සංගම්වලට සෙල්ලම් බෑ නීතිපති උපදෙස් දෙයි

sportනව ක‍්‍රීඩා ඇමැතිවරයාට ක‍්‍රීඩා අමාත්‍යාංශ වැඩ පැවරෙන්නේ ‘මඟ සිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹු නහී’ යැයි කියන ලද පැරණි කියමන සිහි ගන්වමිනි. දින සියයක කාලයක මහා විපර්යාසයන් සිදුවේ යැයි සිතූ බොහෝ දෙනා දැන් කම්මුල්වල අත ගසාගෙන හන්දිගානේ බංකු උඩ සිටිනු දැකිය හැකිය. වෙන මොනවා නැතත් මේ රටේ යහපාලනය වෙනුවෙන් අඩුම තරමේ කළයුතු දේ තිබේ. දූෂණයට, වංචාවට, කපටිකමට, මැරකමට, ගසාකෑමට, ජාතික ධනය කන සෝබන වැඩවලට, ජාතික ධනය වියදම් කර කරනු ලබන මගඩිවලට, සහ නීතිය අවනීතිය කර ගනිමින් කරගෙන යන නිලධාරිවාදී උම්මත්තක වැඩවලට වැට බැඳිය යුතුය.

මේ ඉහත කියූ දේවල් අඩු වැඩි වශයෙන් ඇති ලංකාවේ නමගිය ක්ෂේත‍්‍රයක් ඇත්නම් ඒ ක‍්‍රීඩාව සම්බන්ධ ක්ෂේත‍්‍රයයි. බොහෝ දෙනාට මෙය එසේ වන්නේ ඇයිද යන්න නොතේරේ. පැරණි ගැමියන් කියන පරිදි වළ ඉහගෙනත් බාගෙනත් කෑ හැකි ක්ෂේත‍්‍රයක් ලෙස ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය අද හඳුන්වයි. වර්තමානයේ වළ පල්ලට
වැටී ඇති මෙම ලාංකේය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය මේ තත්වයට පත් කළේ ක‍්‍රීඩකයින් පුහුණුකරුවන් හෝ තාක්ෂණික නිලධාරීන් හෝ ක‍්‍රීඩාවේ දහඩිය මහන්සිය හෙළු මිනිසුන් නොවේ. ක‍්‍රීඩාව නඟා සිටුවනවා යැයි වහසිබස් දොඩමින් ක‍්‍රීඩාවේ පරිපාලනය සහ ආධිපත්‍ය අතට ගත් නිලධාරීන් බහුතරය. මේ කතාව අදාළ නොවන ක‍්‍රීඩා සංගම් ලංකාවේ තිබේ. ඒවායේ ක‍්‍රියාත්මක ක‍්‍රීඩාව වෙනුවෙන් තම ශ‍්‍රමය, ධනය, කාලය, බුද්ධිය, මෙන්ම තවත් බොහෝ දේ කැප කළ මිනිසුන්ට අප මේ කියන කාරණා අදාළ නොවේ. නමුත් තීරණාත්මක සන්ධිස්ථානයක සිට ලංකාවේ බහුතර ක‍්‍රීඩා සංගම්වල ඉහළ තලයේ බල අධිකාරියක් සහිත නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය නිසා අද ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය මේ තත්වය වැටී ඇත. මෙයට දේශපාලන බල අධිකාරියේ ඇත්තන් සහ ගැත්තන්ද සෘජුවම වගකිව යුතුය. මේ ගැන අප ඕනෑවටත් වඩා කතා කර තිබේ.

අද අපගේ අවධානයට ලක් වන්නේ දින සියයක් සඳහා තමන් වෙත වගකීම් පවරාගත් ක‍්‍රීඩා ඇමැතිවරුන් දෙදෙනකුගේ ක‍්‍රියාකලාපය අනාගතය සඳහා බලපානු ලබන ආකාරය සොයා බැලීමයි. ක‍්‍රීඩා ඇමැති එනවිටම ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අධිනිශ්චය වී තිබිණි. බොහෝදෙනාගේ අවධානය යොමුවූයේ මේ වෙනුවෙනි. නමුත් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට අතිවැදගත් කාලයක් ඉදිරියේ පැමිණෙන බව ක‍්‍රීඩා ඇමැතිවරුන්ට පවා වැටහුනේ මාධ්‍ය දිගින් දිගට එල්ල කළ ප‍්‍රහාරයන් සම`ගය. මේ ප‍්‍රහාරයන් එල්ල වූයේ ලංකාවේ ක‍්‍රීඩාව කාබාසිනියා කිරීමට තරම් ඕනෑවටත් වඩා වැඩකර ඇති, තමන් හැදීමටත්, තමන්ට නමක් හදා ගැනීමටත්, සුඛ විහරණ ලබා ගැනීමටත්, ක‍්‍රියාකළ ජාතික ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහිවය. දැවැන්ත මාෆියාවක් වූ මේ කළාපය පිළිබඳ ක‍්‍රීඩා ඇමැතිවරයාටද තරු පෙනුනේ ටිකක් ප‍්‍රමාද වීමෙන් පසුවය. ඒ වන විට ඇමැතිවරයා පසුකර බොහෝ දෙනා තමන්ගේ න්‍යාය පත‍්‍ර සකස් කර අවසන්ය. මාර්තු 31 වැනිදාට ජාතික ක‍්‍රීඩා සම්මේලනවල නිලධාරී පත්වීම් සිදුකර අවසන් කළයුතුව පැවැතිණි. ජාතික සංගම් නිලවරණ යනු අපි ඉහතින් කතා කළ සියලූ ගුණාංග අඩු වැඩිය සමඟ සම්බන්ධ ක‍්‍රියාවලියකි. ජාතික සංගම්වල සිදුවන නිිලවරණ දිහා බැලූ විට ලංකාවේ මැතිවරණ තව හොඳයැයි බොහෝදෙනා කියා සිටී. ඒ තරමට ඒවායේ සිදුවන සටකපට කම් ¥ෂණ, වංචා, බොහෝය. අවුරුදු ගණනාවක් එක දිගට නිලතලවල රැු`දී සිටින නිලධාරීන් අන් කිසිඳු නව ක‍්‍රියාකාරිත්වයකට ඉදිරියට පැමිණීමට ඉඩ නොදෙයි. මේ තත්වය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් පටන් ගත් විට මලල ක‍්‍රීඩා සංගමය හරහා තවත් දීර්ඝ නම් ගණනාවකි. මේවාගේ බල අරගල කැපිලි කෙටිලි බොහෝය. මහින්දානන්ද අලූත්ගමගේ සම්බන්ධ බොහෝ දෙනාට විවේචන ඇත. එහෙත් මේ මාෆියාව සමඟ ඔහු එක්තරා ප‍්‍රමාණයකට ගැටෙමින් සිටි බවක් කියැවිණි. එහෙත් එය පරාජය කරන්නට ඔහු කටයුතු කළේ නැත. ජාතික ඔලිම්පික් කමිටුවේ සිට ක‍්‍රීඩා සංගම් නිලධාරීන් දක්වා දූෂණයට සම්බන්ධ සෑම සියලූ දෙනා මේ ක්ෂේත‍්‍රය හපාගෙන කාගෙන ඉන්නේ බල්ලන්ගේ ඇගේ සිටිනා මැක්කන් මෙනි. මක්නිසාද ඔවුන්ට මේ හපාගෙන සිටිනා තැනින් ගැලවුණු විට පැවැත්මක් නැත. ලංකාවේ මේ තත්වය වෙනස් කිරීම සුළුපටු අභියෝගයක් නොවේ. මේ නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගෙන් කළ විමසීමට අදාළව නීතිපතිවරයා කර ඇති පැහැදිලි කිරීම අතිශයින් වැදගත්ය. එය ලංකාවේ ක‍්‍රීඩාවේ අනාගතය සඳහා සුභවාදී තත්වයක් සේ තේරුම් ගත යුතුය. නමුත් මේ පැහැදිලි කිරීමෙන් පමණක් කාරණා සම්පූරණ නොවේ. අවශ්‍ය වන්නේ විග‍්‍රහයන්ට අදාළ ක‍්‍රියාවලියයි. එම ක‍්‍රියාවලීන්හි විනිවිදභාවයයි. නීතිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යාංශයට නීතිමය පැහැදිලි කිරීමක් කර තිබේ. ඒ පිළිබඳ ක‍්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයෙන් මෙසේ කියයි.

”1973 අංක 25 දරන ක‍්‍රීඩා පනතට අදාළව 2013 ජනවාරි 15 අංක 1793/3 අති විශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව 2015 මාර්තු 31 වැනි දින වන විට වසර 02 සම්පූර්ණ කළ සියලූ සංගම් නිලවරණය පැවැත්විය යුතුය.”
සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව, ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන්, ක‍්‍රීඩකයන් ඇමැතිවරයා වෙත නොයෙකුත් විරෝධතා සහ පැමිණිලි ඉදිරිපත් කර ඇත. එම විරෝධතා පිළිබඳ සලකා බැලූ ඇමැතිවරයා සිය නීති නිලධාරීන් සහ සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡුා කර ජාතික ක‍්‍රීඩා සංගම් සඳහා නව නිලධාරීන් පත් වීමේදී අදාළ තනතුරු සදහා සපුරා තිබිය යුතු නෛතික පසුබිම් කවරේද යන්න විමසා බැලීමට නීතිපතිගේ උපදෙස් විමසීය. ඉහත කරුණු පිළිබඳව ඇමැති නවීන් දිසානායක විසින් නීතිපතිගෙන් ලබා ගත් පැහැදිලි කිරීමට අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙහි 13/1 සහ 13/2 හි පහත සඳහන් තනතුරු සඳහා ජාතික සංගමයක හෝ සම්මේලනයක සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, සහකාර ලේකම්, සහකාර භාණ්ඩාගාරිකධුර දරා ඇති තැනැත්තකු එම තනතුරු සඳහා නැවත පත්වන්නේ නම් යම් තැනැත්තකුගේ සමස්ත සේවා කාල එකතුව අවුරුදු 4 ක් නොඉක්මවිය යුතු බව හා අංක 1793/3 දරන ක‍්‍රීඩා නියෝග මාලාව පැනවීමට පෙර හෝ පසුව සමස්ත සේවා කාලය අවුරුදු 04 ක් නොඉක්මවිය යුතුය. එසේ ඉක්මවා ඇති කිසිම තැනැත්තකුට නැවත එම තනතුරු සදහා තේරී පත්විය නොහැකි බව සඳහන් වේ.

අප මෙසේ කියන්නේ දීර්ඝකාලීන අත්දැකීම් මතිනි. සියලූ ජාතික සංගම්වල දූෂිත ලොක්කන් තමන්ගේ පැවැත්ම සාදා ගත්තේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ එම අමාත්‍යාංශයේ සිටි දූෂිත නිලධාරීන් සහ දේශපාලන බලය හරහාය. ඉඳින් කුමකින් කුමක් වේ දැයි අප අනාගතය දෙස බලා සිටින්නෙමු.

මහේන්ද්‍ර කුමාර

Advertisements