විද්‍යාගේ ගුරුවරයකු ලියා තැබූ සංවේදී සටහනක්…

Vidya2010 වසරේ පුන්කුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලූතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්නේය.
පන්තියේ අන්තිම පේළියේ වාඩිවී හුන් සිසුවිය අසුනින් නැඟී සිටියේ බියට පත් වූ විලාසයකිනි. නම කුමක්දැයි ඇසූවිට ”විද්‍යා”යැයි හෙමින් උත්තර දුන්නාය.

ඉංග‍්‍රිසි නම් විද්‍යා යැයි සිසු සිසුවියන් කියන තරමට ඇය ඉංග‍්‍රිසි විෂයට සමත්කම් දැක්වූවාය. ඉංග‍්‍රිසිවලට පමණක් නොව සියලූ විෂයන් කෙරෙහි දක්ෂතා දැක්වූ ඇය ගණිතය විතරක් තරමක් අපහසු යැයි පැවසුවාය. ගණිතය හොඳින් ඉගෙන ගත යුතු බව සියලූම ගුරුවරුන් පවසද්දී ඇය හැමවිටම කිව්වේ ”ඒක ටිකක් අමාරුයි” කියාය.

වරක් මා අනාගත බලාපොරොත්තු පිළිබඳව ඉංග‍්‍රිසියෙන් ලියන ලෙස සිසුන්ට පැවසූ විට ඇය ලියා තිබුණේ අනාගතයේදී මාධ්‍යවේදිනියක් වීමට බලාපොරොත්තු වන බවය.
ඇය උසස් පෙළට තෝරාගෙන තිබුණේත් ඉංග‍්‍රීසි ඇතුළු දක්ෂතා දැක්වූ විෂයන්මය.
ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී ඉංග‍්‍රීසි විෂය සඳහා වූ ක්‍ෘ තැටි එළි දැක්වීමක් පැවැත්වුණු අවස්ථාවේ අප පාසල නියෝජනය කරමින් ජනාධිපතිතුමන් ඉදිරියේ පෙනී සිටීමට ඇය තෝරාගනු ලැබිණි. ”ඒ රැුස්වීමෙදි මට ඉංග‍්‍රිසියෙන් කතාවක් කරන්න වෙයිද සර්?” කියා ඇය මගෙන් අවිහිංසක ලෙස ඇසූ පැනය තවමත් මගේ සවන් තුළ දෝංකාර දෙයි.

මාරුවීමක් ලබා මා හට විද්‍යාලයෙන් යාමට සිදු වූ අවස්ථාවේ එය අවලංගු කරගැනීමට නොහැකිදැයි දියණියක් පියෙකුගෙන් කරන ඉල්ලීමක් සේ ඇය ඉල්ලා සිටි අයුරු තවමත් මගේ හදවතෙහි මැවෙයි.
මීට මසකට පෙර වේලනෙයි මහ විදුහලේ පැවැති සම්මන්ත‍්‍රණයකට පැමිණි අවස්ථාවේ ඇය මා සොයාගෙන පැමිණ කතාබහ කොට සිය කෘතවේදීත්වය පෙන්නුම් කළාය.

මරණය යනු වයස් භේදයකින් තොරව කාහටත් පොදු වූ දෙයකි.
එහෙත් මැයට හිමි වූ මරණය අතිබිහිසුණු වූවකි.
මේ අවිහිංසක බාලිකාවකට හිමිවීමට කිසිසේත් නුසුදුසු වූවකි.
බෙහෙත් ගැනීමට මුදල් නැතිකමින් කොච්චරවත් ”හිසරදෙයි. ඇස් දෙක රිදෙනවා” කියමින් හඬන ඈ අවසන් මොහොතේ කොපමණ වූ දුඃඛස්කන්ධයක් වලඳන්නට ඇද්ද?

අහෝ දෙවියනේ!
අවමඟුල් පෙරහැරේ ගමන් කරද්දී අපව තෙමාගෙන වැටුණු වැස්ස කඳුළු සඟවාගන්නට අපට සහාය විය.
ගිහිල්ලා එන්න මගෙ දුවේ…

දුෂ්‍යන්තන් තුරෙයිරාජා