පහසුකම් සපයන්න ඕන. දවසම මහන්සි වෙලා පැය කිහිපයක් නිදහසේ නිදන්න හොස්ටල් එකක්වත් නැති ලංකාව වගේ රටක එවැනි පහසුකම් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේම මේ ශිෂ්‍යාවෝ එහෙම බලාපොරොත්තු වෙලත් නැහැ. ඒ වගේම පරාජය වුණෙත් නැහැ. ඔවුන් ඒ ප‍්‍රශ්නය අරගෙන මහපොළොවට, වීදියට, කඩපිලට, බස්රථයට ගොඩ වුණා. තමන් හමුවේ තිබුණ අභියෝගය කියල තිබුණ. ඒ වගේම ජනතාව ඒ හඩට සවන් දීල තිබුණ.

මේ කණ්ඩායමේ මූලිකත්වය දැරුවේ සිතාරා මධුවන්ති. ඇය තමයි විසිරිලා හිටපු මේ කණ්ඩායම එකට එකතු කරලා තිබුණේ. ඇයගේ වචන වලින්ම ඇය කිව්වේ මෙහෙම.

‘ඇත්තටම අපි සියලූ‍ දෙනාට මේ මොහොත ඉතාමත් සතුටු අවස්ථාවක්. ලෝකේ මිනිස්සු ගැහැනිය හෝ මිනිහ කියල වෙන් කරන්න බැහැ. මේ උත්සාහය කෙල්ලෝ අට දෙනෙක්ට කරන්න පුළුවන් කියල කිසිවෙක් විශ්වාස කළේ නැහැ. ඒත් අපි සාර්ථක වුණා. මේ ඉන්න සහෝදරියෝ තමන්ගේ විභාග කටයුතු පසෙක තියලා මේ උත්සාහය වෙනුවෙන් මහන්සි වුණා. මේ සඳහා රුපියල් ලක්ෂ හතරක වගේ මුදලක් වියදම් වුණා.

මේ කාලේ තවමත් ඉගෙන ගන්න ශිෂ්‍යාවෝ විදිහට ඒක මුල් මොහොතේ අපිට දැවැන්ත අභියෝගයක් වුණා. ඒත් අපි කණ්ඩායමක් ලෙස විශ්වාස කළා බොහෝ ජයග‍්‍රහණ තියෙන්නේ ජනතාව සමඟ මුහු වීම තුළ පමණයි කියල. ඒ අනුව අපි මේ අභියෝගය ජනතාව අතරට අරගෙන ගියා. අපි කෝච්චි වලට නැග්ගා. බස්වලට නැග්ගා. මහපාරට බැස්සා. සින්දු කිව්වා. අපේ අරමුණ ජනතාවට පැහැදිලි කළා. ඉතින් අපි ජයග‍්‍රහණය කළා.”‍

තූර්යා…. ඒක දැවැන්ත කාර්යයක්. විශ්වවිද්‍යාල රංගශාලාව නම් නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. ශිෂ්‍යයන්ගෙන් හා ශිෂ්‍යාවන්ගෙන් වගේම මව්පියන්ගෙන්. ඒක එහෙම වුණත් කාලෙකින් විශ්වවිද්‍යාලයට ඇතුල් වුණු නිසා රංග ශාලාව තියෙන්නේ කොහෙද කියල අපිට එකවර හොයා ගන්න බැරි වුණා. ඒ නිසා ඒ අසල පුහුණුවීම් කරමින් සිටි සිසුන්ගෙන් අපි තූර්යා තියෙන්නේ කොහෙද කියල ඇහුවා. හතර දෙනෙක්ගෙන්

විතර ඇහුවට පස්සේ එක්කෙනෙක් තමයි තූර්යා කියන වැඬේ දන්නේ. මේ සිදුවීම පුදුම වෙන්න දෙයක් නැහැ. කලක් සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි ලංකාවේ සෞන්දර්යක් නෑම කියපු තැන. එහෙම කියන්න බොහෝ විට හේතු වෙන්න ඇත්තේ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ අධ්‍යාපන රටාව ඉතාමත්

පසුගාමී වීම. ඒක තාමත් එහෙමමයි. ඒ තුළින් හැදෙන්නේ තමන්ගේ විෂය ගැනම පමණක් හිතන ළිංවලට වෙලා ජීවත්වෙන නොයෙක් උපසංස්කෘතික ලක්ෂණ තියෙන මිනිස්සු. ඉතින් එහෙම මිනිස්සු හදන අධ්‍යාපන ක‍්‍රමයක්, ගුරුවරු ගොඩක්, ළමයි ගොඩක් මැද තමයි මේ ශිෂ්‍යාවෝ මේ උත්සාහයේ නිරත වෙලා තිබුණේ.

ගැහැනිය දුර්වල නැහැ කියන මේ සටහනෙන්ම ගැහැනු ඩ‍්‍රම්ස් ගහන එක විශේෂද කියල යමෙක් අහන්න පුළුවන්. නමුත් කෙල්ලෙක් ගැන ඉතා පසුගාමී අදහස් ගොන්නක් ඔළුවල තැන්පත් වෙලා තියෙන වටපිටාවක් ඇතුළේ ඒ වගේම ?ක තියා දහවලකවත් කෙල්ලෙක්ට නොව කොල්ලෙක්ටවත් පාරක බැහැල යන්න නිදහසක් නැති පරිසරයක මහ ? වෙනකම් පුහුණුවීම් කරලා ? කඬේකින් ප්ලේන්ටියක් බීල ඇවිත් හොස්ටල් නැති ශිෂ්‍යාවෝ ගෙවල්වලටත් බෝඩින්වලටත් යමින් ඒ වෙනුවෙන් යොදවල තිබුණු වෙහෙස ගැන අපි සටහනක් තැබිය යුතුම වෙනවා.

ලෝකේ අභියෝග එන්නේ මිනිස්සුන්ට. ඒ අභියෝග ජයග‍්‍රහණය කරන්නත් පුළුවන් මිනිස්සුන්ට. ඒ අදහස සිතාරා ප‍්‍රමුඛ මේ ශිෂ්‍යාවෝ පිරිස මේ මහා පොළොව ඉදිරිපිට සනාථ කරලා තිබෙනවා.

මිනිස්සුන්ගේ දහදියෙන් බිහිවෙන නිර්මාණ ශක්තිමත් වගේම ඒවා පවත්වා ගෙන යන්නත් ලොකු ශක්තියක් ඕන වෙනවා. ඒ ශක්තිය තූර්යා සතුව ඇති කියලා අපි විශ්වාස කරනවා.

ඇයගේ වචනවලින්ම අපි මේ සටහන අවසන් කරනවා.

”අපි මේ අභියෝගය ජනතාව අතරට අරගෙන ගියා. අපි කෝච්චිවලට නැග්ඟ. බස් වලට නැග්ඟ. මහපාරට බැස්සා. සින්දු කිව්වා. අපේ අරමුණ ජනතාවට පැහැදිලි කලා. ඉතින් අපි ජයග‍්‍රහණය කළා.”‍

ලක්මාල් රණබාහු

Advertisements