සම්මුති ගහන ගමන් කම්කරුවන්ට බණ කියලා වැඩක් නෑ! – චමීර කොස්වත්ත

Camira-koswattaමැයි 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේ දී කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විවිධ සාකච්ඡුා මතු වේ. එහෙත් ඇතැම් විට එය කම්කරුවන් ප‍්‍රමුඛ වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට වමේ හා දකුණේ දේශපාලන පක්ෂ අතර තරගයක් බඳුය. කම්කරුවන්ගේ අයිතිවාසිකම් ශ‍්‍රම සූරාකෑම ගැන කියැවෙන මැයි දින වේදිකාවල දේශපාලන පක්ෂ සහ වැඩකරන ජනතාව අතර සම්බන්ධය පිළිබඳව මතුකර ගතයුතු කරුණු රාශියකි. එකී තේමාවන් තුළ අප මෙවර සංවාදයක නියැළුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික, ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් චමීර කොස්වත්ත සමඟය.

  • වමේ පක්ෂවලට කම්කරුවන් එක්ක තියෙන දේශපාලනය මොකක්ද?

වාමාංශික දේශපාලනයේ අරමුණ වෙන්නෙම වැඩකරන ජනතාව සංවිධානය කිරීමෙන් ධනපති ක‍්‍රමය පෙරළා දැමීම සහ සමාජවාදය ‍වෙනුවෙන් වැඩ කිරීමයි. කම්කරුවන්, ගොවියන් ඇතුළු පීඩිතයන් සංවිධානය කළ යුතු බව කියන  ඕනෑම වාම සංවිධානයක පළවෙනි අරමුණ ඒක. නමුත් පසුගිය කාලය පුරාම වමේ ව්‍යාපාරයේ සිදුවුණු බරපතළ දේශපාලන පිරිහීමත් එක්ක ඔවුන් පන්ති සහයෝගයට සභාගවලට ගියා. ඒ නිසා වැඩකරන ජනතාව බලවේගයක් ලෙස ධනපති පක්ෂවල අරමුණු වෙනුවෙන් යොදාගනු ලැබුවා. ව‍මේ පක්ෂවල  පිරිහුණු ක‍්‍රියාකාරීත්වය නිසා ධනපති දේශපාලනය සවිමත් කිරීමේ ප‍්‍රතිසංස්කරණ ඇතුළු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු වෙනුවෙන් කම්කරු පන්තිය මෙහෙයවන තත්වයක් ඇති වුණා.

ඒ නිසා අද වැඩකරන ජනතාව සංවිධානය කරමින් ධනපති දේශපාලනය පරාජය කිරීමේ අරමුණින් වැඩකරන දේශපාලනයක් ව‍මේ යැයි කියාගත් ‍දේශපාලන පක්ෂවල නෑ. මේ බොහෝ ව්‍යාපාර ඒ මූලික අරමුණ තුළ නෑ. ඒ නිසා ධනපති ක‍්‍රමයට විවිධ ප‍්‍රතිසංස්කරණ රැුගෙන එන්න සහාය ‍දෙමින් තමන් ‍දේශපාලන බලයක් ‍ලෙස පවතින අරමුණක ඉන්නෙ.

පැරණි වමේ පක්ෂ වගේම ඔවුන්ගෙ සුළුධනේශ්වර දේශපාලනය ප‍්‍රතික්ෂේප කළ ජනතා විමුක්ති පෙරමුණත් අද එතැනට වැටිලා තියෙනවා. ‍මේ තියෙන තත්වය තුළ යම් බලයක් අත්පත් කරගෙන ඒ බලය භුක්ති විඳිමින් ධනේශ්වරයේ ප‍්‍රතිසංස්කරණවලට දායක වෙමින් ජනප‍්‍රිය වෙමින් ධනවාදය පවත්වාගෙන යාමේ ක‍්‍රියාවලියට ඔවුන් දායක වෙමින් ඉන්නවා. ඒ වගේම කම්කරුවන්ගේ ඉල්ලීම් දිනාගන්න අරමුණු සහිතව ගොඩනැඟුණු බව කියූ බොහෝ වෘත්තීය සමිති ධනවාදය ඇතුලෙ ප‍්‍රතිසංස්කරණ දිනාගනිමින් පවතින්න පුළුවන් කියන තැන ඉන්නෙ.

ඔවුන්ට පන්තිය සංවිධානය කිරී‍මේ කතාවක් නෑ. කම්කරුවන් හෝ පීඩිතයන් සංවිධානය කිරීමේ හා සටන් කිරීමේ දේශපාලනයක් නෑ. ඔවුනට ඉන්නෙ ඡුන්ද දායකයන්. පවතින ධනපති ක‍්‍රමය තුළ ජීවත් වෙමින් ඒ තුළ පැවැත්ම හදාගන්න උත්සාහ කරන අයට හමුවෙන්නෙ වැඩකරන ජනතාවට පේන්නෙ තවත් එක් ඡුන්දදායකයෙක් හැටියටයි. මැතිවරණවලදි වැඩිපුර ඡුන්ද ගන්‍නෙ ‍කො‍හොමද ඒ තුළින් වැඩිපුර නි‍යෝජිතයන් පත්කරගන්‍නෙ කොහොමද ඒ නියෝජිතයන්ගෙ බලය පාවිච්චි කරලා ධනපති කණ්ඩායම් සමඟ කේවල් කරමින් වැඩි බලයක් අත්පත් කරගන්නෙ කොහොමද කියන විෂම චක‍්‍රය තුළ ඔවුන් ඉන්නෙ. ඡුන්දය වෙනුවෙන් කම්කරුවන් සංවිධානය කිරීමේ අරමුණු සියල්ල පාවා දෙන්නෙ මේ නිසයි. ධනවාදයට එරෙහිව වැඩකරනවා වෙනුවට මේ ව්‍යයාපාර ධනවාදය සමඟ සහජීවනයකට සම්මුතියකට ගිහින්.
එහෙම දියාරු කළ තත්වයක තමයි කම්කරුවන් වෙනුවෙන් පෙනී ඉන්න බව කියන ව‍මේ යැයි කියාගන්නා ‍දේශපාලන පක්ෂ ඉන්නෙ.

  •  ලංකාවෙදි දේශපාලනය කියන්නෙ යම් දේශපාලන පක්ෂයකට වැඩකරන එක. මැතිවරණයකදි රැුස්වීම් තියලා ඡුන්ද ප‍්‍රචාරක ව්‍යාපාර කරන එක සහ ඒ මැතිවරණ තුළින් නියෝජිතයන් පත්කරන එක. වම හැටියට කරන්නෙත් ඒක. ඉතින් වැඩකරන ජනතාව සංවිධානය කරනවා කියලා ඔබ යෝජනා කරන්නෙ මොකක්ද?

වමේ දේශපාලන පක්ෂයක අරමුණ වියයුත්තෙ වැඩකරන ජනතාව, පීඩිතයන් සංවිධානය කිරීම සහ ඔවුන්‍ ඒ පීඩිත තත්වයෙන් මිදෙන මට්ටමකට ගැනීමයි. ඒ විදියට වැඩකරන ජනයා අතර සංවිධාන කටයුතු කරලා මේ පීඩාකාරී ධනපති ක‍්‍රමය පෙරළා දැමීමට දේශපාලන වශයෙන් නායකත්වය දීමයි. ඒ වගේම ධනපති ක‍්‍රමයේ පවතින පීඩාකාරි තත්වය වෙනුවට විකල්පයක් ලෙස සමාජවාදී ක‍්‍රමයක් පිළිබඳ අරමුණ ජනතාව අතරට ගෙනයාම සහ ඒ සමාජවාදී සමාජය වෙනුවෙන් සංවිධානාත්මකව වැඩ කිරීමයි.

ධනපති ක‍්‍රමය පෙරළා දැමීම පිළිබඳ අරමුණේදි තමන්ගෙ දේශපාලන මතය ප‍්‍රචාරය කරන්න සහ තමන්ගෙ අයිතිවාසිකම් දිනාගැනීම පිළිබඳ උද්ඝෝෂණයෙදි මහජන නියෝජිත ආයතනවල වැඩ කරන්න වෙනවා. නමුත් කම්කරුවන්ට ධනපති ක‍්‍රමය පෙරළා දමන්න තියෙන ඒකායන හෝ ප‍්‍රමුඛ ක‍්‍රියාවලිය මැතිවරණ හෝ ධනේශ්වර නියෝජිත ආයතන නෙවෙයි. කම්කරුවන් හා පීඩිතයන් අතර වැඩකරන වමේ දේශපාලනයේ ප‍්‍රමුඛ අරමුණ වෙන්නෙ තමන්ගෙ පන්තිය දේශපාලන විඥානයෙන් සන්නද්ධ කිරීමයි. සංවිධානය වී‍මේ ‍දේශපාලන අවබෝධය කම්කරුවන් වෙත රැුගෙන යාම කළ යුතුයි. කම්කරුවන් අතර ඇති විවිධාකාර සීමා මායිම්, ශ්‍රේණි භේද,  පටු වාර්ගික හෝ ආගමික වාර්ගික භේද ඇතුළේ නොසිට කම්කරුවන් පන්තියක් ලෙස සමගිකර සංවිධානය කිරීම තමයි වාමාංශික පක්ෂයක වගකීම. සංවිධානය වී‍ෙ‍මන් හා එක්ව වැඩ කිරී‍මෙන් ධනවාදය පෙරළා දැමීමට හැකි සමාජවාදය ‍ගොඩනැඟිය හැකි  බව ඒත්තු ගැන්වීමෙන් විශ්වාසය ගොඩනැඟීමේ දේශපාලනය අරගලය තුළ තමයි ඔවුන්ට අයිතිවාසිකම් හිමි වෙන්නෙ. ඒ තුළින් තමයි සංවිධානය වීමේ අදහස ඔවුන්ට පූර්ණ වශයෙන් ඒත්තු යන්නෙ.

හිමිවන ජයග‍්‍රහණ තුළින් තමයි ඔවුන්ට සංවිධානය වීමේ බලය හා එහි ඇත්ත අරමුණු වෙනුවෙන් වැඩ කරන්න හැකි වෙන්නෙ. ඉතින් සංවිධානය වීම වෘත්තීය සමිති ලෙස කරන්න පුළුවන්, දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමෙන් කරන්න පුළුවන්. අහිමි කර තිබෙන ශ‍්‍රමයේ පංගුව ඉල්ලා සිටිමින් ආර්ථික අරගලයක් ලෙස කරන්න පුළුවන්. ඒ සමස්තය ධනවාදයට එරෙහි අභියෝගයක් බවට පෙරළා ගන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ කියන්නෙ ඒ දේශපාලන අරගලයෙ එකක් විතරයි.

නමුත් දැන් ප‍්‍රශ්නය  තියෙන්නෙ පැරණි වම විසින් මේ පන්තිය සංවිධානය කිරීමේ කාර්ය අතහැරලා මහජන නියෝජිත ආයතනවලට යාමේත් ඒ වෙනුවෙන් මැතිවරණවලටම සීමාවීමේත් ගොදුරක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ට එය දේශපාලන අරගලයෙ එක් මාවතක් වෙනවා වෙනුවට ඒකායන මාර්ගය බවට පත් වෙලා.
‍දේශපාලන අරගල‍යෙදි විවිධ මාර්ගවලින් ගමන් කරන අතර පන්තිය සමගි කිරීම හා සංවිධානය කිරීම සඳහා මැතිවරණ තුළ කටයුතු කළයුතු ‍වෙනවා. ඒ නිසා අපිට මෙය ‍බො‍හෝ මාර්ග අතුරින්  එක මාර්ගයක් ලෙස වැදගත් වෙනවා.

  •  වෘත්තිය සමිති කම්කරු සංවිධාන හැටියට පිළිගන්නවා. වාමාංශික පක්ෂවල වෘත්තිය සමිති තියෙනවා. එහෙම කරන අතර ඔබ වෘත්තිය සමිති පිළිබඳ විවේචනයක් කරන්නෙ ඇයි?

අපි වෘත්තිය සමිති තුළ දේශපාලන කටයුතු කරන එකේ වරදක් දකින්නෙ නෑ. අපි වෘත්තිය සමිති දේශපාලන වශයෙන් පිළිගන්නවා. නමුත් වෘත්තීය සමිතිවලට සිදුවී ඇති දේ ගැනත් කතා කරනවා. ඒ තත්වය හෙළිදරව් කරන්න අපට වගකීමක් තියෙනවා. අද වෘත්තිය සමිතියක් කියන්නෙ මොකක්ද? පැහැදිලිවම අද වෘත්තිය සමිතිය ධනේශ්වරයෙ අතකොළු බවට පත්වෙලා. අද වෘත්තිය සමිති මොකද කරන්නෙ? කම්කරුවන් සමගි කරන්න තියෙන සංවිධාන වුණාට අද වෘත්තිය සමිති තමයි කම්කරුවන් ශ්‍රේණිවලට හෝ වෙනත් පටු පදනම්වලින් කම්කරුවන් බෙදන්නෙ. ඒ නිසා බොහෝ වෘත්තිය සමිතිවලට සමාන්තර සමිති සමඟ ඒකාබද්ධව වෘත්තිය අරගලයක් කැඳවන්නවත් බෑ. ‍මොකද  ඒ අයට  ඕන තමන් ජයග‍්‍රහණය ගෙන දුන් බව තහවුරු කරන්න, තමන්ගෙ සාමාජිකත්වය තහවුරැු කරගන්න මිස කම්කරුවන්ට ජයග‍්‍රහණ ගෙන දෙන්න නෙවෙයි.

වෘත්තිය සමිති එක්කො තම පැවැත්මේ ක‍්‍රියාමාර්ගවලට සීමා වෙලා. එහෙමත් නැත්නම් තමන්ට නායකත්වය දෙන දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්ව තිබෙනවා. එවැනි දේශපාලන පක්ෂ විසින් වෘත්තිය සමිති පාවිච්චි කරන්නෙ මහජන නියෝජිත ආයතනවල තමන්ගෙ නියෝජිත සංඛ්‍යාව වැඩි කරගැනීමේ ක‍්‍රියාකාරීත්වයේ අතකොළු බවට පත්කරලා.

ඒ නිසා ඔවුන් පන්තියට ‍දේශපාලනය ගෙනයන්නෙ නෑ.  කම්කරුවන්ට සංවිධානය වීමේ අවශ්‍යතාව උගන්වන්‍නෙ නෑ.  ‍පොදු සාමුහික අරගල කැඳවන්‍නෙ නෑ. ඒ අරමුණු ‍වෙනුවට ඔවුන් අද සාමුහික ගිවිසුම්, සම්මුති ‍දේශපාලනය, ධ‍නේශ්වර පාලකයන් හමුවේ වෘත්තිය ඉල්ලීම් විකුණන දේශපාලනයට අවතීර්ණ වෙලා තියෙන්නෙ. ඒ වගේම දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිතිවලට වැදිබණ දේශනා කරනවා, තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර ආණ්ඩු බලයට ගෙනාවොත් විතරයි කම්කරු අයිතිවාසිකම් දිනාගන්න පුළුවන් කියලා.

ඒ නිසා අද මේ වෘත්තිය සමිති කරන්නෙ කම්කරුවන් බෙදන එක, වැරදි දේශපාලන නායකත්වයකට ගැටගහන එක සහ සංවිධානය වෙලා අරගල කරලා අයිතිවාසිකම්  දිනාගන්න එක වෙනුවට තමන්ට අදාළම නැති ධනපති ආණ්ඩු සවිමත් කිරීමේ ක‍්‍රියාමාර්ග තමයි ඒ අය කරන්නෙ. අපි විවේචනය කරන්නෙ මෙන්න මේ ක‍්‍රියාවලිය. ඒත් වෘත්තීය සමිති කම්කරුවන්ට සංවිධානය වීමේ ආකෘතියක් බවට අපි පිළිගන්නවා.
අනෙක් පැත්තට මේ ධනපති නීතිය යටතේ වෘත්තිය සමිති හදන්න නීත්‍යනුකූලව ඉඩදෙන්නෙ වැඩකරන ජනතාව‍ගේ ස්වල්පයකට පමණයි. සමහර කම්කරු කොටස්වලට එහෙම සංවිධානය වීමේ අයිතියක් නෑ. අනියම් කම්කරුවන්, කොන්ත‍්‍රාත් කම්කරුවන්, මෑන්පවර් කම්කරුවන් වගේ ධනේශ්වර නීතියෙන් පහසුකමක් අවමයෙන්වත් නැති කම්කරුවන්ට සංවිධානය වෙන්න නීතියෙන් ඉඩක් නෑ. ධනපති නීතියෙන් මේ පීඩාව වැඩිම ක්ෂේත‍්‍රවල වැඩකරන විශාල පිරිසකගේ මූලික අයිතිවාසිකම් පවා ලබා දීලා නෑ. වෘත්තිය සමිති හැදීමේ අයිතියවත් ඔවුන්ට නෑ. ඒ නිසා මේ සියලූ‍ දෙනා ධනේශ්වර නීතිය ලබා දී ඇති සීමාව තුළ තමයි කම්කරුවන් සමඟ වැඩ කරන්නෙ.

ඒ සීමාවෙන් පිට තමයි ‍මේ රටේ කම්කරුවන්ගෙන් 80%ක් පමණ ඉන්නෙ. ඒ නිසා අපි කම්කරුවන් අතර වැඩ කරන්නෙ ඔවුන් සඳහා දුන් ධනපති නීතියේ සහ ධනපති පාලනයේ සීමාව තුළ නෙවෙයි.  අපි වෘත්තිය සමිතිත් හදනවා. දේශපාලනයත් කරනවා, ශ්‍රේණිවලට බෙදලා කම්කරුවන්ගෙ සාමූහිකත්වය නැතිකරන ක‍්‍රමය වෙනුවට ඔවුන් සමගි කරන දේශපාලනය කරනවා. ධනපති නීතියෙන් දෙන සීමාවන් ඉක්මවලා අපි කම්කරුවන් සංවිධානය කිරීම කියන පුළුල් අරමුණට යනවා.

  •  ඔබ කියන විදියට වෘත්තිය සමිතිය කියන්නෙ  ධනපති නීතියෙන් සාදා දෙන ලද තත්වයක්. ඉතින් දේශපාලන පක්ෂ කියන්නෙත් ධනපති නීතිය විසින් දෙන නෛතික සීමාවක් නේද?

දෙන ලද තත්වයන් යටතේ පමණක් වැඩ කළ යුතුයි කියන සීමාවෙන් අප හිටියොත් තමයි මේ ප‍්‍රශ්නය එන්නෙ. ඔවුන්ගෙ සීමා අපට අදාළ නෑ. අපි පක්ෂයක් ලෙස ඔවුන් කියන දේශපාලනයෙ ඉන්නවා, වෘත්තීය සමිති හදනවා, වෘත්තිය සමිතිවලට හිමිවන පහසුකම් ලබා ගන්නවා, මැතිවරණවලට පෙනී ඉන්නවා, අපේ නියෝජිතයන් පත්වුණොත් ඔවුන් හරහා අපේ දේශපාලනය ඉදිරියට ගෙනයනවා. හැබැයි අපි එතැන නතර වෙන්නෙ නෑ.
දැන් අපි උදාහරණයකට ශිෂ්‍ය ව්‍යාපාරය ගමු. මේ රටේ ශිෂ්‍ය දේශපාලනය නීතියට අනුව සිදුවෙන්නෙ විශ්වවිiාලවල ශිෂ්‍ය සංගම් හරහා. ආණ්ඩුව පිළිගන්නවා ශිෂ්‍ය නියෝජිතයන් පත්කරගැනීම සහ ශිෂ්‍ය සභා කියන ආයතන. නමුත් ඔබ දන්නවා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන සංවිධානය තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන්නෙ. ආණ්ඩුව ඒක නෛතික වශයෙන් පිළිගන්නෙ නෑ. නමුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නියෝජිතයන් විසින් පිහිටුවාගත් අන්තරේ තමයි ශිෂ්‍ය ප‍්‍රජාව, මව්පියන්, ආචාර්යවරු ඇතුළු සමාජය පිළිගත් නායකත්වය. ඒක ආණ්ඩුව පිළිගත්තත් නැතත් ඇත්ත තත්වය ඒකයි. ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සටන් කරලා තමයි අන්තරේට ඒ නායකත්වය හිමි වුණේ. ඒක ආණ්ඩුව නීතියෙන් පිළිගත්තත් නැතත් ශිෂ්‍යයන්ගෙ සහ සමාජයේ පොදු පිළිගැනීමෙන් නායකත්වය අන්තරේට හිමිවෙලා තියෙනවා. අපි කියන්නෙ එවැනි සැබෑ නායකත්වයක් ගැන.

ඒ නිසා රාජ්‍ය අංශයෙයි, සංස්ථාවලයි, පෞද්ගලික අංශයෙයි වතු කම්කරුවොයි සියලූ දෙනා එකතුවෙලා එක සංවිධානයක සටන් කළොත් ඔවුන් කියයි එහෙම සංවිධානයක් අපි පිළිගන්නෙ නෑ කියලා. අපිට එහෙම සංවිධානයක් ලියාපදිංචි කරන්න බෑ කියයි. අපට ඒ ලියාපදිංචියෙන් වැඩක් නෑ. ඔවුන්ගෙ ලියාපදිංචිය බලාගෙන නෙවෙයි අපි වැඩකරන්නෙ. අපිට එක්ව සටන් කරන්න, ජයග‍්‍රහණ ගන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. ඒක ඇත්ත පීඩිතයන්ගෙ, කම්කරුවන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා හිමිකර ගතයුතු තත්වයක්.

අපි දේශපාලනය කරන්නෙ දෙන ලද තත්වයන් යටතෙ නෙවෙයි. අපට ඔවුන් පනවා ඇති සීමා ඇතුළෙ ඉන්න අවශ්‍යතාවක් නෑ. ධනවාදය පෙරළා දැමීමේදී මොන ක‍්‍රමවේදය ද පීඩිත ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් ජයග‍්‍රහණ ගෙන එන්නෙ මොන අරගල ක‍්‍රමයද කියන එකයි අප සොයා බලන්නෙ.