දින 100 අහවරයි කුට්ටිමනීලා තවම සිරගෙදර

prison-2අපේ සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මදි නොකියන්නට බෙදා දීමට බලයට පත්වූ මෛත‍්‍රී – රනිල් හෙළ උරුම, ජවිපෙ, ටීඑන්ඒ ද ඇතුළු හවුල්් ආණ්ඩුව දැන් දින 100 අහවර කොට ඇත. ඔවුන් අපට ඡුන්දයට කලින් කීවේ දින 100 යේ දී මේ සියලූ හපන්කම් සිදුකොට අවසන් කරන බවය.

රාජපක්ෂලාගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිමිවූයේ රාජපක්ෂ හිතවාදීන්ට පමණි. සෙසු ලාංකිකයන්ට හිමිවූයේ සුදු වෑන්වල සිට විවිධාකාරයේ අඩත්තේට්ටම්වලට ලක්වීමටය. එයින් ද උතුරේ තමිල් පීඩිතයා යනු මින් වඩාත්ම පීඩාවට පත්වූවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය කෙතරම් ද කියනුයේ නම් ටීඑන්ඒ ද සමඟින් ඔවුන් සිය ඡුන්ද මල්ල නොමිලයේම මෛත‍්‍රීපාලලාට පරිත්‍යාග කළහ. ඇත්තෙන්ම ඔවුන්ගේ ඡුන්ද අද තවදුරටත් වෙන්දේසි වෙමින් තිබේ.
”කී දේ කළ එකම නායකයා’ ලෙස පෝස්ටර් අලවමින් විධායක බලය එසේම තබාගෙන මෛත‍්‍රීපාලලා අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය බෙදා දෙමින් ඇත. ජවිපය ද හවුල් කරගනිමින් ඔවුන් අද ශිෂ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයන් එකින් එකා දඩයම් කරමින් සිටී. පැය 24 කට අඩු කාලයක දී අත්අඩංගුවට ගන්නා සැකකරුවකු අධිකරණය ඉදිරියට ගෙන ඒමට ඔවුන්ම සාදාගත් නීති, පොතේ සටහන් කර තිබියදීත් ඒ කාලය පැය 48 ක් දක්වා තවත් වසර දෙකකට දික්කර ගත්තේ ජනවාරි 8 වැනිදා බලයට පැමිණ සතියක් ගතවීමට පෙරය. විධායක බලය අහෝසි කිරීම කෙසේ වෙතත් ‘කී දේ කරන නායකයන්’ට ද ඔවුන්ව බලයට ගෙන එමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට හවුල් වූ අයට ද ඒ වෙනුවෙන් පෙනී සිටින සෝභිත හිමියන් ඇතුළු නානාවිධ පුද්ගලයන්ට මුණනොගැසුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව වැදගත් ප‍්‍රශ්නයක් අප ඉදිරියේ ඇත. ඒ තවදුරටත් සිරගතකොට සිටින උතුරේ අරගලකරුවන්ය. නැතිනම් තමිල් දේශපාලන සිරකරුවන්ය.

political prisonersමේ පිළිබඳ ඉතිහාසය ඉතා බියකරුය. සෑමකල්හිම අත්අඩංගුවට පත්වන්නන්ගේ ඉරණම කුරිරුය. එය උතුරේ සිදු කෙරුණු යුධ ක‍්‍රියාවලියේ දී වඩාත් නරක වූවා මිස සුමට වූයේ නැත. සිරගෙදර දී අපට හමුවන්නේ කඩඉම් ගණනාවක් පසුකොට එන සැකකරුවෙකි. මේ බොහෝ දෙනා වැලිකඩට, බූස්සට නැතිනම් මැගසින් එන්නේ නැත. ඔවුන් අත්අඩංගුවේ දීම විවිධ වධහිංසා මැද ජීවිතය හැර යන්නෝය. අද ෆීල්ඞ්මාෂල් ධුරයෙන් පිදුම් ලද ෆොන්සේකා යාපනයේ ආඥාපතිව සිටි අවදියේ සිය සේවා කණ්ඩයේ භට පිරිසක් බිම්බෝම්බයකට හසුව මියගිය විට ඉන් කෝපයට පත්ව සිය අත්අඩංගුවේ සිටි තමිල් ගැහැනු හා පිරිමි සැකකරුවන් සිය ගණනක් සිටි ගොඩනැඟිල්ලක් පුපුරවා ඒ සියලූ දෙනා ඝාතනය කරනු ලැබීය. ඔහුට ලැබුණු දඬුවම වූයේ යාපනයේ සිට පනාගොඩ යුධ හමුදා කඳවුරට මාරුකර එවීමය. මේ ආකාරයෙන් නන්දිකඩාල් සිදුවීම්වලින් පසුවද අත්අඩංගුවට පත් එමෙන්ම සිය ඥාතීන් ද  සමඟ ගොස් බාරවූ බොහෝ දෙනාට සිදුවූයේ එකම ඉරණමකි. මෙවැනි තත්වයක් පසුකොට දිවි බේරාගත් අතළොස්සක් දෙනාය අපට ඉහත කී සිරකඳවුරු තුළ සිරකරුවන් ලෙස හමුවනුයේ.

ඔවුන්ගේ ද ඉරණම කෙබඳුදැයි අප හොඳින් දන්නා කරුණකි. එහි වඩාත්ම වේදනාත්මක සිද්ධිය වාර්තා වූයේ 83 කළු ජූලියේ දීය. එවිට වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරිවල රඳවා සිටි උතුරේ අරගලයේ දී අපට හමුවූ කීර්තිමත් අරගලකරුවන් වූ කුට්ටිමනී, ජෙගන් ඇතුළු 43 දෙනකු පහර දී මරාදැමුණි. එය ලාංකේය දේශපාලන ඝාතන ඉතිහාසයේ ඉතා ම්ලේච්ඡු අත්දැකීමකි. එහෙත් එය කිසිදු ආකාරයකින් යළි එවැන්නක් නොවීමට හෝ තරමේ කම්පනයක් දක්වා ලාංකේය සමාජය ගෙන ඒමට සමත් නොවිණි. එය හඬක් නැති මිනිසුන්ගේ තවත් මරණයක් පමණක්ම වීය.

එහි ප‍්‍රතිඵලය වූයේ දිගින් දිගට එවැනි පහරදීම් මරාදැමීම් සුලභ වීමය. 88-89 අරගලයේ දීද අත්අඩංගුවට පත්වූවන්ට ද මෙකී ඉරණමට ගොදුරු වීමට බල කළ අතර එය මැගසින්, බූස්ස වැනි බන්ධනාගාරවල සුලභ අත්දැකීමක් විණි. මෑතකාලීනව රාජපක්ෂ පාලනය ද වැලිකඩ දී කළ සංහාරය එම අඳුරට එක් කළ තවත් කතාවක් පමණි. ඒ නිසාම වව්නියාවේ දී පහර දී පහරදී මරා දැමුණු නිමලරූබන්, ඩෙල්රුක්ෂාන්ලාගේ මරණ ඝාතන ලැයිස්තුවලට එක් නොවීය. මානව හිමිකම් කඩවීම් ලෙසද සාකච්ඡුා මේසයට ආවේ නැත.

prisoners_vavuniyaදැන් අප කියන්නේ ඉන් ද ඉතිරිව සිටින මිනිසුන් ගැනය. බැලූ බැල්මට අද ඔවුන්ගේ කිහිපදෙනකුටම අඩුම තරමේ වසර පහකට වඩා සිරගෙදර දඬුවම් ලැබී ඇත. මින් බොහෝ දෙනා වසර 10, 15, 20 සිරදඬුවම් විඳින  අයවලූන්ය. ඇතැමුන්ට නඩුද නැත. තවත් කෙනකු සිරදඬුවම් විඳී. බොහෝදෙනකු තවමත් සැකකරුවන්ය. තිස් අවුරුදු යුද්ධය අපට ගෙන ආවේ සුන්දරත්වය නොවේ. දිනපතාම සිදුවූයේ ඝාතනය. ඉන් වැළලූනේ සදාකාලිකම වේදනා විඳින්නේ අපේම මිනිසුන්ය. බොහෝ දෙනකුට යුද්ධය බල කළේ එයට මැදි වීමටය. දෙපැත්තේ බැරිකේඞ්වල සිට ඊට දේශපාලන නායකත්වය සැපයූවන් අද සාකච්ඡුාවේ නැත. උතුරේ දී ඊට නායකත්වය සැපයූ ප‍්‍රභාකරන් ඇතුළු වැඩිදෙනකු අරගලයේ දීම මිය ගියේය. අතළොස්සක් දෙනා පාලක තන්ත‍්‍රයේ සුරතලූන් විය.

ඇත්තටම අද සිරගතව ඇත්තේ ඊට මැදිවූ කුමන හෝ තත්වයක් තුළ තව පීඩාවට එරෙහි අරගලය කොට ගන්නට බල කරනු ලැබූ අයවලූන්ය. සමාජයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට, උතුරේ පීඩිතයා වෙතට එබී බැලීමට කැමැති නම් අපට කළ හැකි එක් ක‍්‍රියාමාර්ගයක් වනුයේ වහාම ඒ සියලූ දෙනා නිදහස් කොට හැරීමය. එය දැනටමත් පමාවූ වගකීමකි. ප‍්‍රශ්නය ඇත්තේ වගකීමටත් වඩා එවැන්නක් පිළිබඳ සංවේදීතාවක් සමාජයක් ලෙසම නොමැති වීමය. බලය සහිත මිනිසුන් මහජන දේපළ කොල්ලකා සිරගත වන විට ඔවුන්ගේ රැුකවලයට බොහෝ දේ නිර්මාණය වන්නේය. අද මැගසින් ඇතුළු සිරකඳවුරුවල සිටින මේ රැුඳවියන්ට සිය ව්‍යාපාරය ද අරගලය ද අහිමිය. බොහෝදෙනකුට ඥාතීන් ද අහිමිය. පරාජයේ දී මේ බොහෝදෙනා ඔවුන් හැර ගොස්ය.

නන්දිකඩාල් සිදුවීම්වලට පෙර පාලකයන් අපට කීවේ සිංහලයාට සිතන්නට පුරුදු කළේ, කොටියා පරාජය කළ විට අපට නිදහස උදාවන බවය. නන්දිකඩාල් සිදුවීම්වලින් පසු රාජපක්ෂලා අපට රතුපස්වල දී කටුනායක දී බයිනෙත්තුවෙන්ම ඇන එසේ නිදහස උදා නොවන බව කියාදුන්නේය. 19 ගෙන ආවාට උඹලාට නිදහස එන්නේ නැති බව වැඩි දවසක් යාමට පෙර මෛත‍්‍රීපාල ද රනිල් ද ඔවුන්ට කඬේ යන අනිත් අය ද අපට පෙන්වා දෙනු ඇත. එසේම උතුරේ පීඩිතයා ද හීනෙකින් අවදි වූවා සේ සිතුවේ අපට මෛත‍්‍රීලා නිදහස උදාකරන බවය. ඉතිහාසය පුරාම අපට කියා දුන්නේ නිදහස පිළිබඳ දොරටුව හැර දෙන්නේ පාලකයන් නොව එය උදාකිරීමට සමත් මිනිසුන් බවය. එනිසාම තවදුරටත් සිරගතකොට සිටින තමිල් සිරකරුවන්ගේ පටන් සියලූ පීඩිතයන්ගේ නිදහස උදාවන්නේ අප අරගලය වෙනුවෙන් උරදෙන විටය. ඒ නිසා හඬක් නැති මිනිසුනි, අනෙකාගේ නිදහස වෙනුවෙන් හඬක් වන්න. සිරගත තමිල් සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් හඬ නඟන්න. එවිට ඔබට නිදහස පිළිබඳ විශ්වාසය ද බලාපොරොත්තුව ද උපදිනු ඇත.

සමන්ත වර්ණසූරිය