තිළිණිත් බට්ටීත් මානව හිමිකම් දැලේද ?

Batti ගෙවී ගිය සැප්තැම්බරයේ සිට ලංකාවේ බොහෝ මාධ්‍යයන්ට මෙන්ම සිවිල් සංවිධානයන්හි මානව හිමිකම් කි‍්‍රයාධරයන්ට ද වැඩ අධික කාලයක් වූවා නිසැකය. වාරියපොළ බස් නැවතුම්පොළේ දී තරුණියක්  තරුණයකුට පහරදීමේ සිද්ධිය ද පදනම් කරගනිමින් මෙරට මාධ්‍යවල (විද්‍යුත්, මුද්‍රිත, අන්තර්ජාල* පුවත් මැවිණි. අඥාන මාධ්‍ය හැසිරීම පසෙක තිබියදි ඉහත සිද්ධි දෙක ඔස්සේ  කළඑළි බැසි ඇතැම් සිවිල් සංවිධාන කි‍්‍රයාධරයන්ගේ ‘මානව හිමිකම් භූමිකාව’ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.

අනේක අප‍්‍රමාණ මානව හිමිකම් කඩවීම් මැද නිහඬව සිටින ඇතැම් සිවිල් සංවිධාන, සමාජ ජාල ඔස්සේ තටු ලැබුණු ඉහත සිද්ධීන් දෙක වෙනුවෙන් රෙදි උස්සාගෙන කරළියට පිළිපන්හ. එවන් සංවිධානවල ඇතැම්හු ස්ත‍්‍රිවාදිනියෝ වීමටත් ප‍්‍රබල මානව හිමිකම් කි‍්‍රයාකාරියෝ  ලෙස පෙන්වීමටත් මෙය පිහිට කොට ගත්හ.
තිළිණි අමල්කාගේත් බට්ටිගෙත් මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග වෙත එළඹීමට තීරණය වන්නේ මානව හිමිකම් කි‍්‍රයාධරයන්ගේ මඟ පෙන්වීමෙනි. නීතිය පිළිබඳ හසරක් නොදත් තිළිණිටත් බට්ටිටත් නීති පිහිටාධාර ලබාදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරු ද සිවිල් සංවිධානයන් හි මානව හිමිකම් කි‍්‍රයාකාරිහුය. මෙසේ කි‍්‍රයාකාරි වීමෙන් සිද්ධීන් දෙකෙහිම සින්නක්කර හිමිකම තමන් වෙත පවරා ගන්නට ඔවුන් සමත් වී ඇත.

Girl-hit-Wariyapola-boy--Gossip-bookවාරියපොළ ද රත්නපුර ද සිදුවූ සිදුවීම් දෙකම සමාජ ජාල වෙත මුදා නොහරින්නට එය හුදෙක් කොතැනක හෝ සිදුවූ තවත් එක් සිද්ධීන් දෙකක් වන්නට ඉඩ තිබිණි. මෙම සිදුවීම් තවදුරටත් එසේ නොවීය. ස්තී‍්‍රන් දෙපළම වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කි‍්‍රයාකාරීන් ස්ති‍්‍රවාදිනියන් එතෙනින්ම මෙය අත්හරින්නට සුදානම් නැත. තිළිණි අමල්කා කරපින්නාගත් සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීහු ඇයගේ මුල් ප‍්‍රකාශ වෙනස් කරමින් නිර්මිත කතා වස්තුවක් සමාජගත කළහ. බට්ටිගේ පාර්ශ්වයෙන් ගත් විටද උදුල් පේ‍්‍රමරත්න ප‍්‍රමුඛ ‘මිනිස් අවකාශයක් සඳහා සාමුහිකය’ බට්ටි මුල් කරගෙන වෙනම නාඩගමක් නටති. නීති පිහිටාධාරවලින් ඔබ්බට බට්ටිව කොළඹ ගෙනැවිත් ‘මොඞ්’ කිරීම මඟින් ඔවුන් බලාපොරොත්තු වනුයේ කුමක්දැයි පැහැදිලි නැත. තිළිණි අමල්කාට හෝ බට්ටිට මේ අවස්ථාවේ අවැසි, එවැනි පසුබිමක් සමාජය තුළ සකස් කිරීමදැයි යන්න පමණක් ගැටලූවකි.

බට්ටි ද තිළිණි අමල්කා ද පරමාදර්ශී කාන්තා චරිතයක් බවට පත් කිරීමට මානව හිමිකම් කි‍්‍රයාකාරීහු වලිකන්නේය. කාන්තාව හිංසනයට එරෙහිව පළමු වෙඩිමුරය ඔවුන් තැබූ බවට ස්ත‍්‍රිවාදිනියන් පාරම්බාන්නේය. ලංකාවේ නන්දෙසින් සිදුවන කාන්තා හිංසන, ස්තී‍්‍ර ¥ෂණ, ළමා අපයෝජන කොතෙකුත් තිබියදී එවැන්නකට කෙඳිරිගානවා පවා නොඇසුණු ඇතැම් සිවිල් සංවිධාන හා ඒවාගේ කි‍්‍රයාකරුවන් මාධ්‍යයෙන් සිල්ලර කළ මෙම සිද්ධි දෙක මත යැපෙන සිවිල් සංවිධාන හා එහි කි‍්‍රයාකරුවන්ට මෙය තවත් එක් ප්‍රොජෙක්ට් එකකි. එහෙත් තිළිණිටත් බට්ටිටත් එය එසේමද?

තිළිණි හෝ බට්ටි හෝ නොසිතූ ලෙස මෙකී සිද්ධිවලට ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප‍්‍රචාරයක් ලැබිණි. එනිසා මානව හිමිකම් කි‍්‍රයාකරුවන් විසින් සිය පරම යුතුකම වගකීම සේ සලකා මෙය සිය අල්ලට ගත්හ. තවදුරටත් තිළිණි හෝ බට්ටී සමාජයට සාමාන්‍ය මිනිසුන් නොව අසාමාන්‍යයන් බවට පත්කර ඇත්තේ ඔවුන්මය. තිළිණිගේ සිදුවීමේ දී කාන්තාවට එරෙහි වූ පුරුෂයන් තුළ බට්ටිගේ සිදුවීම වන විට ක‍්‍රමික චින්තනමය විපර්යාසයක් ඇති කිරීමට ඔවුන් සමත් වූ බවක් ඇතැම් මානව හිමිකම් කි‍්‍රයාධරයන් සිතා සිටින්නේය. පළමු සිදුවීමේ දී කාන්තාවට එරෙහිව පැවැති තත්වය දෙවැනි සිදුවීම සිදුවන කාලය වන විටත් ක‍්‍රමික වෙනසකට භාජනයව තිබුණේ සිවිල් සංවිධාන කි‍්‍රයාරීත්වය නිසා යැයි සිතා සිටීම ප‍්‍රග්‍යනයකි. එවැනි පෙරළියක් මේකි පුරුෂෝත්තම සමාජයේ සිදුවී ඇත්තේ කොතනකින්දැයි අපට නොහැෙඟ්. නොදැනේ.
අපට දැනෙන හා හැෙඟන පරිදි සිදුවී ඇත්තේ එක් දෙයකි. තිළිණිත් බට්ටිත් මානව හිමිකම් කි‍්‍රයාකරුවන්ගේ අතකොළුවක් වී ඇති බවය. තිළිණි අමල්කාත් බට්ටිත් ඔවුන්ට තවත් එක් ‘ප්‍රෙ‍්‍රාජෙක්ට්’ එකක් වී ඇති බවය. ඊටත් වඩා ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව බට්ටිව ද තිළිණිව ද එකී ස්තී‍්‍ර ප‍්‍රතිරූපයන් ද තවදුරටත් කෙලසමින් සිටින බවය.

ජයනි අබේසේකර

Advertisements