ඉතින් රසබලමු යහපාලන ලොලි පොප්….!

Awantha Cartoon-of-the-Day-24_03_2015-150-90ඉස්සර කෑම කවද්දි අම්මලා හඳ මාමා කිරියි පැණියි ගෙනත් දේවි වගේ ගොඩක් කතා කියනවා. හැබැයි වැඬේ කරවා ගත්තට පස්සෙ අන්තිමට තාත්තා වැඩ ඇරිල එද්දි ගේන ටොෆියක් ලොලි පොප් එකක් වගේ දේකට වැඩියෙන් දෙයක් ලැබෙන් නෑ. ලංකාවේ මහේශාක්‍ය දේශපාලනය ඇතුළෙ තරුණයට අත්වෙලා තියෙන්නෙ ඒ වගේ ඉරණමක්. හැමදාම කිරියි පැණියි දෙන්නම් කියනවා. ඒත් වෙන්නෙ ලොලි පොප් උර උර ඉන්න.

මැතිවරණයෙන් පස්සෙ තිබ්බ රූපවාහිනී සාකච්ඡුාවක දී ජනාධිපතිවරයා කියනවා එයාගෙ ජයග‍්‍රහණයට තරුණයන්ගෙන් විශාල සහායක් ලැබුණා, විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල තරුණයන්ගෙන් විශාල මෙහෙයක් වුණා කියලා. විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුළිනුත් ඊට බාහිරවත් සංවිධානය වෙන තරුණ බලවේග දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළ තීරණාත්මක සාධකයක් බවට පත්වෙන ආකාරය ලංකාවෙත් ඉන් පිටතත් අපිට දිගින් දිගිටම දැක ගන්න ලැබුණා. මේ අයගෙ විශේෂත්වයක් වුණේ සංවිධිත දේශපාලන ව්‍යාපාරයන් සමඟ සම්බන්ධ නොවී හුදෙක්ම පෞද්ගලික මට්ටමින් සකී‍්‍රය වීමයි. ලංකාවෙත් ආසන්න දේශපාලන අත්දැකීම තුළ යහපාලනය උදෙසා වුණ තරුණ පෙළගැස්ම තුළ මෙම ලක්ෂණය දකින්න ලැබුණා. මේ තත්වයේ නිවැරදි හරස්කඩක් ඒ දවස්වල ෆේස් බුක් වෙබ් අඩවියේ ගැවසුණා නම් දැකගන්න ලැබුණා. මහින්ද – මෛතී‍්‍ර විවාදය ඇතුළෙ වීරයන් වුණේ මෛතී‍්‍ර හිතවාදී පිරිස්. විශේෂයෙන්ම මහින්දගේ හා ඔහුගේ හිතවතුන්ගේ ග‍්‍රාම්‍ය හැසිරීම් මෙම පිරිසගේ පිළිකුලට භාජනය වුණා. දේශපේ‍්‍රමය, කුඩා ළමුන් වඩාගෙන සිප වැලඳගැනීම වගේ දේවල් සාමාන්‍ය ජනතාවට පොදුවේ යම්තාක් දුරකට තවදුරටත් වලංගු වුණත් මේ කොට්ඨාසය තුළ එය ඔවුන්ගේම භාෂාවෙන් කියනවානම් ගොන්පාට් වී තිබුණා. මේ පිරිස ඉතා අවංකව යහපාලන සිහිනය දුටු අතර මහින්ද හිතවාදීන් හුදෙකලා වෙන තත්වයක් ඇති වුණා. ඒත් සිංහල බෞද්ධ ජාතිකවාදී පදනමකින් මහින්ද හිතවාදී, නිවැරදිවම පැවසුවහොත් මහින්දවාදී විශාල තරුණ පිරිසක් සිටි බවද අමතක නොකළ යුතු කරුණක්. වමේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින පිරිස් වැනි විකල්ප නියෝජනය කළ පිරිස් මේ අයට පෙනුණෙ මේ වෙලාවෙ කරන්න ඕනෙ දේ කරන් නැතුව වැඩකට නැති දේවල් කරනවා, ඕකෙන් මහින්දට උදව්වක් වෙන්නෙ වගේ විදිහට. පස්සෙ ඔවුනුත් ටික ටික තරහකාරයො බවට පත්වුණා.

තරුණ පිරිස කළමනාකරණය අධිපති දේශපාලනය තුළ ඉතා වැදගත් කාරණයක් වුණා. තරුණයන් ක‍්‍රම විරෝධී භාවිතයකට නොගොස් තමන්ට පාලනය කළ හැකි සීමාවක් තුළ ඔවුන්ව රඳවා ගැනීමට පාලකයන්ට අවශ්‍යයය. ඒ සඳහා ඔවුන්ගේ ආවේගයන් පිට කරගැනීමට ඉඩ සාදාදීම මේ තුළම සිදුවෙනවා. උදාහරණයක් විදිහකට වැවක වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට එම පීඩනය කළමනාකරණයට පිටවානක් සාදනවා වැනි දෙයක්. අනාගත ජීවිතය පිළිබඳ අස්ථාවරත්වය, හිමි කරගන්න ඉඩක් නැති ඔළුව උඩ ගොඩ ගැහුව මහා බර හීන, ළමා කාලය තරුණ කාලය අහිමි කරගෙන උපන් දවසෙ ඉඳන් දුවන තරගෙක තමන්ට තමන් අහිමි වුණ ජීවිතයක අපිටවත් නොතේරෙන අපි ඇතුළෙ පැසව පැසව තියෙන පීඩාව මේ හැම දේකම ආතතියන් මහින්ද විරෝධය වගේ තැනකට ගොනු කරන්නට ඔවුන් සමත් වුණා. මේ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් හොයන්න තරුණ පරපුර යොමු වුණානම් පාර්ලිමේන්තුවෙ මොන පැත්තෙ හිටියත් පාලකයො හැමෝටම ඒක තර්ජනයක් වෙනවා. උදාහරණයකට අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත්තොත් අධ්‍යාපනයට ආළව සරල රැුවටීම්වලින් ඔබ්බට සැබෑ විසඳුම් දිසාවට සැලකිය යුතු දුරකට ශිෂ්‍යයන්ව පෙළගස්වන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. අසාධාරණයන් හමුවේ ශිෂ්‍යයන් තුළින් මතුවෙන ආවේගයන් පාලකයන්ගෙ කේවල් කිරීම් ඇතුළෙ දියවෙන්නට ඉඩ නොතබා සැබෑ විසඳුම් ලැබෙන දීර්ඝකාලීන අරගලයන්හි දිසාවට එම නැඟිටීම් යොමු කරවීමට ඔවුන් උත්සාහ ගන්නවා අපට දැකගන්න පුළුවන් වුණා. මේ භාවිතාව එම ප‍්‍රශ්නවල හරයන් ආමන්ත‍්‍රණය කරනවා. එලෙසම එම අරගල තුළ බලවේග පෝෂණය වෙනවා. ලංකාවේ නූතන තරුණයාට පසුගිය සමය තුළ මඟ ඇරුණේ මෙම භාවිතාව.

ගොඩක් දෙනෙක් කිව්ව දෙයක් තමයි සමාජය වෙනස් කරන්න ඕනෙ, ඒක හරි, ඒත් මේ වෙලාවෙ මහින්ද එළවල ඉමු වගේ දෙයක්. අනිත් පැත්තෙන් දේශපේ‍්‍රමී මිථ්‍යාවත් කි‍්‍රයාත්මක වුණා. කි‍්‍රකට් කී‍්‍රඩාවෙදි පන්දු යවන්නකුගෙන් දුර්වල පන්දුවක් ලැබුණම ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරන් ලකුණු රැුස්කරන්න ඕනෙ. මොකද දක්ෂ පන්දු යවන්නකුගෙන් ඒ වගේ පන්දු නිතරම ලැබෙන් නෑ. තරුණයන් තුළ ඇතිවෙච්ච යම් ආකාරයක අවදිවීම අන්තිමට කොතෙන්ටද ලඝු වුණේ? සරලවම අභ්‍යන්තර ප‍්‍රශ්න නිසා බලය අහිමිව සිටි එජාපය ගොඩදැමීම වගේ තැනකට එය සීමා වුණා. සමාජ වෙනසක් කෙසේ වෙතත් වඩා යහපත් සමාජයක් දිසාවට වූ අරගලයකට තරුණයන් ගොනු කරගන්න, ඔවුන් දියුණු කරන්න, ඔවුන්ව සකී‍්‍රය කරන්න මේ ගොඩනැඟුණු දේශපාලන වටපිටාව ප‍්‍රබලව යොදාගැනීමට ඉඩ තිබුණා. ඒත් එදාට ගිහින් ඡුන්දය දාල උදම් ඇනීමෙන් පස්සෙ ඔවුන් නැවත ක‍්‍රමිකව ෆේස් බුක් එකේ බල්ලන් පූසන් ෂෙයාර් කරමින් පුරුදු අකී‍්‍රයත්වයටම නැවත ගමන් කරමින් තිබෙනවා. යම් කෙනකුට මේ මේ අය විදිහට ඇතමුන්ව පෙන්වන්න පුළුවන් වුණාට අපි බලන්න ඕනෙ තරුණයන් බලවේගයක් විදිහට දියුණුවක් අත් කරගත්තද කියන කාරණයයි. අළුත් පරපුර වගේ සංවිධානවල කි‍්‍රයාකාරීත්වය සාධනීය විදිහට දකින්න පුළුවන්. නමුත් එම කි‍්‍රයාකාරකම් තුළ තියෙන විනෝදයෙන් ඔබ්බට කල්පවත්නා සමාජ ප‍්‍රගමනයක් වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ගැටලූ සහගතයි. ඒ වගේම ඒ ආමන්ත‍්‍රණය සීමිත නාගරික තරුණ ප‍්‍රජාවක් වෙතට පමණක් සීමා වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. එතැනින් ඔබ්බට මේ සීමිත සංවාද අවකාශයෙන් බැහැර තරුණ පිරිස් වෙත ප‍්‍රවේශය කොහොමද කරන්නෙ?

මෙවර මැතිවරණයෙදිත් තරුණයන්ට සරුව පිත්තල පොරොන්දු ලැබුණා. නොමිලේ අස-සෙ පහසුකම් දෙනව කිව්ව. ඒත් අද ඒක දුන්නත් දුම්රිය ස්ථානවලට සීමා වෙන ස්වභාවයක් දකින්න පුළුවන්. එයත් කොළඹ ප‍්‍රධාන දුම්රිය ස්ථානවලට. අධ්‍යාපනයට අදාළව 6% ආචාර්යවරුන් ඇතුළු පිරිස් හා විශ්වවිiාල ශිෂ්‍යයන්ට අදාළව ප‍්‍රධාන පොරොන්දුවක්. නමුත් සිදුවුණේ මොකක්ද? එය ප‍්‍රතිපත්තියක් විදිහට නාමිකව අතුරු අයවැයට ඇතුළත් වුණා පමණයි. මහා සටනක් දිනුවා සේ බොහෝ විශ්වවිiාල සිසුන් ඇතුළු පිරිස් සමාජ ජාල වෙබ් අඩවි පුරා ජය සැමරුවා. නමුත් සැබෑ ප‍්‍රතිපත්තිය හෙළිවෙන්නෙ කි‍්‍රයාකාරීත්වය ඇතුළෙයි. විවෘත විශ්වවිiාලයෙ සිසුන් ගාස්තු 120% කින් වැඩි වීමට එරෙහිව දින 100 කට ආසන්න කාලයක ඉඳන් සත්‍යග‍්‍රහයක නිරතවෙනවා. ඊළඟ අයවැයෙන් අධ්‍යාපනයට 6% ක් වෙන් වෙනවනම් අද අධ්‍යාපනයට වෙන් කරන මුදලත් එක්ක හාස්‍යයට මෙන් සංසන්දනය කළොත් අද ලියාපදිංචියෙදි සිසුන් ගාස්තු ගෙවනව වගේ එහෙම වුණොත් වෙන්වෙන මුදලෙ වැඩි වෙන ප‍්‍රමාණයත් එක්ක බැලූවොත් ලියාපදිංචියෙදි ශිෂ්‍යයන්ගෙ අතට ගාණක් දෙන්නත් පුළුවන්. ඒත් යථාර්ථය ඇතුළෙ යහපාලන ආණ්ඩුව ඇතුළෙත් එම සත්‍යග‍්‍රහය දින 50 ක් ගතවෙලා. තාම පාලකයො ගාස්තු අඩු කරන්න නෙමෙයි නව අධ්‍යයන වසරට වැඩි කරන් නැතුව ඉන්න එක සම්බන්ධයෙනුත් මුනිවත රකිනවා. පාසල්වලට මුදල් අයකිරීම නීත්‍යනු කරගැනීමට පනත් සම්මත කරනව. 6% ක් වෙනුවෙන් කතා කරපු සමහර අයගෙන් කන් කෙඳිරියකට වඩා දෙයක් මේවට ඇහෙන් නෑ.

බොහෝ අඬහැරයන්ට තර්ක විතර්කවලට පසු ඉතිහාසය තුළ පුරුදු පරිදිම ධනේශ්වර පාලකයන්ගේ උගුලකට, රැුවටීමකට අප හසුව ඇත. සුනඛයකුට අළුත් දම්වැලක් ලැබුණ විට විඳින සතුටක් අපි ද විඳ ඇත. කිරියි පැණියි හඳ මාම දේවි කියල බත් කවාගත්ත වගේ මෙවරත් තරුණයන් ලැබී ඇත්තේ උර උර ඉන්නට ලොලි පොප්ය. සිහිනයන්ගෙන් අවදිව සැබෑ විසඳුම ඇති දුෂ්කර මාවත දෙසට අද අදම එක පියවරක් හෝ තැබිය යුතුව ඇත.

රිවිහාර පින්නදූව

Advertisements