ඔව්, අපි දේශපාලනය කරන්නේ – අ.වි.ශි.බ.ම කැඳවුම්කරු නජිත් ඉන්දික

  •  najithඇයි මේ අන්තරේ හැමදාම පාරට බහින්නේ ?

හැමදාම පාරට බහිනවා නෙවෙයි. ඔබ අහන්නේ පහුගිය පාගමන සම්බන්ධයෙන් නම් අපි පසුගිය මාර්තු 31 වැනිදා පාරට බැස්සේ ඉල්්ලීම් කිහිපයක් මුල්කරගෙන. ඉතිහාසය පුරාවටම අපි පාරට බැස්සේ අරගල කළේ පාලකයන් නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්න ඇතිකරන කොට ඒවට උත්තර හොයන්න වෙන ක‍්‍රමවේදයක් නැති නිසා. මොකද අපි දන්නවා මේ මතුවෙලා තියෙන හැම ප‍්‍රශ්නයක්ම මතු වෙන්නෙ සාකච්ඡුා කරලා විසඳන්න පුළුවන් විදියට නෙවෙයි. පාසල් තුළ මුදල් අයකිරීම නීත්‍යනුකූල කිරීම, පෞද්ගලික විශ්වවිiාල ආරම්භ කිරීම, මහපොළ ගැටලූව ඒ වගේම විවෘත විශ්වවිiාලයේ ගැටලූව මේ වාගේ ඉල්ලීම් 14 ක් මුල්කරගෙන තමයි අපි පාරට බහින්නෙ.

මහපොළ ශිෂ්‍යාධාරය අන්තිමට වැඩි කළේ 2005දී. ගෙවුණු අවුරුදු 9 තුළ ජීවන වියදම දෙතුන් ගුණයකින් වැඩි වුණා. නමුත් මහපොළ වැඩි කළේ නෑ. ශිෂ්‍යයන් කළ අරගලයේ ප‍්‍රතිඵලයක් විදියට මේ ජනවාරියේ මහපොළ රුපියල් 4000 ක් දුන්නා. ඒක 5000ක් කරනවා කියලා මේ ආණ්ඩුව පොරොන්දු වුණා. නමුත් දැන් ලැබෙන්නේ කලින් වැඩි කළ ගණනත් කපලා 2500 විතරයි. මහපොළ ශිෂ්‍යාධාරය දෙන සිසුන් ගනන වැඩි කරන්න කියලාත් අපි බල කරනවා.

මේව සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්න උත්සාහ කරපු අවස්ථා සාකච්ඡුා ඉල්ලපු අවස්ථා තියෙනවා. නමුත් පාලකයන් ඒ සම්බන්ධයෙන් නෑසුකන්ව ඉන්න කටයුතු කළා. එහෙම වෙන්නෙ ඔවුන්ට මේක කතා කරලා විසඳන්න පුළුවන් එකක් නෙමෙයි නිසා. මොකද පාලකයන් හැම තිස්සෙම තමන්ගෙම වූ ප‍්‍රතිපත්තියකට අනුව තමයි වැඩ කරන්න.

  • මොකක්ද ඔබ ඔය කිය පාලක ප‍්‍රතිපත්තිය?

අපි දන්න විදියට මේ පාලකයන්ට අධ්‍යාපනය සම්බන්ධව ප‍්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප‍්‍රතිපත්තිය තමයි අධ්‍යාපනයත් වෙළෙඳ භාණ්ඩයක් කරලා විකුණන එක. මේ නව ආණ්ඩුවත් ඒ ප‍්‍රතිපත්තියම තමයි අනුගමනය කරන්නෙ. අධ්‍යාපනයේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අපි පසුගිය මාස දෙකහමාරක් තිස්සේ සාකච්ඡුා ඉල්ලූවා. ලිපි දැම්ම. විශ්වවිiාල මට්ටමින් උද්ඝෝෂණය කළා. නමුත් ඒ කිසිවකට ප‍්‍රතිචාර ලැබුණෙ නෑ. ඒ සියල්ල අවසානයේ තමයි ශිෂ්‍යයෝ දහස් ගණනින් අරලියගහ මන්දිරයට යන්න පාරට බැස්සෙ.

  • ශිෂ්‍යයෝ හැමදාම පාරේ. මේක දැන් මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වගේම කරදරයක් වෙලා. මිනිස්සු මේ වගේ උද්ඝෝෂණ ගනන් ගන්නෙ නෑ දැන්. ඇයි එහෙම වෙලා තියෙන්නෙ?

මෙහෙමයි, ශිෂ්‍යයන්ට හැමදාම පාරේ ඉන්න සිද්ධ වෙච්ච එකෙන් වැඩිපුරම කරදර වෙලා තියෙන්නෙ ශිෂ්‍යයන්ට. අධ්‍යාපනය ලැබීමේ අරමුණින් එන ශිෂ්‍යයාට තමන් මුහුණ පාන අසාධාරණයන්ට වගේම සමාජය මුහුණපාන අසාධාරණයන් ඉස්සරහ පාරට බැහීම තමයි තෝරගන්න වෙලා තියෙන්නෙ. ඇත්තටම පාරට බැහීම සාමාන්‍යකරණය වෙලා තියෙනවා කියන එකේ අදහස තමයි අධ්‍යාපන ප‍්‍රශ්නය ඒ තරමටම උඩුදුවලා කියන එක.

පහුගිය ආණ්ඩුව කාලෙත් සිද්ධ වුණේ මේකමයි. අපි විශ්වාස කරන කරන දෙයක් තමයි මිනිසුන්ට ඕන දේවල් දිනාගන්න වෙන්නෙ අරගල කරලා. ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි ඒක හැමෝටම පොදුයි. ඒ විදියට අරගල කරලා ඉල්ලීම් දිනාගත් අවස්ථා අපේ ඉතිහාසයේ තියෙනවා. ලෝකේ පුරාමත් එහෙමයි. අපි අරගල විශ්වාස කරනවා. ඒකයි අපි පාරට බහින්නෙ. සටන් කරන්නෙ.

  • අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රශ්නය ඔය කියන තරම්ම බරපතළ නම් ඇයි ඒක සමාජයේ මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්තෙ?

මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැ කියන එක අපි විශ්වාස කරන්නෙ නැහැ. මිනිස්සුන්ට දැනෙනවා. මොකද අධ්‍යාපනයේ ප‍්‍රශ්නය කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප‍්‍රශ්නයක්. හිතන්නකෝ මෙහෙම. පාසල් තුළ මුදල් අයකිරීම මේ ආණ්ඩුව නීත්‍යනුකූල කළානේ. ඒක මිනිස්සුන්ට බරතපළ විදියට දැනෙන ප‍්‍රශ්නයක්. අපි ගෙදරකට ගිහින් ඇහුවොත් එතකොට කියාවි පාසල්වලට කොච්චර මුදල් ගෙවන්න වෙනවද කියලා. ඒක නිසා මේක ජනතාවට දැනෙන්නෙ නැතුව නෙවෙයි. මොකද ජනතාව තමයි මේකෙන් පීඩා විඳින්නෙ. ගැටලූව තමයි මේකට විසඳුමක් හොයන මාර්ගය පිළිබඳ ජනතාවට තියෙන අවබෝධයේ ප‍්‍රමාණය.

උදාහරණයක් විදියට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයක අත්දැකීම් තුළ අපි විශ්වාස කරනවා එකතු වෙලා සංවිධානය වෙලා සටන් කරලා ඕනම ප‍්‍රශ්නයකට උත්තර හොයන්න පුළුවන් කියලා. නමුත් තවමත් සමාජයක් විදියට ජනතාවගේ බහුතරයක් එතන ඉන්නවද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. අපි දකින විදියට මිනිස්සු ප‍්‍රශ්න දේශපාලනිකව කියවා ගැනීමේ අඩුවක් තියෙනවා. ඒක මිනිස්සුන්ට නායකත්වයක් දිය යුතු වාමාංශික ව්‍යාපාරවල තියෙන ගැටලූවක් විදියටත් අපිට හඳුනගන්න පුළුවන්.

  • හොඳයි. අපි ළ`ගදි තිබුණු උද්ඝෝෂණය ගැන කතා කළොත් ඒකෙදි මුලින්ම අගමැති කාර්යාලයෙන් කිව්වලූ නේද එන්න ඇවිත් සාකච්ඡා කරන්න කියලා. ඇයි ගියේ නැත්තෙ?

ඒක පට්ටපල් බොරුවක්. පළවෙනි එක එහෙම කිසි දෙයක් වුණේ නෑ. පා ගමනට පෙර හෝ අඩුම තරමේ පා ගමනෙන් පස්සෙ හරි අපි මේ ඔයාලට එන්න කිව්වා, අපරාදේ ඇයි ඔයාල ආවේ නැත්තේ කියලවත් කිව්වෙ නෑ. එන්න කියන්න හිටියෙ කියලවත් කිව්වෙ නෑ. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. පහර දීමෙන් පැය 24 කට පස්සෙ තමයි ඔය කියන නිවේදයත් නිකුත් කළේ. එහෙම කළෙත් පහර දීම තුළින් ආණ්ඩුවට එරෙහිව ගොඩනැ`ගිච්ච ජනතා අප‍්‍රසාදය ශිෂ්‍යයන්ගේ පැත්තට හරවන්න.

අනිත් එක තමයි කලින් දැනුම් දීල නෑ කියලත් තිබුණා. අපි කලින් දැනුම් දීල තියෙනවා. අපි දැනුම් දෙන්න ඕන අද පා ගමනක් යනවා කියලා නෙවෙයි. අපි කලින් දැනුම් දීලා තියෙනවා අපිට මෙහෙම ප‍්‍රශ්න තියෙනවා මේව ගැන සාකච්ඡුා කරමු කියලා. ඒ වෙලාවෙදි සද්ද නැතුව ඉඳලා පස්සෙ කියනවා ශිෂ්‍යයෝ සාකච්ඡුා කරන්න ආවේ නෑ කියලා. පළවෙනි එක ඔවුන් සාකච්ඡුා කරමු කියලා කිසිම ආරාධනයක් කළේ නෑ. දෙවෙනි එක තමයි අපි ගියෙත් සාකච්ඡුා කරන්න නෙමෙයි. මොකද ප‍්‍රශ්නෙ ආපු පළවෙනි මොහොතෙම අපි සාකච්ඡුා ඉල්ලූවා. ලිපි දැම්මා. ඒ කිසිදු අවස්ථාක සාකච්ඡුා දුන්නෙ නෑ. බොරු කියමින් ඒක කල් යවලා දැන් ශිෂ්‍යයන්ට ගහලා ඊට පස්සෙත් බොරු කියනවා.

  • එතනට ගියේ සාකච්ඡුාවකටත් නෙවෙයි නම් බැරියර් කඩාගෙන ගිහින් මොනවාද බලාපොරොත්තු වුණේ ?

අපේ අරමුණ වුණේ අරලියගහ මන්දරය ඉදිරිපිටට ගිහිල්ලා විරෝධතාවක් කරන්න. මොකද අරගලවල මුහුණුවර ගණනාවක් තියෙනවා. අපේ ප‍්‍රශ්න පාලකයන්ට ලිඛිතව දීලා කිසිම ප‍්‍රතිඵලයක් නැති වෙලාවෙ, සාකච්ඡුා ඉල්ලලා වැඩක් නොවුණම තමයි අපි වීදියට එන්නෙ. අන්තිමේදි පෙළපාළියකට ආවම ගිහින් සාකච්ඡුා කරන එක නෙවෙයි එකම දේ. පාලකයන්ගේ ස්වභාවය හෙළිදරව් කරන්නයි අපට ඕන වුණේ. ඒකට ශිෂ්‍යයන්ට අමතරව වෘත්තීය සමිති ගණනාවක ක‍්‍රියාකාරිකයන්ට ආරාධනා කළා. ඔවුන් පැමිණියා. අපේ විරෝධතාවය දක්වන්න ඉඩ දෙන්නෙ නැතිව පොලිසිය අතරම`ගදි මාර්ගබාධක යොදලා පාර වැහුවා. ඒ තත්වය උඩ තමයි ශිෂ්‍යයන් මාර්ග බාධක ඉවත් කරලා විරෝධතා පා ගමන දිගටම යන්න උත්සාහ කරන්නෙ.

  • මේ අයවැයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන් කරාලූ නේද? ඇයි මේ ආයෙත් ඒක ඉල්ලන්නේ ?

බොරුනේ. එහෙම කළේ නෑනේ. මේ ආණ්ඩුව පත් කරන්න විවිධ පාර්ශ්ව කරගැහුව. ඒත් මේ කුණට අපි කරගැහුවේ නෑ. අපි ඒ මොහොතෙත් ස්ථිරවම කිව්වා මේ ආණ්ඩුවත් පහුගිය ආණ්ඩු වගේම තමයි කිසි වෙනසක් නෑ කියලා. අපි එහෙම කිව්වෙ ජ්‍යෝතිෂය අනාවැකි කියලා නෙවෙයි. මොකද ඒ වෙද්දිත් මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරලා තිබුණා. ඒකට අනුව මේකෙත් ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීම තමයි කියලා තහවුරු වෙනවා. ඒත් මේ ආණ්ඩුව සමත් වුණා මහින්දට අත්වෙලා තිබුණු ජනතා අප‍්‍රසාදය ලාබදායි විදියට කොල්ලකන්න. මහපොළ අරගලය, වැටුප් ප‍්‍රශ්නය සටන් පාඨ විදියට භාවිත කරන්න.

බලයට පත් වුණාට පස්සෙ වැටුප් වැඩිකරනවා මහපොළ වැඩි කරනවා, අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා කිව්වා. ඒත් අන්තිමට මොකක්ද කළේ? ඉදිරිපත් කරපු අතුරු අයවැයේ දී මුදල් ඇමැති විදියට රවි කරුණානායක කියලා තියෙනවා අධ්‍යාපනයට 6% වෙන් කිරීමට එක`ගයි කියලා. එතුමා එක`ග වුණාට අපිට වැඩක් නෑනේ. ඒකට ප‍්‍රතිපාදන වෙන් කරන්න ඕනනේ. මෙතන එහෙම වෙන් කරලා නෑ. කියලා තියෙනවා විතරයි. කාටහරි තර්ක කරන්න පුළුවන් පළවෙනි අයවැයෙන්ම ඕව කරන්න පුළුවන්ද කියලා. අපි කියන්නෙ එහෙම බැරිනම් ඒ පැත්තට යන දිශාවක්වත් පෙන්නන්න ඕන කියලයි. ඒකට අදාළ ක‍්‍රියාමාර්ග ගැනෙන්න ඕන. හැබැයි වෙලා තියෙන්නෙ අතුරු අයවැය ඉදිරිපත් කරපු දවසෙම පාසල්වලින් මුදල් අයකිරීම නීතිගත කරලා චක‍්‍රලේඛයක් නිකුත් කරපු එක. ඒ හරහා වසරේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගන්න ළමයින්ගෙන් මුදල් අයකරන්න පුළුවන් කියලා. මේක තමයි ප‍්‍රශ්නය.

  • අන්තරේ කරන සටන් උද්ඝෝෂණ පිටිපස්සෙ අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් තියෙනවලූ. ඔවුන් දේශපාලන පක්ෂයක වුවමනාවක් ඉටුකරනවලූ. ඇත්තද ඒක?

විශ්වවිiාලවල ඉන්නෙ රටේ පිළිගැනීමට අනුව, දේශපාලන අයිතිවාසිකම් තියෙන වැඩිහිටියෝ. අපි විරුද්ධ වෙන්නෙ පාලකයන්ගේ ප‍්‍රතිපත්තිවලට. ඒකට විරුද්ධ වීම කියන්නෙම අපි කරන්නෙ දේශපාලනයක් කියන එක. අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නෙ බහුජන ව්‍යාපාරයක්. එදා පාරට බැස්ස 5000 ආවේ ශිෂ්‍යයන් නියෝජනය කරන දේශපාලනයක් නිසා තමයි. ආණ්ඩුව කරන්න ඕන මේකට විවිධ මඩ ප‍්‍රහාර එල්ල කරන එක නෙමෙයි, මේ දේශපාලන අවශ්‍යතාව තේරුම් ගන්න එකයි. අපේ සැ`ගවුණු න්‍යාය පත‍්‍රයක්වත් අදෘෂ්‍යමාන හස්තයක්වත් නෑ. අපි දේශපාලනය කරනවා. කළ යුතුයි.

  • තමන්ගේ අධ්‍යාපනය, රස්සාවක් කරන්න තියෙන කාලය විතරක් නෙවෙයි තමන්ගෙ ජීවිතයම දේශපාලනය වෙනුවෙන් කැප කරපු පිරිසක් මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉන්නවා. මට කියන්න ඒ තරමටම මොකක්ද තියෙන උන?

උන තමයි අපි දකින ප‍්‍රශ්නය. සමාජයක් විදියට දවසින් දවස මුහුණ පාන ඛේදවාචකය. අධ්‍යාපනය ගත්තොත් දුප්පත් දරුවට ඉගෙන ගන්න තියෙන අයිතිය, නිදහස් අධ්‍යාපන අයිතිය නැති කරන්න පාලකයන් කටයුතු කරන හැටි දැක්කට පස්සෙ ඒකට විරුද්ධව සටන් කරනවා ඇරෙන්න වෙන පිළිතුරක් නෑ කියලා අපිට තේරෙනවා. ඒ සුවහසක් දරුවන්ගේ අයිතිය වෙනුවෙන් කරන සටන වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් යම්කිසි කැපකිරීමක් කරන්න සූදානම් මිනිස්සු තාමත් ඉන්නවා. ඒක ඉගෙන ගන්න පුළුවන් සංස්කෘතියක් තාම ශිෂ්‍ය ව්‍යාපාරයේ තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන මිනිස්සු ඉන්නෙ සුළුතරයක් වෙන්න පුළුවන්. බහුතරයක් ඒක පිස්සුවක් විදියට දැකලා හිනාවෙනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි තරයේ විශ්වාස කරනවා මේක තමයි සමාජයේ හෙට දවස. සමාජයේ බහුතරයක් දෙනා පැමිණෙන සහ පැමිණිය යුතු තැන.

  •  මම ඔබගෙන් මෙහෙම අහන්නම්. අන්තරේ උද්ඝෝෂණයට පහර දීමෙන් පස්සෙ අපි දැක්කා විවිධ දේශපාලන පක්ෂ එම පහරදීම හෙළා දැකලා මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කරලා තිබුණා. ඉදිරියේ දී අන්තරේ ඔවුන් සමග ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යාවිද?

මෙහෙමයි, විවිධ පාර්ශ්ව යම් යම් ප‍්‍රකාශ නිකුත් කරලා තිබුණා. එහෙම ප‍්‍රතිචාර දැක්විය යුතුයිනේ. මේ තරම් ප‍්‍රහාරයක් වුණාට පස්සෙවත් එහෙම විරෝධයක් නොදැක්වුවොත් තමයි ප‍්‍රශ්නය. නමුත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවාද කියන ප‍්‍රශ්නයේ දී හුදු මාධ්‍ය ප‍්‍රකාශ මත පදනම් වෙලා නෙවෙයි අපි ක‍්‍රියාමාර්ග ගන්නෙ. අපි බලන්නෙ ප‍්‍රතිපත්ති. ප‍්‍රතිපත්ති ගැන බලනව නම් කලින් ආණ්ඩුවේ මත සකසන්නන් විදියට ක‍්‍රියාකරපු පක්ෂයකුත් එහෙම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ ආණ්ඩුව කියන්නේ ශිෂ්‍ය මර්දනය උග‍්‍ර කළා විතරක් නෙමෙයි ශිෂ්‍යයන් මරා දමන්න පවා පෙලඹුණු ආණ්ඩුවක්.

ඒ ආණ්ඩුව නියෝජනය කරමින් ඉඳලා දැන් මේ පහරදීම හෙළා දකින එක විහිළුවක්. ඒ වගේම ජවිපෙ කියනවා මේ පහරදීම හෙළා දකිනවා කියලා. අපිට තියෙන ප‍්‍රශ්නෙ තමයි ජවිපෙ වගේ එකක් මේ වෙලාවේ ඍජුවම ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ජාතික විධායක සභාව ඔවුන් නියෝජනය කරනවා. ඔවුන් කියන විදියට ජාතික විධායක සභාව තමයි මේ ආණ්ඩුවේ තීරණ ගන්නවාය කියන ඉහළම ආයතනය. අදටත් තවමත් ජවිපෙ ඒක ඇතුලේ ඉන්නවා. එතකොට ඔවුන් නියෝජනය කරන්නෙ ආණ්ඩුව තමයි. අපි කියනවා, ඔව්, ආණ්ඩුව වගකීම බාරගත යුතුයි. ඒ වගේම ආණ්ඩුවේ සිටින ඒ ඒ පක්ෂ ඒ ඒ බලවේග ඒ ඒ අනුපාතයෙන් ප‍්‍රහාරයේ වගකීම බාරගත යුතුයි. ඒ නිසා ඔවුන්ටත් ඒකේ වගකීමක් තියෙනවා.

  • අවසාන වශයෙන් කියන්න, මේ පසුබිම තුළ මොනවද අන්තරේ ඉදිරි ක‍්‍රියාමාර්ග ?

අපි දන්නවා මොන කතන්දර කිව්වත් දැන් මේ ආණ්ඩුව පත් වෙලා මාස තුනක් වෙනවා. මේ ආණ්ඩුවට සුදුහුනු ගාන්න, කරේ තියාගෙන යන්න විවිධ පාර්ශ්ව ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වීම ඇතුලේ ඔවුන් සමාජයේ මතයක් හැදුවා ඇත්තටම ජනතාව කළ යුතු දේ මොකක්ද කියලා පැහැදිලි නොකරමින් රාජපක්ෂ කියන ඒකාධිපතියා පරද්දලා වෙන මොකා ගෙනාවත් කමක් නෑ කියලා. අපි ඒක පිළිගත්තෙත් නෑ, පිළිගන්නෙත් නෑ. මොකද මෙතන තියෙන්නෙ රාජපක්ෂද සිරිසේනද වික‍්‍රමසිංහද කියලා පුද්ගලයන් පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි. එතනින් එහාට ගිය සමාජ ආර්ථික ප‍්‍රශ්නයක්. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝක මට්ටමෙන්ම එහෙමයි. අද වෙනකොට ලෝකය පුරා මෙයට විරුද්ධව දැවැන්ත ලෙස ශිෂ්‍ය ව්‍යාපාර අරගල බිමට බහිමින් ඉන්නවා.

නිදහස් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් කරන්න වෙලා තියෙන්නෙ අරගලයක්. පුද්ගලයන් මාරු කළා කියලා මේකට විසඳුම් ලැබෙන්නෙ නෑ. අධ්‍යාපනය විතරක් නෙවෙයි අනිත් සියලූම අයිතීන් දිනාගන්න වෙන්නෙත් අරගලය ඇතුලේ. ඒක නිසා ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි අනිත් සමාජ ප‍්‍රශ්න වලදිත් මැදිහත් වෙනවා. අපි මේ රටේ ශිෂ්‍යයන් ඒකාබද්ධ කරමින් ඉන්නවා. ඒ වගේම මේ රටේ ගොවියන්, කම්කරුවන්, ධීවරයන් හා අනෙකුත් පීඩිතයන් ඒකාබද්ධ කළ යුතුයි. අපි විශ්වාස කරන්නෙ පාර්ලිමේන්තුව නෙවෙයි. අපි විශ්වාස කරන්නෙ අරගලය. ඒ පුළුල් දැක්ම අනුව තමයි අපේ ක‍්‍රියාමාර්ග හැදෙන්නෙ. ඒ වගේම අපේ කෙටිකාලීන වැඩපිළිවෙළක් තියෙනවා. ඒ තමයි පාසල්වල මුදල් අයකිරීම නීත්‍යනුකූල කරලා තියෙනවා. විශ්වවිiාල ශිෂ්‍යයන් අරගල බිමෙන් අයින් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. නීති රීති ගෙනමින් තිබෙනවා. අධ්‍යාපනය සම්බන්ධ විශාල ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා.

පාලකයන් මේ සම්බන්ධව දිගටම අඳ ගොළු බිහිරන් සේ ඉන්න උත්සාහ කරනව නම් මේ සියලූම ප‍්‍රශ්න ඉතාම ඉක්මනින් ජනතාව වෙත ගෙනියන්න අපි කටයුතු කරනවා. දෙමාපියන් සම`ග එකතු වෙලා අඛණ්ඩව උද්ඝෝෂණ කරන්න අපි තීරණය කරලා තියෙනවා.

සංවාද සටහන – නිලූකා තරංගනි

Advertisements