උමාඔය ව්‍යාපෘතිය නවත්වනවාද ? නැද්ද? ජනතාව ප‍්‍රශ්න කරති

Shattering-Hopesඅසාර්ථක උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ හඬ උත්සන්න වී තිබේ. එහි සැබෑ දුක් වේදනා, විරෝධතා වීදියට පැමිණ ඇත. එක් පැත්තකින් විපතට පත් ජනතාවගේ විරෝධය පුපුරා හැළුණු බදුලූ බණ්ඩාරවෙලත් ඊට පක්ෂපාතී එයින් තම ජීවිකාව සරිකරගත් කරදගොල්ල, වැල්ලවායේ හඬත් නොතකා නෑසූ කන්ව සිටිය හැකිද? ‘හොඳට නරකට දෙකට කටමය’ කියා වහරන සමාජ පසුබිමක සැබෑ ජනතා ප‍්‍රශ්න විවිධ වුවමනාවන් හමුවේ තොරොම්බල් වන්නේ කෙසේදැයි හඳුනා ගැනීමට ද මෙය ප‍්‍රබල උදාහරණයකි. සමාජයෙන් වසන් කළ මේ ව්‍යාපෘතියේ සුලමුල හා එහි ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙන ජනතාවගේ හඬ පසුගිය පෙබරවාරි 26 වැනිදාත් බදුල්ලට පැමිණ තිබුණි. කරදගොල්ල, මකුල්ඇල්ලේන ආර්.ඞී. ඥානසිංහ කියා සිටියේ, ”වගා කරලා අපි ජීවත් වුණා. පරම්පරාවෙන් අපි බීපු ළිං හිඳිලා. අපේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලා. දැන් ඉතින් වතුර බවුසරය එනකං පාරෙ ඉන්න වෙලා. බවුසර් වතුර අපේ වතුර වගේද? ගස් කොළන් මැරිලා යනවා, කුඹුරු විනාශ වෙනවා. අපි කියන්නෙ මිනිස්සු මේ දුකෙන් නිදහස් කරන්න කියලා” යනුවෙනි.

පරිසරවේදීන් මෙන්ම පරිසරයට සංවේදී වූවන් කී දෙය එදා දේශපාලකයන් කනකට ගත්තේ නැත. එකල පැවැති සමාජ ව්‍යාපාරයන් ද මෙකී ව්‍යසනය ජනතාව අතරට ගෙනයාමට සමත් වූයේද? නැතිද? ඊට ගත් ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් නොවුණිද? සැබැවින්ම උමාඔය ව්‍යාපෘතිය ජනතාවට මෙන්ම පරිසරයට අනතුරකි. සත්‍ය පරිසර වාර්තා යට ගසමින් පැමිණි වුවමනාවේ සුලමුල හා අනිසි විපාක විඳදරාගන්නට නොහැකි ජනතාව අද ඊට විරෝධය පළ කරමින් උමාඔය ව්‍යාපෘතිය නතර කිරීමට බලපෑම් කරමින් සිටී. මන්ද යත් අද ඔවුන්ගේ ජීවිතවලට මේ ප‍්‍රශ්නය පැමිණ ඇති හෙයින්ය. මිනිස් ජීවිත හා බැඳි අරගල සඳහා ජනතාව පෙළගැසී ඇති අවස්ථාවේ ඊට කඩාවදින දේශපාලකයාගේ භූමිකාව කුමක්ද? ඒ පිළිබඳ සිතීම ද එයින් පාඩම් ඉගෙන ගැනීම ද ජනතාව විසින් කළ යුතුය.

”මේ ව්‍යාපෘතිය නම් අපිට හරියන්නෙ නෑ. අපේ කැමැත්තෙන් නෙමෙයි මේක කළේ. උමාඔය ව්‍යාපෘතිය අපිට එපා. හැමදේම විනාශ වෙලා. වතුර නෑ. ගෙවල්වලින් අයින් වෙන්න වෙලා. අපි මේක නතර කරන්න තවදුරටත් කටයුතු කරනවා. අද බැරිනම් හෙටත් පාරට එනවා” එසේ අප හා කීවේ එගොඩගම ලංකා රෝෂිණී ය.

සැබැවින්ම ඔවුන්ගේ වුවමනාව එයයි. එමෙන්ම දේශපාලකයන් හා දේශපාලන පක්ෂ විසින් කළ යුත්තේ ජනතා අරගල නිවැරැුදි මාවතට ගෙන ඒමයි. නමුත් අද එයින් සිදු වන්නේ බොරදියේ මාළු බෑමකි. මෙය එළඹෙන මහ මැතිවරණයට ඡුන්ද ආයෝජනයට සුදුසු කටයුත්තක් වී තිබේ. වමේ යැයි කියා ගන්නා දේශපාලකයන්ගේ සිංහ නාදය යනු සාකච්ඡුා සම්මුති එකඟතා තුළ ජනතා අරගල දියකර හැරීමකි.
”මම බොහොම කැමතියි මේ උද්ඝෝෂණයට. මේකෙන් මගේ ජීවිතය පහසු කරනවා. ජනාධිපතිතුමාට පොඩි බලපෑමකුත් යනවා. සමන්ත විiාරත්න මැතිතුමා මේකෙ නායකත්වය අරගෙන මට කරන්න බැරි දේ කරන එක බොහොම හොඳයි. ඒ ගැන එතුමාට ස්තූති වන්ත වෙනවා. එංගලන්තෙ ඉඳලා ඉන්ෂුවරන්ස් ආයතන පැමිණෙනවා. මම ඒවත් එක්ක සාකච්ඡුා කරන්න ඕන. මම ඒවා සාකච්ඡුා නොකළනම් කවුද ඒ වැඬේ කරන්නෙ. සාකච්ඡුාව තුළින් මේ මිනිස්සුන්ට වන්දි අරන් දෙන්න මම ඉදිරිපත් වෙන්න ඕන නේද? කට්ටියක් උද්ඝෝෂණය කරන්න ඕන. කට්ටියක් යටින් ගේමක් ගහන්න ඕන. ඒ නිසා මේ විදිහ හොඳයි. සමන්ත මහත්තයා උඩින් ගහනවා. මම යටින් ගහගෙන යනවා.” ඒ ඌව පළාත් මහ ඇමැතිගේ කතාවයි.
”අපි මෙහිදී ඔබතුමා ඉලක්ක කළා නෙමෙයි. ඔබතුමාට එහෙම වෙන්න බැරිකමකුත් නෑ. හොඳයි හොඳ පැත්තට යනවා නම්. ඒත් මේ කතාව කියන්න ඕන. දේශපාලකයෝ කියන්නේ අපේ රටේ කපටි රැුළක්” යැයි කීවේ පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විiාරත්න යි. මෙයට කන් දුන් ජනතාව කීවේ ”ඒක නම් හරියටම හරි කියලා” යනුවෙනි.

”මේක අඟලක්වත් ඉස්සරහට යන්න දෙන්න එපා” කියූ ජනතාව ආවේගයෙන් සිය විරෝධය පළ කළහ. ”ඇත්තටම මින් මත්තට අඟලක් හරි හෑරුවොත් අපි මහ පාරේ උපවාස කරනවා. මේක නතර කරපල්ලා. මේ මලදානේ ගලවලා අරන් පලයල්ලා. අපි කාටවත් යට වෙලා කාගෙන්වත් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි.” කියා පවසමින් කිතල්ඇල්ල රජකොටුවේ විජිත මහත්මා සමඟ පිරිසක් පළාත් සභාව ඉදිරිපිට මහ පාරේ වාඩි වී සිය විරෝධය ප‍්‍රකාශ කරන්නට වූහ.

”මේ උමාඔය පටන් ගත්තේ 2010. උමං නලය පටන් ගන්න වෙලාවෙම තමයි අපි මේකට විරුද්ධ වුණේ. අපේ ළිං හිඳිලා. 2010 ඉඳලා අද වෙන තෙක් අපි ගැන හොයලා බලන්න කවුරුවත් හිටියෙ නෑ. අපි පවුල් පිටින් පීඩා විඳිනවා. දැන් හරි මේකට කි‍්‍රයාමාර්ගයක් ගන්න ඕන” යැයි අපහට කීවේ මකුල්ඇල්ල වැටහිර කමනි සෙනරත් ය.

”අපේ ඉඩම් අක්කර 2000 ක් විතර යට වෙලා. ගෙවල් පහක් ඉරි ගිහිල්ලා. ඒවායේ ඉන්න බෑ. මේ උමාඔය ප‍්‍රශ්නෙ නිසා. අපේ ගම උස නැති තැනි පොළොවක්. ඒත් පොළොව යට දෙදරුම්කෑම නිසා ලොකු හානියක් වෙලා තියෙන්නෙ” කියමින් අප හා එක්වූයේ කුරුකුදේ සුසන්ත මැදකරත්ත යි.
”උමාඔය බැම්ම බඳින්න අපේ ඉඩම් එයාලා ගත්තා. ඉඩම් හෙක්ටයාර 29 ක්. කිසිම දීමනාවක් දුන්නේ නෑ. ඒවාට වන්දිත් නෑ. අපේ රත්තරන් බඩු බැංකුවලට සින්න වෙලා. මාසෙන් මාසෙට 8000 ක වන්දියක් දෙනවා කිව්වා. ඒත් තාම නෑ. අපි කාටවත් බරක් වෙලා ජීවත් වුණ මිනිස්සු නෙමෙයි” යැයි කීවේ කුරුකුදේ සිරිමා රත්නායක යි.

dried-well-at-heel-oya2014 දෙසැම්බර් 24 වැනිදා සිට අද වන තෙක් පුරා මාස දෙකක් උමග හරහා සිදුවන ජල කාන්දුවට කිසිදු පිළියමක් යොදා නැත. රජය මේ පිළිබඳව පවසන්නේ ඒ සඳහා මුදල් නොමැති බවයි. එහෙත් ජර්මනියෙන් ගෙන එන රසායන එන්නත් යොදා උමගෙහි ජලකාන්දුව නතර කරන බවට දුන් පොරොන්දු මේ වන විට පුස්සක් වී ඇත. සැබැවින්ම මේ සම්බන්ධව බරසාර විසඳුමකට යාම පවතින රජයේ මෙන්ම දේශපාලකයන්ගේ වගකීම වේ. එක් පසෙකින් උමාඔය ව්‍යාපෘතිය නිසා විපතට පත් ජනතා දුක වීදියට පැමිණ තිබේ. තවත් පසෙකින් ව්‍යාපෘතිය තුළ කටයුතු කරන සේවක සේවිකා, යටිතල පහසුකම් සපයන පාර්ශ්වයන්ගේ ප‍්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එහෙත් මේ වන විට සිදුවන්නේ ජනතා අරගලය නිහඬ කිරීමය. පවතින රජයේ ඒජන්තයන් විසින් ඔවුනට විවිධ රැුකියා දීමට පොරොන්දු වීම, බියගැන්වීම, වරප‍්‍රසාදවලට එකඟ කරගැනීම සම්බන්ධ උනන්දුව වැඩි වී ඇත. උමාඔය ව්‍යාපෘතිය අසාර්ථක හෙයින් එය නතර කිරීමට අරගල කරන පාර්ශ්වයන් නිහඬ කිරීමට ද උත්සාහ දරන ප‍්‍රවණතාවක් දක්නට ඇත. සමීක්ෂණ, වන්දි ගෙවීමේ ව්‍යාපෘති මැනුම් හා තක්සේරු කිරීම් සහිත සංයුක්ත ක‍්‍රියාවලියක් හරහා මෙය දිග්ගැස්සෙන බව ජනතාවගේ අදහසයි.
එමෙන්ම උමාඔය ව්‍යාපෘතියේ මුළු දුර ක‍්‍රීලෝ මීටර 15.2 ක් වන අතර ක‍්‍රීලෝ මීටර 4 ක වැඩ දැනට අවසන් කර ඇත. ඒ අවසන් වූ කිලෝ මීටර 4 වනගත ප‍්‍රදේශයන්ය. එහි වූ පරිසර හානිය කෙතරම් දැයි කිසිවිටෙක තක්සේරු කර නොමැත. ඒ පිළිබඳ අවධානයක් ද නැත. එහෙත් මේ වන විට නතර කර ඇති මකුල්ඇල්ල, අල්ලමලේ සිට ඉදිරියට ඇත්තේ ජනාකීර්ණ වූ ගම්මාන රැුසකි. ඒවා පසුකරමින් තවත් කිලෝ මීටර 11 ක් උමඟ ඉදිරියට යා යුතුය. මේ වන විට ද මකුල්ඇල්ල, අල්ලමලේ සිට කිලෝ මීටර 3 ක් දිගට දෙපස ජල උල්පත් සිඳී අවසන්ය. උමඟ ඉදිරියට යාමට පෙර තත්වය එසේය. මැදපේරුව, පල්ලෙපේරුව, හීල්ඔය, වෙහෙරගලතැන්න, බොරලන්ද ගම්මාන හරහා මෙය යාමට නියමිතය. ගම්මානවලට කිලෝ මීටර 3 ක් පසුපසින් වූ උමඟ ඉදිරියට ඉදි කළ හොත් කුමකින් කුමක් වේද? එසේ වුවහොත් දික්අරාව, මදුවැල්පතන, කිරිඔරුව, වටගමුව, පල්ලෙවෙල, කුරුකුදේගම ගම්මානවලට ඇති වීමට නියමිත ආපදාව මේ වන විට තක්සේරු කර තිබේද? මෙම ව්‍යාපෘතිය නතර කළ නොහැකි යැයි කීවද ඉදිරියට යා යුතු උමගේ ප‍්‍රමාණය විශාල කොටසකි.

මේ නිසා බදුලූ බණ්ඩාරවෙල ඌවේ සශ‍්‍රීක පරිසරය, ජන ජීවිතය, භූගත ජලය, ඉඩම් සුරැුකීමට නම් අසාර්ථක උමාඔය ව්‍යාපෘතිය නතර කළ යුතුය. ඊට ජනතාව පෙළගැස්විය යුතුය. ඉන් මෙහා වූ අතරමැදි ක‍්‍රියාමාර්ග මේ වන තෙක් පලදරා නැත. එමෙන්ම එයින් ආර්ථික හා දෛනික ජීවිතයේ අපහසුතාවට පත්වන සෑම සියලූ දෙනාගේ ප‍්‍රශ්නවලට දිගුකාලීන බර තැබීමක් සහිත කි‍්‍රයාමාර්ග ගැනීමත් මේ මොහොතේ කළ යුතුය. සැබෑ තත්වය හා උවමනාව වෙනුවෙන් සමාජය හා ජනතාව දැනුවත් කළ යුතුයි. මේ ව්‍යාපෘතිය අරඹා ඇත්තේ මෙයින් පීඩාවට පත් ජනතාව කෙරෙහි වූ ආදරය සෙනෙහස වෙනුවෙන්ද? නොඑසේනම් හම්බන්තොට ඉදිකිරීමට නියමිත වූ හෝටල් සංකීර්ණ, වරාය නගරය හා සංචාරක මෙන්ම මූල්‍ය ව්‍යාපාරිකයන්ගේ ලාභය ඉහළ නැංවීම වෙනුවෙන්ද? මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ දස දහස් ගණනින් වූ ඌවේ ජන ජීවිතය බිළිගැනීමයි. මෙකී තත්වයන් හමුවේ අරගල කිරීම හා අසාර්ථක උමාඔය ව්‍යාපෘතිය අත්හිටුවා ගැනීම ජනතාව හමුවේ ප‍්‍රබල අභියෝගයකි.

සටහන –  ඉන්දුමතී විද්‍යාරත්න / ඡායාරූප – චමින්ද කි‍්‍රස්ටින්

Advertisements