සිංහල දෙමළ අලූත් අවුරුද්දේ උපත පවත

avu1සිංහල – දෙමළ අලූත් අවුරුද්දට තවත් ඇත්තේ ඉතාම සුළු කාලයක්. දින දර්ශනයේ තිබෙන ආකාරයට නම් අප්‍රේල් මාසයේ 13 සහ 14 දවස් දෙක පමණක් නිවාඩු සටහන් කර තිබෙනවා. ඒත්, ලිතේ තිබෙන ආකාරයට නම් 12 වැනිදා පරණ අවුරුද්දට ස්නානය කිරීමේ සිට 22 වැනිදා රැුකී රක්ෂා බලා පිටත්ව යාම දක්වා දවස් 10 ක පමණ කාලයක් අවුරුද්ද ලෙස වෙන්කර තිබෙනවා. ප‍්‍රායෝගිකව මේ දවස්වල බොහෝ දෙනකුට අවුරුද්දට හිමි වෙන්නේ දවස් හතරක නිවාඩුවක් විතරයි. ඒක ලැබෙන්නේත් අවුරුද්ද ආසන්නයේ සෙනසුරාදා, ඉරිදා දවස් දෙකක් වැටුණු නිසා. එහෙම තත්වයක් ඇතුළේ අවුරුද්දට මේ තරම් කාලයක් වෙන් වෙන චාරිත‍්‍ර නිර්මාණය වුණේ කොහොමද? අපි උත්සාහ කරන්නේ ඒ අතීත අවුරුදු වටපිටාව ගැන කෙටියෙන් කතා කරගන්න.

සාමාන්‍යයෙන් ලෝකයේ හැම රටකම ජනතාව අතර ‘අලූත් අවුරුද්ද’ කියලා දෙයක් සමරනවා. මේක සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. හිම වැටෙන යුරෝපීය රටවල නම් අලූත් අවුරුද්ද ආරම්භ වෙන්නේ සීත කාලය නිමා වී පැමිණෙන ජනවාරි මාසයේ පළමුවැනිදායින්. නමුත් සමකය ආශ‍්‍රිතව පිහිටා තිබෙන ලංකාව ඉන්දියාව වගේ රටවල මේ උත්සවය යෙදෙන්නේ අපේ‍්‍රල් මාසයේ. ඒක පුදුමයක් නොවෙන්නේ ලෝකයේ තැනින් තැනට වසන්තය එන්නේ එක් එක් කාලයේ දී නිසා. ලෝකය පුරාම ජනතාව වසන්ත කාලයට උත්සව පවත්වනවා. ඒක ඈත අතීතයේ ඉඳලා සිදුවුණ දෙයක්. වසන්තය එළඹෙනකොට පරිසරය අලූත් වෙනවා. අලූත් පැටවුන් බිහිකරන සතුන්, අලූතෙන් මල් පිපුණු ගස් වගේම අලූතෙන් පල දරන ගසුත් අපට ඒ කාලයේ දී දකින්න පුළුවන්. පරිසරය අලූත් වෙනකොට මිනිස්සුන්ගේ සිතිවිලි අලූත් වෙනවා. උත්සවකාරී හැඟීම් එනවා. අවුරුද්ද ඉපදුනේ එහෙමයි. නැත්නම් අවුරුද්දක් කියන්නේ සූර්යා වටා අපේ ලෝකය එක වටයක් සම්පූර්ණ කිරීමක්. ඒ වටය ආරම්භ වෙන තැන  ඕන දවසකින් ගන්න පුළුවන්. ඒ නිශ්චිත තැන තෝරා ගන්න එක රටෙන් රටට වෙනස්වෙන්නේ ඒ රටේ ජනතාවගේ ජීවිතයට අනුව.
අපි උදාහරණයක් විදියට ලංකාව ගනිමු. ලංකාවේ සිංහල ජනතාව අතර ජනවාරි මාසය හැඳින්වෙන්නේ ‘දුරුතු’ නමින්. දුරුතු කියන්නේ දුරු ූ ඉතු, ඒ කියන්නේ නරක ඍතුව කියන එක. ජනවාරි මාසය දවල්ට හොඳටම රස්නෙයි. ?ට සීතලයි. ඊට පස්සේ එන්නේ පෙබරවාරි මාසය හෙවත් ‘නවම්’ මාසය. ඒ කියන්නේ කටුක දේශගුණය පහවෙලා පරිසරය නැවුම්වෙන මාසය. ඊට පස්සේ එන මාර්තු මාසයට මිනිස්සු කිව්වේ ‘මැදින්’ මාසය කියලා. ඒ වචනය හැදුනේ මද් ඉන්ද්, එහෙමත් නැත්නම් සත්තුන්ගේ මද කිපෙන කාලය නිමිති කරගෙන. මාර්තු මාසයේ දී සතුන් සංසේචනය වගේම ගහකොළත් පරාගනයේ යෙදිලා ඒකේ පල බිහි වෙන්නේ අපේ‍්‍රල් මාසයේ. ඒ නිසා තමයි අලූත් මල්, පල, සතුන්ගේ පැටවුන් සහිත මාසය ‘බක්’ එහෙමත් නැත්නම් භාග්‍යවත් මාසය කියලා හඳුන්වන්නේ. ලංකාවේ ජනතාව මේ මාස හඳුන්වපු ක‍්‍රමයෙන්ම අපට පේනවා ඔවුන් පරිසරයේ වෙනස්කම් ගැන අතිශය සංවේදීව හිටියා කියලා. කාලය වෙන්කර හඳුනා ගත්තේ පරිසරයේ සිදුවන වෙනස්කම්වලට අනුව. ඒක එහෙම වෙන්න ලංකාවේ කෘෂි ශිෂ්ටාචාරයක් තිබීමත් ලොකු බලපෑමක් කළා. අපි නැවත අලූත් අවුරුද්ද වෙත අවධානය යොමු කරමු. අලූත් අවුරුද්ද එන්නේ එක කන්නයක අස්වැන්නක් නෙළාගෙන, ඊළඟ කන්නය අස්වද්දන්න නියමිත කාලය දක්වා තිබෙන පරතරයේදී. අස්වැන්න කපා ගෙට ගැනීම නිසා ඇතිවන සමෘද්ධියත් වසන්ත කාලය නිසා පරිසරයේ ඇතිවන සශ‍්‍රීකත්වයත් පැරණි ලාංකිකයන්ට උත්සව මනෝභාවයක් ඇති කළා. අලූත් අවුරුදු උත්සවයේ ආරම්භය එන්නේ එහෙම.

අලූත් අවුරුද්දේ හැම චාරිත‍්‍රයකම වගේ අපට කෘෂිකර්මයට අදාළ සංස්කෘතියක් දකින්න පුළුවන්. ලංකාවේ අලූත් අවුරුදු උත්සවය ප‍්‍රාග් ඓතිහාසික ගෝත‍්‍ර යුගයේ පැවැත්වූ උත්සවයකත් ඉන්දියාවේ සංස්කෘතික ආභාසයත් මිශ‍්‍රවීමෙන් හැදුණු උත්සවයක්. ඉන්දියානුවන් ලංකාවට එන්න කලින් ලංකාවේ හිටපු යක්ෂ, නාග ආදී විදියට තමන්ව හඳුන්වාගත් ගෝත‍්‍ර කාමෝද්වීපන උත්සවයක් අපේ‍්‍රල් මාසයේ දී පැවැත්වූ බවට සාක්ෂි තිබෙනවා. ඒ උත්සවය ගීත, නැටුම් හා ලිංගික කටයුතුවලින් විනෝදාස්වාදය ලබාදුන් උත්සවයක් යැයි ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා. නමුත් පසුව ලංකාවට බුදු දහම පැමිණීමත් සමඟ උත්සවයේ ස්වරූපය වෙනස් වී එයට යම් ආගමික මුහුණුවරක් ආවා. ඒ ආගමික මුහුණුවරට බෞද්ධ සම්ප‍්‍රදායට ඇතුළත් නොවන හින්දු සම්ප‍්‍රදායේ නැකැත් වැනි අංගත් එකතු වුණා. ඇත්තටම අද තිබෙන අවුරුද්ද චාරිත‍්‍ර බෞද්ධ සම්ප‍්‍රදායේත් හින්දු සම්ප‍්‍රදායේත් ලංකාවේ අතීත ජනතාවගේ ගෝත‍්‍රික සම්ප‍්‍රදායන්වලත් එකතුවක්. මෙහි තිබෙන විශේෂය තමයි වසර දෙදහස් ගණනක කෘෂිකාර්මික දිවි පැවැත්ම විසින් අවුරුද්ද ඒකටම අදාළ විදියට හැඩගැසීම.

සාමාන්‍යයෙන් කෘෂි ශිෂ්ටාචාරවල අස්වැන්න කපා ගැනීමෙන් අනතුරුව ඒ පී‍්‍රතිය සැමරුවා. ලංකාවේ සිදුකළේ වී ගොවිතැන. අතීතයේ සිටම වී ගොවිතැන සිදුකළේ කන්න දෙකකට. වී ගොවිතැනට අදාළ ක‍්‍රියාවලිය තරමක් මන්දගාමීයි. ඒ වගේම ඒ තුළ කෙටි කාලීන විවේකයන් තිබෙනවා. උදාහරණයක් විදියට වැපිරීමෙන් පසුව අස්වැන්න කපා ගන්නා තෙක් ගොවීන්ට සාමාන්‍ය අධීක්ෂණයක් මිස බර වැඩ ලැබෙන්නේ අඩුවෙන්. අවුරුදු චාරිත‍්‍ර තුළත් මේ මන්දගාමී සහ විවේකය සහිත ලක්ෂණය දකින්නට තිබෙනවා. අපි ජීවත්වෙන වර්තමාන යුගය වගේ කලබලකාරී අධිවේගී යුගයක අවුරුදු උත්සවය අපට යම් සහනයක් ඇති කරන්නේ ඒ නිසා.

අවුරුදු කෑම මේසය නිරීක්ෂණය කරන කෙනකුට අවුරුද්ද හා වී ගොවිතැන අතර ඇති සම්බන්ධය හොඳින් පෙනෙනවා. අවුරුද්දේ ප‍්‍රධාන ආහාරය කිරිබත්. එය නිර්මාණය කරන්නේ සහල්වලින්. ඊට අමතරව අවුරුදු කෑම මේසය සරසන කැවුම්, අතිරස, අග්ගලා, අලූවා වැනි ආහාර වර්ග බොහොමයක අන්තර්ගත වෙන්නේ එක එක ආකාරයට මිශ‍්‍ර කරන ලද හාල් පිටි සහ පැණි. අතීතයේ දී අපේ‍්‍රල් මාසයේ දී අපට හිඟයක් නැතිව තිබුණේ සහල් සහ පැණි. අස්වැන්න කපා ගෙට ගත් නිසා සහල් තිබුණා. වසන්ත සමය නිසා පොල් ගස්, කිතුල් ගස්, තල් ගස්වල මල් පීදී පැණි බහුල වුණා. අවුරුදු කෑම මේසය සහ අවුරුදු චාරිත‍්‍ර හැම එකක්ම කෙරෙන්නේ නැකතකට. මේ නැකත යොදා ගත්තේ වැදගත්ම දේවල් කිහිපයකට. ඒ මොනවාද කියලා පරීක්ෂා කරන කොට අපට ඒ සමාජය මූලිකත්වයේ ලා සැලකූ කරුණු ගැන අදහසක් එනවා. නැකැත් බලන්නේ ස්නානයට, ලිප ගිනි මෙළවීමට, ආහාර අනුභවය හා වැඩ ඇල්ලීමට සහ රැුකී රක්ෂා සඳහා පිටත්ව යාමට. ඒ කියන්නේ මූලිකත්වය දී තිබෙන්නේ නිෂ්පාදනයට, ආහාරවලට හා පිරිසිදුකමටත් යහපත් සෞඛ්‍යයටත්. මෙය මේ විදියටම නොවුණත් ලෝකයේ බොහෝ රටවල අවුරුදු උත්සව තුළ දකින්න පුළුවන්. ඒ හැම උත්සවයක්ම නිෂ්පාදනය, ආහාර, පිරිසිදුකම, සෞඛ්‍ය වගේ දේවල් ගැන අවධානය යොමු කොට තිබෙනවා. ලංකාවේ ජලය සමඟ කරන ගනුදෙනුවලටත් යම් ප‍්‍රමුඛතාවක් හිමිව තිබෙනවා. ළිඳ අලෙවි කිරීම වැනි චාරිත‍්‍ර වගේම සමහර අය ගනුදෙනු කරන්න ළිඳ සමඟ ගනුදෙනු කිරීමත් මේ සඳහා නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. ඖෂධීය ශාක සාර සහිත නානු සංකේතවත්ව ගා ස්නානය ද ඉදිරි අවුරුද්දේ යහපත් සෞඛ්‍යයක් සඳහා වන ප‍්‍රාර්ථනය නියෝජනය කරනවා. අවුරුද්දට අදාළව තිබෙන නෑගමන් යාම, පවුලේ අය සමඟ කරන අවුරුදු ක‍්‍රීඩා සහ බක් මහ උත්සව ඇතුළු සාමූහික ක‍්‍රීඩා අපට පෙන්වන්නේ අවුරුදු උත්සවය තුළ සාමූහිකත්වය සඳහා ලැබී තිබූ ප‍්‍රමුඛතාවයි. ඒ වගේම පරණ තරහ මරහ අමතක කර අලූත් අවුරුද්දේ අලූතෙන් ජීවිතයත් සබඳතාත් ආරම්භ කරන මොහොතක් ලෙස මෙම උත්සවය භාවිත වුණා.

කෙසේ වෙතත් අවුරුද්ද ආරම්භ වූ වකවානුවේ ජීවිතයත් දැන් ජීවිතයත් අතර විශාල වෙනසක් තිබෙනවා. දැන් බොහෝ දෙනකුගේ නිවෙස්වල අපේ‍්‍රල් මාසයට සහල් සහ පැණි සුලබ වෙන්නේ නැහැ. ඒ නිසා කැවිලි වර්ග ගේන්නේ එක්කෝ වෙළෙඳපොළෙන්, එහෙමත් නැත්නම් කැවිලි හදන්න බඩු මිලදී ගන්න වෙනවා. දීර්ඝ අවුරුදු උත්සවයක් සමරන්නත් බොහෝ දෙනකුට වෙලාවක් නෑ. නිවාඩු අවසන් වූ වහාම රැුකියාවට යන්න වෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ රැුකී රක්ෂා බලා පිටත්ව යාමට නැකතක් 22 වැනිදා තිබෙන අතර හදිසි අයට නැකතක් 15 වැනිදා උදෑසන තිබෙනවා. ඉදිරියේ දී මේ බොහෝදේවල් වෙනස් වෙන බව ස්ථිරයි. ඒ වගේම සාමූහික උත්සව තව බොහෝ කාලයක් අනාගතයට යන තුරු මිනිසුන් තුළ තිබෙන බවත් ස්ථිරයි. අවුරුද්ද ගැන කියමින් වරක් ප‍්‍රවීණ මාධ්‍යවේදී දයාසේන ගුණසිංහ මෙහෙම කිව්වා. ”සූර්යා මීන රාශියේ සිට එන්නේ මේස කිහිපයකට පමණයි.” පරිසරය සුන්දරවන වකවානුවල සමාජයේ වසන්ත උත්සව ඉදිරියටත් තිබෙන අතර ඒ සශ‍්‍රීකත්වය මේස කිහිපයකට සීමා නොවී හැම නිවසකටම හිමිවන අනාගතයක් ගැනත් මේ අවුරුද්දේ අපට හිතන්න පුළුවන්.

දිනිත් හෙට්ටිආරච්චි

Advertisements