නිර්මාල්ට පහර දුන් පොලූතවමත් එසැවී තිබේ

නිර්මාල් රංජිත් දේවසිරි

නිර්මාල් රංජිත් දේවසිරි සරසවි ඇදුරෙක් වශයෙන් තමන්ගෙ පාඩුවේ විශ්වවිiාලයට වෙලා පොතක් පතක් බලාගෙන හිටියා නම් පහර කන්නේ නැත.

ඔහු රාජපක්ෂ පාලනයට එරෙහිව නැඟී සිටියේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ පරිසරයක් මේ රටේ ජනතාවට අවශ්‍ය බව කල්පනා කළ නිසාය. ඔහු තෝරාගත්තේ රාජපක්ෂ පාලනය අවසන් කරමින් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් විවර කිරීම වෙනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමේ සමාජ ක‍්‍රියකාරිත්වයයි. කොළඹ විශ්ව විiාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් මෙන්ම ඔහු විශ්ව විiාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති වශයෙන් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළේය. සරසවි ඇදුරන්ගේ වැටුප් අරගලයේ දී රාජපක්ෂ පාලනයට අභියෝග කළ නිසා ඔහු රාජපක්ෂවාදීන්ගේ වෛරයට ලක් විය. එහෙත් ඔහු සුපුරුදු පරිදි පහරදීමේ ඉලක්කයක් නොවන්නට ඇත්තේ එය අවාසිදායක තේරීමක් බව රාජපකෂ්වාදීන් වටහාගෙන තිබුණු නිසාය.

නිර්මාල් රාජපක්ෂ රෙජීමය පිළිබඳ මුලින්ම කළ අර්ථකථනවල දැක්වුණේ එය අර්ධ වැඩවසම් අර්ථ ධනවාදී ෆැසිස්ට් පාලනයක් ලෙසයි. විවිධ ප‍්‍රාදේශීය බල තන්ත‍්‍ර විසින් පවත්වාගෙන යන ප‍්‍රාදේශීය කල්ලි සහ ජනාධිපතිවරයාගේ විධායක බලය යටතේ රාජ්‍ය මැර කල්ලි බවට පරිවර්තනය වූ රජයේ ආරක්ෂක අංශ ඒකාබද්ධව මර්දන යාන්ත‍්‍රණයක් ගොඩනඟා තිබේ. මෙයට එකවර අභියෝග කරන්නට යාම අතිශය අනතුරුදායකය. ඒ නිසා මෙම පවුල්වාදී පාලන තන්ත‍්‍රයේ අභ්‍යන්තර පිපිරුම් නිර්මාණය වී එය ඇතුළතින්ම ගරා වැටෙන්නට නියමිත අවස්ථාවක් දක්වා ප‍්‍රතිප‍්‍රහාර දැක්වීම ප‍්‍රමාද කළ යුතුය. ඒ නිසා නිර්මාල් එක්තරා කාලයක කීවේ තව අවුරුදු 15 ක් යනතුරුවත් මේ තත්වය ඉවසා ඉන්නට අපට සිදුවන බවකි. එහෙත් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගැටුම් යනු විවිධ දේශපාලන  ඕපදුප රචකයන් විසින් නිර්මාණය කළ ඒවාය. ඒවා සැබැවින්ම බල දේශපාලනයේ ඉහළ අවධියට ගෙන එන තත්වයක් ගැන විශාල අපේක්ෂා රාජපක්ෂ පාලනය බිඳ වැටීමේ අපේක්ෂාවෙන් සිටි බලවේග තුළ විය. ඇත්ත වශයෙන්ම නිර්මාල් එවැනි අභ්‍යන්තර පිපිරීමක් ගැන පුරෝකථනය කළේ මර්දනකාරී බලයක් හා අභිමුඛ වීමේදී සමාජයට අවම හානි ඇතිවන ආකාරයෙන් සිදුකරගැනීමේ ප‍්‍රාර්ථනාවෙන් බවට සැක නැත.

එහෙත් එවැනි විරාමයක් ගන්නට සමාජ බලවේග සූදානම් වූයේ නැත. රාජපක්ෂ පවුල් පාලනය නොකඩවා වැඩ කරමින් වංචා දුෂණවල නිරත වන්නටත් බලය තවදුරටත් තහවුරු කරගැනීමේ පියවර තබන්නටත් විය. ගෝඨාභයගේ මර්දන යන්ත‍්‍රය මේ අතර සකී‍්‍රය වූයේ ආණ්ඩු විරෝධීන් දඩයම් කිරීමටය. රාජපක්ෂට අභියෝග කළ ජනාධිපති අපේක්ෂකයාගේ සිට සාමාන්‍ය වැසියා දක්වාත් පහළ රජයේ සේවකයාගේ සිට අගවිනිසුරු දක්වාත් පළිගැනීමට ලක් විය.

එවැනි මර්දනකාරී පාලනයක් වහා පෙරළා දමන්නට අවශ්‍ය බව සමාජ මතයක් ලෙස තහවුරු වනවිට සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සටන් පාඨයට වැදගත්කමක් හිමි විය. එක්සත් ජාතික පක්ෂය නායකත්වය වෙනුවෙන් බල පොරයක නිරතව සිටි නිසා ජන සමාජයේ අවධානය සෝභිත හිමියන් ඇතුළු සිවිල් ක‍්‍රියාකාරිකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ අරගලයකට සංකේන්ද්‍රණය විය. විපක්ෂයේ දේශපාලන නායකයන් පවා ඒ වෙත ආකර්ෂණය වූ අතර බලය සඳහා යන ගමනේදී මේ ඒකරාශිවීම පාවිච්චි කළ හැති බවට එක්සත් ජාතික පක්ෂයේ මැන බැලීම විය.

නිර්මාල් කී 15 වසර පස්වසරක් වන්නටත් පෙරාතුව රාජපක්ෂ රෙජීමය ඒ ආකාරයෙන් පෙරළා දමන්නට හැකි විය. මේ අරගලයේ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් අතර ප‍්‍රමුඛයකු වූයේද  නිර්මාල්ය. වරක් තමන් පැවසූ දේ සම්බන්ධ සමාලෝචනය කරමින් නිර්මාල් කීවේ අවුරුදු 15ක් යනුවෙන් තමන් තක්සේරු කළේ ඒ අවස්ථාවේ පැවැති සමාජ වටපිටාව විසින් තමන්ට ඇඟ වූ යථාර්ථය බවය. එහෙත් පසුව ඇති වූ වෙනස් තත්වයන් විසින් ඊට වඩා වෙනස්කම් නිර්මාණය කරමින් රාජපක්ෂ රෙජීමය පෙරළා දමන්නට බලවේග ඒකරාශීවන අවස්ථාවේ තමන් ඊට එකතුවන්නට තීරණය කළ බව නිර්මාල් කියා සිටියේය.

පහර කෑමට ඔහුට සිදුවූයේ ජාතික නිදහස් පෙරමුණේ මැයි දින රැුලිය නැරඹීමට ගිය අවස්ථාවේදීය. විමල් වීරවංශ ඇමැතිකම් කරන විට ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ විශාල පිරිසකට ආණ්ඩුවෙන් විවිධ වරදාන හිමි විය. වීරවංශට ඇමැතිකම අහිමිවීමට සමාන්තරව ඒ වරප‍්‍රසාද පවා අහිමි වීම නිසා අසහනකාරිත්වයක් ඇතිවීම වළක්වන්නට නොහැකිය. ඒ නිසා ඔවුහු රාජපක්ෂ රෙජීමයේ පරාජයෙන් බැට කෑහ. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණේ ආධාරකරුවන් රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට පෙරමුණට ආ බොහෝ සමාජ ක‍්‍රියාකාරිකයන් හා වෛරයෙන් පසුවන බව රහසක් නොවේ. එවැනි පසුබිමක නිර්මාල් ඔවුන්ගේ මැයි දින රැුලියේ පවසන අදහස් දැනගන්නට එහි ගියේය. ඔහු එහි ගියේ තනිවම නොවේ. මෛත‍්‍රී පාලනය වෙනුවෙන් සමාජ මත දැක්වීමේදී ප‍්‍රමුඛ කර්යභාරයක් ඉටුකළ කුමුදු කුසුම් කුමාර නමැති සහෝදර ආචාර්යවරයා ද ඔහු සමඟ විය.

එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ රටක් යැයි අප තවමත් උදම් අනන තත්වය සැබැවින්ම එසේ නොවන බව මේ සිදුවීමෙන් සනාථ විය. පරාජය කළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලවේග වඩාත් කාර්යක්ෂම ලෙස අහිමි වූ බලය නැවත අත්පත් කරගැනීමේ ව්‍යායාමයක යෙදී සිටී. මහින්ද රාජපක්ෂ වටා ඒකරාශි වෙමින් ජාතිවාදය, ආගම්වාදය හා වෙනත් සියලූ අගතීන් සමඟ ඔවුහු කඳවුරු බඳිති. නිර්මාල්ට වැදුණු පහරවල වේදනාව සමනය කරගන්නට ඔහුට හැකි වන්නේ ජාතිවාදය පරාජය කරන්නට ඔහු ගත් ව්‍යායාමය සඵල වූවායැයි සිතිය හැකි දවසකය. ප‍්‍රහාරය නිසා ඔහුට ඇති වූ කායික මානසික වේදනාව ගැන කිසිදු සමාවක් ප‍්‍රහාරකයන්ට දියයුතු නොවේ. එහෙත් ප‍්‍රහාරකයන් ලෙස ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මැරකම් සහ සිතීමේ සීමාකම් මෙසේ නිරාවරණය වීම වාසිදායකය.

කෙසේ වෙතත් නිර්මාල් රංජිත් මෙන්ම රාජපක්ෂ රෙජිමය පවතිද්දී පහර කෑවුන් දස දහස් ගණනකි. මරාදැමූවන් ගණන් කළ නොහැකි තරම්ය. අබිරහස් ලෙස අතුරුදන් කළවුන් ගැන තවමත් නිසි ලෙස හෙළිදරව් වී නැත. දේශපාලන මතයක් දැරූ වරදට සිරගත කළවුන් තවමත් නිදහස් කර නැත.
වෙනකක් තබා මේ රටේ ජීවත්වීමේ අවදානම නිසා විදේශයන් වෙත පලාගියවුන්ට
සාධාරණය ඉටුකර නැත. විදේශගත දේශපාලන සරණාගතයන් නැවත කැඳවන්නට මෛත‍්‍රීපාල-රනිල් ආණ්ඩුව තවමත් විදිමත් ක‍්‍රියාමාර්ග අරගෙන නැත. නේපාලයේ ආපදාව නිසා එහි සිටි මාධ්‍යවේදීන් ගෙන්වා ගන්නට සිදු විය. එයද නොකර සිටින්නට ආණ්ඩුව සූදානම් වුවද සමාජ මතයක් ගොඩනැඟීමෙන් පසුව ඔවුන් ගෙන්වා ගන්නට සිදු විය. එහෙත් යුරෝපා රටවල සරණාගතයන් ලෙස සිටින ජනමාධ්‍යවේදීන් මෙන්ම ලොව පුරා විසිර සිටින දෙමළ ජාතික සරණාගතයන් නැවත මෙරටට කැඳවන්නට මේ ආණ්ඩුව කටයුතු කර නැත. දේශපාලන හේතු මත ජීවිතය අවදානමට ලක්ව  ඕස්ටේ‍්‍රලියාවට පලා ගිය කුමාර් ගුණරත්නම් කෙරෙහි ආණ්ඩුව දක්වන ස්ථාවරය සැලකූ විට එවැනි අදහසක්වත් නැති බව පෙනී යයි.

ඒ නිසා නිර්මාල් රංජිත්ට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම මුළුමනින්ම ප‍්‍රහාරකයන්ට පමණක් භාරදිය නොහැකිය. ඇති කරන්නට පොරොන්දු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දේශය යනු තවදුරටත් සිහිනයක්ම වෙද්දී මෙවැනි පහරදීම් ඉදිරියටත් එල්ල වනු ඇතැයි සිතිය හැකිය. බොහෝදුරට සිදුවිය හැකි දෙය නම් පාලක පක්ෂයේ ආධාරකරුවන් විසින් ද පරාජිතයන්ට හා විරුද්ධ මතධාරින්ට පහරදීමේ නව තත්වයන් ඉදිරියට ඒමය. එය අපේ ප‍්‍රාර්ථනය නම් නොවේ. එසේ වූ දාට නිර්මාල්ට නිදහස්වන්නට හෝ ආරක්ෂාවන්නට ඉඩක් ඉතිරිවන්නේ නැත. එමෙන්ම රාජපක්ෂ රෙජිමය මෙන්ම එය පැරදවීමේ මුවාවෙන් බලය සඳහා ගේමක් ගැසූ වත්මන්  දේශපාලන හවුල විවේචනය කරන අපවත් පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගල කළ පුරෝගාමීන් සමඟ ප‍්‍රහාරයේ ඉලක්ක බවට පත්වනු නොඅනුමානය. නැවත අප කියන්නේ එය අපගේ ප‍්‍රාර්ථනය නොවේ.

එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන බවට වචනයෙන් පවසමින් අටවාගත් බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සකී‍්‍රයවන වර්තමාන රනිල් -මෛත‍්‍රී පාලනයෙන් වෙනත් යමක් අපේක්ෂා කළ නොහැකිය.

චන්දන සිරිමල්වත්ත