සහජ කුසලතාවලින් ජයගන්න ගිය කාලේ ඉවරයි

professor. Arjuna de Silvaමහාචාර්ය අර්ජුන ද සිල්වා

  • ඔබ ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ හිටපු ප‍්‍රධානියා, ඒ වගේම ක‍්‍රීඩාවේ උත්තේජක භාවිතය තහනම් කිරීම, පාලනය කිරීම සහ නවතා දැමීමට අදාළ විශාල කාර්යභාරයක් ඉටු කළ සහ ඊට අදාළව මේ දක්වා කටයුතු කරමින් සිටින ප‍්‍රධානියා. අපට කියන්න ඔබ ඉදිරියේ දී සහභාගී වීමට නියමිත ලෝක ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පැවැත්වෙන ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ 5 වැනි ලෝක විද්‍යා හා වෛද්‍ය සම්මේලනයේ ප‍්‍රධාන දේශකයා ලෙස ඔබට ආරාධනා ලැබී තිබෙනවා, මොකක්ද මේ කටයුත්ත? කවුද මේ ආරාධනාව කළේ?

මේ ආරාධනාව කළේ අදාළ සම්මේලනයේ සංවිධාන කමිටුව විසින්. ඒ කියන්නේ 5 වැනි ලෝක ක‍්‍රිකට් විද්‍යා හා වෛද්‍ය සමුළුවේ සංවිධාන කමිටුව (WCSM) විසින්. ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි විශ්වද්‍යාලය මැදිහත් වෙන මෙම සමුළුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ රෙනේ ෆර්ඩිනන්ඞ්ස් ඔහු සිඞ්නි විශ්වවිද්‍යාලයේ ක‍්‍රිකට් බයෝ මිකැනික්ස් පිළිබඳ විශේෂඥයෙක්. මේ අය තමයි අදාළ ආරාධනාව කළේ. මේ සඳහා හේතු විය හැකි කාරණා කිහිපයක් තියෙනවා. ප‍්‍රධාන කාරණාව වන්නේ අපි රටක් විදිහට තහනම් උත්තේජක තුරන් කරන්න දරපු උත්සාහය. ඊට ගරු කිරීමක් විදිහටත් මේ තෝරා ගැනීම සිදුවන්න ඇති. ඒ වගේම විස්සයි විස්ස ලෝක ක‍්‍රිකට් තරගාවලිය 2012 පවත්වපු වෙලාවේ අපි කරපු වැඩ කොටසේ සාර්ථකත්වය බලපාන්න ඇති. මම ඒ අවස්ථාවේ ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ කටයුතු කළා. අපි කළ වැඩ කොටස ඇගයුමට ලක් වුණා. තීරණාත්මක කාරණාව උත්තේජක පිටුදකින්න අපි පනතක් සම්මත කළා. ආසියාවේ මේ කාරණාව පිළිබඳ අපි අනෙක් රටවලට ආදර්ශයක් විදිහට වැඩ කළා. ආසියාවේ රටක් ලෙස අපි තමයි මේ දේ මුලින්ම කළේ.

  • මෙය ක‍්‍රිකට් සම්බන්ධ සමුළුවක්. ඔබ කියන්නේ අපේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මේ සම්බන්ධ තත්වය ඉහළ තලයක පවතිනවා කියලද?

නැහැ. අපේ රටේ ක‍්‍රිකට්වල තත්වය ඉහළයි කියන අදහස නෙමේ. එහි තේරුම අපේ රටේ ක‍්‍රිකට් කණ්ඩායම ටුවර් යද්දි අඩුම තරමේ වෛද්‍යවරයකුවත් ඇතුළත් කරගන්න කටයුතු කරන්නෙ නැහැ. අනෙක් රටවල් එහෙම නොවෙයි. ලංකාවට නවසීලන්ත කණ්ඩායම ආපු වෙලාවේ අපේ වෛiවරයකුගේ සේවාව ලබා ගැනීමට ඔවුන් මුලින්ම කටයුතු කළා. වෛද්‍යවරයාට ඔවුන් ගෙවීම් පවා කළා. නමුත් අපේ රටේ ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් ඉන්නවා ඔවුන්ට රජය ගෙවනවා. යම් විදිහකින් ඔහුට අදාළ අනෙක් කාරණා සම්පූර්ණ කරන එක විතරයි ක‍්‍රිකට් ආයතනයට කරන්න තියෙන්නේ. නමුත් ඒ දේවත් කරන්නේ නැහැ. බයෝ මිකැනික්ස් (Biomechanics)කියන දේ ලෝකයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පමණක් නෙමෙයි අනෙක් හැම ක‍්‍රීඩාවකටමත් අදාළයි. නමුත් අපි අනෙක් රටවලට වඩා ඒවා පිළිබඳ බොහොම පිටුපසින් ඉන්නේ.

  • මේ සමුළුවේ වැදගත්කම ඒ පිළිබඳ යමක් කතා කළොත්?

ලෝකයේ දියුණු රටවල් ක‍්‍රීඩාව පිළිබඳ බොහෝ සංවාද නව පර්යේෂණයන් සිදුකරනු ලබනවා. විiාවේ සහ තාක්ෂණයේ වගේම වෛද්‍ය විද්‍යාවේ නව භාවිතාවන් නව අත්හදාබැලීම් සිදුකෙරෙනවා. සංවාද සිදුවෙනවා. නමුත් අපේ වගේ රටක ඒ දේවල් එහෙම නොවෙයි. ඒ නිසා ඔබ ඇසූ ප‍්‍රශ්නය ඉතාම වැදගත්. අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයෝ මිකැනික්ස් කියන දේ විද්‍යාත්මකව භාවිත කරනු ලබන්නෙ නැහැ. මෙය ක‍්‍රීඩා ආබාධ අඩු කිරීමට ඉතාම ඉහළ සේවාවක් කරනු ලබනවා. අපි බයෝ මිකැනික් ලැබ් එකක් දැමිය යුතුයි. ඉන්දියාව ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්නවා. ක‍්‍රිකට් ආයතනය මේ වගේ දේවල් ගැන හිතල කටයුතු කරන්න ඕන. ක‍්‍රිකට් පිළිබඳ තාක්ෂණය මෙයට වඩා ක‍්‍රීඩාවට ඇතුල් කරන්න වෙනවා. සචිත‍්‍රගේ වගේ ගැටලූ නොඑන්න අපිට වැඩ කරන්න පුළුවන්. මුරලිගේ කතාවත් ඒ වගේ. ලංකාව තවම යන්නේ සහජ දක්ෂතාවල හයියෙන්. තාක්ෂණය භාවිත කළොත් මෙයට වඩා දෙයක් කරන්න පුළුවන්. ලංකාවේ බයෝ මිකැනික්ස් ලැබ් එකක් හදනව කියන දේ මහ දෙයක් නෙමෙයි. ඒත් වෙන්නේ නැහැ. රෙනේ ෆර්ඩිනන්ඞ්ස් කියන වෛද්‍යවරයා සිඞ්නි විශ්වවිiාලයේ බයෝ මිකැනික්ස් පිළිබඳ විශේෂඥයෙක්. ඔහු ලංකාවේ සම්භවය ඇත්තෙක්. මේ පිළිබඳ දැනුම ක‍්‍රීඩකයන්ට ලබාදෙන්න සහාය ලබාගන්න ඕන තරම් අවකාශ අපට තිබෙනවා. අපේ මේ පිළිබඳ තාක්ෂණය දුර්වලයි. ඒ නිසා දක්ෂතා වේගයෙන් බහිනවා. ඒ් නිසා සහජ කුසලතාවලින් යන්න පුළුවන් කාලේ ඉවරයි. මේ පිළිබඳ වැඩ කරද්දි ජාතික ක‍්‍රීඩා වෛද්‍යායතනය වගේම ස්පෝට් මෙඩිසින් ඇසෝෂියේෂන් එකට යම් කාර්යයක් පැවරී තියෙනවා. මේ දේවල්වලට එම ආයතන පෙරමුණ ගන්න ඕන. විශේෂයෙන් ඒ දේවල්වලට රටක් ලෙස අදාළ අනෙක් අංශයන්ගෙන් සහය ලැබෙන්න ඕන.

  • කතා කළ යුතු තවත් බොහොම කාරණා තිබෙනවා. නමුත් අපට කියන්න ක‍්‍රීඩාවේ තහනම් උත්තේජක නිවාරණයට ඔබෙන් වූ දායකත්වය කුමක්ද?

මෙයට දිය යුතු කෙටිම පිළිතුර අපි ප‍්‍රධාන වශයෙන් තහනම් උත්තේජක නිවාරණය වෙනුවෙන් කළ වැඩ කොටස අයත් වෙනවා. තහනම් උත්තේජන නිවාරණ ආයතනය පිහිටුවීම සහ පනතක් මඟින් එය වෙනම ආයතනයක් බවට පත් කිරීම. අපි මේ වැඩ කරන්න කලින් අවුරුද්දට ටෙස්ට් 20 වගේ කරල තිබුණේ. අපිට පුළුවන් වුණා එය 300 ක් දක්වා කරන්න. වාඩා (WADA) ආයතනයෙන් අපට උදව් කළා. මේ වගේ ටෙස්ටිං ලැබ් එකක් පවත්වන්න නම් අවුරුද්දට ටෙස්ට් 3000 ක් වත් කරන්න වෙනවා. අපිට මේ වගේ දෙයක් නඩත්තු කරන්න තාම බැහැ. ඉන්දියාවේත් මේ ලැබ් එකක් තමා තියෙන්නේ. අපි ටෙස්ට්වලට අරින්නෙත් ඉන්දියාවට.

ටෙස්ට් එකකට ඩොලර් 200 ක් වියදම් වෙනවා. මේ පිිළිබඳ තත්වය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරද්දි හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සෑහෙන වැඩ කොටසක් කළා. එය කියන්න ඕන. යොවුන් ආසියාතික ක‍්‍රීඩා තරගාවලියේ දී සම්පූර්ණ පරීක්ෂණ අපි ඉන්දියාවට ඇරලා කළේ. නමුත් සාර්ථකව සියලූ දේ සිදුකළා.

  • ශ‍්‍රී ලාංකිකයන් වගේම අපේ පාඨකයොත් කැමති ඇති ඔබ පිළිබඳ තොරතුරු දැනගන්න. අපට කියන්න ඔබේ පාසල් කාලය කොහොමද ගත කළේ? ක‍්‍රීඩාවේ නිරත වුණාද, උසස් අධ්‍යාපනය සහ ක‍්‍රීඩාවේ තිබුණු සබඳතා පිළිබඳ තත්වය මොන වගේද?

මගේ පාසල ගල්කිස්ස සාන්ත තෝමස් විiාලය. මම පාසල් කාලයේ ඔරු පැදීමේ තරග නියෝජනය කළ ක‍්‍රීඩකයෙක්. කණ්ඩායමේ නායකයාත් මම. 1983 වසරේ ඔරුපැදීමේ තරග සඳහා ජාත්‍යන්තර තරගයන්ට සහභාගී වුණා. රාගම වෛi විiාලයෙන් වෛi උපාධිය ලැබුවා. පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිiාලයෙන් සහ ඔක්ස්ෆර්ඞ් විශ්වවිiාලවලින් ලබාගත්තා. අම්පාර රෝහලේ අවුරුද්දක් සේවය කළා. 2004 රාගම වෛi විiාලයට ආවා. 2009 වසරේ සිට මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. තහනම් උත්තේජක පිළිබඳ වැඩවලට සම්බන්ධ වෙන්නේ ක‍්‍රීඩා ෙවෙද්‍ය ආයතනයට පැමිණීමත් සමඟ. 2004 වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ඒ සඳහා මාව කැදෙව්වා.

  • මොනවද ඉදිරියේ දී ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යාවට අදළ තීරණාත්මක ඉදිරි කටයුතු, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

දැන් ජාන පිළිබඳ පර්යේෂණ ලංකාවේ කරන්න පුළුවන්. ක‍්‍රීඩකයෙක් නිර්මාණය කරන්න එම පර්යේෂණ කරන්න ලංකාවේ දැන් වැය වෙන්නේ රු. 2000 ක් වගේ ගාණක්. මේ මඟින් පුළුවන් කෙටිදුර ධාවනය සඳහා ක‍්‍රීඩකයන් සතු ෆියිබර් හැකියාවන් සහ තවත් කාරණා හඳුනාගෙන තීරණය කරන්න. ඔලිම්පික් මට්ටමට යන්න පුළුවන් ශාරීරික ව්‍යුහාත්මක තත්වයන් හඳුනාගන්න. මම මේක වෛද්‍ය විද්‍යායතනයේ ඉන්න කාලේ සියලූම ක‍්‍රීඩා සංගම් සහ අදාළ ආයතනවලට පුද්ගලයන්ට ලිඛිතව දැනුම් දුන්නා. අඩුම ගානේ මලල ක‍්‍රීඩා සංගමයවත් මේකෙන් ප‍්‍රයෝජන ගත්තේ නැහැ. ලන්ඩන්වල ඔලිම්පික් තරගයට ගිය වෙලාවේ මම දැක්කා ක‍්‍රීඩාවේ බොහෝ රටවල්වලට ඉදිරියට එන්න ක‍්‍රීඩා වෛද්‍ය ද්‍යාව භාවිත වෙලා තිබුණු අන්දම. එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, අමෙරිකාව, චීනය විතරක් නෙවෙයි ඉන්දියාවත් මේ පිළිබඳ බොහොම ඉදිරියෙන් ඉන්නවා. ලංකාව ඉන්දියාවටත් ගොඩක් පහළ තලයක ඉන්නේ. ආවේණික හැකියාවන්ගෙන් ක‍්‍රීඩා කරපු කාලය ඉවරයි. දැන් තාක්ෂණ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, බයෝ මිකැනික්ස් කියන කාරණා උපරිමයෙන් භාවිත වෙනවා ක‍්‍රීඩාවට. අපි මේවා දැනගෙන කටයුතු කරන්න ඕන.

  • පහුගිය දවස් කිහිපයේ දී අවාසනාවන්ත ලෙස පාසල් සිසුන් ගණනාවක් මියගියා. මොනවද මේ වගේ තත්වයන් වළක්වන්න කළේ?

හොඳ ප‍්‍රශ්නයක්. මේ ගැන දීර්ඝව කතා කළ යුතුයි. මේ තත්වය වළක්වන්න විද්‍යාත්මක වැඩසටහන් උවමනායි. පාසල්වල ක‍්‍රීඩාව නංවන්න සහ පවත්වාගෙන යන්න ඕන ක‍්‍රමවේදයන් ස්ථාපිත විය යුතුයි. කාලයකට පමණක් කරන ක‍්‍රීඩා ක‍්‍රියාකාරකම් වෙනුවට නිරන්තර ශාරීරික ගුණාංග වර්ධනය වන ක‍්‍රියාකාරීත්වයක් ගොඩනඟන්න වෙනවා. අපි එය වෙනම වෙලාවක කතා කරමු වැඩි ඉඩක් අරන්. අපි පාසල්වලට උත්තේජක නිවාරණය සඳහා පාසල් විෂයක් ලෙස එක් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළා. මාධ්‍යයට මේ සඳහා ලොකු වැඩ කොටසක් පැවරිලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා ඒ පිළිබඳව. ක‍්‍රීඩා අමාත්‍යාංශයටත් මේ වෙනුවෙන් වැඩ කොටසක් තියෙනවා. අපි වාඩා ආයතනයේ ආධාරයෙන් ලංකාවේ දිස්ත‍්‍රික්ක 25 ම ආවරණය වන පරිදි උත්තේජක නිවාරණය පිළිබඳ සම්මන්ත‍්‍රණ කළා පහුගිය කාලයේ.

සංවාද සටහන – මහේන්ද්‍ර කුමාර

Advertisements