මැයි දිනය කාගෙද?

may dayජාත්‍යන්තර කම්කරු දිනය බොහෝ දෙනෙක් තුළ කට වහරේ යෙදෙන්නේ ‘මැයි දිනය’ ලෙසයි. නමුත් මැයි දිනය කියනවාට වඩා ජාත්‍යන්තර කම්කරු දිනය යැයි පැවසූ විට එහි අර්ථය පැහැදිලි බවක් පෙන්නුම් කෙරේ. නමුත් මෙය භාෂාව යෙදවීම පිළිබඳ තාක්ෂණික ප‍්‍රශ්නයක් ලෙස සැලකිය යුතු නැත. ඒ බව පෙන්වා දෙන නිදසුනක් එක්තරා සමීක්ෂණ වාර්තාවකින් ලබාගත හැක. සමීක්ෂණයේ යෙදුණු බොහෝ කරුණු අතර එක් වැදගත් ප‍්‍රශ්නයක් වූයේ තමන් නියෝජනය කරන සමාජ මට්ටම කුමක්ද යන්නයි. බොහෝ දෙනකුගේ ක්ෂණික පිළිතුර වී තිබුණේ මධ්‍යම පන්තිය යන්නයි. නමුත් ඔවුන් ලබා දී තිබූ සෙසු ආර්ථිකමය තොරතුරු මත එම පිළිතුරෙහි කිසිම ගැළපීමක් තිබී නැත.

සමාජ විiාවක් ලෙස මාක්ස්වාදය සලකන්නේ නම් ඊට අනුව මධ්‍යම පන්තිය යනු සමාජයේ සුළු දේපළ හිමි පන්තියයි. මෙහි සුළු දේපළ හිමි යනුවෙන් අදහස් කරන්නේ ඉඩම් කැබැල්ලක් ගෙයක් දොරක් වාහනයක් තිබීම පමණක් නොව ‘ලාභ ලැබිය හැකි සුළු පරිමාණ මට්ටමින්’ ඉහත දේපළ පැවතීමයි. ඒ අනුව බලන විට හුදු පෞද්ගලික පරිහරණයට සීමාවුණු එවැනි ජීවන මට්ටමක් පැවතීමෙන් ඔවුහු මධ්‍යම පන්තියෙහිලා සැලකිය නොහැක. නමුත් සමීක්ෂණයට අනුව හෙළිදරව් වන්නේ මාක්ස්වාදී පන්ති විග‍්‍රහයන්ට අනුව වැටුප් ශ‍්‍රමිකයන් වී තිබුණද ඒ බව පිළිගැනීමට ඔවුන් මානසික වශයෙන් මැළිකමක් දක්වන බවයි. ලාංකේය සමාජයේ බොහෝ දෙනාගේ මනෝභාවය සකස් වී ඇත්තේ ඉතාමත් දුෂ්කර ශ‍්‍රම කටයුතුවල යෙදෙන අය පමණක් කම්කරුවන් ලෙස සැලකීමටයි. ඒ අනුව බර ඔසවන්නන් (නාටාමිවරු*, කළු ගල් කඩන්නන්, තේ දළු නෙළන්නන් ආදී දුෂ්කර ශ‍්‍රම කටයුතුවල නිරත අය පමණක් කම්කරුවන් ලෙස හැඳින්වීමයි. නමුත් පන්ති විග‍්‍රහයන්ට අනුව වැටුප් ශ‍්‍රමය මත ජීවිකාව සවි කරගන්නා සියලූ දෙනා කම්කරුවන් ලෙස හඳුනා ගැනේ.

ජාත්‍යන්තර කම්කරු දිනය එහි සමාරම්භක අරමුණුු අතින් මේ වන විට බොහෝ සේ දුරස් වී ඇත. ඉහතින් සඳහන් වන්නේ ඒ සඳහා බලපාන ලද සමාජ මනෝභාවයන් පිළිබඳ නිදසුනක් පමණි. නමුත් එය එක් සාධකයක් පමණි. තවත් බොහෝ සාධක ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳ විමසා බැලීමේ දී ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස මැයි පළමු වැනිදා ප‍්‍රකාශයට පත්වූයේ කෙසේදැයි යන්න යළි විමසා බැලීම වැදගත් වේ. එය 1886 තරම් ඈතට දිව යයි. ඒ වන විට අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු සටන් ඇවිළී යමින් තිබුණි. කම්කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් බවට පත්වී තිබුණේ වැඩ දිනය පැය 8 කට සීමා කර ගැනීමයි. ඒ වන විටත් බොහෝ කම්කරුවන්ගේ වැඩ දිනය පැය 15 ක් ඉක්මවා තිබුණි. අදත් මෙම තත්වයේ සැබෑ වෙනසක් නැත. බොහෝ දෙනා දවසේ පැය 24 න් පැය 15 කට ආසන්න කාලයක් යොදවන්නේ ආර්ථිකමය කටයුතු සඳහාය. විනෝදය නිදහස සඳහා හෝ සමාජයේ පොදු කටයුතු සඳහා වෙන් කිරීමට කාලයක් ඒ නිසා වෙන් වන්නේ නැත. කුඩා දරුවන් සහ වැඩිහිටි මහලූ අය හුදෙකලාභාවයට පත්වීමටද මෙය බෙහෙවින් බලපා ඇත. මේ දිනවල රූපවාහිනීවල ප‍්‍රචාරය වන එක්තරා වෙළෙඳ දැන්වීමක් එය හොඳින්ම නිරූපණය කරයි. නමුත් මෙම තත්වයට පත්වී ඇත්තේ ද ඔවුන්ට ණය කරුවන් වීමට සිදුවී ඇති නිසාය. බැංකු සහ ලීසිං ණය මත ගෙවන ජීවිතයට ඉන් ගැලවීමක් නැත. ඉහත වර්ගයේ වෙළෙඳ දැන්වීම් මඟින් මෙම සමාජ ඛේදවාචකයේ වගකීම පෙරළා තම පාරිභෝගිකයන්ගේ කර මත පටවා නිදහස් වීමට උත්සාහ ගන්නා බවක් පෙනේ.

එදා චිකාගෝ නුවර හේමාර්කට් චතුරස‍්‍රයේ පැවැති සාමකාමී විරෝධතාවට පොලිසිය වෙඩි තැබීය. අද වගේම පොලිසිය එදත් ඊට නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කළේ පොලිසියට කම්කරුවන් අතරින් කෙනකු අත්බෝම්බ හෝ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ බවයි. බොහෝ දුරට එය කම්කරුවන් අතර සිටි පොලිස් ඔත්තුකරුවන්ගේ මැදිහත් වීමෙන් සිදුවිය හැක්කකි. මන්ද මේ විරෝධතාවට කම්කරුවන් පැමිණ සිටියේ සුදු කොඩි ඔසවාගෙන ඉතා සාමකාමී ලෙසයි. පොලිස් වෙඩි පහරින් විරෝධතාවයේ නියුතු කම්කරුවන් පිරිසක් මියගිය අතර පසුව විරෝධතාවට නායකත්වය දුන් කම්කරු නායකයන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීය. එහිදී එම කම්කරු නායකයන් වැරදිකරුවන් බවට පත්කළ අතර ඉන් කිහිප දෙනකු එල්ලා මැරීමටත් සෙසු අය ජීවිතාන්තය දක්වා සිරද`ඩුවම් ලැබීමටත් නියම විය. නමුත් කම්කරුවන්ගේ ජීවිත මතින් කෙළවර වුණ එම අරගලය ඓතිහසික වැදගත්කමින් යුතු එකක් විය. පසුව 1890 දී එම අරගලය සිහිපත් කරමින් දෙවැනි ජාත්‍යන්තරය විසින් මැයි පළමු දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.

එහෙත් අද මෙන් මැයි පළමු වැනිදා නිවාඩු දිනයක් නම් නොවීය. යුරෝපයේ කම්කරුවන් මැයි පළමු වැනිදා පෙළපාළි ගියේත් විවිධ විරෝධතාවල නිරතවූයේත් පොලිසියේ හෝ හාම්පුතුන්ගේ අවසරය මත නොවේ. එදින වැඩ වර්ජනය කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා විරෝධතාවලට එක් වීම ලොව පුරා කම්කරුවන්ගේ එවකට සිරිත විය. ඒ නිසා මැයි පළමු වැනිදා නිවාඩු දිනයක් නොවුනත් ආණ්ඩුවට හා හාම්පුතුන්ට පාලනය කළ නොහැකි තරමට කර්මාන්තශාලා වසා දැමීමට සිදු විය. මේ නිසාම පසුව බොහෝ රටවල ජාත්‍යන්තර කම්කරු දිනය නිල නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශ කරන ලදී. ලංකාවේ ප‍්‍රථම වරට මැයි පළමු වැනිදා නිවාඩු දිනයක් බවට පත් වූයේ 1956 දීය. මේවන විට පොලිසියේ සහ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මැයි දින පෙළපාළි හා රැුස්වීම්

පැවැත්වීමට විවිධ පක්ෂවලට හා වෘත්තීය සමිතිවලට අවසර ලබා දෙයි. නමුත් එසේ සංවිධානය කරන මැයි දින පෙළපාළි හා රැුස්වීම් මඟින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් බලන කල කිසිදු සාධනීය ඉදිරි පියවරක් නම් දක්නට නොමැත. ඒ වෙනුවට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර දිනාගත් කම්කරු අයිතිවාසිකම් බොහොමයක් මේ වන විට අහිමි වන තත්වයක් දක්නට ඇත. වර්තමානයේ මැයි දින වේදිකා තුළින් බොහෝ දුරට අසන්නට ලැබෙන්නේ මැයි දිනය සැමරීමේ තනි අයිතිය ඉල්ලා සිටින දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවල තර්ක විතර්කයන්ය. නමුත් බොහෝ කම්කරුවන් මැයි පළමුවැනිදා සලකන්නේ තවත් එක් නිවාඩු දිනයක් ලෙසයි. එම නිසා ඔවුන් එම දිනය වෙනත් ආර්ථික කටයුත්තක නිරත වීමට එසේ නොමැති නම් විනෝද චාරිකා යාමට යහළුවන් හමුවීමට හෝ අතපසු වූ ගේ දොර වැඩ කටයුතු සම්පූර්ණ කරගැනීම වැනි පෞද්ගලික කටයුතු සඳහා යොදා ගනී. ඒ නිසා එදා මෙන් කම්කරුවන් ස්වේච්ඡුාවෙන් කම්කරු දිනය සැමරීම සඳහා අද ඉදිරිපත් වන්නේ නැත. නමුත් මෙම තත්වයට හේතු වී ඇත්තේ වාමාංශික කම්කරු ව්‍යාපාරයන් සහ වෘත්තීය සමිති දිගින් දිගටම සිදුකරන ලද පාවාදීම් සහ වැරදි දේශපාලන භාවිතයන්ය. එය ඉතිහාසය පිරික්සීමේ දී දැකිය හැකිය.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මැයි දිනය සැමරීම සඳහා ආරම්භක වශයෙන් හ`ඩ නැඟූ එක් සටන් පාඨයක් ”සාදුකින් පෙළෙන උන් දැන් ඉතිං නැගිටියව්” යන්නය. නමුත් පසුව එම අරගලයන් කිසිදු හිරිකිතයකින් තොරව පාවා දෙන ලදී. පසුව ඔවුන් ප‍්‍රකාශ කළේ ”සීනි නැතුව තේ බොන්නම් – මිරිස් නැතුව හොදි කන්නම් – හාල් නැතුව බත් කන්නම් – අපෙ මැතිණිය කියනවනම් – පිදුරු උනත් අපි කන්නම්” වැනි කවි ගායනාවන්ය. මෙය කම්කරුවන් කොතරම් දීන භාවයකට ඇද වැට්ටවීමක්ද යන්න ඒ අනුව පැහැදිලිය. අනෙක් අතට ජාත්‍යන්තර කම්කරු දිනයෙන් අපේක්ෂා කළේ ලොව පුරා කම්කරුවන් එක් දේශපාලන වැඩපිළිවෙළක් වටා ඒකරාශී කරගැනීමයි. ඒ සඳහා ”ලෝකවාසී කම්කරුවනි එක්වව්” යන්න තේමාව කරගනිමින් ප‍්‍රකාශයට පත්වූ ජාත්‍යන්තර කම්කරු දිනය මව්බිම සුරකිමු වැනි ජාතිවාදී සීමාවන්ට පසුව කොටුකර ඇත. එපමණක් නොව දේශපාලන පක්ෂ වෘත්තීය සමිති අනුව කම්කරුවන් භේද බින්න කොට ඇත. මෙමඟින් වාසි අත්වී ඇත්තේ පාලකයන්ට මිස වැඩකරන ජනතාවට නොවේ.

අද ලොව පුරා කම්කරුවන් මුහුණ දෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වන්නේ විරැුකියාව පිළිබඳ අර්බුදයයි. මේ නිසා රැුකියාවක් සොයාගැනීම වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබමින් රටින් රටට සංක‍්‍රමණය වීමට පවා කම්කරුවන්ට සිදුවී ඇත. ලංකාවේ කම්කරුවන් මිලියන දෙකකට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් විදේශ රටවල රැුකියාවල නිරත වී සිටිති. තත්වය එසේ තිබියදීම චීනයේ සහ ඉන්දියාවේ කම්කරුවන් ලංකාවේ රැුකියාවල නිරතවෙයි. මෙලෙස සංක‍්‍රමණය වන විගාමික කම්කරුවන්ට ජාතිවාදී සංවිධාන මඟින් මරණ තර්ජන එල්ල වූ අවස්ථා ද ලොව පුරා දුලබ නැත. රැුකියාවල නිරතවන අය මුහුණ දෙන බරපතළ ගැටලූවක් වන්නේ එහි ස්ථිරසාර භාවය පිළිබඳ ගැටලූවයි. අද ලංකාවේ ප‍්‍රධාන රාජ්‍ය ආයතනවල පවා එනම් විදුලිබල මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බැංකු ටෙලිකොම් වැනි ඉතා වැදගත් ආයතනවල පවා අති විශාල සේවක ප‍්‍රතිශතයක් බඳවාගෙන ඇත්තේ මෑන් පවර් රැුකියා ඒජන්සි මඟිනි. එම කම්කරුවන්ගේ රැුකියා සුරක්ෂිතභාවය පිළිබඳ කිසිදු වගකීමක් ආණ්ඩුව දරන්නේ නැත. පෞද්ගලික අංශයේ විශාල සමාගම්වල ද මෙම තත්වය මීටත් වඩා දරුණු ලෙස පවතී. මීට අමතරව අනියම් ආදේශක කොන්ත‍්‍රාත් වැනි තාවකාලික පදනමින් බඳවාගත් කම්කරුවන් අවුරුදු 10 – 15 දක්වාම එම තත්වයෙන් පවත්වාගෙන යනු දක්නට ලැබෙයි. ඇතැම් විට මෙම අනියම් කම්කරුවන්ගේ රැුකියා

අහිමි කරන අතර මාර්ග සංවර්ධන අධිකාරියේ එවැනි රැුකියා අහිමි වූ පිරිසක් දින 40 ක් පුරා සත්‍යග‍්‍රහයක නිරතවනු පසුගිය දා දක්නට ලැබුණි. මෙමඟින් පැහැදිලි වන්නේ අද කම්කරුවන්ගේ ජීවන පැවැත්මට වගකියන නිශ්චිත හාම්පුතකු නොමැති බවයි. යුරෝපයේ බොහෝ කම්කරුවන් දවසේ දීර්ඝතම වැඩ දිනය ගෙවා දමන්නේ කොටස් වශයෙන් විවධ හාම්පුතුන් කිහිපදෙනකු අතරේ තම ශ‍්‍රමය විකුණා දැමීමෙනි.

2006 සිට තවමත් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකර නැත. විවිධ පොරොන්දු ලබා දුන්නද මේ වන විටත් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 11760 සීමාවේ පවතී. පෞද්ගලික අංශයේ ඇත්තේ ඊටත් වඩා පහළ අගයකි. පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීමට රජය වගකීමකින් යුතුව මැදිහත් වන්නේ නැත. මෙලෙස අවම මූලික වැටුප් වැඩි නොකිරීම මඟින් කම්කරුවන්ට අතිකාල විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂික ලබාදීමේ දී බලවත් අසාධාරණයන්ට මුහුණ දීමට සිදුවී ඇත. වැටුපට දීමනා කොතෙකුත් එකතු වුවද ඔවුනගේ ජීවත තත්වය ඉහළ දැමීමට නම් වම මූලික වැටුප වැඩි කිරීම ඉතා තීරණාත්මක සාධකයකි. මෙය දිගින් දිගටම මඟ හරිමින් ආණ්ඩුවත් පෞද්ගලික අංශයත් විශාල ශ‍්‍රම කොල්ලයක නිරත වී සිටී. විරැුකියාව, රැුකියාවේ සුරක්ෂිතභාවය අහිමි කිරීම, අවම මූලික වැටුප් වැඩි නොකිරීම යන කරුණු මත කම්කරුවන්ගේ වැඩ දිනය පැය 8 කට සීමා කිරීම අද යථාර්ථයක් නොවන තත්වයක් පවතී. නමුත් කම්කරුවන්ට පැය 8ක වැඩ දිනයක් අත්‍යවශ්‍ය වන්නේ ඔවුන්ගේ සමාජ ජීවිතය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයට ද එය බෙහෙවින් බලපාන බැවිනි.

වාමාංශික ව්‍යාපාර හා වෘත්තීය සමිති අවධානය යොමුකළ යුතු මූලික කරුණු කිහිපයක් ඉහතින් සඳහන්ය. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේදීවත් ඒ සඳහා ප‍්‍රමාණවත් අවධානයක් යොමුවන්නේ නම් කම්කරුවන්ගේ පැත්තෙන් එය සුබවාදී වනු ඇත. නොඑසේ නම් සුපුරුදු පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය තම පක්ෂයන්ගේ සංවිධාන බලය ප‍්‍රදර්ශනය කිරීමට මෙවරත් යොදාගනු ඇත. නමුත් එමඟින් කම්කරුවන්ට මෙන්ම වාමාංශික ව්‍යාපාරයට ද අත්වන සෙතක් නොමැති බව අවධාරණය කළ යුතුය.

චන්ද්‍රසිරි ලන්දගේ