ආණ්ඩුව පෙරළුණත් නොපෙරළෙන ‘මීතොටමුල්ලේ කුණු කන්ද’

meethotamullaජනාධිපතිවරණ සමයේදී කොළොන්නාව, මීතොටමුල්ල ජනතාවට වැදගත් වන ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද සටන් පාඨ දෙකක් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවේ හඬ දුන්නේය. එකක් කොළොන්නාවේ කුණු හා කුඩු ඉවත් කරන බවයි. අනෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන බවයි. කොළොන්නාවට කුඩු මෙන්ම කුණුද බරපතළ සමාජ ගැටලූවකි. මීතොටමුල්ලේ ජනතාවට කුඩුවලටත් වඩා ලොකුම ගැටලූව කුණුය. ඒ, කුණු කන්ද ඔවුන්ගේ නිවෙස් අබියස තිබෙන නිසාය. පැය 24ම කුණු ගොඬේ ඉවසිය නොහැකි ගඳ දරා ගනිමින්, කුණු කන්ද නිසා ඇතිවන කායික හා මානසික රෝගවලට ගොදුරු වෙමින් ජීවත් වීමට ඔවුන්ට තිබේ. මීතොටමුල්ලේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දුන්නේද කුණු කන්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව නිසාය. මීතොටමුල්ලේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයද අවශ්‍ය විය. ඒ, කුණු කන්ද ඉවත් කරන ලෙස බල කරමින් කරන ලද උද්ඝෝෂණවලට රජයේ ප‍්‍රතිචාරය මර්දනය වූ නිසාය. කුණු කන්ද ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටි ආණ්ඩුව දිනපතා මීතොටමුල්ලේ ගෙයක් ගෙයක් ගානේ සී.අයි.ඞී.කාරයන් එව්වේ ඊළඟ උද්ඝෝෂණය කවදා තිබෙනු ඇත්දැයි දැන ගැනීමටය. සංවිධායකයන් බිය වැද්දීමටය. ඒ නිසා ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදයද අවශ්‍ය විය. 1

කුණු කන්ද ඉවත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන බව කී මෛත‍්‍රීපාල සිරිසේනට මීතොටමුල්ලේ ජනතාව පක්ෂ භේදයකින් තොරව ඡුන්දය දුන් බව කොළොන්නාව ආසනය වැඩි ඡුන්ද 17,065කින් මෛත‍්‍රීපාල ජයගැනීමෙන් පෙනේ. කෙසේ වුවත් මීතොටමුල්ලේ ජනතාව දෙන්නම් කාසිවලට රැුවටී පොරොන්දු ඉටු වන තුරු බලා සිටියේ නැත. ඔවුහු තමන්ගේ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහ. මෛතී‍්‍රපාලගේ වේදිකාවේද කුණු, කුඩු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඬ නැඟුණේ ඡුන්ද ගුණ්ඩු ලෙසින් බව ඔවුහු දැන සිටියහ.
නව ආණ්ඩුව පත්වී දින සියයත් ඉක්ම ගොස් තවත් මාසයක් ගත වෙමින් තිබියදීත් කුණු කන්ද කුණු වෙමින් තිබෙනවා හැර පිළිතුරක් නොලැබෙන විට ඔවුහු යළිත් පාරට පැමිණියහ. යළිත් වතාවක් පසුගිය 25 වැනිදා මීතොටමුල්ලේ ජනතාව පාරට බැස, පාර හරස් කරමින් කුණු ලොරිවල පැමිණීමට බාධා කරමින් විරෝධය පළ කළහ. රාජපක්ෂ පාලනයේදී සේ ම යහ පාලනයේදීද පිළිතුරු වෙනුවට පොලිස් මර්දන කණ්ඩායම් පැමිණියහ. අධිපීඩක ජල ප‍්‍රහාරක රථ, කඳුළුගෑස්, බැටන් පොලූ සූදානම් විය. මීතොටමුල්ලේ ජනතාවගේ ඇස් ඉදිරියේ පෙනෙමින් තිබුණේ ආණ්ඩුව වෙනස් වුවත් ජනාධිපතිවරයා වෙනස් වුවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනස් වුවත් සැබැවින්ම කිසිවක් වෙනස් වී නැති බවයි. මැතිවරණ පොරොන්දු හුදු රැුවටිලිකාරී වදන් පමණක් බව සනාථ කරමින් උද්ඝෝෂකයන්ට අධිපීඩක ජල ප‍්‍රහාර සහ බැටන් පොලූ ප‍්‍රහාර එල්ල විය. විරෝධතාව විසුරුවා හරින ලදී. එහෙත් මීතොටමුල්ලේ ජනතාව පසු බැස්සේ නැත. ඔවුහු නැවත පැමිණියහ. විරෝධතාව දිගටම පවත්වාගෙන ගියහ.

2යහ පාලන ආණ්ඩුවේ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ කිහිප දෙනකු ප‍්‍රතිකාර ලබා ගත් අතර නීතිඥ නුවන් බෝපගේට කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට සිදු විය. පොලිසියේ ප‍්‍රහාරයෙන් ඔහුගේ ඇසකටද හානි සිදුව තිබේ. උද්ඝෝෂණයට එල්ල වූ පොලිස් ප‍්‍රහාරය පිළිබඳව ජනමාධ්‍ය විසින් රට පුරා පුවත් විකාශය කරන ලද අතර එය ආණ්ඩුවට අවාසිදායක ලෙස පෙනෙන්නට පටන් ගත්තේය. ඒ නිසා අවසන් මොහොතේ අගමැතිවරයා සමඟ සාකච්ඡුාවක් ලබා දිය හැකි යැයි අගමැති ලේකම් කාර්යාලයේ නියෝජිතයකු පැවසීය. තමන්ට අවශ්‍ය උද්ඝෝෂණ කිරීමට නොව කුණු කන්ද ඉවත් කර ගැනීමට බැවින්  ඕනෑම සාකච්ඡුාවකට සූදානම් බව කී උද්ඝෝෂකයෝ සිය විරෝධතාව තාවකාලිකව නතර කළහ. සාකච්ඡුාව 29 වැනි සිකුරාදා දිනයට යෙදී තිබේ.

3මීට පෙරද කුණු කන්ද ගැන  ඕනෑ තරම් සාකච්ඡුා සිදු විය. කුණු ඉවත් කර ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ වැඩසටහන් සඳහා යෝජනාද වැඩපිළිවෙළවල්ද ඉදිරිපත් විය. පසුගිය ආණ්ඩුවේ ලොකුම කෙරුමා වී සිටි ගෝඨාභය රාජපක්ෂද කුණු කන්ද ඉවත් කරන බවට පොරොන්දු වී පසුව උද්ඝෝෂකයන්ට පහරදීමට පොලිසිය යෙදෙව්වේය. කෙසේ වුවත් තවමත් කුණු කන්ද එහි පණුවන්, කපුටන්, බල්ලන් හා කුණු කන්ද බුදින දේශපාලකයන්, නිලධාරීන්, ව්‍යාපාරිකයන් සමඟ තව තවත් තර වෙමින් තිබේ.

ජනක තුෂාර