මහින්ද යළි ඒම හා අභියෝග

ranil meets mahindaපසුගිය සතියේ අප ලීවේ ඉහළින් මෙන්ම පහළින්ද ගිනි ඇවිළෙන ආකාරය ගැනය. මේ වන විට ඒ ගිනි එලෙසම පවතින අතර වෙනසකට ඇත්තේ ආණ්ඩුව තුළ තිබෙන ප‍්‍රතිවිරෝධතා වර්ධනයවීම හා ඒ අවකාශය තුළ මහින්ද ක‍්‍රමයෙන් ඉදිරියට ඒමයි. මහින්ද අගමැති කිරීම සඳහා යැයි අරඹා තිබෙන ව්‍යාපෘතිය ක‍්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට එනු පෙනේ. පසුගිය 18 වැනිදා නුගේගොඩ දී පවත්වන ලද රැුස්වීමෙන් අනතුරුව මහනුවර දී ද එවැනිම රැුස්වීමක් පවත්වන ලදී. මීළඟට රත්නපුර, අනුරාධපුර වැනි නගර ඒ සඳහා යෝජනා වී තිබේ. මෙසේ ප‍්‍රධාන පෙළේ රැුස්වීම් සිදු කෙරෙන අතර කුඩා මට්ටමේ ජනහමු වැඩසටහනක් ද විමල් වීරවංශගේ මූලිකත්වයෙන් අරඹා තිබේ. එවැනි රැුස්වීම් සඳහා මහින්ද පෞද්ගලිකව සහභාගි නොවුණ ද ඔහු ඒවා සඳහා ලිඛිව පණිවිඩ එව්වේ ඒ සඳහා ඇති සිය සම්බන්ධය සජීවීව පවත්වා ගැනීමටය. මේ අතර මහින්ද රාජපක්ෂ සජීවීව සහභාගිවන බෝධිපූජා වැනි ආගමික වැඩසටහන් ආරම්භ වී තිබේ. බෝධිපූජා කීවාට ඒවා රැුස්වීම් බඳුය. බෝධිපූජාව මෙහෙයවන හාමුදුරුවන් හැරුණු විට මහින්ද ද පැමිණ සිටින ජනතාව අමතා කතා කරයි. පාලකයන්ගේ සිතේ වෛරය හා පළිගැනීමේ චේතනාව නැති වී මෛත‍්‍රිය ඇති වේවායි ප‍්‍රාර්ථනා කරයි. හරියට මහින්ද තුළ වෛරය හා පළිගැනීම නොතිබුණා වැනිය. මහින්දගේ මෙම පුනරාගමනයට පාවාඩ එළන තත්වය කුමක්ද? අද මෙම ඉඩකඩ භාවිත කර කෙටියෙන් හෝ සාකච්ඡුා කළ යුත්තේ ඒ ගැනය.

ඒ පාරෙම යාම

පසුගිය ජනාධිපතිවරණයේ දී වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපත්තියට වඩා වෙනස් ආර්ථික-දේශපාලන ප‍්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කළේ නැත. කීවේ මහින්ද කරන දේම වංචා, දූෂණවලින් තොරව කරන බවය. මහින්ද මෙන් බලහත්කාරී දඬුඅඬුවකින් සමාජය හිරකර තබාගෙන නොසිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන බවය. ජාතිවාදය වෙනුවෙන් ජාතික සංහිඳියාව කෙරෙහි කැප වන බවය. ආර්ථික අපේක්ෂා එහි අතුරු කරුණු විය. වංචා දූෂණ නැවැත්වුවහොත් බඩු මිල අඩුකළ හැකිබව වැනි සරල කරුණු ඉදිරිපත් කළා මිස පහළ පන්තීන්ට ආර්ථික ප‍්‍රතිලාභ හිමිවන ආකාරයක් ගැන යෝජනා නොවීය. මේ සංකල්පය අතීතයේ සිට පට්ට ගැසූ එකකි. 1994 දී චන්ද්‍රිකා කීවේත් යූඑන්පීයේ ගජමිතුරු ධනවාදය අවසන්කර වංචා දූෂණ නතර කළ පසු පාන් රාත්තල 3.50කට දිය හැකි බවය. වැඩි දෙනා ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීට ඡුන්දය භාවිත කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, ජාතික සමගිය යන ප‍්‍රධාන කරුණු තුන මත අපේක්ෂා තබා ගෙනය.

නමුත් බලයට පත් වී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආණ්ඩුව එම අපේක්ෂා බිඳ දමමින් සිටී. නීතිය හා සාමය භාර ඇමැතිවරයාවන ජෝන් අමතරතුංග මර්වින් සිල්වාගේ භූමිකාව රඟ දක්වමින් සිටී. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් ගැන නොඇසූ කන්ව සිටින අතර ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමැතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ කුප‍්‍රකට මර්දන නීති දීර්ඝ කරමින් ගැසට් නිවේදන නිකුත් කරති. ඒ අතර නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව එන කවර හෝ විරෝධයක් හොඳින් හෝ නරකින් මර්දනය කරන බව පසුගිය සතියේ දී දඹුල්ලේ පැල්වැහැර සිදුවීමෙන් තහවුරු විය. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන්ට අත් වූ ඉරණමයි. මහජන මුදල් වංචාව හා ඥාති සංග‍්‍රහය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට වඩා වෙනස් නොවන බව පෙනී ගියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ සිදු වූ අක‍්‍රමිකතාවක් ගැන මහ බැංකු අධිපතිවරයාටම චෝදනා එල්ල වූ විටය. යහපාලනය ගැන කතා කිරීම පවා අපහසු වන තරමට ඒ සිදුවීම ආණ්ඩුවට කළු පැල්ලමක් බවට පත් විය. ඒ යහපාලන අභිලාෂයන්ට ගිය කලයි. අනෙක් අතට දෙමළ-මුස්ලිම් ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ධනාත්මක ප‍්‍රවේශයක් ගනු ඇතැයි සිතා සිටි අයට රනිල් සිය ඉන්දීය රූපවාහිනී සාකච්ඡුාවේ දී කනේ පහරක් එල්ල කළේය. වත්මන් ආණ්ඩුවට කුමන හෝ ආකාරයකට සහාය දුන් සියල්ලන්ගේ අපේක්ෂා බිඳ වැටෙමින් පවතී. මහින්ද ක‍්‍රමයෙන් අවතීර්ණ වන්නේ එමඟින් නිර්මිත බලාපොරොත්තු කඩ වූ හිස් අවකාශයකටය. මේ ආණ්ඩුව යන්නේ මහින්දගේ පාරේම නම් එය ඉටුකර ගැනීමට වඩා සුදුසු මහින්ද යැයි යමකුට සිතීම ගැන පුදුම විය යුතු නැත.

මහින්ද බේරීම

හොරු ඇල්ලීම ගැන බොරු සන්දර්ශන කරමින් සිටියා මිස මාස දෙකක් ගත වූ පසුත් රාජපක්ෂ පවුල කළ මහා පරිමාණ වංචා හෝ මිනීමැරුම් කිසිවක් ජනතාවට හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. විටෙක හොර බඩු අල්ලන ආණ්ඩුව ඒ පිළිබඳව චෝදනාව රාජපක්ෂලාට ගොනුකර යළි එය හකුළා ගනියි. මේ සඳහා වන අගනාම නිදසුන ඇවන්ගාඞ් හා රක්නා ලංකා ආරක්ෂක සේවාවල ප‍්‍රශ්නයයි. ඇවන්ගාඞ්
පාවෙන අවි ගබඩාව හමු වූ පසු මුලින්ම ඒ පිළිබඳව රාජපක්ෂ පවුලට චෝදනා එල්ල විය. නමුත් පසුව එය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් බව ද එය නිල අවසරයක් සහිතව පවත්වාගෙන ගිය බව ද එමඟින් විශාල බදු ආදායමක් හා ලාභාංශයක් රජටය හිමිවන බව ද දැන් කියන්නේ ආණ්ඩුවේම ඇමැතිවරුන්ය. ඒ අනුව රාජපක්ෂලා සුද්ද කිරීමේ කොන්ත‍්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂය බාරගෙන තිබේද යන පැනය මතුවීම අසාධාරණ නැත.

රාජපක්ෂට පමණක් නොව රාජපක්ෂවාදී ගෝලයන්ට අදාළව ද ආණ්ඩුවේ හැසිරීම එබඳුය. නිදසුනක් ලෙස විමල් වීරවංශ ගනිමු. ආණ්ඩුව ඔහුට එරෙහිව මෙතෙක් ගොනුකර ඇති එකම චෝදනාව ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් බලපත‍්‍රයේ ව්‍යාජ තොරතුරු ඇතුළු වී තිබීම පමණි. ඒ කියන්නේ එය හැරුණු විට වීරවංශගේ කිසිදු වංචාවක්, දූෂණයක්, අපරාධයක් පිළිබඳ චෝදනා නැති බවද? ජනතාව සිතන්නේ ඔහුට ඇති එකම චෝදනාව බිරිඳගේ වයස වෙනස් කිරීම බවය. ඉතිරි අය සම්බන්ධයෙන් ද තත්වය මෙබඳුය. ආණ්ඩුව මෙලෙස රාජපක්ෂවරුන් බේරීමට හා ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ ඇයි?
ඒ පැනයට පිළිතුරු සොයා ගත හැක්කේ ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු තුළ නොවේ. පිළිතුර ඇත්තේ ඉදිරියේ දී ඒමට නියමිත මහ මැතිවරණය තුළය. මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මකය. ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල ජයගත් පමණින් මහ මැතිවරණ ජය එක්සත් ජාතික පක්ෂයට හිමි වන්නේ නැත. මෛත‍්‍රීපාල සිරිසේන ජයගත් උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහ සහ නැෙඟනහිර පළාතේ දිස්ත‍්‍රික්ක තුන තුළ ඒ ජයග‍්‍රහණයට හේතු වූයේ එජාප පදනම් නොවන නිසා මහ මැතිවරණයක දී එජාපයට ඒවායෙන් එකක්, දෙකක් හැරෙන්නට අනෙක් ඒවා ජය ගැනීමට ඉඩක් නැත. අනෙක් දිස්ත‍්‍රික්කවලින් මධ්‍යම පළාතේ මහනුවර හා නුවරඑළිය දිස්ත‍්‍රික්ක දෙක හා ඌවේ බදුල්ල දිස්ත‍්‍රික්කය ගත් කළ එය වතුකම්කරු ජනතාවගේ ඡුන්ද නිසා සිදු වූ ජයග‍්‍රහණයකි. ඒ අනුව අමතරව එජාපය ශක්තිමත් වී ඇත්තේ කොළඹ, ගම්පහ, පුත්තලම, පොළොන්නරුව වැනි දිස්ත‍්‍රික්ක කිහිපයකය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වූ තත්වයක් තුළ පොළොන්නරුව වැනි දිස්ත‍්‍රික්ක කෙරෙහි ද විශ්වාසය තැබිය නොහැකිය. මැතිවරණයේ එජාප ජයග‍්‍රහණයක ප‍්‍රධාන සාධකය වනුයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමය. එසේ දෙකඩවීමට නම් මහින්ද දේශපාලන කරළියේ සිටිය යුතු අතර අවම පෞරුෂ හානි සහිතව සිටිය යුතුය. ආණ්ඩුවේ ප‍්‍රබලයන් හැම විටම මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂ පවුල බේරන්නේ ඒ නිසාය.

වමේ අවකාශය

එනිසා ආණ්ඩුව පිරිහුණු පමණින්, පොරොන්දු කඩකළ පමණින්, මේ ආණ්ඩුව ගැන ජනතා අපේක්ෂා බිඳ වැටුණු පමණින් එහි වාසිය වමේ ව්‍යාපාරයට අත්පත් වන්නේ නැත. මෙය මෙලෙසම සිදු වන බවත් මූණු මාරුවෙන් ඵලක් නැති බවත් සැබෑ වෙනසක් අවශ්‍ය නම් ක‍්‍රමය වෙනස් කළ යුතු බවත් කීවේ වමයි. දැන් තත්පරයක් පාසා හැම අත්දැකීමක්ම යළි යළිත් ඔප්පු කරන්නේ ඒ ඉදිරි දර්ශනය නිවැරදි බවය. එහෙත් පාලක පන්තිය එම අවකාශය වමට අත්පත් කරගැනීමට ඉඩ නොතබා එය තවත් නායකයකුගේ ප‍්‍රතිරූපයකින් වසා දැමීමට උත්සාහ කරයි. මෙවර ඒ සඳහා අලූත් චරිත නැති අතර උත්සාහය ඇත්තේ මහින්දම යළි කැඳවීමටය. මහින්දගේ පුනරාගමනය වටහා ගත යුත්තේ මේ සියලූ සන්දර්භයන් තුළය. එක් පැත්තකින් ශ‍්‍රීලනිපය කැබලිකර දුර්වල කිරීමට ද අනෙක් පැත්තෙන් වමේ ව්‍යාපාරයට ජනපදනම් ශක්තිමත් කරගැනීමට ද ඉතිහාසයේ එළඹුණු අගනාම අවස්ථාවක් අහිමි කිී මට ද මහින්ද රාජපක්ෂ පාවිච්චි කෙරෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයට මෙහි ඇති අනෙක් වාසිය වන්නේ වත්මන් ආණ්ඩුවට මුලින් සහාය දී දැන් කලකිරී ඇති කොටස් ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ නොදී ගැටගසා ගැනීමට ද ‘මහින්ද ආපසු එයි’ යන මහින්ද භීතිකාව භාවිත කළ හැකි වීමයි. මේ මොහොතේ වම සතු කාර්යභාරය වනුයේ මෛත‍්‍රී-රනිල් නවලිබරල් ආණ්ඩුවේ ජනතා විරෝධී ස්වභාවය තියුණු ලෙස හෙළිදරව් කරන අතරම එම රික්තය පිරවීමට මහින්දට හෝ වෙනත් දක්ෂිණාංශිකයකුට ඉඩ නොදී වාම මහජන අවකාශය පුළුල් කර ගැනීමය. ජයග‍්‍රහණ ඇත්තේ ඒ තුළය.

Advertisements