කොහේද කොහේද අපේ ලොවක්

politසතියේ දේශපාලන කතාබහ තුළ ජනප‍්‍රියම මාතෘකාව වී ඇත්තේ මැයි 6 වැනිදා මෛත‍්‍රී සහ මහින්ද අතර ඇතිවූ සාකච්ඡුාවයි. මේ සාකච්ඡුාව ගැන එදිනම පළවූ පුවත්පත් කාටූනයක තිබුණේ මහින්දගේ සහචරයන් ඔහුට මෛත‍්‍රී අලවාගැනීම සඳහා කොහොල්ලෑ දෙන අතර මෛත‍්‍රීගේ සහචරයන් නොඇලවී සිටීම සඳහා ඔහුට පොල්තෙල් දෙන ආකාරයයි. පෙනී යන ආකාරයට නම් කොහොමත් මහින්ද හා මෛත‍්‍රී ඇලවෙමින් සිටී. කොහොල්ලෑ බබා මහින්දද මෛත‍්‍රීද යන ප‍්‍රශ්නය වෙනම සාකච්ඡුා කළ යුතුය. සාකච්ඡුාවලට පෙර මහින්ද කොන්දේසි දෙකක් ඉදිරිපත් කර තිබිණි. පළමුවැන්න ජාතික ආණ්ඩුවකට නොයා යුතු බවයි. දෙවැන්න ඊළඟ මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්කිරීමට කටයුතු කළ යුතු බවයි. දැන් සාකච්ඡුාව සිදුවී ඇති බැවින් මෛත‍්‍රී මේ කොන්දේසිවලට එකඟ වී ඇතැයි විශ්වාස කළ හැක. මෙම සාකච්ඡුාව ගැන අණ්ඩරදෙමළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා තිබුණේ රජයේ වැඩකටයුතු සම්බන්ධයෙන් කතා නොකර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු සම්බන්ධයෙන් පමණක් සාකච්ඡුා කිරීම මෛත‍්‍රීගේ අභිප‍්‍රාය බවයි. එය අමුතුවෙන් කිව යුතු නැත. මහින්දගේ කොන්දේසි දෙක අයත් වන්නේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ක්ෂේත‍්‍රයටය. මේ අතර මහ මැතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය කැඳවන බව මෛත‍්‍රී පවසා තිබේ. එජාපය කියන්නේ මහ මැතිවරණයක් අවශ්‍ය බවය. ඒ අනුව රනිල් – මෛත‍්‍රී ප‍්‍රතිවිරෝධය ද වේදිකාව මතට පැමිණ ඇත. මේ එක් එක් අයගේ අභිප‍්‍රායන් මොනවාද? මෙවර අපි අවධානය යොමු කරන්නේ ඒ ගැනය.

  • මහින්දගේ ව්‍යාපෘතිය

    මහින්ද උත්සාහ කරන්නේ යළි බලය අත්පත් කරගැනීමට බව නැවත නැවතත් පුනරුච්ඡුාරණය කළ යුතු නැත. නැවත බලයට ඒම සඳහා වන සැලැස්ම ඔහු සකස් කළේ ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය නිල වශයෙන් නිකුත් වීමටත් ප‍්‍රථමය. මුලින් පරාජය වුණත් බලයේ බලහත්කාරයෙන් රැුඳී සිටින සැලැස්මක සිටි මහින්ද ඒ සැලැස්ම වෙනස් කළේ කෙටිකාලීන නොව දිගුකාලීන පැවැත්ම ගැන සිතූ නිසාය. ප‍්‍රතිඵලය නිකුත් කර අවසන් වීමටත් පෙර අරලියගහ මන්දිරයෙන් පිටත්ව යාම ද ඒ සඳහා මාධ්‍ය ගෙන්වාගෙන කළ රඟපෑම ද හම්බන්තොට ගොස් ජනතාව ඇමතීම ද ආදී සියලූ ජවනිකා ඒ සැලැස්මේ කොටස් විය. ඉන්පසු මහින්දගේ කතා තමන්ගේ ඡුන්ද පදනම් රැුකගැනීම වෙනුවෙන් ජාතිවාදය ද තමන්ට අහිමි වූ බලවේග ආකර්ෂණය කරගැනීම සහ විවේචන දුර්වල කිරීම වෙනුවෙන් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් ද මිශ‍්‍ර කරන වර්ගයේ කතා විය. මහින්ද තමන්ගේ දේශපාලනය කළේ පන්සල්වල බෝධිපූජා හරහා වීම ද හුදු සංකේතයක් පමණක් නොවේ. ඒ පිටුපස දේශපාලනයක් ඇත.
    ලංකාවේ දේශපාලනය චලනය වන්නේ එක් පැත්තකින් ලංකාවේ ඓතිහාසික පැවැත්ම විසින් ජනිත කර ඇති සමාජ සිතීමත් අනෙක් පැත්තෙන් ගෝලීය හා කලාපීය දේශපාලනයේ බලපෑමත් විසිනි. ජාතිකවාදයත් ලිබරල් චින්තනයත් අතර දෝලනය හැමවිටම එන්නේ එතැනිණි. මේ බලයන් තුලනය වන ආකාරය අනුව අන් හැම පාලකයකුට මෙන්ම මහින්දට ද අන්ත ජාතිවාදයට හෝ අගක් මුලක් නැති ලිබරල්වාදයට තල්ලූ වීමට බාධාවක් නැත. මහින්ද තෝරාගන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ ඔහුට යළි බලයට ඒම සඳහා වැඩිපුරම බලපාන්නේ කුමක්ද යන්න මතය. කෙසේ වෙතත් දැනට පේන්නේ මහින්ද ජාතිවාදයම සිය ඉණිමග බවට පත්කර ගනිමින් සිටින බවය. ඊට අමතරව ඔහුට ඇති ප‍්‍රබලම ආධාරකය ශ‍්‍රීලනිපයේ ප‍්‍රාදේශීය හා බිම් මට්ටමේ නායකයන්ගෙන් බහුතරය ඔහු සමඟ වීමයි. මහින්ද ව්‍යාපෘතිය අරඹා ඇත්තේ මීළඟ මහ මැතිවරණයෙන් අගමැතිවරයා බවට පත්වීම සඳහාය. එය කළ නොහැකි වුවහොත් දිගුකාලීන බල ව්‍යාපෘතියකට යාමද ඔහුගේ සිතේ පවතින බව පෙනේ.

  • රනිල්ගේ ව්‍යාපෘතිය
    රනිල්ගේ ව්‍යාපෘතිය වන්නේ අන් කිසිවක් නොව මීළඟ මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර එජාප ආණ්ඩුවක් පිහිටුවා යළිත් අගමැතිවරයා වීමය. ඉන්පසුව විධායක බලය අගමැතිවරයාට පැවරෙන නව ව්‍යවස්ථාවක් සකස් කර ඒ හරහා සර්ව බලධාරී අගමැතිවරයකු වීමය. රනිල්ගේ සියලූ ගණන් බැලීම් ඇත්තේ ඒ වෙනුවෙනි. මීළඟ මැතිවරණයෙන් එජාපය ජයග‍්‍රහණය කිරීමට නම් ශ‍්‍රීලනිපය දෙකඩ විය යුතුය. ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට නම් මහින්ද ශක්තිමත්ව සිටිය යුතුය. තමන් කළ කිසිදු වරදක් සම්බන්ධයෙන් මහින්දට දඬුවම් නොලැබීම ඔහු ආරක්ෂා වීමට පමණක් නොව ශ‍්‍රීලනිපය තුළ ශක්තිමත් කණ්ඩායමක් ගොඩනඟාගෙන ඔහුට කේවල් කිරීමේ බලයක් ඇති කරගැනීමට ද රනිල්ගේ උපකාරය වැදගත් විය. මෛත‍්‍රීට එරෙහිව මහින්ද යොදවා ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමේ උපාය රනිල් ආරම්භ කළේ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරන දිනයේ අලූයම අරලියගහ මන්දිරයට යාමත් සමඟිනි.

නමුත් මහින්දගේ කේවල් කිරීමේ බලය වැඩි වී අවසානයේ දී මෛත‍්‍රී – මහින්ද සම්මුතියක් ගොඩනැෙඟන තරමටම තත්වයන් වර්ධනය වූ නිසා රනිල්ගේ ව්‍යාපෘතිය පරාජය වී ඇත. ශ‍්‍රීලනිපය දෙකඩ නොවී මහින්ද – මෛත‍්‍රී එක වේදිකාවකට කැඳවීමත් මහ මැතිවරණයේ දී එජාපය පරාජය කිරීම සඳහා ශ‍්‍රීලනිපය තුළ එක්සත් භාවයක් ගොඩනැංවීමත් අරමුණු කරගත් දේශපාලන ව්‍යාපෘතියක් දියත් වෙමින් තිබේ. පසුගිය කාලයේ සිදුවූ දැවැන්ත පරාජයන්ගෙන් අනතුරුව එජාපයට තවමත් බිම් මට්ටමේ ආකර්ශනීය නායකත්වයක් ගොඩනඟාගත නොහැකි වීම නිසා මහ මැතිවරණයකට පෙර පුංචි ඡුන්දය කැඳවීම එජාපයට අවාසි සහගතය. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී එජාපයේ තුරුම්පුව වැරදුණාක් මෙන් මැතිවරණ තුරුම්පුව ද පරාජය වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය.

 

  • මෛතී‍්‍රගේ ව්‍යාපෘතිය

    මෙම තත්වය තුළ මෛත‍්‍රී හිතන ආකාරය පැහැදිලිය. මහින්ද සමඟ තිබුණු ප‍්‍රතිවිරෝධය නිසා ශ‍්‍රීලනිපයෙන් එළියට පැමිණ එජාපයේ සහාය ද සහිත විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූවාට එජාපය සමඟ එක්ව ශ‍්‍රීලනිපය දෙකඩ කළ තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට මෛත‍්‍රී කැමති නැත. එනිසා ඔහුගේ වැඩිම බර තැබීම ඇත්තේ ශ‍්‍රීලනිපය දෙකඩ වීම වැළැක්වීම සඳහාය. මහින්ද පාර්ශ්වය දුබල කිරීමෙන් පමණක් එය ඉටුකිරීම අපහසු වී ඇති නිසා මෛත‍්‍රී ඒ අරමුණෙන් මහින්ද සමඟ සම්මුතිකාමී වීමට කැමැත්තෙන් සිටී. මුල පටන්ම මහින්දට හා මහින්දගේ ආණ්ඩුවේ ප‍්‍රතිඵලයන්ට තමන් කළ වැරදි සම්බන්ධයෙන් දඬුවම් නොලැබුණේ, ඔවුන් ආරක්ෂා වූයේ ඒ නිසාය. මෛත‍්‍රීපාල ව්‍යාපෘතිය අන් කිසිවක් නොව මීළඟ මහ මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරවීමය. එය කළ නොහැකි වුවහොත් එජාපය සමඟ සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමය. මහින්ද සමඟ සම්මුතියට පැමිණ ශ‍්‍රීලනිපය ජය මාවතට රැුගෙන යා හැකි නම් ජාතික ආණ්ඩුව අතහැරීමට මෛත‍්‍රී කැමැත්තෙන් සිටී.

මෙසේ ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරවීමේ ව්‍යාපෘතියකට මෛත‍්‍රී අතගැසීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? සිදුව ඇත්තේ මෛත‍්‍රී පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ට විරුද්ධව ඡුන්දය දුන් පාර්ශ්වයේ නායකයා වී තමන්ට ඡුන්දය දුන් අයගේ අභිලාෂයන්, අරමුණු හා ප‍්‍රාර්ථනා මුළුමනින්ම අතහැරීමයි. ඒ බව ඉතාම හොඳින් පැහැදිලි වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දීය. එහිදී ජනාධිපති සතු විධායක බලතලවල අවසන් වගන්තිය දක්වාම එහි ආරක්ෂාව වෙනුවෙන් ඔහු සටන් වැදුණේය. විධායක ජනාධිපති ක‍්‍රමයට අවම හානි වනසේ ක‍්‍රියාවලිය අවසන් කිරීමට උත්සාහ කළේය. එය ජනාධිපතිවරණයේ දී ඔහු නියෝජනය කළ දේශපාලනයේ සම්පූර්ණ ප‍්‍රතිපක්ෂයෙනි. පළාත් පාලන මැතිවරණය මුලින් කැඳවීම තුළ මෛත‍්‍රීගේ අරමුණ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කරගැනීමයි. එකක් ශ‍්‍රීලනිපයේ පළාත් පාලන නියෝජිතයන් තවමත් සිටින්නේ මහින්ද සමඟ නිසා මැතිවරණ නාමයෝජනා ක‍්‍රියාවලිය තුළ එය මෙල්ල කිරීමයි. අනෙක ප‍්‍රාදේශීය මට්ටමේ මැතිවරණවලින් එජාපය පරාජය කිරීම මහමැතිවරණයට වඩා පහසුවීමයි. මේ මැතිවරණ න්‍යාය පත‍්‍රය ද මෛත‍්‍රීගේ බල ක‍්‍රීඩාවක් බව පැහැදිලිය.

අවසානයේ දී සිදුව ඇත්තේ රටේ ජනතාව මේ හැම කෙනාගේම බල ක‍්‍රීඩාවේ ගොදුරු බවට පත්වීමයි. මහින්ද පාලනයට එරෙහිව තිබූ අතෘප්තිය හා විරෝධය සමස්ත සමාජයේම විප්ලවීය වෙනසක් කරා වුව වර්ධනය වීමේ ශක්‍යතාවක් තිබිණි. මේ හැමදෙනාම එක්වී කළේ එය රෙජීම වෙනසක් යන සීමාවට අනුකූල වනසේ කපා ගැනීමයි. පැරණි ප‍්‍රශ්න එලෙසම තිබිය දී මුහුණු මාරුකර ක‍්‍රමය යළි තිරිහන් කිරීමයි. දැන් ජනතාව කළ යුත්තේ මේ එක් එක් ව්‍යාපෘති පසුපස යාම වෙනුවට තමන්ගේම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි. ඒ සඳහා අලූත් සිතීමක්, අලූත් සංවිධානය වීමේ ආකෘතියක්, විකල්ප සමාජ ක‍්‍රියාකාරීත්වයක් වර්ධනය කරගත යුතුය. මහින්ද – මෛත‍්‍රී – රනිල් පසුපස යාම වෙනුවට එවැනි ක‍්‍රියාකාරීත්වයක් නිර්මාණය කරගැනීම හරහා පමණක් අපට අනුන්ගේ ව්‍යාපෘති තුළ නොව අපේම ව්‍යාපෘතියක් තුළ අපේ ජීවිත ආයෝජනය කළ හැකිවනු ඇත.