ජනතා විමුක්ති පෙරමුණ – වසර 50 ක ගමන් මඟ පිළිබඳ පසු විපරමක්

Rohana Wijeweera & Upathissa Gamanayakaරෝහණ විජේවීර හා ජනතා විමුක්ති පෙරමුණ අතර වෙන් කළ නොහැකි සබඳතාව දෙකක් නොව එකකි. වසර 50ක ජ.වි.පෙ ගමන් මඟ දෙස ආපසු හැරී බැලීමේදී එය පැහැදිලි යුග දෙකක් ගෙවා දමමින් සිටී. පළමු යුගය රෝහණ විජේවීරයන් තම දේශපාලන දැක්ම සමාජගත කරමින් නිර්මාණය කරන ලද ජ.වි.පෙ තුළ ඔවුන් මරා දමන තෙක් කරන ලද අරමුණු සහගත අධිෂ්ඨානශීලි කැපකිරීම සම්බන්ධ යුගයයි. දෙවැනි යුගය වන්නේ ඔහුගෙන් පසු අද දක්වා ගෙවමින් පසු කරන යුගයයි.

ආරම්භක කතාවට ගියහොත් නැතිබැරි අග හිඟකම්වලින් පිරි පවුලක වැඩිමලා ඔහු විය. 1947 පළමු මහ මැතිවරණයේදී විජේවීරයන්ගේ පියා අන්දිරිස් විජේවීර සමාජවාදී මත දරමින් කොමියුනිස්ට් පක්ෂයට ක‍්‍රියාකාරී සහාය දීම නිසාවෙන් එ.ජා.ප මැරයන් විසින් පැහැරගෙන ගොස් බරපතළ ලෙස පහර දීමෙන් සදාකාලික ආබාධිත රෝගියකු බවට පත් වේ. එතැන් පටන් විජේවීර පවුල දුෂ්කරතාවයන්ට මැදිව කටයුතු කිරීමත් විජේවීරයන් අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාවෙන් උසස් ලෙස සමත් වීමත් සමඟ වෛi වෘත්තිය හැදෑරීම සඳහා රුසියාවේ ලූමුම්බා සරසවියට ඇතුළත් වීමට කරන ලද උත්සාහය සඵල වීමත් සමඟ වයස 17 ළාබාල තරුණයකු ලෙස 1960 ඔක්තෝබර්වල සෝවියට් දේශයේ ලූමුම්බා සරසවියට ඇතුළත් වේ. ඔහු වෛi විද්‍යා අංශයට අමතරව දර්ශන විද්‍යාව හදාරමින් මාක්ස්වාදය ප‍්‍රගුණ කළේය. සෝවියට් දේශයේ ගොවිබිම්වල නිවාඩු කාලවලදී කෘෂිකාර්මික කම්කරුවකු ලෙස වැඩකළේය. එමෙන්ම ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ සියලූ කඩඉම් විභාග විශිෂ්ට ලෙස සමත් විය.

1962 වර්ෂයේ නිවාඩුවට ලංකාවට එන ඔහු වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් හඳුනා ගැනීමට කටයුතු කළේය. කොමියුනිස්ට් පක්ෂයෙන් සමාජවාදය බලාපොරොත්තු විය නොහැකි බව ඔහු තහවුරු කර ගත්තේ ය. යළි රුසියාව බලා යන ඔහු ඒ වන විට ලෝක දේශපාලනය තුළ ඇති වන වෙනස්කම් තේරුම් ගනිමින් රුසියාව තුළ සමාජවාදය පිරිහෙමින් තහවුරු වෙමින් පවතින නිලධාරිවාදය විවේචනයට ලක් කරමින් අදහස් පළ කළේය. රුසියන් මතවාදයට  එරෙහිව චීන මතවාදය පිළිගනිමින් කටයුතු කළේය.
1964 වසර ඔහු යළිත් ලංකාවට පැමිණීමත් සමඟ ශන්මුගදාසන්ගේ චීන පිල හා එක්ව කටයුතු කිරීමත් කොමියුනිස්ට් පක්ෂය විවේචනය කිරීමත් රුසියානු බලධාරින් වෙත කොමියුනිස්ට් පක්ෂය විසින් විජේවීරයන් පිළිබඳ තොරතුරු දැන්වීමත් සමඟ යළි සෝවියට් රුසියාවට අධ්‍යාපනය සඳහා යාමට නොහැකි විය. එය ඔහුට කනස්සල්ලක් හෝ ගැටලූවක් නොවීය. පසු ක‍්‍රියාකාරීත්වය එය වඩාත් හොඳින් සනාථ කළේය.

ඔහු චීන පිල තුළ උද්යෝගයෙන් වැඩ කළේ ය. ටික කලකින් එහි ජනප‍්‍රිය චරිතයක් වුණේ නිරායාසයෙනි. ජනතාවට සමාජවාදය උදාකර දීමට පැහැදිලි ගමන් මඟක් චීන පිල තුළද නොමැති බව  වටහා ගැනීමට වැඩි කලක් ගියේ නැත. නව දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් චීන පිල තුළ සිටිමින්ම ආරම්භ කිරීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා වූ අරමුණ සමඟින් ආසන්නම හිතවතුන් සමඟ සාකච්ඡුා සංවාද කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස තමන් ඇතුළුව විශ්වාසවන්තයන් 9 දෙනකු සමඟින් 1965 මැයි 14 වැනි දින ගාල්ල අක්මීමන කරුණාරත්නගේ නිවසේදී කරන ලද ප‍්‍රථම සාකච්ඡුාව ලාංකේය ජන සමාජයට නවමු අත්දැකීම් සම්භාරයක් එකතු කළ ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමට මූලාරම්භය විය.
මූලික දස දෙනාගේ ක‍්‍රියාකාරිත්වයෙන් වසරකට පසු 1966 නැවත අක්මීමන කරුණාරත්නගේ නිවසේ දී දෙවැනි සාකච්ඡුාවට අමතර දෙදෙනකු සමඟ 12 දෙනෙකු සහභාගී වූහ. තම දේශපාලන වඩාත් ශක්තිමත් පදනමකට ගෙනෙමින් හම්බන්තොට කිරින්දේ ගොවිපළක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. අනුරාධපුර ගල්කුලමේද ගොවිපළක් ආරම්භ කෙරිණි. පසු කලෙක මෙම ගොවිපළවල් පක්ෂ ක‍්‍රියාධරයන්ගේ අධ්‍යාපනික පාසල් විය. එමෙන්ම ක‍්‍රියාකාරිත්වයේ ආර්ථික පදනම ශක්තිමත් කිරීමට කතරගම වන්දනා කාලයට ආහාර අලෙවි සැලක් පවත්වාගෙන යාමද සිදුවිය. ලියුම්කරුද එහි වැඩ කළේය.

නව දේශපාලන ක‍්‍රියාකාරීත්වය වැඩි වීමට සාපේක්ෂව ඔහු වෙත පැවරුණ වගකීම් සම්භාරයද වැඩි විය. එවකට පැවැති තත්වයන් යටතේ සැතපුම් ගණන් ඔහු පයින් ගියේය. නිසි අහරක් නොමැතිව කුසගින්නේ
කටයුතු කළේය. දිනකට ඔහු නිදාගන්නා කාලය පැය 4 කට තරම් සීමා විය. තමන් සමඟ එක්වුණු අනිකුත් සහෝදර ක‍්‍රියාකාරිකයන්ට ආදර්ශමත් වෙමින් ඔහු වැඩ කළේය. 1966 අගෝස්තු පාසල් නිවාඩු කාලයේදී ලියුම්කරු ඇතුළු තුන්දෙනෙක් බද්දේගම කමලබන්දු සහෝදරයා මඟින් (ඔහු කිරින්ද ගොවිපළේ දිගු කලක් වැඩ කළ අයෙකි* විජේවීර සහෝදරයා
මුණගැසී සාකච්ඡුා කිරීමෙන් ක‍්‍රියාකාරී දායකත්වයක් ලබාදීමට එකඟ වූ අයෙකි. එතැන් පටන් ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් විවිධ තත්වයන් යටතේ අඛණ්ඩව 2006 වන තුරු වැඩ කළ අයෙකි.

1966 ක‍්‍රියාකාරිකයන්ගේ සාකච්ඡුාවෙන් පසු 1967 දෙසැම්බර් එවකට රට පුරා විසිර සිටි 100කට ආසන්න ක‍්‍රියාකාරිකයන්ගෙන් විසිදෙනකු සහභාගි වෙමින් අනුරාධුර කැලැත්තෑව ගොවි හිතවතෙකුගේ පැලකදී වඩාත් ඉදිරිගාමී සාකච්ඡුාවක් කෙරිණ. එහිදී රෝහණ විජේවීර සහෝදරයා විසින් ජනතාවට සමාජවාදය පිළිබඳ අවබෝධය දෙමින් පවතින සමාජ තත්වයන් පිළිබඳ විග‍්‍රහයත් සමඟ සාකච්ඡුා මඟින් ජනතාව එකතු කරන වැඩපිළිවෙළක් එකඟතාවයටපත් කර ගන්නා ලදී.

ධනපති පාන්තික සමාජ පීඩනය තුළ සූරාකෑමට හසුවෙමින් තමන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ලතවන ජනගහනයේ අධි බහුතරයක් විවිධ ශ්‍රේණිවල පීඩිත පන්ති ජනයා ජනතා විමුක්ති පෙරමුණ වෙත කැඳවා ගැනීමට සකස් වුණු සුප‍්‍රකට පන්ති පහ ආරම්භය කැලැත්තෑව සාකච්ඡුාවට අදාළව නිර්මාණය විය. (1) ලාකේය ඉතිහාසය  (2) ආර්ථික අර්බුදය (පසු කලෙක ධනපති ක‍්‍රමයේ අර්බුදය) (3) ඉන්දියානු ව්‍යාප්තවාදය (4) නිදහස හා වාමාංශික ව්‍යාපාරය (5) ලාංකේය විප්ලවය ගත යුතු මඟ
ඒ වන තෙක් රෝහණ විජේවීරයන්ගේ පුද්ගල මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වුණු මඟ වෙනස් වෙමින් ක‍්‍රියාකාරිකයන් පක්ෂ වැඩපිළිවෙළකට අනුගත කරන ලදී. කෙසේ වුවත් ඒ වන විට මූලික පක්ෂ සංවිධාන ව්‍යුහයක් නොතිබුණෙන් ක‍්‍රියාකාරික එකතුවක් වශයෙන් පැවතිණ. (විසිඑකේ කණ්ඩායම)
මෙම වකවානුව වන විට ලාකේය කම්කරු පාන්තික වැඩකරන ජනයා සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල වෘත්තීය සමිති තුළ සාමාජිකත්වය දරමින් දෛනික වැටුප් අරගල තුළ පමණක් රඳවා ගනිමින් කම්කරු පාන්තික දේශපාලනය එකතැන පල්වෙමින් තිබුණි. ඒ වෙනුවට කම්කරු පන්තියට සමාජවාදය පිළිබඳ අවබෝධය දෙමින් වැඩ කරන ජනයා එක්තැන් කරන සමාජවාදී කම්කරු සංගමයද නිර්මාණය කරයි.
1968, 1969 කාල වකවානු තුළ තරුණ ජනයා දස දහස් ගණනින් සමාජවාදී සමාජ ක‍්‍රියාවලියට එක්වෙමින් තිබීම. සම සමාජ කොමියුනිස්ට් අවස්ථාවාදයට බරපතළ අතුල් පහරක් විය. එම නිසාවෙන් ඔවුන් ඉතා වෛරී  සහගතව අවලාද නැඟීම ආරම්භ කරමින් ස්වෙච්ඡුාවෙන් මහත් කැප කිරීමෙන් වෙහෙසකර ක‍්‍රියාවලියකින් ශක්තිමත් වෙමින් පැවතුණ ක‍්‍රියාකාරිත්වයට සැලසුම් සහගතව අවලාද දමා ගසන ලදී. 1969 වසරේ අවසන් වෙන්නේ ‘ඇත්ත’ පුවත්පත් මඟින් තරුණයන් බිලී බා ගන්නා සී.අයි.ඒ කෙමනක් යනුවෙන් බරපතළ අවලාදයකින් දමා ගැසීමෙනි. (පසු කලෙක මේ සම්බන්ධව ‘සී.අයි.ඒ කාරයෝ’ නමින් දේශනය රෝහණ විජේවීරයන් විසින් කරන ලදී) මෙම තත්වයන් දඩමිමා කරගත් එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘චේ ගුවේරා බියුරෝව’ රහස් පොලිස් විශේෂ අංශයක් ස්ථාපිත කොට පොලිස් මර්දනය දියත් කෙරිණ. මේ වකවානුවේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කාලය අවසන් වෙමින් මහ මැතිවරණය 1970 මැයි 27 ට යෙදිණ.

මැතිවරණයට අදාළව සිදුවෙමින් පවතින  සියලූ තත්වයන් සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා ජනතාව දැනුවත් කරන පක්ෂයේ මුද්‍රිත ප‍්‍රථම ලියවිල්ල ජනතා විමුක්ති පෙරමුණ නමින් ප‍්‍රකාශයට පත් කරයි.
ලාංකේය ජනතාවට සමාජවාදී සමාජ වැඩපිළිවෙළක් දිනා දීම අරබයා 1965 අක්මීමන ආරම්භකව ක‍්‍රියාත්මක වුණු දේශපාලන ක‍්‍රියාවලිය ජනතාවට වගකියන ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශයට පත් වීමත් සමඟ නව පන්නයේ ප‍්‍රචාරක කලාවක් හරහා ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතු ආරම්භ කෙරිණ.
රෝහණ විජේවීරයන් අධිෂ්ඨානශීලී සමාජ මෙහෙවරකට ඇතුල් වෙමින් ලාංකේය ජනතාවට යහපත් සමාජයක් යහපත් ජීවන තත්වයක්, ජීවිතය විඳවනවා වෙනුවට වින්දනය කළ හැකි ජීවිතයක් සියලූ ලාංකේය ජනයා වර්ග-ජාති-කුල-ආගම්-භාෂා භේදයකින් තොරව එක් මිනිස් ප‍්‍රජාවක් ලෙසත් ජනගහනයෙන් 10% ක් සැප විඳින සමාජයක් වෙනුවට මුළුමහත් සමාජයම සැප සතුට උරුම කරගත් සමාජයක් දක්වා රැුගෙන යාමට හැක්කේ සමාජවාදී සමාජ පරිවර්තනයකින්ම පමණක් බව සනාථ කරමින් 1977 ජනතා විමුක්ති පෙරමුණ තම විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලාංකේය ජනතාවට ඉදිරිපත් කළේය. විජේවීරයන් තම ළාබාල කාලය හැරුණු විට ඉදිරි මුළු ජීවිත කාලයම ජනතාවට සමාජවාදය උදා කිරීමට මුළුමහත් දුක් විඳින ජනතාවට ආදරය කළ පේ‍්‍රම කළ අභීත අව්‍යාජ මිනිසකු ලෙස කටයුතු කරමින් ඉතාම දුෂ්කර වූ වද වේදනාවන්ට හා අපහාසයන්ට ලක්කරමින් 1989 නොවැම්බර් 13 දා ජේ. ආර්. ජයවර්ධන නම් අලූගෝසු පාලනය විසින් වෙඩි තබා පණපිටින් පුළුස්සා දමා පාලකයෝ සව්දිය පිරූහ.

Massacre of JVP in 1987-1989ඔවුන් සටන් වැදුණේ ජනතාවට සමාජවාදය දිනා දීම වෙනුවෙනි. ඔවුන් මරා දැමුවේ ධනපති පාන්තික පාලන ක‍්‍රමය අහෝසි කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණ නිසාය.
ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂය නිර්මාණය කරමින් එම පක්ෂය අවුරුදු 24ක් මරණීය බාධක හමුවේ නොසැලී නායකත්ව යුතුකම ඉටුකළ රෝහණ විජේවීරයන්ගෙන් පසු එහි වගකීම් සහගත නායකයා වෙමින් සෝමවංශ අමරසිංහ වසර 24 ක් නායකත්වය දැරුවේය. ඔහුගේ පාලන කාලයේ කිසිදු බාධකයකින් තොරව අවසන් වූයේ නායකත්වයෙන්ද පක්ෂයෙන්ද ඉවත් වීමෙනි. වැදගත් වන්නේ ඔහු ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දෙමින් වැඩ කළ වකවානුවයි.

88 / 89 න් පසු යළි පක්ෂය ගොඩනැඟීමට මහත් වෙහෙසක් කළ, පුරෙරෝගාමී වැඩකොටසක් ඉටු කළ කුමාර් ගුණරත්නම්, සෝමවංශ අªරනවාද? අනේ නැත. 1994 යළි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රසිද්ධ දේශපාලනයට ආ දා සිට කුමාර් ගුණරත්නම් දේශපාලන මණ්ඩලයේ සිටියේද නැත. අනුර කුමාරගෙන් ඇහුවත් අනේ දන්නෙම නැත. 2010 සමුළුවේදී අනුමත වන යෝජනා මොනවාද? එයට කුමාර් ගුණරත්නම්ගේ දායකත්වය ලැබුණාද? අනේ නැත. දැන් ජ.වි.පෙ ඌරගෙ මාළූ ඌරාගේ පිටේ තියා කැපීමේ තත්වයට පත්ව ඇත. නොයෙල් මුදලිගේ ආගමන විගමන නීති උල්ලංඝනය කර ඇත. යහ පාලනයේ සරණින් කුමාර් ගුණරත්නම්ට ලංකාවේ දේශපාලනය බැරිය. අදෝමැයි.

1977 ජනතා විමුක්ති පෙරමුණ පවතින ක‍්‍රමය තුළ පිළිගත් ලියාපදිංචි පක්ෂයක් වීමට පෙර එහි ප‍්‍රතිපත්ති වැඩපිළිවෙළ එළි දක්වන ලදී. එය නමින් ‘විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’යි. මෙම ප‍්‍රකාශනය ජනතාව අතරට ගෙන යාම කොයිතරම් වැදගත් කොට සැලකුවාද යන්න රෝහණ විජේවීරයන් ජීවත්ව සිටියදී එක පෙළට මුද්‍රණ වාර 5 ක් කිරීමෙන් එහි වැදගත්කම තේරුම් ගත හැකිය. මෙම ප‍්‍රකාශනය ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමින් බෙදා හැරියේ ලක්ෂ ගණනෙනි. කෙදිනක හෝ ජනතා විමුක්ති පෙරමුණට ජනතාව බලය දුන් දිනක කි‍්‍රයාවට නඟන වැඩපිළිවෙළ එයයි. එහි ඇති යම් යෝජනා, කි‍්‍රයා පිළිවෙත් කල්ගතවීම් අහෝසි වීම් හෝ වෙනස් වීම සිදුවිය හැක. එහෙත් මූලික වැඩපිළිවෙළ වෙනස් විය නොහැක. නමුත් සෝමවංශ ජවිපෙ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය 1996 මුද්‍රණයෙන් පසු එය කටු ගෙට යැවීය. එයින් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ කි‍්‍රයාමාර්ග ජනතා විමුක්ති පෙරමුණ අද අහෝසි කරමින් අලූත් කි‍්‍රයාමාර්ගයක් වූ ‘නවීන සමාජවාදය’ නමැති සියල්ල කලවම් කර තැනූ ‘සුප් එකය. අනුර කුමාර නායකත්වය යටතේ එය වඩාත් හොදින් රසවත් කරනු ඇත.

තම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් මරා දමන්න දායක වූ මුතාලිෆ්ලා මිය ගිය විට රණවිරුවන් ලෙස පුදමින් පෝස්ටර් ගැසූ ජවිපෙට බටලන්ද වධකාගාරය මෙහෙය වූ නායකයන්ගේ දෑතින් අල්ලා සුහඳත්වය ප‍්‍රකාශ කරමින් රටත් ජනතාවත් අතර පෙනී සිටි සෝමවංශලාට කුමාර් ගුණරත්නම් කවුද?
රෝහණ විජේවීරයන්ගේ කි‍්‍රයාකාරීත්වය තුළ හම්බන්තොට ගිරුවාපත්තුවේ ජනතාව සමඟ තිබූ විශ්වාසනීය බැඳීම ප‍්‍රකාශයට පත්වුණේ 1994 මහ මැතිවරණයේදී එක් මන්තී‍්‍ර ආසනයක් හම්බන්තොට ජනතාව ලබාදීමෙනි. සෝමවංශලාගේ දේශපාලනය තුළ එය රැුකගතහැකි වුණාද?

මාක්ස් එංගල්ස් තම දර්ශනවාදය ප‍්‍රකාශයට පත් කළේ එතෙක් පැවැති සියලූ මතවාදයන් විද්‍යාත්මක ලෙස අර්ථ දක්වමින් සියලූ වර්ගයේ මිථ්‍යාවන් බැහැර කරමින් මානව සමාජය සංවර්ධනයට මඟ පෙන්වමින්ය. රෝහණ විජේවීරයන් ප‍්‍රමුඛ ජ.වි.පෙ. ජනතාව නොමඟ හරිමින් පසුගාමී සමාජ මතවාදයන්ගෙන් පිහිට ලබමින් කටයුතු කරන වංචනික දේශපාලකයා වෙනුවට සැබෑ දේශපාලකයා හඳුන්වා දුන්නේය. සෝමවංශ එදා ජ.වි.පෙ. නොකළ දේ කළේය. දේශපාලනය වෙනුවෙන් මල් වට්ටි අරන් වැන්දේය. රෝහණ විජේවීර එදා දේශපාලනයට ආගම ඈඳාගත්තේ නැත. සෝමවංශලා දෙවොලේ පූසාරියන් මෙන් කටයුතු කළේ නැද්ද? විජේවීර සහෝදරයාගේ ජීවිත කාලයෙන් ජ.වි.පෙ.ට හොඳ කියූ දේශපාලකයා කවුද? අද ජ.වි.පෙට සම්මාන සහතික ලැබෙන්නේ මහතැනින්ය. යන දිසාව අනුව සැලකිල්ලද එසේය.

සමාජ ව්‍යාපාරයක් ඉදිරිය යන්නේ සමාජ සබඳතා තහවුරු කොට පවත්වා ගැනීම තුළයි. 71 – 89 වකවානුවේ දිවි දුන් සහෝදර සහෝදරියන්ගේ යැපෙන්නන් ගැන සොයා බැලීමද යුක්ති යුක්තය. දැන් සෝමවංශ කියන්නේ ජ.වි.පෙ. ජනතාව අතර නැත කියාය. ඔහු කියන භාෂාවේ තේරුම එයයි. සෝමවංශ ජ.වි.පෙ. ගැන අද කියන දේ 2006 දී ලියුම්කරු කියන විට පක්ෂ සාමාජිකත්වයෙන් පවා ඉවත්කොට අවලාදවලින් පහරදුන්නේය.

සෝමවංශ ජ.වි.පෙ. ගමන් මඟ තුළ 1994 මහ මැතිවරණයට ඉදිරිපත්ව එක් මන්තී‍්‍ර ආසනයක් ලැබීය. ජ.වි.පෙ පරිවාස ආණ්ඩුව දක්වා මන්තී‍්‍ර ආසන 16 ක් ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරග කිරීමෙනි. ඉන්පසුව, රනිල් එළවන්න පරිවාස හැදුවේය. පරිවාසය අවසන් වීමත් සමඟ චන්ද්‍රිකා සමඟ සන්ධානයට ගිය පසු ලද මන්තී‍්‍ර ආසන 41න් දෙකක් ? එළිවෙනකොට තෑගි දුන්නේය. සහවාසය එසේ විය. ‘සුනාමි සහන මණ්ඩලය’ හේතුවෙන් සන්ධානයෙන් එළියට ආවේය. යුද්දෙට සහාය දුන්නේ ‘ලේ හැලූනත් රට බෙදන්න දෙන්නෙම නෑ’ කියාය. පසුව යුද්ධයට සහාය දීම වැරදි කීවේය. මහින්ද චින්තන හැදුවේය. මහින්ද එළවන්න 71 , 88 – 89 ජනතා විමුක්ති පෙරමුණට හොඳින් සැලකූ ෆොන්සේකා සරණ ගියේය. වැඬේ වැරදුණේය. මහ මැතිවරණය ආවේය. හංසයා සරණින් මන්තී‍්‍ර ආසන 4ක් රැුකගත්තේය. තනියම 16 හවුලේ කෙරුවාව 4 යි. පසුගිය ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව,  යහපාලනය තුළය. දින සීයෙන් පසුව නැවත එළියේය. එදා විහිළුවට ලක්කළ දේවල් අද හොඳය. එදා බිත්තිවල හිනැහෙන මූණු අවඥාවට ලක් කළේය. අද ජ.වි.පෙ. නායකයන් සමඟ මුහුණු පාප්පවල හිනැහේ. විජේවීරගෙන් පසු නව නඩය දක්කාගෙන යන්නේ මඩවළට බව පෙනෙමින් තිබේ. ඔව්, අලූත් වෙන්න කාලය ඇවිල්ලා!

ගුණපාල ගුරුගේ