මාසයකටත් වැඩි කාලයක් මම ඉන්නෙ ලංකාවට යන්න බලාගෙන …

DSC_0442රාජපක්ෂ රෙජීමයේ දඩයමට ලක් වූ මාධ්‍යවේදියකුගේ සරණාගත අත්දැකීම – 2 කොටස

මා නේපාලයට පැමිණියේ 2012 වර්ෂයේය. එම වර්ෂයේ නේපාල් රුපියල් 30 පැවැති සහල් කිලෝව අද රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇත. රුපියල් 65 තිබූ පරිප්පු කිලෝව අද රුපියල් 140.00  දක්වාත් රුපියල් 50 ට පැවැති අර්තාපල් කිලෝ 2.1/2 අද කිලෝව රුපියල් 50 දක්වාත් වැඩි වී ඇත. රුපියල් 20 ට පැවැති කිරි පැකට් එක අද රුපියල් 32 කි. නමුත් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මඟින් කප්පාදුවට පෙර අපට රුපියල් 5,750 ක දීමනාවක් ලබාදුන් අතර මාර්තු මස 16 වැනිදා සිට එම මුදල රුපියල් 4,313 දක්වා අඩු කරන ලදී. වර්ෂ 2011 න් පසු සරණාගත දීමනාව  වැඩි කරනවා වෙනුවට අඩු කර ඇත. නමුත් බඩු මිල අහස උසට නැඟ තිබේ.

සිරියානු ජනතාව සඳහා සහනාධාර සැපයීමට මුදල් නොමැති නිසා අපගේ දීමනාවෙන් 25% ක් කප්පාදු කිරීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය පවසයි.
සිරියානු ජනතාවට මුහුණ දෙන්නට සිදු වී ඇති ප‍්‍රශ්නය පිළිබඳව නේපාලයේ සිටින අප දැඩි සංවේදීවන නමුත් ඔවුන් එම තත්වයට ඇදදැමූවන් අපි නොවෙමු. අමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා අධිරාජ්‍යවාදීන් ඊට වගකිව යුත්තෝ වෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඩතුරාවට මුවා වී එම අධිරාජ්‍යවාදීන් විසින් තෙල් සහ ගෑස් කොල්ලකෑම සඳහා ගෙන යන යුද්ධ, දස දහස් ගණනකගේ ජීවිත සහ දේපළ විනාශකර ඇතුවා පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහ මඟට ඇද දමා සරණාගතයන් බවට පත්කොට තිබේ. නේපාලයේ ජීවත්වන සෑම සරණාගතයකුගේම  (පාකිස්ථාන, මියන්මාර් (රෝහින්ජා ඇතුළු* ශ‍්‍රී ලංකා, සෝමාලියා, බංගලිදෙස්, කෙන්යා, ඉරාක්, ඇෆ්ගනිස්ථාන්, ඉරාන්,  ඊජීප්ත්, ටිබේට් බුටනිස් සහ කොංගෝ)

ජීවිතවලට අපගේ රටවල පාලකයන් පමණක් නොව බි‍්‍රතාන්‍යය, ඉන්දියාව ඇතුළු ඉහත අධිරාජ්‍යවාදීන් ද වගකිව යුත්තෝ වෙති. අධිරාජ්‍යවාදීන් තමන්ගේ  මූලෝපායික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා අනුගමනය කරන උපක‍්‍රමික ක‍්‍රමවේදයන් අපේ රටවල වාර්ගික, ආගමික, වර්ණභේද සහ කුල රේඛාවන් ඔස්සේ බෙදා ඇතුවා පමණක් නොව එකින් එකා මරාගන්නා භයානක යුද්ධ දක්වා එම බෙදීම් දිග්ගස්සා පෝෂණය කොට තිබේ. අධිරාජ්‍යවාදීන් තමන්ගේ ආත්මාර්ථකාමී රුදුරු උවමනාවන් ඉටුකරගැනීම සඳහා මිනිස් වර්ගයාත් ස්වභාවධර්මයත් විනාශ කරමින් සිටියි.

අමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා අධිරාජ්‍යවාදීන් තමන් කරවටක් ගිලී සිටින ආර්ථික අර්බුදයන්ට විසඳුම් විදියට විජිතකරණ ප‍්‍රතිපත්තිය නැවත වටයකින් පෙරට ගෙනැවිත් ඇත. නව අධිරාජ්‍යයා වන චීනයට එරෙහිව අමෙරිකාව ප‍්‍රමුඛ පැරණි අධිරාජ්‍යවාදී පද්ධතිය දේශපාලන සහ මිලිටරිමය තරගයකට අවතීර්ණ වී ඇති අතර එම තරගය ලක්ෂ ගණන් ජනතාව විනාශ මුඛයටත් දස ලක්ෂ ගණන් ජනතාව සරණාගත භාවයටත් තල්ලූ‍ කරනු ලැබ ඇතුවා පමණක් නොව තුන්වැනි ලෝක යුද්ධයකට කැසකවමින් සිටියි.
අධිරාජ්‍යවාදීන් තම ස්වාර්ථකාමී සහ ලාභදායී අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යෑම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මරණයටත් දස ලක්ෂ ජනතාවකට උන්හිටි තැන් අහිමිකර සරණාගත කඳවුරුත් උරුම කර දී තිබේ. එසේ සරණාගත කඳවුරුවලට ගාල් කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ගැන කතා කරන මානව හිතවාදියාගේ භූමිකාවද ඔවුන් (පීඩකයා* විසින්ම රඟපාති. අමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ සංවිධානවන එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ යටතේ පිහිට වූ (1945) සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලයත් ඉහත භුමිකාව රඟන නළුවෝ වෙති. 1918 පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව 1921 දී  එක්සත් ජාතීන් සංවිධානය පිහිටු විය. එම සංවිධානය 1921 පිහිටුවන්නේ 1917 රුසියාවේ දී පිහිට වූ පළමු ලෝක නිර්ධන පන්ති රජයට වළ කැපීමටත්  යුරෝපය පුරා පැතිරෙමින් තිබූ සමාජවාදී විප්ලවයන්ට දොරගුල් දැමීම සඳහාත්ය.

නේපාල් සරණාගත කාර්යාලය  එක්සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස් කාර්යාලය මඟින් සරණාගතභාවය පිරිනමද්දී තුන්වැනි රටක ලියාපදිංචි කිරීමේ කටයුතු අවුරුදු දෙකකට පසුව ආරම්භ කරන බව අප වෙත දැනුම් දෙයි. නමුත් එම කාර්යාලය මඟින් එසේ සරණාගතභාවය පිරිනැමූ විශාල පිරිසක් දැනට නේපාලයේ රැුඳී සිටිති. එම පිරිස අතර අවුරුදු  05, 08, 10, 15, සහ 20  දක්වා කාලයක් නේපාලයේ  රැුඳී  සිටින අය වෙති. සරණාගත තත්වය ලබාගැනීම සඳහා  සමහරුන්ට මාස 05 ක් සමහරුන්ට මාස 08 ක් තවත් සමහරුන්ට අවුරුද්දක් හෝ අවුරුදු දෙකක කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.
අවුරුදු ගණනාවකට පසුව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මඟින් තුන්වැනි රටක පදිංචි කිරීම ආරම්භ කළ ද හිඟ වීසා ගාස්තු සහ දඩ මුදල් ප‍්‍රශ්නය නිසා තවත් කාලයක් නේපාලයේ රැුඳී සිටීමට සිදු වනු ඇත. උදා – අවුරුදු 10 ක් නේපාලයේ රැුඳී සිටි අයකුට හිඟ වීසා ගාස්තු ප‍්‍රශ්නය නිසා තවත් අවුරුදු දෙකක් නේපාලයේ  රැුඳී සිටීමට සිදුවුවහොත් එය මොනතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද? සරණාගතයන් එවැනි අසරණ තත්වයකට ඇදදමා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මඟිනි. ඒ නිසාම ඔවුන් පැලඳ සිටි  ඊනියා මානවවාදී පැලැස්තරය ගැලවී ඇත.

සරණාගතයකු වීසා නැතිව නේපාලයේ රැුඳී සිටින සෑම දිනකටම අමෙරිකන් ඩොලර් 05 ක්
(නේපාල් රුපියල් 500 ක්) මසකට අමෙරිකන් ඩොලර් 150 ක්  එම රජයට (ආගමන විගමන දෙපාර්තමේන්තුවට) ගෙවිය යුතු වෙයි. එයට දඩ මුදල එකතු වූ විට අමෙරිකන් ඩොලර් 08ක් වනු ඇත.
සරණාගතයන් සඳහා වන මෙම මහ කොමසාරිස් කාර්යාලය මඟින් සරණාගතයන් කෙටි කලක් ඇතුළත නැවත පදිංචි කිරීම සඳහා කටයුතු කරන්නේ නම් අපට මෙවැනි ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදු නොවනු ඇත.   දීර්ඝ කාලයක් නේපාලයේ තබාගැනීම නිසා අප අද ශාරීරිකව සහ මානසිකව බිඳ වැටී ඇත. අප අතර සිටින බහුතරයක්  දෙනා මානසික ආතතියට ගොදුරු වූවෝ වෙති. ඊට ඇති හොඳම උදාහරණය අවුරුදු 06 ට ආසන්න කාලයක් නේපාලයේ සරණාගතයකුව සිට ඔබ අමෙරිකාවේ නැවත පදිංචි කරන ලද, ඉරාක ජාතික හාදී ජාබීර්. ඔහු අද ජීවත්වන්නේ අමෙරිකාවේ මානසික රෝහලකය. ජබීර් සහ අප අතර ඇති වෙනස ඔහු ජීවත් වන්නේ මානසික රෝහලක වන අතර අප ජීවත් වන්නේ නේපාලය නමැති එළිමහන් සිර කඳවුරේය.

නේපාල් රජය තම රටට ඇතුල් වූ අප නීති වීරෝධී සංක‍්‍රමණිකයන් ලෙස මිස සරණාගතයන් වශයෙන්
පිළිනොගනියි. එම රජය සරණාගතයන් ලෙස පිළිගන්නේ බුටනිස් සහ ටිබෙට් සරණාගතයන් පමණි. එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මඟින් සරණාගතභාවය පිරිනමද්දී නේපාලයේ රැුකියා කළ නොහැකි බව සහ තවත් කරුණු අඩංගු අත්පත‍්‍රිකාවක් අප වෙත ලබා දී ඇත.  සරණාගතයන් රැුඳී සිටින නගර අතරින් නොදියුණු සහ රැුකියාවක් සොයාගත නොහැකි භයානකම නගරය කත්මණ්ඩු බව එම කාර්යාලයේ සේවය කළ නෙතන් මහතා අප සමඟ පැවැසීය. ඒවැනි නගරයක රැුකියාවක් සොයාගන්නැයි කීම විහිළුවකි. නේපල් නීතියට අනුව කටයුතු කරන්නැයි කී එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයම දැන් එම නීතිය කඩන්නැයි අපට කියයි. නේපාලයේ රැුකියාවක් සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. රැුකියාවක් ලැබුණ ද වීසා බලපත‍්‍රය නොමැතිකම ඊට හරස් වී ඇත. නේපාල ජාතිකයන් පනස් පන්ලක්ෂයක් වහල් සේවය සඳහා විදේශගතව ඇත්තේ මෙරට රැුකියා නොමැති නිසා මිස සංචාරය සඳහා නොවෙයි. විදේශ රැුකියා සඳහා දිනකට නේපාල් වැසියන් 2,500 ත් 3000 ත්  අතර පිරිසක් විදේශගත වෙති. නේපාල් ජනගහනයෙන් ලක්ෂ තිහක පමණ පිරිසක් දිනකට ආහාර ගන්නේ එක් වේලකි. එවැනි රටක රැුකියාවක් සොයාගන්නැයි කියා, සරණාගත දීමනාව ලබාදෙන අයගේ 25% ක් කප්පාදු කිරීමත් සරණාගතභාවය පිරිනමා දීමනාව නොදී සිටීමත්  බරපතළ අමානුෂික ක‍්‍රියාවකි.
සෞඛ්‍ය සහ අධ්‍යාපන අයිතිවාසිකම් කප්පාදු කිරීම

මරණාසන්න ලෙඩකට හැර බෙහෙත් ලබා නොදෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මඟින් අපට දැනුම් දී ඇත. නේපාල් රාජයේ  ප‍්‍රධාන රෝහල වන  ඔරසඉයමඩ්බ ඹබසඩැරිසඑහ ෂබිඑසඑමඑැ දෙ ඵැාසජසබැ බෙහෙත් ලබාගත හැක්කේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක තුළ පමණි. මරණාසන්න ලෙඩක් වැලඳුන ද අඟහරුවාදා සහ සිකුරාදා වන තෙක්  ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා අප බලා සිටිය යුතුය.
එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය විසින් සරණාගත දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසලකට අවුරුද්දකට ගෙවන මුදල නේපාල් රුපියල් 13.000 කි. එම මුදල මසකට ගණන් බැලූවිට රුපියල් 1083 කි. පොත් පත්, බෑග්, සපත්තු, ඇඳුම් පැලඳුම් සහ ප‍්‍රවාහන ගාස්තු සඳහා යන වියදම් මව්පියන් විසින් දැරිය යුතු වෙති. සරණාගත දරුවන් ඉගෙනුම ලබන්නේ ජාත්‍යන්තර පාසල්වලිනි. නමුත් එම පාසල්වල ගුරුවරු උගන්වන්නේ නේපාල් භාෂවෙන්ය. සරණාගත දරුවන් අද ඉංග‍්‍රීසි, නේපාල් සහ තමන්ගේ භාෂාවවත් හරිහැටි දන්නේ නැති පිරිසක් බවට පත්ව තිබේ.

ජනාධිපති මෙත‍්‍රීපාල සිරිසේන  බලයට පත් වී අදට මාස දෙකයි දින 21 ක් ගත වී ඇත. සිරිසේනගේ දින සීයට තව ඇත්තේ දින 21කි. ජනාධිපති සිරිසේනගේ තාවකාලික ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න රාජපක්ෂ රෙජීමය යටතේ රට හැර යන්නට සිදු වූ සියලූ‍ මාධ්‍යවේදීන්ට නැවත ලංකාවට පැමිණ ජනමාධ්‍යයේ කටයුතුවල නිරතවන්නැයි ආරාධනා කළේය. නමුත් එම ප‍්‍රකාශ හුදු වචන හා මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා වී ඇත. රාජපක්ෂ රෙජීමයේ කුලී පොලිස් හා මැර හමුදාවල තර්ජන නිසා රටින් පිට වූ ජනමාධ්‍යවේදීන් අතරින් දැනටත් දකුණු ආසියානු රටක පිටුවහලේ ජීවත්වන එකම ජනමාධ්‍යවේදියා මාය.

තර්ජන නිසා සහ වෙනත් හේතු මත රටින් පිට වූ ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍යවේදීන් යැයි
කියාගන්නා බොහෝ අය යුරෝපයේ නැතිනම් අමෙරිකාව, බි‍්‍රතානය සහ  නෙදර්ලන්තය යන රටවල ජීවත් වෙති.  සිරිසේනගේ ආණ්ඩුවේ ආරාධනාව මත  නැවත ලංකාවට යන්නේ නම් ඔවුන් විසින් සපයා ගතයුත්තේ ගුවන් බලපත‍්‍රයක් පමණි. නමුත් ශ‍්‍රී  ලංකාවේ  ආගමන විගමන නීති කඩකර ජීවිතය බේරාගැනීම සඳහා  විදේශ  ගතවූවන්ට තම මව්බිමට පැමිණීමට කැමැත්තක් තිබුණ ද සමහරුන්ට ගුවන් බලපත‍්‍ර නැත. සමහරුන් රටට පැමිණියොත් ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට ගැනීමට නියමිතය. එවැනි අයට පහසුකම් සැලසීම පිළිබඳව තියා  එවැනි ප‍්‍රශ්න සම්බන්ධයෙන් සිරිසේන රජයට අදහසක් හෝ නැත.

මා ලංකාවට යෑම සඳහා නේපාල් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයෙන් ඉල්ලා සිටියේ රාජපක්ෂ පාලන සමයේ දීය. නමුත් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයෙන් ඒ සඳහා අනුමැතියක් පළ කළේ නැත. සිරිසේනගේ පැමිණීමෙන් පසු  2015 පෙබරවාරි 15 වැනිදා මම නැවත එම කාර්යාලයෙන් ඉල්ලීමක් කළෙමි. එම ඉල්ලීම සඳහා අනුමැතිය ලැබී දැනට මාසයකට වැඩි කාලයක් ගත වී ඇත. අවුරුදු දෙකකට ආසන්න කාලයක් මා නේපාලයේ වීසා නැතිව ජීවත් වී ඇති අතර එම කාලය සඳහා මා විසින් නේපාල ආගමන විගමන දෙපාර්තමේන්තුවට පන්ලක්ෂ හැත්තෑ හය දහසක් (5,76000* ගෙවිය යුතුය. එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය මගේ හිඟ වීසා ගාස්තු ගෙවීමට කිසිදු හේතුවක් නිසා මැදිහත් නොවෙයි. නේපාල් රජය මගේ හිඟ වීසා ගාස්තු අතහැර දැමීමට එකඟ වුවහොත් පමණක් මට නැවත ලංකාවට පැමිණිය හැකිය. එම මුදල පෞද්ගලිකව ගෙවීමට මට හැකියාවක්  ද නැත.

ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජනාධිපති සිරිසේන හමු වී මගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කතා කළේය. පසුව ඔහු විසින්ම විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරටත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකත් මගේ ප‍්‍රශ්නය යොමු කෙරිණ. නමුත් මා තවම සිටින්නේ නේපාලයේය. මෙය හුදු මා පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන නමුත් මගේ ප‍්‍රශ්නය සියලූ‍ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සැබෑව පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණයක් බඳුය. සිරිසේනගේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට රටට පැමිණෙන්නැයි මාධ්‍ය සංදර්ශන පැවැත්තුවාට ඊට ආදාළ පහසුකම් මේ වන තෙක් සලසා දී නැත. ඊට ඇති හොඳම උදාහරණය ලියුම්කරුය.

පැවැති රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික හා මිලිටරි පාලනයට එරෙහිව පළමු වෙඩිමුරය මුදා හලේ මාධ්‍යවේදියෝය. එම නිසාම ඔවුන්ගෙන් සමහරෙක් රෙජීමයේ මැර කුලී හමුදා බිලි ගත්හ. සමහරු රටින් පිටමං වූ අතර තවත් සමහරු තවමත් ලංකාවේ රැුඳී සිටිමින් තම යුතුකම ඉෂ්ට කරති. මේ සියලූ‍දෙනා අත් දෙකේ ඇඟිලි දහයටත් වඩා අඩු පිරිසකි.  රාජපක්ෂ රෙජීමයේ මිලිටරියට බියෙන් දේශපාලන පක්ෂ පවා පසු බහිද්දී පෙරමුණ ගත්තෝ මාධ්‍යවේදියෝ වෙති.

මා නැවත ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති සිරිසේන හෝ අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ කම්කරු පීඩිත ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ යහපාලනය ලැබී ඇතැයි යන මිථ්‍යාවක සිට නොවෙයි. සුළුතරයක් විසින් බහුතරයක් යටත්කර ගන්නා කිසිදු තැනක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබිය නොහැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබිය හැක්කේ පුද්ගලයකු හෝ සුළුතර පිරිසක් බහුතරයක් යටත් කරනොගන්නා සමාජයක පමණි. එනම් කොමියුනිස්ට්වාදී සමාජ ක‍්‍රමයක් තුළ පමණි.

ජනාධිපති සිරිසේන ඇතුළු ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මඟින් වතුකරයේ කම්කරුවෙක් මේ වන විටත් බිලි ගෙන තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කරන්නට ඇති අයිතිය ගිය ආණ්ඩුව යටතේ මෙන් සිරිසේනගේ ආණ්ඩුව යටතේ ද දඬුකඳේ ගසා ඇත. ගුණරත්නම් සහෝදරයාට ලංකාවෙන් පිටමං වන්නට සිදුවූයේ  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නන්දන ගුණතිලක සහ විමල් වීරවංශ යන බත්ගොට්ටන් රාජපක්ෂ ආණ්ඩුවට බඩගා ධනපති ගහලයන්ට ඔහුගේ තොරතුරු ලබාදුන් නිසාය.  ඔහුගේ දේශපාලනය අපි පිළිගත්තත් නැතත් ගුණරත්නම්ට දේශපාලනය කරන්නට ඇති අයිතිය ආරක්ෂා කළයුතු වෙමු. අද සිරිසේනගේ කුලී මැරයන් විසින් යාපනයේ දෙමළ තරුණියක් දූෂණය කළහ.  රාජපක්ෂ පාලනය සමඟ අවසන් වෙතැයි සමහරු පාරම් බෑ දෙමළට එරෙහි දඩයම සිරිසේනගේ ආණ්ඩුව යටතේ ද එලෙසින්ම ක‍්‍රියාත්මක කර ඇත. අලූ‍ත් කිසිදු දෙයක් සිදු වී නැත. සිදු වී ඇත්තේ රාජපක්ෂ නමැති පීඩකයා වෙනුවට සිරිසේන නමැති අධිරාජ්‍යගැති රූකඩ පාලකයකු සම්ප‍්‍රාප්ත වීම පමණි.
ශාන්ත විජේසූරිය

Advertisements