එක ඔළුවක් වෙනුවෙන් ඔළු රෑනක්

11081085_1569038586687351_4144402603001377176_nපහුගිය දවසක කොළඹ ගාලූ මුවදොර පිටිය හරි අපූරු රෑනකින් පිරිල තිබුණා. ඒ ආදරය කරන්න වත් රැුලි ගහන මූදේ සිරි නරඹන්නවත් පෙන ඉහිරෙන රැුල්ල පාගන්නවත් අයිස්ක‍්‍රීම් මාමගෙන් අයිස්ක‍්‍රීම් කන්නවත් නෙමෙයි, ඒ ?නම එකා වගේ පෙළ ගැහිල හිටියේ විරෝධය පාන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. තේරෙන බාසාවෙන් කියනව නම් ”ෆුල්ෆේස් හෙල්මට්” තහනමට  එරෙහිව විරෝධය පාන්න. එක එක වර්ගයේ, එක එක හැඩයේ, එක එක වර්ණයෙන් පිරිච්ච ඒ ගාලූ මුවදොර තිබුණෙ එක එක වචන නෙමෙයි. එකම වචනයි. ඒ තමයි ‘අපිට ෆුල්ෆේස්  ඕනේ’ කියන එක.

ඇත්තටම මොකද්ද මේ ෆුල්ෆේස් හෙල්මට් කියන්නේ. ඔය කියන තරමේ මේකෙ තියෙන වැදගත්කම මොකද්ද? ඒ විතරක් නෙමෙයි රජය වගේම පොලිසිය ඇයි මේ ෆුල්ෆේස් හෙල්මට්ම තහනම් කරන්නේ. මේක සමාජයේ සංවාදයට බඳුන් විය යුතු කරුණක්. කොහොම වුණත් මේ ලිපිය පළ වෙන කොට නැවත වරක් ෆුල්ෆේස් තහනම කරළියට ඇවිත්. නමුත් ඒ ගැන කතාකළ යුතුයි කියල අපි හිතුවා. ඇත්තටම මොකද්ද ෆුල්ෆේස් හෙල්මට් කියන්නේ?

Crash Helmets යනුවෙන් හඳුන්වන මෙය සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණයක්. යතුරුපැදි ධාවනයේ දී භාවිතයට ගැනෙන මෙම හිස් ආවරණය සම්පූර්ණයෙන්ම හිස්කබල, මුහුණ හා නිකට ආවරණය වන පරිදි නිෂ්පාදනය කරනු ලබන අතර, මෙමඟින් හිසේ පිටුපස කොටස මෙන්ම හිසේ ඉදිරිපස කොටස වන මුහුණ හා නිකට ප‍්‍රදේශයට යම් අනතුරකින් සිදුවන හානිය අවම කිරීමට උපකාරී වෙනවා. මෙම හිස් ආවරණයේ ඇස් හා නාසය හරහා පටියක ස්වරූපයෙන් විවෘතව පවතින අතර, එය ද බොහෝ විට ඉහළ පහළ කළ හැකි ආකාරයේ විනිවිද පෙනෙන මුහුණු පලිහකින් (වයිසර්) යුක්තයි. ජාත්‍යන්තර ප‍්‍රමිතීන් දක්වන ආයතන කියන්නේ මේ හිස් ආවරණය මඟින් හිස් කබල හා මුහුණ, නිකට ආරක්ෂාවාට අමතරව යතුරු පැදිය ධාවකයාගේ ධාවනයට බාධාකාරී වන අධික තාපය, අධික හිරු එළිය, අධික සුළං ධාරාව, දුවිලි, අහිතකර වායූන්ගෙන් ආරක්ෂා කිරීම ද අමතර පහසුකමක් කියලයි.

යතුරුපැදි ධාවනයේ දී අනතුරුවලට භාජනය වීමේ අවධානම අනෙක් වාහනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නක්. හේතුව නම් යතුරුපැදිවල රෝද දෙකක් පමණක් ඇති අතර, ධාවනය කළ යුත්තේ ධාවකයා විසින් යතුරුපැදිය සමබර කර ගැනීමෙන් පමණක් වන නිසයි. ඒ නිසා සාමාන්‍ය මාර්ග ධාවනයේ දී ශ‍්‍රී ලංකාවේ යතුරුපැදියට පමණක් හිස් ආවරණයක් පැලඳීම අනිවාර්ය වන අතර, හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීම ද`ඩුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුව ලංකාවේ සියලූම යතුරුපැදි ධාවකයන් (අසාමාන්‍ය ධාවකයන් හැරුණු කොට) ධාවනයේ දී හිස් ආවරණයක් පලඳින අතර, සම්පූර්ණ ආවරණ හිස් වැස්මක් නැත්නම් ෆුල්ෆේස් හෙල්මට් පැලඳීම ද මේ වන විට ලංකාවේ බහුලව දක්නට ලැබෙන්නක්.

11088535_826402907437925_3709183421106960679_nමෙහිදී සාමාන්‍ය හිස් ආවරණයකට වඩා වැඩි ආරක්ෂාවක් ෆුල්ෆේස් හෙල්මට් මඟින් ධාවකයාට ලබා දෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා පවසන්නේ සාමාන්‍ය හිස් ආවරණයකට වඩා සම්පූර්ණ හිස් ආවරණයක් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් මඟින් ධාවකයාගේ හිසේ 35%ක ප‍්‍රදේශයක් ආරක්ෂා වන බවයි. මේ සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ද පැවසුවේ සාමාන්‍ය හිස් ආවරණයකින් හිස් කබල ආරක්ෂා වන නමුත් මුහුණ හා නිකට ප‍්‍රදේශය ආරක්ෂා නොවන අතර, ෆුල්ෆේස් හෙල්මට් එකක් මඟින් හිස්කබලට අමතරව මුහුණ හා නිකට ප‍්‍රදේශය ද ආරක්ෂා කරගත හැකි බවයි.

කොහොම වුණත් මේ වන විට ශ‍්‍රී ලංකාවේ ෆුල්ෆේස් හෙල්මට් සම්බන්ධයෙන් නීතිමය කතිකාවතක් නිර්මාණය වෙලා තියෙන්නේ. ආරක්ෂක අංශය කියන්නේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් විසින් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන නිසා එය තහනම් කිරීමට රජය විසින් පියවර ගන්නවා කියලයි. එමෙන්ම ඔවුන් හදන්නේ මෙය මේ මොහොතේ නිර්මාණය කරන ලද නීතියක් නොව 1991 දී ක‍්‍රියාවට නංවන ලද නීතියක් බව පෙන්වීමට. 1991 දී මේ වගේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි යතුරුපැදි ධාවකයන්ට හිස්වැසුම් පැලඳීම නීතියෙන් තහනම් වුණා. හැබැයි කල් යාමේදී එම නීතිය පොතේ පමණක් ඇති නීතියක් බවට පත් වුණා. ඒ නිසා බොහෝ යතුරුපැදි ධාවකයන් මේ වන විටත් ෆුල්ෆේස් හෙල්මට් භාවිතයට ගැනීමට පුරුදු වී ඇති අතර, නීතිය තියෙන්නේ ක‍්‍රියාත්මන නොවන තත්වයකයි. කොහොම වුණත් පසුගිය ආණ්ඩුව මඟින් මෙම නීතිය ක‍්‍රියාවට නැංවීමට උත්සාහ කළා. හැබැයි ෆුල්ෆේස් හෙල්මට් පලඳින්නවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එය හකුළා ගන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිද්ධ වුණා. ඒ අතරේ වර්තමාන ආණ්ඩුවත් පසුගිය මාර්තු මාසයේ දී නැවත වරක් මෙම නීතිය ක‍්‍රියාවට නැංවීමට කටයුතු කළ අතර, මාර්තු 29 වැනිදා යතුරුපැදි ධාවකයන් විශාල පිරිසක් විසින් ගාලූ මුවදොර පිටියට රැුස්ව ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව සිය විරෝධය දැක්වූ නිසා එය ද දින නියමයක් නොමැතිව කල් දැම්මා.

නමුත් පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ් අපේ‍්‍රල් 02 දා සිට නැවත වරක් ෆුල්ෆේස් හෙල්මට් තහනම ක‍්‍රියාත්මක වන බවයි. මේ තහනම ක‍්‍රියාත්මක කිරීමට අදාළව පොලිසිය කියන්නේ ශ‍්‍රී ලංකාවේ සිදුවන අපරාධවලදී යතුරුපැදි භාවිතයට ගැනෙන බවත් එහිදී අදාළ පුද්ගලයන් විසින් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කිරීමෙන් ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වන නිසා රටේ අපරාධ අවම කිරීමේ පියවරක් ලෙස ෆුල්ෆේස් හෙල්මට් තහනම ක‍්‍රියාත්මක කරනව කියල.

Full Face Helmat Jhoneබැලූ බැල්මටත් ගැඹුරින් බැලූවත් මේක අමන, තකතීරු අදහසක් කියල පැහැදිලියි. පසුගිය දා යතුරුපැදි ධාවකයන්ගේ විරෝධතාවයේ දී මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමතුංග හමුවී අදාළ නීතිය ක‍්‍රියාත්මක කිරීමට විරෝධය දක්වමින් අදහස් දැක්වූ අවස්ථාවේ දී ජෝන් අමරතුංග ද කිවුවේ මේකට සමාන අදහසක්. මේ වෙලාවෙ දී ඇමැති ජෝන් අමරතුංග කිවුවේ එසේ නම් ලංකාවේ යතුරුපැදි ද තහනම් කළ යුතු බවයි. කෙසේ වෙතත් ජෝන් අමරතුංග අදාළ ක‍්‍රියාව ආරක්ෂක අමාත්‍යාංශයට භාර දීලා අත පිසදා ගන්නා ආකාරයක් තමයි පෙනුණේ.

ආරක්ෂක අමාත්‍යාංශය වේවා, ශ‍්‍රී ලංකා පොලිසිය වේවා මේ නීතිය පිළිබඳව නැවත වරක් සලකා බැලිය යුතුයි. පහුගිය දා ලංකාවේ එක්තරා ජාතික පුවත්පතක පළ කර තිබුණේ ජනතා ආරක්ෂාව පොලිසිය වෙත පැවරෙන අතර, ජනතාවගේ ආරක්ෂාව හා ඔවුන්ගේ බඩු බාහිරාදියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ බැහැර කළ නොහැකි බවයි. නමුත් මෙහිදී අපි සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. පොලිසියේ හෝ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවල නොහැකියාවට වෙනත් පාර්ශ්වයන් අදාළ කර ගත හැකිද යන කාරණයයි.

ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින හා නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසියේ ක‍්‍රියාකාරකම් පිළිබඳව ඇත්තේ සතුටුදායක අදහසක් නෙමෙයි. විශේෂයෙන්ම රථ වාහන සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රථ වාහන පොලිසියේ ක‍්‍රියාකාරීත්වය. ශ‍්‍රී ලංකාවේ රථ වාහන පොලිසිය හා බැඳුණු තවත් නාමයක් තමයි ‘පගාව’ කියන්නේ. රටේ බලපුළුවන්කාරයන් ඉස්සරහ දෙකට තුනට නැමෙන ශ‍්‍රී ලංකා රථ වාහන පොලිසිය සාමාන්‍ය අහිංසක යතුරුපැදිකරුවන් හා ත‍්‍රිරෝද රථකරුවන් ඉස්සරහ සිංහයන් වෙනව කියන එක දන්නා ප‍්‍රසිද්ධ රහසක්.

ලංකාවේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් රියැදුරන්ට දෙන දඩ කොළ ගැන යම් සමීක්ෂණයක් කළොත් එහි ප‍්‍රතිශතාත්මක අගය යතුරුපැදි ධාවකයන්, ත‍්‍රිරෝද රථ ධාවකයන් හා බස් රථ රියැදුරන් සම්බන්ධයෙන් ඉතා ඉහළ අගයක් ගන්නවා කියන එක පැහැදිලියි. ඉඳහිට හෝ බලපුළුවන්කාරයකුට දඩ කොළයක් දිගු කරන පොලිස් නිලධාරියකු ඒ ඔහු අදාළ පොලිස් ස්ථානයේ සේවය කරනා අවසන් දවසයි. පසුගිය රජයේ දී ගාල්ල අධිවේගයේ වේග සීමා උල්ලංඝනය කරපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ නිල රථයට දඩ කොළයක් ලබා දුන් පොලිස් නිලධාරියාගේ පෞද්ගලික රථය ගිනි දෙවියාට බිලි වුයේ මේ අනුහසින්. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වය ඒකයි. තත්වය එසේ තිබියදී සාමාන්‍ය ජනයාගේ ප‍්‍රවාහන මාධ්‍යයක් වෙන යතුරුපැදි සම්බන්ධයෙන් නීතිය දක්වන මේ අවභාවිතාව නැවත නැවතත් සාකච්ඡුාවට බඳුන් කළ යුතු කරුණක්.

11080946_1569014483356428_2862945929182157354_nපසුගිය දා ගාලූ මුවදොර පිටියේ දී විරෝධය දැක්වු තරුණයෝ මෙම කරුණු මුල් කොට සිය විරෝධය ඉදිරිපත් කළා. එහිදී ඔවුන් පැවසුවේ ‘රෝද දෙකේ යන අපිට සීට් බෙල්ට් නෑ… එයාර් බෑග් නෑ…’ යනුවෙන්. එමෙන්ම ‘මේ වෑයම රජ වීමට නොවේ ඔළුව බේරා ගැනීමටයි’, ‘ෆුල්ෆේස්  නැති වුණාම හොරකම් නවතීද?’, ආදී විවිධ වදන් ඔවුන්ගේ විරෝධය පුරා දක්නට ලැබුණා. මොවුන් පවසන කරුණු බැහැර කළ හැකි කරුණු නෙමෙයි. ඔවුන් එහිදී දක්වන තර්කය යතුරුපැදිකරුවන්ගේ පාර්ශ්වයෙන් අතිශය සාධාරණයි.

ශ‍්‍රී ලංකා රථ වාහන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න සමඟ කළ දුරකතන සංවාදයක් පටිගත කොට සමාජ වෙබ් අඩවියක පළ කර තිබුණා. එහිදී නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න පැවසුවේ මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමට අදාළ නියෝගය වෙනුවෙන් මැදිහත් වූයේ තමන් බවයි. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තර්ක රැුසක් ඉදිරිපත් කරලා තිබුණා. ඔහු පැවසුවේ ෆුල්ෆේස් හෙල්මට් භාවිතයෙන් යතුරුපැදි ධාවකයාට මීටරේ නොපෙනෙන බවත් මාර්ගයේ ගමන් ගන්නා අනෙක් වාහනවලින් නිකුත් කරන නළා ශබ්දය නොඇසෙන බවත් ගියරය හෝ බ්‍රේක් පැඩලය නොපෙනෙන බවයි. ඔහුගේ පාර්ශ්වයෙන් ඔහු ඉදිරිපත් කරන තර්කය සාධාරණයි. හැබැයි මේ තර්කය යතුරුපැදිවලට විතරක් නෙමෙයි අනෙකුත් වාහනවලට ද අදාළයි. වීදුරු සියල්ල වසා ගත් වායුසමනය කළ වාහන රියැදුරන්ට ද අනෙක් වාහනවල නළා ශබ්දය ඇසීමේ සම්භාවිතාව ඉතා අඩුය. එමෙන්ම ඔවුන්ට ද බ්‍රේක් පැඩලය විතරක් නෙමෙයි, ක්ලච් පැඩලය හා ඇස්ලේටරය ද පේන්නේ නෑ. රියැදුරන් රථය ධාවනය කරන්නේ ඇස්ලේටරය හෝ බ්‍රේක් පැඩලය දිහා බලාගෙන නෙමෙයි. නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේක තේරෙන්නේ නැද්ද කියන ප‍්‍රශ්නය මෙහිදී අපිට මතු වෙනවා.

ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන අනෙක් තර්කය තමයි මුහුණට හා නිකටට අනතුරු සිදු වන්නේ අපරික්ෂාකාරී ධාවනයෙන් පමණක් නිසා සාමාන්‍ය ධාවනයේ දී ෆුල්ෆේස් හෙල්මට් අනවශ්‍ය කියන එක. සාමාන්‍යයෙන් කිසිම රියැදුරෙක් කිසිම රථයක් අනතුරට ලක් කරගැනීමේ චේතනාවෙන් රථ ධාවනය කරනා බවක් අප කිසිදිනෙක අසා නැහැ. හැබැයි අනතුරක් කියන්නේ සිදුවිය හැක්කක්. එය සිදුවීම හෝ නොවීම කලින් සැලැසුම් කළ හැකි දෙයක් නෙමෙයි. සැලැසුම් කරල සිදුකරන අනතුරුත් නැත්තේම නැහැ. අපි කියන්නේ ඒ අනතුරු ගැන නෙමෙයි.  ඒ නිසා ඒ වෙනුවෙන් අදාළ උපක‍්‍රම ධාවනයේ දී භාවිත කිරීම සම්මතයක්. වාහනයට රක්ෂණ ආවරණයක් ලබාගැනීම, වාහනයේ නිසි නඩත්තුව, යතුරුපැදි ධාවනයේ දී හිස් ආවරණ පැලඳීම කියන සියල්ල ඉහත කරුණට අදාළ වෙන ඒවා. ඒ නිසා  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තර්කයේ කිසිදු පදනමක් නැහැ.

කොහොම වුණත් මේ වෙන කොට ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක‍්‍රියාත්මක වී තිබේ. තාවකාලික සහනයක් දෙන බව කීවත් දඩ ලිවීම අරඹා ඇත. පසුගිය දා මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා තරුණයන් පෙළ ගැසුනේ අතිශය සරල ක‍්‍රමයකින්. එනම් සමාජ වෙබ් අඩවි මඟින් දැනුම්වත් කර සංවිධානය කිරීම මගින්. මේ වෙනුවෙන් මුහුණු පොතේ පමණක් නිර්මාණය වූ පිටු ගණන බොහෝයි. ඒ වටා පෙළගැසුණු සංඛ්‍යාව අතිමහත්. එසේ පෙළගැසුණවුන් අතරින් ගාලූමුවදොර පිටියට එක් රැුස්වුණේ කොටසක් පමණයි. හැබැයි ඒ කොටසත් සංඛ්‍යාත්මකව අතිමහත්. විරෝධතාවයේ සමාජ පණිවුඩය ප‍්‍රබලයි.

10675608_542625215879285_4048178800395557111_nමේ සියලූ කරුණු පෙළගස්වමින් අප තහවුරු කිරීමට යත්න දරන්නේ සමාජ වෙබ් අඩවිවල විරෝධය හෝ තරුණ ගැටවුන්ගේ විරෝධයට නීතිය හෑල්ලූ කළ යුතුය යන්න නෙමෙයි. නීතිය කාටත් පොදු විය යුතුයි. ඒ වගේම එය සියලූදෙනාට සාධාරණ විය යුතුයි. පොලිසියේ හෝ ආරක්ෂක අංශවල නොහැකියාව යතුරුපැදි ධාවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සීමාව නොඉක්මවිය යුතුයි. රටේ නීතිය අරක්ෂා විය යුතුයි. ජනතාවගේ ජීවිතයට හා සොර සතුරන්ගෙන් දේපළවලට එල්ලවන තරජනයන්ගෙන් බේරීමේ අයිතිය ද ආරක්ෂා විය යුතුයි. ඒ වගේම මේ රටේ දහස් ගණනක් වු යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව ඒ වෙනුවෙන් බිලිදිය නොහැකිය යන්න ඒ හා සමානව විමසිය යුතුයි. සිය හිස මෙන්ම මුහුණ ආරක්ෂා කරගැනීමට යතුරුපැදි ධාවකයන්ට තියෙන අයිතිය පිළිබඳව ද විමසිය යුතුයි. එකී අයිතීන්ට එරෙහිව ශ‍්‍රී ලංකාවේ පොලිසියට හෝ දේශපාලකයන්ට තමන්ගේ පටු උවමනාවන් වෙනුවෙන් නීතිය අර්ථ ගැන්විය නොහැකි බව ද තහවුරු විය යුතුයි.

අවන්ත ඉඩමේගම

Advertisements