මීරියබැද්දේ අසරණවූවන්ගේ සිහින තව දුරය

DSCF3691අපි පූනාගල අවතැන් කඳවුර බලා ගියේ ඉකුත් මැයි 21 වැනිදායි. මීරියබැද්ද කොස්ලන්ද නායයාමේ ඛේදවාචකය එතැනින් නිම නොවුණි. එහිම තවත් ගැටලූ රැුසකට මුහුණ දෙන වතු කම්කරු ජීවිත ගෙවී යන්නේ කෙසේද? අදටත් ඔවුන් ජීවත් වන අවතැන් කැඳවුර තුළ නිසි නඩත්තු ක‍්‍රියාවලියක් නොමැත. එහි සාමාන්‍ය කටයුතු අඩාල වී ඇත. තාවකාලික වැසිකිළි පද්ධතිය පිරී, ඒවා පාවිච්චියට නුසුදුසු තත්වයට පත්ව ඇත. ජලය, විදුලිය, ආරක්ෂාව පිළිබඳ මූලික ප‍්‍රශ්න රැුසකට මුහුණ දෙමින් පුරා මාස හයක් ඔවුහු මේ කඳවුරේ ජීවත් වෙති. ඔවුන්ට සිදුව ඇත්තේ එහි ජීවත් වෙමින් වත්තේ වැඩට යාමටයි. ඔවුන්ට සිදුව ඇති අවනඩුව මුළු රටම දනී. ඒත් පිළිතුරක් දීමට අද වන තෙක්ම පාලකයන් අසමත් වී ඇත. සැබැවින්ම ඔවුන් අද වන තෙක්ම මෙරට ජීවත්වන සාමාන්‍ය ජන කොටස්වලට හිමි මූලික අයිතීන් පවා අහිමි ප‍්‍රජාවකි. වත්තටම දිය කර හරින කම්කරු ශ‍්‍රමයේ ඉරණම මේ යැයි හැඟ වූ ඛේදවාචක රැුසකින් ඔවුන්ගේ ජීවිත පිරී ඇත.

”අපිට ගෙවල් දෙකක් තිබුණා. ඇත්ත කියනවා නම් අද තමයි මට ඉඩමට ඔප්පුව හම්බ වුණේ. මම මේ කඳවුරේ මාස හයක් ඉන්නවා. නම් ලැයිස්තුව කියවන කොට එදා මට ඔප්පුවක් තියෙනවා කියලා කිව්වා. මට කීවා, තලවාගල පිට්ටනියේ තියෙන රැුස්වීමට එන්න කියලා. මම ගියාට මට ඔප්පුව හම්බ වුණේ නෑ. එදා පස් දෙනකුට ඔප්පු දුන්නා. එකොළොස්වෙනිදා මෙහේ ඇවිත් හැමෝටම දුන්නා. මට දුන්නේ නෑ. ඊට පස්සේ ෆවුසි ආවානේ. එයා ඇවිත් රැුස්වීමක් තියලා ගියා. මං ඇහුවා වෙල්ෆෙයාගෙන් කෝ මගේ ඔප්පුව කියලා. දන්නේ නෑ, වත්තේ මහත්තයා එක්ක කතා කරගන්න කීවා. මගේ ප‍්‍රශ්නයට උත්තරයක් ලැබුණේ නෑ. estate workers

ඇත්තටම මම අවුරුදු හතරහමාරක් රට හිටියා. ලංකාවෙදිත් අවුරුදු 16 දී ඉඳලාම රස්සාවක් කරලා හම්බ කළා. හම්බ කරපු දේවල් ඔක්කොම තිබුණේ අම්මලාගේ ගෙදර. නංගිගේ රත‍්‍රං බඩුත් ඔක්කොම පවුම් 32ක් තිබුණා. එළුවෝ 15ක් හිටියා. කුකුළෝ 32ක් හිටියා. පොඩි එළවළු වගාවකුත් තිබුණා. ඒ ඔක්කොම නායට යට වුණා. අම්ම තාත්තා නංගි කවුරුත් නෑ. දැන් ළඟ ඉන්නේ අනෙක් නංගියි මගේ දුවයි විතරයි. දුව ඉන්නේ කොළඹ. එයා රත්මලානේ හින්දු විiාලේ ඉගෙන ගන්නවා. මට ආව හිත් වේදනාවට තමයි භූමිතෙල් ඇඟට දා ගත්තේ. දැන් මම තනියෙන් ජීවිතයට මුහුණ දෙන්න  ඕන. දරුවාට උගන්වන්න  ඕන. ආච්චි බලා ගන්නත්  ඕන. ඇත්තටම මැරෙන්න හිතුනේ අවුරුදු 18ක්ම ජීවත් වුණු ගෙදර, මගේ හැම දේම මට නැති වුණ නිසා.” යැයි අප හා පැවසුවේ 35 හැවිරිදි සුබ‍්‍රමනියම් තෙලෙමගල්ය. ඇය පවසන පරිදි නිවෙස් නොලැබුණු අනෙක් පවුල්වලට සිදු වන්නේ කුමක්ද? ඔවුන්ද කළ යුත්තේ සිරුර පුරා භූමි තෙල් වත්කරගෙන සිය සිරුරට ගිනි තබාගැනීමද? සිදුව ඇති අසාධාරණය දරා ගත හැකි සීමාව පිළිබඳ ඇත්තේ බරපතළ අර්බුදයකි.

ඉන් පසු එදින අප හා කතා කළේ සෙල්වදොරෙයි මෝහනචන්ද්‍රම්ය. ”දැන් මට ගෙයක් නැහැ. වත්තට උඩින් මට ඉඩමක් දුන්නා. වත්තෙ වැඩ කරන අයට ගේ දෙන්න  ඕන හන්දා වත්තෙන් මට යන්න කිව්වා. මම වත්තේ වැඩ කළේ නැති නිසා එළියට දැම්මා. කෝවිල ළඟ නාය ගියපු ගෙදරට මම අවුරුදු 14ක්ම ලයිට් බිල් ගෙවුවා. අපේ අම්මා තාත්තා වත්තේ වැඩ කළා. දැන් මට වත්තෙන් ගෙදරක් ලැබෙන්නේ නැහැ. තිබුණු ගෙදරත් නෑ. අලූතෙන් ගෙවල් දෙන ලිස්ට් එකෙත් මගේ නම නෑ. ඉතිං මම ළමයි තුන් දෙනයි, නෝනයි අපි පස්දෙනා ඉන්නේ කොහේද?” ඒ ඔහු මුහුණ දෙන බරපතළ ප‍්‍රශ්නයකි. මෙයින් තහවුරු  වන කරුණ වන්නේ ලැයිම් කාමර ඇත්තේ වත්තේ වැඩ කරන පවුල් සඳහා පමණි. එසේ නොමැති  ඕනෑම පවුලක දරුවන්ට ඔවුන්ගේ දරු පැටවුන් සමඟ එහි ජීවත්වීමට කිසිදු නීතිමය අවසරයක් නැත. වත්තේ වැඩට නොයන වතු කම්කරු පවුල්වල අනු පවුල් සඳහා ජීවත්වීමට බිම් අඟලක් නැත. ඒත් ඔවුන්ගේ දෙමාපියන්, මුතුන් මිත්තන් වසර 200ක්ම දහඩිය හෙළා ඇත්තේ මෙරට වතු ආදායම වෙනුවෙන්ය. සැබැවින්ම මතු පරපුරට ජීවත් වීමට තැනක් නොමැත. ඔවුන් සිය රට තුළදීම අනාථයන් වී ඇත.

එමෙන්ම, වීරමලෙයි මෝගන්රාජ් අප හා කතා කළේ ඒ අතරතුරය. ”අපි ඉපදුන දා ඉඳලා හිටියේ ලැයිමේ. දැන් මට ළමයි හතරක් ඉන්නවා. මගේ ගෙදර බඩු මුට්ටු ඔක්කොම නැති වුණා. මගේ අම්මාත් පස්වලට යට වෙලා මැරුණා. මට ලැයිමට උඩින් ඉඩමක් ලැබුණා. ඒ ගෙවල් ටිකත් හදලා තියෙන්නේ බාගෙට. මටත් මේ අපේ අයට ගෙවල් දෙන තැනින්ම ගෙයක් දෙන්න, ඒ ඉඩම් තියෙන ගෙවලූත් නාය යනවා කියලා කීවේ මීට අවුැරදු හයකට කලින්. ආපදා කළමනාකරණ අංශයෙන් මෙහෙම කියලා තියෙද්දී අපි කොහොමද මේවාට යන්නේ? මේ හැමදේම අපිට එක පාරක් නැති වුණා. ආයෙත් එහේ ගිහිං ජීවත් වෙන්නේ කොහොමද?”
ඔහු පවසන පරිදි මීරියබැද්ද ව්‍යසනයට ආසන්න බිමක පදිංචි වීම පිළිබඳ භීතිය සහ අවදානම මෙන්ම ඊට හේතුව නිවැරදිව තක්සේරු කර නැත. නැවත ඒ ආසන්නයේම පදිංචි වීමට සිදු වීම ඔවුන්ට දරා ගත නොහැකි ප‍්‍රශ්නයකි.

අප අසලම වාඩි වී සිටින මයිල්වාගනන් කෝකිලන් අප හා කතා කළේ මේ අතරතුරය. ”ආයෙ නම් මෙහෙම දෙයක් තවත් කාටවත් වෙන්න දෙන්න එපා. මම නොම්මර අටේ ලැයිමේ තුන සහ හතර කාමරවල හිටියා. මගේ තාත්තායි අම්මයි මල්ලියි එකට හිටියේ. මම වැඩ කළේ කොස්ගම. නාය යන වෙලාවේ අම්ම එක්ක මම ෆොන් එකෙන් කතා කර කර හිටියා. ඒ උදේ 7.35ට විතර. අම්මා මාත් එක්ක කීවා, නාය එනවා පුතේ කියලා. හුළංපාරක් ආවා ඇහුණා. වැඬේ ඉවරයි. පස්සේ අපට හම්බ වුණේ අම්මගේ මළ කඳ විතරයි. ඒකෙම කෙළවරේ කාමරේ හිටපු අයත් මහප්පයි, ලොකු අම්මයි දෙන්නමත් යට වුණා. ලොකු අම්මාගේ ඔලූව විතරයි හම්බ වුණේ. අපිට තාමත් ඒ ගින්දර නිවිලා නෑ. මේ වෙච්ච අසාධාරණයට ඇත්ත සත්‍ය බලලා උත්තරයක්  ඕන. ලැයිමට පිටින් අය මැරුණේ තුන්දෙනයි. අනිත් 34 දෙනාම ලැයිමේ මිනිස්සු.”
ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම කඳුකරේ වතුකම්කරු ජීවිත කඳුකර බිමේම වැළලෙන යථාර්ථය හෙට දින වෙනස් කළ යුතුය. ඒ සඳහා අප කළ යුත්තේ වතු කම්කරුවා සමඟ වෙනස් ගමනකට මුල පිරීමයි.

ඉන්දුමතී විද්‍යාරත්න