Love කරන්න බැරි Park

DSC01588”උදේම විහාරමහාදේවී උද්‍යානය පැත්තේ ගියේ ඒකේ අපූරුව බලන්න. ඉස්සර වටේට වැට ගහල, සිකියුරිටි දාලා, ගාඞ් කරලා තිබුණු උද්‍යානය දැන් නම් එකම නිදහස් කලාපයකි. දැන් කුඩුකාරයෝත් ගංජාකාරයෝත් නැත. පෙම්වතුන් ද මුලූමුලූවල නැත. ඒත් හැමෝටම උද්‍යානය නිදහස්ය. මේක කොළඹ නගරයේ අසිරියකි.”

මේ මුහුණු පොතේ තිබුණු සටහනක්. රාත‍්‍රියට හරි අපූරුවට විදුලි බුබුළුවලින් ආලෝකමත් වෙච්ච ගෙන්දගම් පොළොව මැද්දේ තියෙන හරි අපූරු භූමියට පහුගිය කාලෙදි අමුතු අමුතු විච්චූරණ ගොඩාක් එකතු වුණා. දැක්කහම හරිම ලස්සනයි. හරිම අපූරුයි. ලස්සනට තණකොළ වවල, ඒ තණකොළ හරි ලස්සනට කපල, වටේටම බංකු හයි කරල, දැක්කම ආසාවේ බෑ.
මේ කියන අපූරුව විඳගන්න දවසක් අපි කොළඹ විහාරමහාදේවී උද්‍යානයට ගියේ කට්ටියත් එක්ක පොතක් රස විඳල, දවල්ට කෑමත් කාලම ගෙවල්වලට යන අදහසින්. කොහොම හරි මේ උද්‍යානයට ඇතුළු වුණාම අර මුලින් කියපු සුන්දරත්වය ඇත්තටම අපේ හිත්වලටත් දැනුණා. ඒ අපූරු වින්දනයත් එක්කම අපේ කට්ටිය මහ ගහක සෙවණ යට හරිබරි ගැහිල වාඩි වුණේ කලින් කියල තිබුණු විදියට, කලින්ම කියවල ආපු ඒ නවකතාව ගැන අලූත් මානයකින් සාකච්ඡුා කරන්න.

අපේ සාකච්ඡුාව ආරම්භ කළා විතරයි, පොත් රසවින්දනයට එහා ගියපු අත්දැකීමකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. දිග බැනියම් කලිසමකින් හා ටී-ෂර්ට් එකකින් සැරසිලා සුදු පාට තොප්පියක් දාගත්ත කෙනෙක් අපි ළඟට හිමින් හිමින් කිට්ටු වුණා. ඔහුගේ දෑස් රැුඳිල තිබුණේ වෙනතක වුණාට, ඔහුගේ අවධානය තිබුණෙ අපි ගැන කියල තේරෙන්න අපිට වැඩි වෙලා ගියේ නෑ. කොහොම හරි ටික වෙලාවකින් අපි ළඟටම ආපු මේ පුද්ගලයා අපෙන් ඇහුවා ‘ඔයාල කවුද? මොනවද මෙතන කරන්නෙ?’ කියල. ඔහුගේ ප‍්‍රශ්න අපිට අදාළ නැති බව අපි ඔහුට ඇඟවුවාම ඔහු කියපු දේ තමයි ’මම අහවල් රෙජිමන්ට් එකේ සාජන් කෙනෙක්, මම තමයි මේ පාර්ක් එකේ සිකියුරිටි එකට දාල ඉන්න සිවිල් ආරක්ෂක බලකායේ කට්ටියව මෙහෙයවන්නේ, මට ඔයාල ගැන දැනගන්න අයිතියක් තියෙනව’ කියල. කොහොමින් කොහොම හරි දිගින් දිගටම අපේ අයිතියත් ඔහුගේ අයිතියත් රාජපක්ෂ පාලනයත් යහපාලනයත් ගැන අපි අතර දිගු කතාබහකින් පස්සේ අපි කවුද කියල දැනගත්ත ඔහු යන්න ගියා.
සිදුවීම එතනින් අවසන් වුණේ නෑ. දහවල් වන විට අර අපිත් එක්ක ආරෝවට ආපු පුද්ගලයා වගේ තවත් පුද්ගලයන් උද්‍යානයේ දහවල් ආහාර ගැනීමට සූදානම් වූ පිරිස් වෙත බලපෑම් කරනව දැක්ක. ඒ විතරක් නෙමෙයි පෙම්වතුන් යැයි ඇඟවෙන පිරිස් උද්‍යානයෙන් ඉවත් කරන්න ඔවුන් බොහෝ සේ වෙහෙසෙනවා අපි දැක්ක. මේ තමයි අර මුලින් කියපු හරි අපුරු උද්‍යානයේ ඇත්ත කතාව.

කොළඹ මහනගර සභාවට අයත් විහාරමහාදේවී උද්‍යානය නඩත්තු කිරීම් හා පරිපාලනය භාරව වෙනම අංශයක් පිහිටවල තියෙනවා. ඒ කොටස අයත් වෙන්නේ කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර අංශයට. ඒ අනුව විහාරමහාදේවී උද්‍යානයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ කොළඹ මහනගර සභාව විසින්. නමුත් මීට පෙර එහි පූර්ණ අයිතිය හිමිකරගෙන තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ උද්‍යානයට ඍජුවම මැදිහත් වූ බව කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර ඒකකයේ කෙනෙක් අපිත් එක්ක කිවුවා.

එහිදී ඔහු අවධාරණය කරපු කාරණාවක් තමයි ඒ කාලයේදී කාටවත්  ඕනෙ  ඕනේ විදියට මේ උද්‍යානයේ කටයුතු කරන්න ඉඩ දුන්නේ නෑ කියන කාරණාව. ඍජුවම හමුදා නිලධාරීන් මෙහි කටයුතු වෙනුවෙන් මැදිහත් කර තිබුණු බවත් ඔවුන්ගේ හමුදා පාලනය මේ උද්‍යානය පුරා පතුරුවමින් සිටි බවත් ඔහු පැවසුවා.

වර්තමානයේදීත් මේ උද්‍යානයේ පිරිසිදු කටයුතු වෙනුවෙන් යොදා තියෙන්නේ සිවිල් ආරක්ෂක අංශය. ඒ සිවිල් ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙහි පිරිසිදු කටයුත කෙරෙන අතර ඔවුන් අධීක්ෂණය කරන්න හමුදා සැරයන්වරුන් කිහිප දෙනෙක් නිරතුරුවට මේ උද්‍යානයේ එහෙ මෙහෙ සැරිසරනවා. මේ කියන හමුදා සැරයන්වරුන් තමයි අර අපි මුලින් කියපු විදියේ මැදිහත්වීම් සිදු කරන්නේ.

කෙහොම වුණත් මේ වගේ උද්‍යානවල මෙවැනි නීති රීති අනුගමනය කිරීම කොයි තරම් බලපෑම් සහගතද යන්න ගැඹුරින් විමසිය යුතු කාරණාවක්. සාමාන්‍යයෙන් රටක උද්‍යානයක් සකස් කරන්නේ පොදු මහජනයාගේ මුදලින්. ඒ කියන්නේ මහජනයා විසින් රජයට ගෙවන බදු මුදලින් තමයි මේවා ඉදිකරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේවා නඩත්තු කරන්නේත් ඒ කියන මහජනයාම තමයි. හැබැයි ගැටලූව තියෙන්නේ මේ උද්‍යාන ඉදිකරන, ඒවා නඩත්තු කරන මහජනයාට මේ වරප‍්‍රසාද නිසි පරිදි භුක්ති විඳීමට පාලකයන් ඉඩ ලබා නොදීම.

සාමාන්‍යයෙන් පෙම්වතුන්ට පෙම්සුව විඳීමට නිදහස  ඕනෑම රටක තිබිය යුතු අංගයක්. (එකී නිදහසේ සීමාවන් අතික‍්‍රමණය නොකිරීම පෙම්වතුන්ගේ වගකීමක්.* ඒ විතරක් නෙමෙයි සිය විවේකය තවෙකකුගේ බාධාවකින් තොරව විඳීමේ නිදහසත් ඒ වගේම සියලූ පුරවැසියන්ට හිමි විය යුත්තක්. නමුත් අපේ රටේ මහ ඉහළින් සංවර්ධනය වූ බව පවසන අගනගරයේ ප‍්‍රධාන උද්‍යානය තුළ කිසිදු රටවැසියකුට එකී නිදහස හිමිවන්නේ නෑ. ඒ නිදහස රාජ්‍යයේ මිලිටරීකරණයෙන් වසා දමා අවසන්.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී මෙකී මිලිටරීකරණය සම්බන්ධයෙන් විවිධ චෝදනා ගණනාවක් එල්ල වුණා. ඒ කාලයේ දී මේ විහාරමහාදේවී උද්‍යානයේ පමණක් නෙමෙයි, බත්තරමුල්ල දියත උද්‍යානයේ, පාර්ලිමේන්තු ක‍්‍රීඩාපිටිය ආසන්න ප‍්‍රදේශයේ මෙවැනි තත්වයන් දිගින් දිගටම දකින්නට ලැබුණා. නමුත් මේ රාජපක්ෂ මිලිටරීකරණයට විරුද්ධව යහපාලන බෝඞ් එක එල්ලගෙන ආපු වත්මන් රජයත් රජපක්ෂ මිලිටරීකරණයට දෙවෙනි වෙන්නේ නෑ. ඔවුන් යහපාලන බෝඞ් එකට මුවාවෙලා පහුගිය
කාලයේ දී ඔවුන් විසින් විවේචනය කරපු මිලිටරීකරණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා.
කෙහොම වුණත් මේ සියල්ල මහජන මුදලින් නඩත්තුවන ස්ථාන. එහි ආරක්ෂාව, අලංකාරය නිසියාකාරයෙන් පැවතිය යුතු සේම එම ස්ථාන ඉදිකිරීමේ අපේක්ෂාවන් ද රට තුළ ක‍්‍රියාත්මක විය යුතු බවයි. එහෙමත් නැත්නම් සිද්ධ වෙන්නේ හරියට ගේ ඇතුළෙ හදපු මහා වෙසක් කූඩු රාජයාට වෙච්ච ඉරණමමයි. ‘හරි අපූරු, අලංකාර, තේජාන්විත, උද්‍යානයක් අපට ඇත. අපි ඒවා ඉතා පරෙස්සමින් තබා ඇත’ යනුවෙන් සැනසීමට පමණයි.

අවන්ත ඉඩමේගම