අඩ සිය වසකට පෙර ඇරඹුණු නව දේශපාලනයේ බිජුවට

පී.ඒ.ලීලාරත්නගේ සිතුවමකි

පී.ඒ.ලීලාරත්නගේ සිතුවමකි

ඒ  මීට පනස් වසරකට පෙර අද වැනි දවසකි. හරියටම ඒ දිනය 1964 මැයි 14 වැනිදාය. එතෙක් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල තුළ කටයුතු කරමින් සිටි දේශපාලන ක‍්‍රියාධරයන් දස දෙනකු සභාගවාදයේ උගුලට හසුව විනාශ වී සිටි සාම්ප‍්‍රදායික වමේ ව්‍යාපාරය අතහැර අලූත් වමක් ගොඩනැඟීමට අලූත් ගමනක් අරඹමින් සිටියහ. ඔවුන් දසදෙනා ගමන් ගනිමින් සිටියේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමන ප‍්‍රදේශයේ ගම්බද මාවතකය. ඒ මාවත වැටී තිබුණේ පසුකාලීනව ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ එහෙත් ඒ වන විට ගම්වැසියන් හැර අන් කිසිවකුත් නොදැන සිටි අක්මීමන කරුණාරත්නගේ නිවසටය. ඒ නිවස බලා යමින් සිටි තරුණයන්ට පවුල් බලය, ධන බලය සිවිල් බලය වැනි කිසිදු බලයක් නැතිවත් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා පෙරමුණ ගැනීමට ධෛර්යයක් තිබිණි. ධෛර්යය පමණක් නොව ඒ වන විට පැවැති වමේ ව්‍යාපාරය විසින් පීඩිත පන්තියේ උවමනාවන් නිර්ලජ්ජිත ලෙස පාවාදීමට එරෙහි දැවෙන හෘදය සාක්ෂියක් ද විය. ඉතා ශක්තිමත් ධනේශ්වර රාජ්‍යයකට එරෙහිව මෙන්ම ලෝකයේ විශාලතම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලෙස නම් දරා සිටි රට පුරා විහිදුණු අක්මුල් සහිත දැවැන්ත පැරණි වමේ ව්‍යාපාරයට ද ප‍්‍රතිපක්ෂව අලූත් ව්‍යාපාරයක් බිහිකිරීම සඳහා දෑතේ ඇඟිලි සංඛ්‍යාව තරම් කුඩා පිිරිසක් සමඟ එළියට බැසීමට තරම් ඔවුන්ට ආත්ම විශ්වාසයක් තිබිණි.

එසේ නව ගමනක් වෙනුවෙන් අලූත් පියවරක් තැබූ ධෛර්යය හෘදය සාක්ෂිය සහ ආත්ම විශ්වාසය සපිරි තරුණයන්ගේ නායකයා වූයේ රෝහණ විජේවීරය. ඒ වන විටත් කිසිවකුත් ඔහු ගැන දැන සිටියේ නැත. ඔහු කිසිදු සමාජ බලයක් නොමැති ළාබාල තරුණයකු පමණක් විය. ඔහුගේ පියා වන අන්දිරිස් විජේවීර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව කටයුතු කිරීම නිසා එජාප මැරයන් විසින් පහරදීමෙන් ජීවිත කාලය පුරා රෝගාතුරව ආබාධිත වූ අයෙකි. තරුණ රෝහණ විජේවීරට වයස අවුරුදු 17 දී සෝවියට් දේශයේ ලූමුම්බා විශ්වවිiාලයේ වෛi උපාධියක් හැදෑරීම සඳහා අවස්ථාවක් හිමි විය. ඔහු වෛi විiාව හදාරන අතර මාක්ස්වාදය ද ප‍්‍රගුණ කරමින් සෝවියට් සමූහ ගොවිපොළවල කෘෂිකාර්මික කම්කරුවකු ලෙස වැඩ කරමින් සමාජවාදය පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් ද ලබා ගත්තේය. මේ ළාබාල තරුණයාගේ සිතෙහි විප්ලවීය අදහස් මෝරන අතර එවකට පැවැති ලෝක දේශපාලන වටපිටාව ඔහුගේ එම හැඟීම් වඩාත් තාර්කික කොට උත්සන්න කරනු ලැබීය. එනිසා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ අනෙක් දරුවන් මෙන් සෝවියට් දේශයෙන් උපාධිය ලබා වෛiවරයෙක් වී ඉසුරුමත් ජීවිතයක් ගත කිරීමට ඔහුගේ කැමැත්තක් නොවීය. ඒ වෙනුවට ඔහු තෝරා ගත්තේ දේශාපලනයයි.

ඒ වන විට සෝවියට් දේශයේ තිබුණේ සිය සමෘද්ධියේ උච්චතම අවස්ථාවේය. එහෙත් ඒ විසිතුරු සන්දර්ශනවල ගැඹුරෙන් පිහිටි අර්බුදය හා දිරාපත්වීම මේ තරුණයාට අවබෝධ විය. ඒ 1962 වසරයි. සෝවියට් දේශය මාක්ස්-ලෙනින්වාදී දේශපාලන පදනම්වලින් බරපතළ පීලි පැනීමකට හසුව තිබෙන බව ද තවදුරටත් එහි ක‍්‍රියාත්මක වන්නේ සමාජවාදය නොවන බව ද මනා ලෙස අවබෝධ කරගත් ඔහු එම පීලිපැනීම් යළි ප‍්‍රකෘතිමත් කිරීම උදෙසා දේශපාලන අරගලයක් ඇරඹීය. එහි ප‍්‍රතිඵලය වූයේ නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි රෝහණ විජේවීරට යළි අධ්‍යාපනය සඳහා සෝවියට් දේශය කරා යාමට වීසා නොලැබිණි. 1964 වසරේ දී ලංකාවට පැමිණි ඔහු සෝවියට් පිළිවෙතට එරෙහිව ඒ වන විටත් කොමියුනිස්ට් පක්ෂයෙන් වෙන්ව ගොස් තිබූ කොමියුනිස්ට් පක්ෂ චීන පිල සමඟ එක්ව කටයුතු කිරීම ඇරඹීය. චීන පිලේ දේශපාලනය ද වෙනත් ආකාරයක අවස්ථාවාදයක් බව දුටු ඔහු ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂ චීන පිලේ තරුණ සංවිධානයේ පිරිසක් අප‍්‍රකටව නමුත් ඉතා දුෂ්කර ලෙස ඇරඹූ ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. මේ වසරේ මැයි 14 වැනිදාට පැරණි වමේ පිරිහීමට එරෙහිව නව වම පිහිටුවා වසර 50 ක් ගෙවී ගොස් තිබේ.

මේ ගෙවුණු වසර 50 තුළ ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය වමේ ව්‍යාපාරයේ ඉතිහාසයට එක්කළ කරුණු අත්දැකීම් බොහෝය. 1971 හා 1987-89 සන්නද්ධ අරගල දෙකක අත්දැකීම් ඒ අතරින් සුවිශේෂ වේ. විප්ලවවාදී දේශපාලනය යනු උදේට උසාවියේ නීතිඥයකු ලෙස කටයුතුකර, දවල්ට වෘත්තීය සමිති වැඩකර, සවසට සමාජ ශාලාවලට යන දේශපාලනයක් නොව පීඩිත පන්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමේ දේශපාලනයක් බව තහවුරු කරන ලද්දේ එදා ඇරඹි ඒ නව දේශපාලනය විසිනි. එය ලංකාවට එක් කළ නිශේධනීය අත්දැකීම් ද බොහෝ තිබේ. අද වමේ ව්‍යාපාරයේ බොහෝ පිරිහීම්වලට පීලි පැනීම්වලට හා අසාර්ථකත්වයන්ට එදිරිව නව වමක් ගොඩනැඟිය යුතු මොහොතකි. එදා මෙන්ම ජනතාව වමේ ව්‍යාපාරය වෙත තැබූ සියලූ විශ්වාසයන් පාවා දී ජනතාව වම ගැන විශ්වාසය අහිමි කරගත් මොහොතකි. සියල්ල මුල සිට ආරම්භ කළ යුතුව තිබේ. සියලූ ආරම්භයන් ඉතාම දුෂ්කර වන අතරම මහා ගංගාවන් ඇරඹෙන්නේ කුඩා උල්පත්වලිනි. අවශ්‍යව ඇත්තේ යන ගමන පිළිබඳ පැහැදිලි දැක්මක් අධිෂ්ඨානයක් හා ධෛර්යයක් පමණි.

එදා අලූත් ගමනක් තෝරා ගත්තවුන්ගේ ගුණයන් හා අත්දැකීම් යළි සාකච්ඡුා කළ යුතුව ඇත්තේ සමාජයේ අතිශය සුළුතරයක් වන එදා සිටි අතළොස්සට වඩා මඳක් වැඩි මුත් තවමත් ඉතාම සුළු පිරිසක්ව සිටින විප්ලවවාදීන් නව ඇරඹුමක් සඳහා ධෛර්යය, විශ්වාසය වගා කරගත යුතුව ඇති බැවිනි.

චමීර කොස්වත්ත