රැවටුන තරම් ඔබ හින්ද මං

සිරස්තලයට ගත්තෙ මේ දිනවල ජනප‍්‍රිය ගීතයකින් කොටසක් උනත් මේ කතා කරන්න යන්නේ ගීත ගැන නෙවෙයි. ලොකුම ඥානවන්තයා යනු තමන් ගැන දන්නා තැනැත්තා. වැදගත්ම දැනුම තමන් ගැනම වන දැනුමය කියලා කතාවක් තියෙනවා. ඒ නිසා අනුන් ගැන කතා කරනවා වෙනුවට මේ අපි අපිම ගැන කතා කරන එක හොඳයි කියලා හිතෙනවා. අපි ගැන කිව්වේ රටේ පහළ පාන්තික ජනතාව ගැන. අපි ගැන කතා කරන හැමවෙලාවකම වැඩිපුර කතා කරන්න තියෙන්නේ රැුවටීම ගැන. පසුගිය අපේ‍්‍රල් 28 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණා. කාලයක් තිස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තිබුණු ඉල්ලීමක් ඉටුවුණා කියලා බොහෝ දෙනා සතුටු වෙනවා. රැුවටීම ගැන කතා කරන්න මේ මොහොත තරම් සුදුසු වෙන මොහොතක් නෑ කියලා හිතෙන නිසා අපි ඒ ගැන කතා කරන්න හිතුවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කේන්ද්‍රීයම කාරණය තමයි විධායක ජනාධිපති සතු බලතල කප්පාදු කිරීම. මේ සංශෝධනය අතරතුර රටේ ජනතාව විදියට අපි කීවරක් රැුවටිලා තිබෙනවාද කියලා ගණන් හදලා බලන්න  ඕන. ඒ නිසා අපි අංක පිළිවෙළට රැුවටුණු ආකාරය ලියලම බලමු.

1. අපි ගොදුරු වුණ පළමු රැුවටිල්ල තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයේ හේතුව විධායක ජනාධිපති ක‍්‍රමය කියලා රැුවටුණු එක. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශ වෙන්න හේතුව මේ නවලිබරල් ධනවාදී සමාජ ආර්ථික උපායමාර්ගය. මේක සමාජ ආරක්ෂණ සේවාවන් වෙළෙඳ භාණ්ඩ බවට පත්කරන නිසා අධ්‍යාපනයේ අයිතිය, සෞඛ්‍ය සේවයේ අයිතිය අහිමි කරනවා. තමන්ට එල්ල වන පීඩාව නිසා ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනකොට පාලකයෝ කරන්නේ මර්දනය කැඳවන එක. ඒ නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තිබෙන ලොකුම අනතුර නවලිබරල් උපායමාර්ගය. විධායක ජනාධිපති ක‍්‍රමය එන්නෙත් ඒ අවශ්‍යතාව සපුරන්න. ඒ නිසා ඇත්තටම විධායක ජනාධිපති ක‍්‍රමය කියන්නෙත් නවලිබරල් ධනවාදයේම ප‍්‍රතිඵලයක්. මේ හේතු-ඵල සම්බන්ධය අපෙන් සඟවලා නවලිබරල් ධනවාදය ගැන කතාව වසන් කරන්න හදපු කතාවට අපි එක පාරක් රැුවටුණා. නවලිබරල් ආර්ථිකය තිබුණදෙන්, විධායක ක‍්‍රමය අහෝසි කරමු කියලා හිතන්න පුරුදු වුණේ ඒ රැුවටීම නිසා.

2. කොහොම උනත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය දිගු කාලයක සිට සමාජයේ තිබූ සටන් පාඨයක්. 2008 ජනාධිපතිවරණෙදි මුලින්ම සාකච්ඡුා වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන පොදු අපේක්ෂකයෙක් ගැන. මෛත‍්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනකොට හැමදෙනාම හිතුවේ එයා එන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා. ඒත් එයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වන විටයි දන්නේ එයා පොරොන්දු වෙන්නේ විධායක ජනාධිපති සතු බලතල ටිකක් අඩු කරන්න විතරයි කියලා. යකා එළවන්නෙ නැතිව යකාගෙ දතත් දෙකක් ගලවන්න කියලා. ආයෙත්
රැුවටුණා.

3. විධායක ජනාධිපති සතු බලතල අඩු කරනවා නම් මොනවද ඒ අඩුකරන බලතල කියලා නිශ්චිත පොරොන්දුවක් ගත යුතුව තිබුණා. මෛත‍්‍රීපාල ඒ කිසිම දෙයක් නිශ්චිතව කිව්වේ නෑ. තිබුණේ නිකම් දෙන්නම් කාසි පොරොන්දුවක්. ජනතාවට මේක අමතක කරන්න ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරෙදි ඉස්සුවෙ මහින්ද එළවන සටන් පාඨය විතරයි. අන්තිමට අපි සංකල්පීය පොරොන්දුවක් බාර අරන්, හිස් චෙක් එකක් අත්සන් කරලා දෙනවා වගේ මෛත‍්‍රීට ඡුන්දය දුන්නා. ආයෙත් රැුවටුණා.

4. මෛත‍්‍රීපාල විධායක ජනාධිපති සතු අහිතකර බලතල ගැන වේදිකාවේ එක එක දේවල් කිව්වා. ජනාධිපති අධිකරණයට ගෙනියන්න බැරි එක,  ඕනම අමාත්‍යාංශයක් තමන්ට පවර ගන්න පුළුවන් එක, ඇමැතිවරු හිතෙන හිතෙන විදියට වෙනස් කරන්න පුළුවන් එක, අමාත්‍යාංශ ලේකම්ලා පත්කරන බලය වගේ දේවල් ඔහු විවේචනය කළා. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත බැලූවාම ඒකෙ ඒ කිසි දෙයක් වෙනස් කරලා නෑ. අපි ආයෙත් රැවටුණා.

5. කොහොම වුණත් සම්මත වෙන්නෙ මේ ඉදිරිපත් කළ කෙටුම්පත කියලා හිතාගෙන හිටියා. නමුත් ආණ්ඩුවෙම කට්ටිය අධිකරණෙට ගිහින් ඒකේ අගමැතිට බලය පවරන කෑලි ඉවත් කරගත්තා. විවාදය සඳහා ඉදිරිපත් වී තිබුණේ විධායක බලතල හැම එකක්ම වගේ එහෙමම තියෙන සංශෝධනයක්. වැදගත් දේකට තිබුණේ කොමිෂන් සභා පිහිටුවීම විතරයි. නැවත වරක් රැුවටුණා.

6. අන්තිමේ දී පාර්ලිමේන්තුවේ සම්මත උනෙත් ඒ කෙටුම්පත නෙවෙයි. ඒකට තව සංශෝධන දුසිම් ගාණක් එකතු කළා. එකතු කළේ මෛත‍්‍රීගෙම කට්ටිය. සිද්ධ වුණේ යකාගෙ  දත් 32 න් දත් 2 ක් ගලවනවා කියලා පෙන්වලා ඉතිරි දත් 30 ම උල් කරලා විෂ පොවපු එක. එක සංශෝධනයකින් කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කරන ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාගෙන් මන්ත‍්‍රීවරුන් 7 ක් පත්කරනවා. ඉතින් කොහෙද ස්වාධීන කමක්? ආපහු සැරයක් නරක විදියට රැුවටුණා.

ඇත්තටම මේ විදියට හැමදාම රැුවටෙන එක ඉවත් කරගන්න ජනතාව විදියට අපි කල්පනා කරන්නෙ කවදද? දැන් රැුවටුණා ඇති කියලා හිතෙන්න තව කීවරක් රැුවටෙන්න  ඕනද? ඉදිරියේ තිබෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේ ඒක ගැනත් කල්පනා කරන්න. හැමදාම රැුවටීමට භාජනය වීමේ නින්දාවෙන් ගැලවෙන හැටි හිතමු.