මෛත‍්‍රී ඔළුව ඇතුළේ මහින්ද

MR-Maithriමහින්ද රාජපක්ෂගේ දේශපාලන පුනරාගමනය පළමු වටයේදී අතාර්කික වෙමින් යන බව පෙනේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දෙන අපේක්ෂකයන් තේරීමේ කමිටුව ලබන සතියේදී වැඩ ඇරඹීමට නියමිතය. එහිදී මහින්දට නාමයෝජනා නොදෙන බව එම පක්ෂයේ ප‍්‍රබලයන්ගෙන් නිතර කියවෙන අතර තමන් නාමයෝජනා ඉල්ලන්නේද නැතැයි මහින්ද කියයි. ඒ අනුව කිසියම් විශේෂ සිදුවීමක් සිදු නොවුණහොත් මහින්දට මීළඟ මහ මැතිවරණයේ සිටම යළි දේශපාලනයට පිවිසීම අසීරු වෙමින් තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ගිය අවස්ථාවේ මෛතී‍්‍රපාල පවසා ඇත්තේ මහින්ද අගමැති වීම කෙසේ වෙතත් මන්තී‍්‍රවරයකු වීමට පවා තමා එකඟ නැති බවයි. ඒ අනුව මහින්ද සාධකය ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙමින් පවතින්නේද? මෙවර අප වැඩිපුරම සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරන මාතෘකාව එයයි.

  • අලූත් (වෙස්) මුහුණු

මහින්ද සාධකය යනුවෙන් අප අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ රතු පැහැති සාටකයක්ද පැලඳගෙන යළි පාර්ලිමේන්තුවේ සිටීම පිළිබඳ කරුණ නොවේ. අප මහින්ද සාධකය ලෙස දකින්නේ දේශපාලන සාධකයකි. එම දේශපාලන සාධකය වනාහී නවලිබරල් ධනවාදයට සියලූ පසුගාමීත්වයන්ද උරාගෙන සකස් කරනු ලබන මැල්ලූමකි. එයට ජාතිවාදය, ආගම්වාදය, ඥාති සංග‍්‍රහයද වංචා ¥ෂණද නීතිය තමන්ගේ අත හැසිරවෙන උපකරණයක් බවට පත් කිරීමද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අත්තනෝමතිකත්වයද ඇතුළු තවත් බොහෝ ලක්ෂණ එකතු වී තිබේ. ‘මහින්ද’ යනු ලංකාව වැනි ඉතා පසුගාමී රටකට ගැළපෙන පරිදි සකස් කරන ලද දේශපාලනයකි. දේශපාලනය පුද්ගල බද්ධව සලකා බලන අය මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයා ගෙදර යවා ඇතැයි සතුටු වනු ඇත. එහෙත් අප අවධානය යොමු කරන්නේ මහින්දගේ දේශපාලනය ගැනය. දේශපාලනයේ මහින්ද සාධකය ගැනය. එය අහෝසි වේද නැතිනම් එය තවදුරටත් පවතීද?

මහින්දගේ දේශපාලනය මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාගේ සිතීමක ප‍්‍රතිඵලයක් නොව සමස්ත සමාජය තුළ පවතින දේශපාලන සිතීමකි. දේශපාලන කි‍්‍රයාකාරීත්වයකි. එබැවින් මහින්ද රාජපක්ෂ ගෙදර යැවූවද එම දේශපාලනය වෙනුවෙන් වෙනත් පිරිසක් පෙරට එනු ඇත. දැන් විමල් වීරවංශ, වාසුදේව නායක්කාර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ආදීන් ප‍්‍රදර්ශනය කරමින් සිටින්නේ එම දේශපාලනය පෙරට ගෙන යාමට තවත් අය සිටින බවය. පසුගිය සතියේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්, අපේක්ෂකයන් හා පළාත් සභා මන්තී‍්‍රවරුන් එක්ව පැවැත්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාකච්ඡාවකදී ජනාධිපති මෛතී‍්‍ර ශී‍්‍රලනිප සභාපති ධුරයෙන් ඉවත්විය යුතු යැයි යෝජනාවක් සම්මත කර ඇත. මහින්දගේ පුනරාගමන ව්‍යාපෘතිය අවසන් අවධියට එළඹ ඇති වුවද ඔහුගේ ගෝල බාලයන් සටන නවත්වා නැත. එබැවින් මහින්දගේ දේශපාලනය වෙනත් මුහුණු හා වෙනත් ප‍්‍රතිරූපයන් හරහා ඉදිරියට ඒමේ විභවයක් ඇත.

ප‍්‍රශ්නය මහින්දගේ දේශපාලනය ඉදිරියට එමින් තිබෙන්නේ බස්නාහිර පළාතේ මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග හෝ විමල් වීරවංශ හරහා පමණක් නොවීමය. දැන් එය ඉදිරියට එන්නේ ජනාධිපති මෛතී‍්‍ර හරහාමය. මෑතකදී පුවත්පතක තිබූ කාටූනයක ඇඳ තිබුණේ මෛතී‍්‍රගේ ඔළුවේ මහින්ද පදිංචි වී සිටින අයුරුය. අපි පසුගිය සතිවල මේ සඳහා උදාහරණ ලෙස කතා කළේ මෛතී‍්‍රද පුවත්පත් කතුවරුන් කැඳවා ‘ජනපති – ජනහමුව කිරීම’, අවුරුද්දට රටේම ජනතාවගේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩ යැවීම වැනි උදාහරණය. නමුත් දැන් ඒ ගැන ඔහුගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වයෙන්ම පෙනේ. පසුගිය සතියේ ඒ සඳහා වන උපරිම උදාහරණය ලැබිණි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී එයට සාමාජිකයන් නම් කිරීමේ බලය ඇති ව්‍යවස්ථාදායක සභාවක්ද නම් කරනු ලැබිණි. එම සභාවට සාමාජිකයකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. මෛතී‍්‍ර ව්‍යවස්ථාදායක සභාව සඳහා තමන්ගේ නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ චම්පික රණවකය. චම්පික සිංහල ජාතිකවාදයේ සම්භාව්‍ය ප‍්‍රකාශකයාය. ඔහු තමන්ගේ නියෝජිතයා ලෙස නම් කිරීම හරහා මෛතී‍්‍ර ජාතිකවාදයේ ධජය දෑතට ගැනීමේ තරගයට අවතීර්ණ වී සිටින අතර ජනාධිපතිවරණයට පෙර පැවසූ කතාවල සියලූ ව්‍යාජ ප‍්‍රගතිශීලී අන්තර්ගතයන් ඉවත දමා මහින්දගේ අගතීන්ම වැලඳගෙන මහින්දගේ දේශපාලනය ඉදිරියට ගෙනයන්නා බවට පත්ව තිබේ.

  • යළි බොනපාට්ද?

මහින්ද බොනපාට්වාදී වූයේ නවලිබරල් ධනවාදයත් ජාතිවාදයත් දූෂණ හා ඥාති සංග‍්‍රහය වැනි පසුගාමී ලක්ෂණ කලවම් කරගත් ජනහිතවාදී ශෛලියකින් ඒකාධිපති දේශපාලනයක් කළේ මහින්දගේ පෞද්ගලික චරිත ලක්ෂණ නිසා පමණක් නොවේ. මහින්දගේ පෞද්ගලික චරිත ලක්ෂණ ඒ ශෛලිය නිර්මාණය වීමේදී යම් කාර්ය කොටසක් ඉටු කරන්නට ඇත. එහෙත් ඒ, ලංකාව වැනි රටක පසුගාමී සමාජයක දේශපාලන ආධිපත්‍ය හිමිකර ගැනීමට අවශ්‍ය ශෛලියකි. මහින්ද පාලනයේ බොනපාට්වාදී ලක්ෂණ පැන නැඟුනේ එවන් තත්වයකිනි. එය මහින්ද හිතන ආකාරය නිසා පැන නැඟුණු තත්වයක් නොවේ. අද මහින්ද යළි කැඳවීමට උත්සාහ දරන්නන් එසේ කරන්නේ මහින්ද සමඟ ලේ ඥාතීත්වයක් ඇති නිසාද නොවේ. ප‍්‍රශ්නය ඒ බොනපාට්වාදී දේශපාලනය සඳහා අවශ්‍ය තත්වයන් අපේ සමාජය තුළ ඉතිරිව තිබීමය. බොනපාට්වාදයේ ලක්ෂණ   ඕනෑම ශරීරයක් තුළින් මතුවීමේ අවදානම ඉතිරිව ඇත්තේ ඒ නිසාය.

මෛතී‍්‍ර තුළින් මේ යක්ෂාවේශය ඉදිරියට පැමිණේදැයි සැක හිතෙන සිදුවීම් දිනෙන් දින එකතු වෙමින් තිබේ. බොනපාට්වාදයේ ප‍්‍රධානතම ලක්ෂණය වනුයේ නිශ්චිත ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් නොකර හැම බලවේගයක්ම එකට බැඳ තැබීමට දරන උත්සාහයකි. මෛතී‍්‍ර මහින්දගේ දැක්ම තවමත් තමන්ගේ ප‍්‍රධාන දේශපාලන කි‍්‍රයාකාරීත්වය බවට පත්කරගෙන නැතත් එය අත හරින්නේද නැත. ඒ අතර අනෙක් ප‍්‍රවණතා අත හරින්නේද නැත. මෛතී‍්‍ර ජාතිවාදය පිටුදකිනවා වැනි බණ දේශනා කරයි. ඒ අතර උතුරේ සිටින එක් හමුදා කඳවුරක්වත් ඉවත් නොකරන බව කියයි. ඔහු උතුරට ගොස් හිංසනයට හා ඝාතනයට ලක්වූ විද්‍යාගේ ඥාතීන් හමුවී ඒ ප‍්‍රශ්නයේ දුක බෙදා ගනී. ඒ අතර ඔහුගේ හමුදාව යාපනයේ උද්ඝෝෂණය කළ ජනතාව සිය ගණනින් අත්අඩංගුවට ගනී. සාම්පූර් ඉඩම් යළිත් ඒවායේ හිමිකරුවන්ට පවරන ගැසට් නිවේදනයට අත්සන් තබන අතරම ව්‍යවස්ථාදායක සභාවේ තමන්ගේ නියෝජිතයා ලෙස චම්පික රණවක පත් කරයි. යුද්ධයේ කැළැල් මැකීමට කටයුතු කිරීම වෙනුවට මහින්දගේ අඩිපාරේ යමින් යුද සැමරුම් පවත්වයි. හැම එකකටම තට්ටු කරමින්, හැම එකක්ම තමන් වටා භ‍්‍රමණය වීමට සලස්වන මේ දේශපාලන ප‍්‍රවේශය ඉතා ඉක්මනින් බොනපාට්වාදය දක්වා වර්ධනය වීමේ හැකියාව ඇත්තකි. මේ ප‍්‍රතිනිෂ්පාදනය වෙමින් යන්නේ මහින්දගේ දැක්මයි.

  • ප‍්‍රතිව්ප්ලවයක්….

ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රට සහාය දුන්, එසේ සහාය දීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ඉදිරිගාමී අදහස් පෙරටු කොට ගත් සියල්ලන් මේ තත්වය ඉදිරියේදීවත් තමන් ගත් කි‍්‍රයාමාර්ගය ගැන සමාලෝචනය කර ජනතාවගේ දේශපාලන බලයක් ගොඩනැඟීම සඳහා වන අලූත් මාර්ගයකට ප‍්‍රවේශ විය යුතු යැයි අපි යෝජනා කරමු. එසේ කියන්නේ ජනාධිපතිවරණයේදී අප සිටි ස්ථාවරය නිවැරදි බවත් ඔවුන් සිටි ස්ථාවරය වැරදි බවත් කියමින් බොළඳ වර්ගයේ සතුටක් ලැබීමට නොවේ. ජනවාරි 8 සිදු වූයේ විප්ලවයක් යැයි සිතන අයට මේ සිදුවෙමින් යන්නේ ඔවුන් විප්ලවයක් යැයි විශ්වාස කළ පරමාදර්ශයන්ට පරිපූර්ණ වශයෙන් වෙනත් ප‍්‍රතිවිප්ලවයක් හෝ තර්මිඩෝරයක් බව දැන්වත් වටහා නොගතහොත් විනාශය තවත් උග‍්‍රවිය හැකි බැවිනි. එම ප‍්‍රවේශය ගත යුත්තේද සමාජය ගැන වගකීම් සහගත වන අය මිස ජනතා විමුක්ති පෙරමුණ වැනි ඉදිරි මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තමන්ගේ ඡුන්ද ගොඩ වැඩි කරගැනීම ගැන පමණක් හිතන ඊනියා වාමාංශිකයන්ගෙන් එය ඉල්ලා සිටීමේ ඵලක් නැත. ජවිපෙ සමාජයේ පහළ පන්තීන්ගේ හෝ සමාජ ප‍්‍රගතිය පතන්නන්ගේ අභිලාෂයන් වෙනුවෙන් කිසිවක් වර්ධනය නොකරන අතර මැතිවරණයේදී ඡුන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා සමපේක්ෂණයේ යෙදෙයි. ඔවුන් ඉක්මනින් මහ මැතිවරණයක් කැඳවන්න යැයි එජාපය සමඟ එක්වී ජනාධිපතිවරයාට ලිපි ලියනවා මිස අවම වශයෙන් ජනාධිපතිවරණ සමයේ තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුාවට සාධාරණය ඉටු කිරීමටවත් මැදිහත් වන්නේ නැත.

ඒ නිසා එළඹ ඇති මොහොත තුළ සමාජයට ගැලවීමක් ඇත්තේ පොදු මහ ජනතාව දේශපාලන කි‍්‍රයාකාරීත්වයට එළඹීම තුළය. සමාජය සම්මතයක් ලෙස ඉදිරිගාමී දේශපාලන අදහසකට යාම තුළය. පොදු ජනතාව ජාතික දේශපාලනයට මැදිහත් වීම අතුරු විනෝදාංශයක් ලෙස කිරීම වෙනුවට එය තමන්ගේ ප‍්‍රමුඛ වගකීමක් බවට පත්කර ගැනීම හරහා පමණක් ප‍්‍රගතියේ මාවත වැටී තිබේ. ආණ්ඩුව ජනතා උද්ඝෝෂණ තහනම් කරමින්, ඒවාට පහර දෙමින් කරන්නේ ජනතාව නිර්දේශපාලනිකකරණය කිරීමටය. දේශපාලනය කිරීමේ අයිතිය තෝරාගත් පිරිසක් අතට දී පහළ පාන්තික ජනතාව ඒ සඳහා පහසුකම් සලසන්නන් හා නරඹන්නන් කිරීමටය. එම ව්‍යාපෘතියට එරෙහිව ජනතා බලවේග දේශපාලන කි‍්‍රයාකාරීත්වයට කැඳවීමේ ප‍්‍රති-ව්‍යාපෘතියක් බල ගැන්විය යුතුය. පවත්නා අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ මෛතී‍්‍ර හෝ රනිල් මොනවා හෝ කරනු ඇතැයි එළුවා පසුපස ගිය නරියා මෙන් බලා සිටීමෙන් හෝ මහින්ද යළි කැඳවීමෙන් නොව තමන්ගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වය දැන් පවතින මට්ටම මෙන් කිහිප ගුණයකින් වර්ධනය කිරීමෙනි.