අමෙරිකාවේ උඩින් සාමය-යටින් යුද්ධය

US-Flagඑක්සත් ජනපදයේ අලූත්ම යුද-දේශපාලනික උපක‍්‍රමය තමයි සාම සාකච්ඡුා අස්සේ යුද්දෙට පසුබිම සකස් කිරීම. මේ තත්වය ලෝකයේ බොහෝ කලාපවලදී දකින්න පුළුවන්. දැන් ආසියාවෙදි නම් චීනෙත් එක්ක උඩින් රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීම් සිදු කරන අතරෙ යටින් චීනය වටලමිනුයි ඉන්නේ. දකුණු චීන මුහුදේ යුද උණුසුමට හේතුව ඒකයි. මේ තත්වය ආසියාවට විතරක් සීමා වෙලා නැහැ. ලතින් අමෙරිකාවෙදි වගේම මැද පෙරදිග සහ ගල්ෆ් කලාපෙ තත්වෙත් ඒකමයි. නවලිබරල් ධනවාදයට, එක්සත් ජනපද හමුදා කඳවුරු වලට සහ එක්සත් ජනපද නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට විරුද්ධ රටවල්වලට සහ සංවිධානවලට එරෙහිව අමෙරිකාව පොදුවේ අනුගමනය කරන අලූත්ම උපක‍්‍රමය වෙලා තියෙන්නේ සාකච්ඡුා පවත්වන ගමන්ම යුදමය වශයෙන් එම රටවල් හෝ සංවිධාන දුර්වල කිරීම. ලෝකෙ සෑම කලාපෙටම අමෙරිකාවට උපායමාර්ගික මිත‍්‍රයෙක් ඉන්නවා. මැද පෙරදිගදී නම් ඒ වෙනින් කවුරුවත් නොවේ ඊශ‍්‍රායලයයි. පර්සියන් ගල්ෆ් කලාපෙටයි නිරිත දිගටයි සෞදි අරාබිය. ඈත නැෙඟනහිරින් ජපානය වගේම ලතින් අමෙරිකාවෙදි නම් කොලොම්බියාව.

පසුගිය දශක දෙක තුළ කැරිබියන්, මධ්‍යම අමෙරිකානු සහ ඇන්ඩියන් රටවල එක්සත් ජනපද නාවුක සහ ගුවන් මෙහෙයුම් සඳහා ප‍්‍රධාන පෙළේ තිප්පොළක් ලෙස භාවිතයට ගැනුණේ කොලොම්බියාව. ඊට අමතරව එක්සත් ජනපදයේ ආර්ථික සහ දේශපාලන වැඩපිිළිවෙළත් එක්ක හැප්පෙන වෙනිසියුලාව, ඉක්වදෝරය සහ හොන්ඩුයුරාස් බිඳ වැට්ටවීමේ මැදිහත්වීම් සිදු කරන මධ්‍යස්ථානය වශයෙන් යොදා ගැනුනෙත් කොලොම්බියාවයි.

  • කොලොම්බියා-ෆාර්ක් සාම සාකච්ඡුා සහ ගුවන් ප‍්‍රහාර

ෆාර්ක් නමින් හඳුන්වන්නේ කොළොම්බියානු විප්ලවකාරී සන්නද්ධ බලකාය. මොවුන් 1964 ඉඳන්ම සන්නද්ධ අරගලයකට මුල පුරලා තියෙනවා. ෆාර්ක් උපත සිද්ධ වුණේ කොලොම්බියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය හැටියට. විවිධ උස් පහත් වීම් මැද්දේ තවමත් සටන් කරන ලෝකයේ පැරණිතම වාමාංශික සන්නද්ධ පෙරමුණක් වන ෆාර්ක් ගැන විස්තර පසුව හොයමු. දැන් කොලොම්බියාවේ මොකද වෙන්නේ? පසුගිය මැයි 21 වැනිදා කොලොම්බියානු ගුවන් හමුදා ප‍්‍රහාරවලින් ෆාර්ක් කඳවුරුවල සිටි සෙබළුන් 26 දෙනකුත් නැවත දවස් තුනකට පස්සේ එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් තවත් 14 දෙනකුත් මිය ගියා. මොවුන් අතර දැනට කියුබාවේ හවානා නුවරදී කොලොම්බියානු ආණ්ඩුව සමඟ සාම සාකච්ඡුාවල නියැළෙමින් සිටි ෆාර්ක් අණදෙන නිලධාරී ජයිරෝ මාර්ටිනසුත් හිටියා. කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ලතින් අමෙරිකාව තුළ එක්සත් ජනපදයේ නොම්මර එකේ හිතවතා. දැනට කොලොම්බියාවේ අමෙරිකානු හමුදා කඳවුරු 07 ක් ම තියෙනවා. දැන් මේ කොලොම්බියානු ආණ්ඩුවේ ගුවන් ප‍්‍රහාර එල්ල වෙන්නේ ෆාර්ක් ගරිල්ලන් සමඟ අවුරුදු දෙකහමාරක් තිස්සේ පවත්වාගෙන යන සාම සාකච්ඡුා මැද්දේ. කරුණු 05කින් සමන්විත මේ සාම සාකච්ඡුාවේ කරුණු 03ක් පිළිබඳවම මේ වනවිට එක`ගතාවකට ඇවිත් තියෙනවා. මේ ප‍්‍රහාර එල්ල වුණේ ෆාර්ක් සංවිධානය විසින් ඒක පාර්ශ්වී සටන් විරාමයකුත් ප‍්‍රකාශයට පත් කරලා තියෙද්දි. දැනට මාස දෙකකට කලියෙන් ෆාර්ක් ක්ෂේත‍්‍ර හමුදා කඳවුරුවලට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නවතා දමන බවට සැන්ටෝස් පොරොන්දු වුණේ උපක‍්‍රමිකව ෆාර්ක් ගරිල්ලන්ව මේ විදියට කොටුකර ගැනීමට බව පෙනෙනවා. බර්නාඞ් ඇරන්සන් නැමැති එක්සත් ජනපද උපදේශකයාගේ මඟ පෙන්වීම යටතේ තමයි සාම සාකච්ඡුා අස්සෙම ෆාර්ක් සංවිධානය දුර්වල කිරීමේ ප‍්‍රහාර ක‍්‍රියාත්මක වන්නේ. මේ ප‍්‍රහාරවලින් පස්සේ ෆාර්ක් සංවිධානය සටන් විරාමය අත් හිටවලා නැවත පෙරමුණු දහයක් ඔස්සේ යුද කටයුතු ආරම්භ කළා. ඇරන්සන්ගේ සහ සැන්ටොස්ගේ උපාය තමයි සාම සාකච්ඡුා පිළිබඳ ප‍්‍රචාරණය අස්සේ ෆාර්ක් සංවිධානය දුර්වල කරමින් තමන්ට අවශ්‍ය ආකාරයේ ‘‘සාම ගිවිසුමකට’’ ඔවුන්ව පොලඹවා ගැනීම. ඒ කියන්නේ එක්සත් ජනපද හමුදා කඳවුරු සහ පතල් කැණීම් සමාගම් ඉවත් කිරීමත් අමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමත් වැනි ෆාර්ක් සංවිධානයේ කොන්දේසි ඉටු නොකරන ‘‘සාම ගිවිසුමකට’’ පසුබිම සැකසීම තමයි මොවුන්ගේ අරමුණ. ෆාර්ක් සංවිධානය මේ තත්වය යටත් සාම සාකච්ඡුාවල නියැළිලා ඉන්න හේතුවක් තියෙනවා. ඒ, ඔවුන්ගේ දීර්ඝ කාලීන හිතවතුන්ව හිටපු කියුබාවයි වෙනිසියුලාවයි ඔවුන්ගේ රටවල්වල ආරක්ෂාව ගැන හිතලා ෆාර්ක් සංවිධානයෙන් ක‍්‍රමානුකූලව ඈත් වීම.

  • සාකච්ඡුා අස්සේ ඉරානය යුදමය වශයෙන් වටලෑම

දැන් බටහිර ජනමාධ්‍යවලට අනුව එක්සත් ජනපදය හා ඉරානය අතර ‘‘සාම ගිවිසුමක්’’ අත්සන් කෙරෙන්න ඔන්න මෙන්න වගෙයි පේන්නේ. ඊට අනුව ටෙහෙරානය තමන්ගේ න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණ අත්හැර දමන අතරෙ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පනවලා තියෙන ආර්ථික සම්බාධක අයින් කරනවා. නමුත් සැබෑ තත්වය මීට වඩා බොහොම වෙනස්. මේ සාකච්ඡුා පැවැත්වෙන අතරෙ පර්සියන් ගල්ෆ් මුහුදේ එක්සත් ජනපදයේ නාවුක හමුදා කටයුතු උත්සන්න කරලා තියෙනවා. දැනටමත් ගල්ෆ් කලාපයේ ඉරාන මිතුරන්ට එරෙහිව එක්සත් ජනපදය විනාශකාරී යුද්ධයක් ආරම්භ කරලයි තියෙන්නේ. ඉරානය වටේට හමුදා කඳවුරු ඉදිකරන ගමන් ඉරානයේ උපාය මාර්ගික මිතුරා, සිරියාවේ රෙජීම වෙනසක් සඳහා බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන ජිහාද් කණ්ඩායම්වලට දැන් වසර තුනක් තිස්සේ යුදමය ආධාර සපයනවා. යේමනයේ එක්සත් ජනපද-සෞදි අරාබියානු හිතවාදී පාලකයාව පලවා හැරපු හවුති හමුදාවලට එරෙහිව බෝම්බ දමනවා. ඔබාමා පරිපාලනය විසින් ඉරානය වටේට තියෙන ගල්ෆ් රාජ්‍යයන් සමඟ යුද ගිවිසුම් අත්සන් කරන අතරෙ ඉරානයට පහර දෙන බවට විවෘතවම තර්ජනය කරන ඊශ‍්‍රායලයට විනාශකාරී අවි ලබාදීමට එක`ගතාව පල කරනවා. ඉරානය සමඟ අත්සන් කෙරෙන සාම ගිවිසුමට මුවා වෙමින් එක්සත් ජනපද පාලනයට නතු ඊනියා න්‍යෂ්ටික බලශක්ති කොමිසම යොදා ගනිමින් එක්සත් ජනපද ඔත්තු සේවාවන් ඉරානයේ මිලිටරි ස්්ථාපනයන් සියල්ලම නිරීක්ෂණයේ යෙදෙනවා. එතකොට මේ බලශක්ති කොමිසමෙන් ඊශ‍්‍රායලයේ හෝ වෙනත් එක්සත් ජනපද අනුගාමික රටවල මෙවැනි නිරීක්ෂණ සිදු කරන්නේ නැහැ. මේ සාම ගිවිසුමේ අඩංගු බෙහෙවින්ම ‘‘ආකර්ෂණීය’’ වගන්තිය තමයි කෙටි දැනුම් දීමකින් මේ ගිවිසුම අත්හිටුවන්න එක්සත් ජනපදයට තියෙන බලය. තමන්ට ගිවිසුම අත් හරින්න නිමිත්තක් දැණුනු වහාම ගිවිසුම අත්හිටුවන්න විතරක් නොවෙයි ප‍්‍රහාර එල්ල කිරීමේ අයිතියත් ලබාගෙනයි තියෙන්නේ. එක්සත් ජනපදය ස්විට්සර්ලන්තයේ ලූසාන් නගරයේ ඉරානය සමඟ සාම සාකච්ඡුා පවත්වන ගමන් සෞදි අරාබිය මාර්ගයෙන් යේමනයට දාන්න බෝම්බයි, බුද්ධි තොරතුරුයි සපයනවා. අනිත් පැත්තෙන් ජිහාද් සටන් කරුවන්ට සිරියාවේ භාගයකම බලය තහවුරු කරගැනීම සඳහා මුදල් ආයුධ ලබා දෙනවා. අනිත් පැත්තෙන් ඉරාකයේ අමෙරිකානු රූකඩ පාලක හයිදර් අබීඩිගේ පාලනය මාර්ගයෙන් එක්සත් ජනපද හමුදා ඉරාකය තුළට යළිත් ඇතුල් වෙමින් සිටිනවා.

මේ සඳහන් වුණේ සාකච්ඡුා අස්සේ යුද්දෙ කරන එක්සත් ජනපද උපක‍්‍රමයට අදාළ වත්මන් උදාහරණ දෙකක්  විතරයි.

නිලන්ත ගුණරත්න