නීති විරෝධි ගබ්සා වසරකට එක් ලක්ෂ හැත්තෑ පන්දහසක්

abortion 00Iමිලියන 20 ක් පමණ වූ ලංකාවේ ජනගහනය අතුරින් නීත්‍යනුකූල නොවන ගබ්සා ප‍්‍රමාණය වාර්ෂිකව 150,000 ක් 175,000 ත් අතර ප‍්‍රමාණයක් බව නිල සංඛ්‍යාලේඛනවලින් හෙළි වේ. ගබ්සාව නීතිගත කිරීමට විවිධ ඉල්ලී්ම් තිබියදී මෙසේ හොර රහසේ පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථාන තුල කෙරෙන කළල විනාශය පිළිබඳ කම්පාවක් ඇතිවීම ස්වභාවිකය.

එසේවුවත් කාන්තා කටයුතු පිළිබඳ හිටපු ඇමැති තිස්ස කරල්ලියද්ද විසින් මෙරට පවතින ගබ්සා නීතිය සංහෝධනය කිරීමේ යෝජනා සලකා බලනු පිනිස කමිටුවක් පවා පත් කළ බව අපට මතකය. එහිදී සැලකිල්ලට ගෙන තිබුණේ වයස 18ට අඩු කාන්තාවන් ලිංගික අපරාධවලට ගොදුරුවීමෙන් පසුව ඇතිවන අවශ්‍යතා අනුව ගැබ් ගන්නා ගබ්සා කිරීමේ අයිතිය හිමිකරදීමය. එසේම විවිධ විකාතිතා සහිත දරුවන් බිහිවීමේ ගැටලූව නිසා එම දරුවන් මෙන්ම මව්පියන් ජිවිත කාලයටම මුහුන දෙන සමාජ ආර්තික ගැටලූ සගකමින් නීති සංහෝධනය කිරීමේ අවශ්‍යතාවයක් ඇතිව තිබේ.

‘හොඳම දේ දරුවන්ට දෙන්න’ යනුවෙන් ලෝකයේ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යයේ නායකයා වී.අයි. ලෙනින් පැවසීය. එම ප‍්‍රකාශයේ ඇති ගැඹුර හා බැ?රුම්කම ගැන කීමට අටුවා ටීකා අවශ්‍ය නැත. එහෙත් අද බරපතළ ලෙස සූරාකෑමට ලක්වන්නේ ද හිරිමල් දරුපැටවුන් වීම මානව ඛේදවාචකයේ එක් පැතිකඩකි. අප උත්සාහ කරන්නේ ඒ පිළිබඳව තොරතුරු කතා කිරීමෙන් ඔබ්බට ගොස් සිදුවන සමාජ අර්බුදයක් ගැන කතා කිරීමටය.

කාන්තාවක දරුවෙක් පිළිසිඳගත් දින සිට දරු උපතක් දක්වා ඇගෙන් මිනිස් සමාජය දකින්නේ නව උදාවක අරුණැල්ලයි. එහෙත් නොමේරූ මිනිස් කලලයන් ඉවත් වීම හෝ ඉවත් කිරීම හෙවත් ගබ්සාවන් මිලියන 55 ක් වසරකට ලෝකය පුරා සිදුවන බව පැවසුවහොත් ඔබ පුදුම විය යුතු නැත. තුන්වැනි ලෝකයේ රටවල මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අවධානය ඉහළ යාමත් සමඟ ගබ්සා ප‍්‍රමාණය අවම අගයක් ගෙන තිබේ. එසේනම් මෙලෙස නොමේරූ මිනිස් ජීවිතයන් විනාශ කරන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් ලෙස අර්ථගැන්වීම තුළය. තුන්වැනි ලෝකය මෙහිදී විශේෂ වන්නේ සාතිශය බහුතරයක් ගබ්සාවීම් මේ රටවලින් වාර්තා වන නිසාය.

ඉන්දියාවේ වාර්ෂිකව සිදුවන ගබ්සා ප‍්‍රමාණය ලක්ෂ 67 ක් පමණ වේ. තායිලන්තයේ එම අගය ලක්ෂ 3 ත් 9 ත් අතර වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වියට්නාමයේ වාර්ෂික ගබ්සා ප‍්‍රමාණය ලක්ෂ 13 ක් පමණ වේ. ඉන්දුනීසියාවේ ලක්ෂ 7 1/2 සහ ලක්ෂ 15 අතර වේ. පිලිපීනයේ එම අගයට සමාන අගයකි.
ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීතිගත කර තිබුණ ද ඇතැම් රටවල යම් කොන්දේසි යටතේ අවසර දී ඇත. සමහර රටවල කිසිසේත්ම නීත්‍යනුකූල නොවන ක‍්‍රියාවකි. ඉන්දියාව ගබ්සාව නීතිගතකර ඇතත් එය කළ හැක්කේ ගැබ්ව සති 20 ක් සම්පූර්ණ වීමට පෙරය. බංග්ලාදේශයේ සති 10 කට පෙර ගබ්සාවක් කිරීමට නීතියෙන් බාධාවක් නැත. එමෙන්ම තායිලන්තයේ ගබ්සාව නීතිගතකර ඇත්තේ ව්‍යභිචාරය (ඉතා සමීප නෑයින් අතර සිදුවූ ලිංගික සංවාසයක් නිසා සිදුවන ගැබ්ගැනීමක්) නිසා හෝ අතවරයට ලක්වීම හෝ මවගේ ජීවිතය අවධානමකට ලක්වීම යන කරුණුවලට යටත්වය. ලංකාවේ තවමත් බලපැවැත්වෙන තත්වය වන්නේ 1883 දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 කොටසට අනුව ගබ්සාවක් කළ හැක්කේ කලලය නිසා මවගේ ජීවිතය අවදානම් තත්වයකට පත්ව ඇත්නම් පමණි.

ලොව බොහෝ රටවල් ගබ්සා කිරීම සඳහා භාවිත කරනු ලබන්නේ ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කිරීමේ ක‍්‍රමයයි.  සංවර්ධිත මෙන්ම තුන්වැනි ලෝකයේ රටවල් තුළ ද ප‍්‍රචලිත මේ ක‍්‍රමය මඟින් කරන්නේ ගර්භාශයට යම් රසායනික ද්‍රව්‍යයක් එන්නත්කර කලලය විනාශ කිරීමයි. අනතුරුව ‘වැකුම්’ යන්ත‍්‍රයක් වැනි උපකරණයක් මාර්ගයෙන් විනාශ වූ කලල කොටස් ඉවත් කරයි. ශල්‍යකර්මයක් මඟින් කලලය ඉවත් කිරීම  තවත් ක‍්‍රමයක් වන අතර එයට වැයවන වියදම අධිකය. ඍගඹග 486 නම් වූ ගිලින පෙති ද සංවර්ධිත රටවල භාවිත කරයි.
මීට අමතරව, ඖෂධ වර්ග භාවිත කිරීම දක්නට ලැබේ. ඇලපති, හෝමියෝපති, යුනානි ආයුර්වේද වැනි සාම්ප‍්‍රදායික වෛi ක‍්‍රම හා ඖෂධ මඟින් ද අමු අන්නාසි ආහාරයට ගැනීම, විශේෂ සම්භාහන ක‍්‍රම, එඬෙරු නැටි භාවිත කිරීම වැනි අතිශය ප‍්‍රාථමික හා අනාරක්ෂිත ක‍්‍රමයන් ද භාවිත කරනු ලැබේ.

එපමණක් නොව ඒ සඳහා පහසුකම් සපයන්නේ කවුරුද යන්නත් වැදගත් සාධකයකි. බොහෝ විට වෛi පුහුණුව හෝ දැනුම නැති පුද්ගලයන් මේ සඳහා සම්බන්ධ වෙයි. මෙයද නොසලකා හැරිය නොහැකි බරපතළ කාරණයකි. උක්ත නීතිමය රාමුව තුළ රහසිගතව ගබ්සා කිරීම සඳහා පෙලඹෙන්නේ මෙවන් හොර වෛiවරුන්ගේ උදව් පැතීම බොහෝ අය සිදුකරයි.

අනවශ්‍ය ගැබ්ගැනීමක් මෙලෙස ගබ්සා කිරීමක් මඟින් ඉවත් කිරීමට යොමුවන්නේ නම් එහි පවුල් සැලසුම් ක‍්‍රම හා සම්බන්ධයක් පවතී. ලංකාවේ සාම්ප‍්‍රදායික පවුල් සැලසුම් ක‍්‍රම හා නවීන පවුල් සැලසුම් ක‍්‍රම ලෙස කොටස් දෙකකට වර්ග කළ හැකිය. 1987 ප‍්‍රජා විiාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව විවාහක කාන්තාවන් අතරින් 62% ක් කිසියම් පවුල් සැලසුම් ක‍්‍රමයක් අනුගමනය කරන බව වාර්තා විය. 1993 දී 66% දක්වා ද 2000 දී 70% ක් දක්වා ද වර්ධනය වී තිබිණි. (ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව – 2002) එහිද සාම්ප‍්‍රදායික ක‍්‍රමයන් 29.1% දක්වා පහත බැස 70.8% ක් නවීන ක‍්‍රමයන් භාවිත කර තිබිණි.

මේ අනුව සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ ගබ්සාවන් ප‍්‍රමාණය අඩුවීම වුවත් එය 150,000 – 175,000 ක් වැනි ඉහළ අගයක් ගැනීම බරපතළ උභතෝකෝටියකි. විශේෂයෙන් ආසියාතික රටක් ලෙස ලංකාවේ ගබ්සාවන් සම්බන්ධයෙන් ඇත්තේ ද බලවත් විරෝධයකි. බෞද්ධාගමික
ඇදහිලි අනුවත් කතෝලික ඇදහිලි හා ඉස්ලාම් භක්තිකයනුත් ගබ්සාව තරයේ ප‍්‍රතික්ෂේප කරයි.
අවිවාහක කාන්තාවන් ගබ්සාවන්ට යොමුවීම තේරුම් ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ආසියාතික සමාජය අවිවාහක මවක් දෙස බලන්නේ අතිශය අපවාද මුසු දෘෂ්ටියකිනි. එය එතරම් බලවත් සදාචාර විරෝධී ක‍්‍රියාවක් ලෙස හුවා දක්වයි. එහෙත් මේ සම්බන්ධයෙන් කර ඇති බොහෝ පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ 90% – 95% ක් පමණ ගබ්සා සඳහා යොමු වී ඇත්තේ විවාහක කාන්තාවන් බවය.
ආර්ථික අපහසුතා, තවත් දරුවන් අනවශ්‍ය වීම, බිරිඳගේ හෝ සැමියාගේ රැුකියාවේ ගැටලූ, පිටරටක
රැුකියාවට යාම බාධාවක් වීම, දැනට සිටින දරුවන් වයසින් අඩුවීම, සෞඛ්‍ය ගැටලූ යනාදිය විවාහක කාන්තාවන් ගබ්සා සඳහා යොමුවීමට හේතු ලෙස පර්යේෂකයන්ගේ අදහසයි. පුංචි ළදරුවන් මරා දැමීම, වදහිංසාවලට ලක්කිරීම දිනෙන් දින ඉහළ අගයක් සලකුණු කරන්නේ මානව දයාව මිනිස් සමාජයෙන් දිනෙන් දින පිස හැරීමට කරන බල කිරීම නොවේද? දිනකට නොමේරූ මිනිස් ජීවිත 410 කට අධිකව සෝදා හරින්නේ කවර බල කිරීමකටදැයි ඒ සඳහා හේතු ලෙස ඉදිරිපත්වන කරුණු ඔස්සේම සිතා බැලිය හැකිය.
අප මේ ගමන් කරමින් ඉන්නේ මානව දයාවේ මාවත දෙසට ද නැතිනම් ම්ලේච්ඡුත්වය දෙසට දැයි ගැඹුරින් කල්පනාකර බැලිය යුතුය.

ප‍්‍රියන්ත වර්ණකුලසූරිය