ගුවන්විදුලියෙන් මාව අයින් කළා – කුමාරදාස සපුතන්ත‍්‍රි

  • ආණ්ඩු පෙරළියෙන් පස්සේගුවන්විදුලියෙන් මාව අයින් කළා

    -කුමාරදාස සපුතන්ත‍්‍රි

Kumaradasa-Saputhanthri

බේරුවල වලතර මහ විද්‍යාලයේ  මූලික අධ්‍යාපනය ලැබූ ඔහු සරසවියට පිවිසුනේ 1975 දී ය. ශිෂ්‍ය දේශපාලනයෙන් පන්නරය ලැබූ ඔහු පසුව නිර්මාණ ජීවිතය තෝරාගත්තේය.  කාව්‍ය නිර්මාණකරුවකු ලෙස පාසල් ජීවිතයේ සිට ඇති හැකියාවන් වර්ධනය කරගෙන 70 දශකයේ කවියකු බවට පත් වූයේය. සුදර්ශි කලායතනයේ දී කලාකරුවන් දැන හඳුනාගෙන පසුව ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහන්වලට පද රචනාවලින් සම්බන්ධ විය. ගී පද රචකයකු වීමේ මාවත ඔහුට විවර වූයේ එසේය. රෝහණ වීරසිංහ විසින් සිය පළමු නිර්මාණයකට සංගීත නිර්මාණය කිරීමේ සිට අද දක්වා විවිධ ගායක ගායිකාවන්ට, සංගීතඥයන්ට ගී නිර්මාණ වෙනුවෙන් ඔහු ගැළපූ පදවැල් දහස් ගණනකි.
මේ නිර්මාණකරුවාගේ නිර්මාණ ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ‘රන්මලක් පුබුදින්නේ’ මැයි 8 වැනිදා මහරගම යොවුන් රඟහලේදීය.

මුලින්ම සපුතන්ත‍්‍රී කියන කවියා ගීත රචකයෙක් වීමේ වෙනස ගැන අපට කියන්න.
ගීත රචකයෙක් වෙන්න නම් කවියකු වීම අවශ්‍ය වෙනවා. ඒක ගී පද රචනාවේදී පහසුවක්.  භාෂාව හැසිරවීමේදී රිද්මයන් ආරක්ෂා කිරීමේදී සහ විවිධ අලංකාර සහිතව පද ගැළපීමේදී කවියකුට හිමිවන ප‍්‍රවීණත්වය වැදගත්.
පද රචනය කරද්දි විවිධ පැති හිතන්න වෙනවා. සමහර විට ගායනා කරන ශිල්පියා ගැනත් හිතන්න වෙනවා. කවියට සීමාවක් නෑ. තේමාවේ, වස්තු විෂයේ අවශ්‍යතාවය තරම් දිගු විය හැකියි. නමුත් ගීතයක් වඩා දිග වියයුතු නෑ. කෙටියෙන් පවතින තරමට ගීතය අපූරුයි. සාමාන්‍යයෙන් මිනිත්තු තුනහමාරක් ගැයෙන ගීතයක සංගීතයට අමතරව ගායනයට මිනිත්තු දෙකක් දෙකහමාරක් තියෙන්නෙ. වචන සීමිත වියයුතුයි, පල්හෑලි ලියන්න බෑ. කවියට ගොඩක් දේවල් කරන්න නිදහස තියෙනවා. ගී පද රචනයට එහෙම නිදහස අඩුයි.

  • කේමදාස මාස්ටර් වගේ කෙනෙක් කීවෙ මිනිත්තු ගාණක ගී නිර්මාණයක සිරවිය යුතු නෑ කියලයි. නමුත් ඔබ ඉන්නෙ මිනිත්තු තුනහමාරේ ගීත සීමාව තුළද?

කේමදාස මාස්ටර් කියන විදියේ ගීත නිර්මාණය කළාට වරදක් නෑ. නමුත් ගීතයක් රසවිඳීමෙදි ඒක දිගු වුණොත් රසිකයාටම ඒක දුරස් වෙන්න පුළුවන්. කෙටියෙන් තිබෙන ගීතයක රසය වැඩියෙන් පවතිනවා. පර්යේෂණාත්මකව වෙනස් දෙයක් කරන්න මාස්ටර් උනන්දු වූ බව අපි දන්නවා. නමුත් ඒ විදියටම ගීත නිර්මාණය කරන්න අමාරුයි.

ටෙලිනාට්‍ය, චිත‍්‍රපට, වේදිකා නාට්‍ය ආදී කලා මාධ්‍යවලදි ඒක කරන්න හැකියාවක් තියෙනවා. නමුත් සරල ගීය, ඒ කියන්නෙ ගුවන්විදුලි ගීතය වගේ අවස්ථාවකදි මිනිත්තු තුනහමාරක ගීතය තමයි වඩා නිර්මාණාත්මකව ප‍්‍රබල වෙන්නෙ. එහිදී කෙටියෙන් ගීතය අහලා වෙනත් අංගයකට යන්න  ඕන. මව්ගුණ, දේශාභිමානී, පේ‍්‍රම ගීත දෙකක් තුනක් වශයෙන් ගීත හයයි ලියන්න වෙන්නෙ. යම් වට්ටෝරුවක් තියෙනවා. සමහර අය මේක නොසලකා මුළු කාලයම පේ‍්‍රම ගීතවලට වෙන්කරනවා.
මේ අතර 70 දශකයේ තිබුණු උදා ගී වැනි යම් ප‍්‍රචාරක අදහසක් තියෙන ගී පද රචනාත් යොදාගනු ලැබුවා.

භාෂාව ගීත රචකයකුට වැදගත්. නමුත් භාෂාව ලේඛකයකුට අවශ්‍ය තරමට දැනගන්න එක අභියෝගාත්මක කාර්යයක්. ඔබේ බාල කාලයේ ඒ සඳහා ලැබුණ යම් බලපෑමක් අනුග‍්‍රහයක් තිබෙනවද?
ඇත්තටම මගේ ගුරුතුමියක් හිටියා. කරුණා සුබසිංහ කියන මගේ සිංහල ගුරුවරිය මට සිංහල භාෂාව ඉගැන්වුවා විතරක් නෙවෙයි, මගේ නිර්මාණ අගය කළා.

  • ඇගේ ඒ පිටුබලය විසින් තමයි මගේ නිර්මාණ ජීවිතයේ ආරම්භක අවස්ථාව ශක්තිමත් වුණේ. මට දැන් අවුරුදු හැත්තෑ ගණනක්, නමුත් ඇය තවමත් මගේ නිර්මාණ අහනවා, කතාබහ කරනවා. අගය කරනවා.

    අපේ කාලයේ නිර්මාණකරුවන් ලෙස, සපුතන්ත‍්‍රීලා රත්න ශ‍්‍රීලා රෝහණ වීරසිංහලා ඉන්නවා තමයි. නමුත් ඉදිරි අනාගතයේ නිර්මාණකරුවන්ට එවැනි අත්වැලක් ලැබෙනවා කියලා ඔබ හිතනවද?

ඒක ස්ථිරව කියන්න අමාරුයි, නමුත් අපි බලා ඉන්නවා, නිර්මාණකරුවන් බිහිවෙන දිහා බලාපොරොත්තු ඇතිව. සිංහල භාෂාව හා සාහිත්‍ය ඉවත්කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වෙන දේවල් තිබෙනවා. වර්තමාන පරම්පරාව ඉංග‍්‍රීසි බසින් හෝ වෙනත් බාහිර මූලාශ‍්‍රවලින් තමයි සාහිත්‍ය ඇසුරු කරන්නෙ. අපේ සම්ප‍්‍රදායන්, කලා සාහිත්‍යයන් ඇසුරු කරන්න ඒ අයට අවස්ථාවක් නෑ.

කලාකරුවන් ගොඩනැෙඟන්නෙ යම්කිසි සමාජයක, භාෂාව, සංස්කෘතිය හා ඉතිහාසය සමඟයි. මේ සියල්ල ඈත් වෙමින් තිබෙන සමාජයක මොන තත්වයන් ගැනද අපට කතා කරන්න වෙන්නෙ. බටහිර දේවල් අපේ සමාජය විසින් ශීඝ‍්‍රයෙන් වැලඳගන්නවා. මේ නිසා විනාශයක් වෙන්න පුළුවන්.

හැබැයි දැන් ඉගෙන ගත්ත ළමයි, කවියො ප‍්‍රමාණයක් බිහිවී ඉන්නවා. ඒ අය මොනවා හරි නිර්මාණාත්මක යමක් කළොත් තමයි. නැත්නම් රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය තුළ අහන්න දකින්න ලැබෙන නිර්මාණවල නම් නිර්මාණාත්මක අගය හරිම අඩුයි. ගීත පනහක් ඇහුවත් එකක් ඇහුවා වගෙයි. තේමාවෙන්, අත්දැකීම් පරාසයෙන් හරිම පටු තැනක තියෙන්නෙ. නව පරපුරේ නිර්මාණ හැටියට පද රචනා ලියවෙන්නෙ නෑ. පද රචකයෝ අලූතින් යමක් ලියන්නෙත් නෑ.

අතීත සම්ප‍්‍රදායන් තුළින් තමයි නව්‍යත්වයට පාර කැපෙන්නෙ. සම්ප‍්‍රදාය ආරක්ෂා කරන්නත් ඉදිරි පරපුරට දෙන්නත් වෙන්නෙ නිර්මාණකරුවන්ගේ මැදිහත් වීමෙන්.  අද පරපුරට මේ සම්ප‍්‍රදායන් හිමිකර දෙන්නට නොහැකි බාධාවන් තිබෙනවා නේද?

  • දැන් මම ගුවන්විදුලියේ කළෙත් ඔය සම්ප‍්‍රදායන් සංරක්ෂණය කිරීමේ කාරියක්. ගුවන්විදුලියේ පරණ තැටි සහ ගී කැසට්පට සංරක්ෂණය කරලා සිඞී බවට පත්කර ජනයා අතට පත්කිරීමේ ක‍්‍රමයක් පවත්වාගෙන ගියා. ඒ කාර්ය නිසා ගුවන්විදුලියේ විශාල නිර්මාණ ප‍්‍රමාණයක් සදහටම විනාශ වී යාමේ අනතුරින් මුදාගන්න පුළුවන්.

ඒක එක පැත්තක්. නමුත් නිර්මාණ පැත්තෙන් හෝ ලියන දේ තුළින් සම්ප‍්‍රදාය අධ්‍යයනය හා සංරක්ෂණය කිරීම වගේම ඉදිරි පරපුරට ගෙනයාම අමාරු වැඩක්. ඒක ලේඛකයන්ගෙත් වගකීමක්.
දැන් අපට මතක විදියට හැත්තෑව අසූව දශකවල විශාල ගී නිර්මාණ ප‍්‍රමාණයක් බිහි වුණා. ඒවා කැසට්පට හෝ තැටි ලෙස නිකුත් වුණා. ඒ නිර්මාණ අහනකොට දැනෙන රසය හා විවිධත්වය අද බිහිවන නිර්මාණ තුළ දකින්න ලැබෙන්නෙ නෑ. ඒක වෙනස් කරන එක තමයි අද නිර්මාණකරුවන්ගෙ අභියෝගය.

  • කැසට් හෝ සීඞී නිෂ්පාදන හරහා ගීත බිහිවන ක‍්‍රියාවලියම වාණිජ කටයුත්තක්. ඒක වළක්වන්න බෑ. නමුත් එහෙම නිකුත්කරන සීඞී අලෙවි කරන ක‍්‍රමයෙන් රසිකයාට මෙන්ම නිර්මාණකරුවන්ටත් සාධාරණයක් නෑ. ගී පද රචනාව කොතරම් අමාරුවෙන් කළත්, සංගීත නිර්මාණකරුවා හෝ ගායන ශිල්පීන් ශ‍්‍රමය වැය කළත් ඒ නිර්මාණවල තත්වය බාල කරමින්  බාල සංයුක්ත තැටිවල රුපියල් සීයට නිර්මාණ අලෙවි කරන තත්වයක් තිබෙනවා නේද?

ඕක ලොකු ප‍්‍රශ්නයක්. මම නම් කතාකරන්නවත් කැමැති දෙයක් නෙවෙයි. මොකද මුදල් සම්බන්ධ ප‍්‍රශ්නයක් නිසා. අපි නිර්මාණ කරන්න වෙහෙසවෙලා සීඞී තැටියක් වෙළෙඳපොළට දැම්මම ඒ සැණින් ව්‍යාජ පිටපත් වෙළෙඳපොළට එනවා. දැන් හැම ගෙදරකම කොම්පියුටරයක් තියෙනවා. ඒ නිසා බොහෝ අවස්ථාවලදි රසිකයන්ට තමන් කැමැති නිර්මාණ හොයාගෙන රසවිඳීමේ ආකෘති හදාගන්න
පුළුවන්. සීඞී එකකට රුපියල් හයසීයක් දාහක් දෙනවට වඩා කැමැති ගීත තෝරාගෙන ඒවා ගබඩා කරගෙන රසවිඳීමේ තාක්ෂණයක් තිබෙනවා. ඒ නිසා සිඞී අලෙවියෙන් නිර්මාණකරුවන්ට අපේක්ෂා කරන වාණිජ ප‍්‍රතිලාභය හිමිවන්නේ නෑ. ඇතැම් විට කලාතුරකින් එහෙම ප‍්‍රතිලාභයක් ලැබෙන්නෙත් දිගු කාලයක් ගෙවුණම.
අනෙක් පැත්තෙන් ගායන ශිල්පීන් විවිධ ප‍්‍රසංගවලට යනවා. රට තුළ මෙන්ම විදේශීය රසිකයන් සංවිධානය කරන ප‍්‍රසංගවලදි ඔවුන් යම් වටිනාකමක් හිමිකරගන්නවා.
ඒත් බොහෝ අවස්ථාවලදි ගී පද රචකයාට හෝ සංගීත නිර්මාණකරුවන්ට සාධාරණයක් වෙන්නෙ නෑ. නමුත් මා දන්නා ඇතැම් ගායක ගායිකාවන් අපේ ගී පද රචනා පිළිබඳ සඳහන් කරනමින් තමන්ගෙ ප‍්‍රසංගවල කටයුතු කරනවා. ඒ බොහෝ අවස්ථාවලදි ගෙවීමක් ලැබෙන්නෙත් ගායක ගායිකාවන්ට පමණයි. මේ තත්වය වෙනස් කරන්න ඒ සියලූ නිර්මාණකරුවන් වගකිවයුතු මැදිහත්වීමක් කළ යුතුයි.

ගායනයට වගේම ගීත රචකයන්ට සංගීත නිර්මාණයට ගෙවීමක් කරන ආකාරයේ ක‍්‍රමවේදයන් ගැන කලාකරුවන්ගෙ සංවිධානවලින් නඟන හ`ඩ තවම ප‍්‍රමාණවත් නෑ. දැන් අපේ සමහර ගායක ගායිකාවන්ට ලංකාවෙ ප‍්‍රසංගයකදි රුපියල් ලක්ෂ එකහමාරක් දෙකක් ලැබෙනවා. ඒ මුදල තීරණය කරන්නෙ ඔවුන් විසින්. නමුත් පද රචකයන් හා සංගීතඥයන් වෙනුවෙන් ගෙවීමක් කරන්න ක‍්‍රමයක් සකස් වෙලා නෑ. විදේශ ප‍්‍රසංගවලදි ඩොලර්වලින්, පවුම්වලින් ගෙවීම් ලැබෙන්නෙ. නමුත් පද රචකයා සහ සංගීත නිර්මාණකරුවා ගෙවීම් ලබන්නෙ නෑ. මේ තත්වය විශාල පීඩාවක් ලෙස තිබෙනවා.

  • ගීත රචනා බිහිවීමේ වර්ධනයක් නැති තත්වයක් ඔබ කිව්වා. යම් මුදලක් නැතිව කලාකරුවකුට සිය කලාව පවත්වාගෙන යාමේ පැවැත්මක් ඇති වෙන්නෙ නෑ නේද?

ජීවත්වීමට මිනිස්සුන්ට මුදල් අවශ්‍යයිනෙ. අපේ රටේ බොහෝ ගීත රචකයන්, එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් අය වෘත්තිය ගීත රචකයන් නෙවෙයි. ඒ නිසා ඒ අය ලියන දේට යම් ගෙවීමක් ලැබෙනවා නම් ඒක වටිනවා. ඔවුන්ගෙ කලාත්මක නිර්මාණකරණයට කරන අනුග‍්‍රහයක්.
මා දන්න අතීතයේ 70 දශකයේ විතර ගී පද රචනාවකට  ගෙවීමක් කළේ රුපියල් සීයයි. ඒත් දැන් ඒක රුපියල් පන්දාහක් හයදාහක් වෙලා. කලාතුරකින් දහදාහක් ගෙවනවා. නමුත් ඒ 70 දශකයේ රුපියල් සීයක් තරම් වටිනාකමින් යුක්තද? දැන් නිර්මාණකරුවකුට හිමිවන ගෙවීම තුළින් ඒ නිර්මාණකරුවාගේ හැකියාව නිසි ලෙස තක්සේරු වෙනවා යැයි හිතන්න අමාරුයි.

  • ගීත රචනා විශාල ප‍්‍රමාණයක් බිහිකළ පද රචකයකු ලෙස ඔබ ‘රන් මලක්’ ප‍්‍රසංගය වෙනුවෙන් නිර්මාණ සමුච්චයක් තෝරාගත්තෙ මොනවගේ ක‍්‍රමයකින්ද?

මේ ප‍්‍රසංගය කරන්න කියලා මට ඉල්ලීමක් ලැබුණෙ පහුගිය කාලෙ ආණ්ඩු පෙරළියත් එක්ක ගුවන්විදුලියේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයෙන් මාව ඉවත් කළාට පස්සෙ. නිකම්ම ඉන්නෙ නැතිව ප‍්‍රංසගයක් කරමු කියන යෝජනාවත් එක්ක බණ්ඩාර ඇහැළියගොඩ, බන්දුල නානායක්කාරවසම්, රෝහණ වීරසිංහ වගේ පිරිසකගේ තේරීමක්. අලූත් ගීත නෙවෙයි. ජනතාව අහලා රසවිඳින ගීත ලබාදෙන්න තමයි මම උත්සාහ කළේ.

සුනිල් එදිරිසිංහ, එඞ්වඞ් ජයකොඩි, දීපිකා ප‍්‍රියදර්ශනී කියන ගායන ශිල්පීන්ගෙ ගීත තමයි මෙහිදී ඉදිරිපත් වෙන්නෙ. පළමුවැනි අදියරෙන් පස්සෙ ප‍්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් තිබෙනවා. නොංචි කෝලමේ චරිතයක් ඉන්නවා පනික්කලේ කියලා. මේ චරිතය යොදාගෙන ආරියරත්න කලූආරච්චි, රොඞ්නි වර්ණකුල ඇතුළු ශිල්පී ශිල්පිනියන් පිරිසක් මේකට දායක වෙනවා. ඉන්පස්සෙ නැවතත් ගීත ගායනා ඉදිරිපත් වෙනවා.
මෙම ප‍්‍රසංගයේ විශේෂත්වය තමයි බොහෝ ශිල්පීන් හා දායකත්වය සපයන වැඩි දෙනෙක් ස්වෙච්ඡුාවෙන් මේකට අනුග‍්‍රහය දැක්වීම. වාi වෘන්දයේ ශිල්පීන්ට වෘත්තීය පදනමින් පමණයි යම් ගෙවීමක් කරන්න වෙන්නෙ. අනෙක් සියල්ලම වගේ මේ ප‍්‍රචාරක කටයුතු ජනමාධ්‍ය අනුග‍්‍රහය සියල්ල මා වෙත ලබාදෙන හැමදෙනාටම මගේ කෘතඥතාවයත් මේ සමඟ පිරිනමනවා.