කරාපිටිය හෘද ශල්‍ය ඒකකයේ හදවත සිර කර දැමූ වගයි

Karapitiyaකරාපිටිය රෝහලේ ගේට්ටුවෙන් පිවිසෙන විටම කන්ද උඩින් දිස් වන්නේ පැමිණෙන රෝගීන් දෙස අනුකම්පාවෙන් බලා සිටින බුදු රුවයි. ඒ බුදු රුව පසු කරන විට හෘද සහ උරස් සම්බන්ධ වාට්ටුව හා ශල්යා්ගාරය පිහිටා තිබේ. අනුකම්පා විරහිත දේ සිදු වන්නේ එහිය. හරියටම රෝගීන් දෙස අනුකම්පාවෙන් බලා සිටින බුදු රුවට පිටුපසිනි. ඒ කතාව මෙසේය.

1998 වන විටත් ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන ලද්දේ කොළඹ පමණි. කොළඹින් පිට පළාත්වල ඊට සුදුසුකම් නැතැයි පොදු පිළිගැනීම විය. ඒ මතය බිඳ දමමින් දැඩි දුෂ්කරතා මැද වෛද්යප නාමල් ගමගේ විසින් ගාල්ල කරාපිටිය රෝහලේ අනෙකුත් සැත්කම් සිදු කරන ශල්‍යාගාරයක හදවත් සැත්කම් ආරම්භ කළේය. එය සාර්ථක විය. තමන්ගේ සාර්ථකත්වය පෙන්වූ ඔහු දිගින් දිගටම කරාපිටියට හදවත් සැත්කම් සඳහා වෙනම ඒකකයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළේය. ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යවත් අරගලය ජය ගනිමින් 2003 වසරේදී නව හෘද ශල්යඔ ඒකකය විවෘත කෙරිණි. ඉන් පසුව දිනකට හදවත් සැත්කම් 4, 5 බැගින් මාසයකට සැත්කම් 60ක් 70ක් පමණ වෛද්‍ය නාමල් ගමගේ ප්‍රධාන කණ්ඩායම සිදු කළේය. දිනපතා සැත්කම් ආරම්භ කරන ලද්දේ අලූයම තුනට පමණය. මේ ආකාරයට වසරකට සිදු කරන ලද සැත්කම් පර ජ මාණය 700ක් පමණ විය.

ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන කොළඹ, නුවර, කුරුණෑගල ආදී අනෙක් සියලූම ශල්යා්ගාරවල
දිගු පොරොත්තු ලේඛන තිබේ. අලූත් හදවත් රෝගියකුගේ සැත්කම සඳහා දින ලැබෙන්නේ වසරකට හෝ ඊට වැඩි කාලයකට පසුවයි. මේ නිසා ඉඩකඩම් විකුණා හෝ මුදල් සපයා ගත හැකි අය පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුපියල් ලක්ෂ 10 සිට 20 පමණ දක්වා මුදලක් ගෙවා සැත්කම් කර ගනියි. ඒ හැකියාව නොමැති, නියමිත දිනය එන තෙක් කල් අල්ලා සිටිය නොහැකි රෝගීන්ට සිදු වන්නේ මිය යාමටය. එය ලංකාවේ සාමාන්‍ය තත්වයයි. එසේ තිබියදී කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය 2008 වසරේදී අවසන් විය. එතැන් පටන් රෝගියකු සඳහා සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දිනයේ සිට මසක කාලයක් තුළ සැත්කම සිදු කරනු ලැබීය. එය මුළුමනින්ම වෛද්‍ය නාමල් ගමගේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ ජයග්‍රහණයකි. මේ නිසා මිය යාමට ඉරණම් කෙටී සිටි රෝගීන් දහස් ගණනකට ජීවත් වීමට වරම් ලැබිණි.

කෙසේ වුවත් ශල්‍යාගාරයේ සහ දැඩි සත්කාර ඒකකයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීය. එය පුළුල් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කෙරෙමින් තිබිණි. 2003 විවෘත කරන ලද ශල්‍යාගාරයේ තවත් එක් ඒකකයක් වසා දමා තිබිණි. ඊට අවශ්‍ය උපකරණ සහ දැඩි සත්කාර ඒකකයට තවත් ඇඳන් කිහිපයක් ලබාදී එම ඒකකය පණ ගැන්විය යුතුව තිබිණි. ඒ කිසිවක් සිදු නොකර 2010 වසරේදී වෛද්‍ය ටොලූෂා හරිස්චන්ද්‍ර කරාපිටිය රෝහලට අනුයුක්ත කරනු ලැබීය. ඇය වෙනුවෙන් හදවත් සැත්කම් ඒකකය පුළුල් කළ යුතු වුවත් බලධාරීන් කළේ ඒකකය දෙකට බෙදීමයි. ශල්යායගාරයේ වැඩ කරන දින ගණනද දෙකට බෙදා වෛද්යව නාමල් ගමගේ වෙත දින තුනක් සහ වෛද්‍ය ටොලූෂා හරිස්චන්ද්රය වෙත දින දෙකක් වෙන් කරනු ලැබීය. මේ නිසා සිදු වූයේ වෛද්‍ය නාමල් ගමගේ විසින් සිදු කරන ලද සැත්කම් ප්‍රමාණය අඩුවීමයි. 2010 වසරට පෙර ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහල්වල සිදු කරන ලද සමස්ත සැත්කම්වලින් 40%ක් සිදු කරන ලද්දේ වෛද්‍ය නාමල් ගමගේ පරට පමුඛ කණ්ඩායම විසින් කරාපිටිය රෝහලේදීය. ඒකකය දෙකට බෙදීමෙන් පසුව කරාපිටිය රෝහල විසින් කරන ලද සැත්කම් පරසි මාණය 40% සිට 25% පමණ දක්වා පහත වැටිණි. එසේ වූයේ අනෙක් රෝහල්වල සිදු කරන සැත්කම් ප්‍රමාණය ඉහළ යාම නිසා නොව, කරාපිටිය රෝහලේ සිදු කරන සැත්කම් පුමාණය පහළ යාම නිසාය. මේ නිසා 2015 වසර වන විට යළිත් දහසකට වැඩි පොරොත්තු ලේඛනයක් නිර්මාණය විය.

ඉන් පසුව මේ වසරේදී උරස් හා ළය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඞී. රත්නායකටද ශල්‍යාගාරයේ දින දෙකක් වෙන් කරනු ලැබීය. ගැටලූව උත්සන්න වූයේ ඉන් අනතුරුවයි. වෛද්‍යවරුන් පවසන පරිදි හදවත් සැත්කම් සිදු කරන ශල්‍යාගාර වෙනත් සැත්කම් සඳහා යොදා ගන්නේ නැත. එවකට හිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එච්.ඒ.පී. කහඳලියනගේ විසින් ඞී.ඞී.ජී.(එම්.එස්.)09/2006 ලිපිය මඟින්ද අවධාරණය කර ඇත්තේ එවැනි රෝගීන් වැලිසර ළය රෝහලට යොමු කළ යුතු බවයි.

namal gamageහදවත් සැත්කම් සිදු කරන ශල්‍යාගාරය ඒ සඳහා වෙනමම නිර්මාණය කරනු ලබන අතර එය හැකි උපරිමයෙන් විෂබීජ මුක්ත කලාපයක් කරනු ලැබේ. එම  ශල්‍යාගාරය තුළ වෙනත් සැත්කම් සිදු කිරීම නිසා ශල්‍යාගාරය හා දැඩි සත්කාර ඒකක තුළ ආසාදන පැතිර යාමේ අවදානමක් ගොඩනැෙඟ්. මේ නිසා අනතුරට පත් වන්නේ රෝගී ජීවිතයි. එපමණක් නොව මෙම නව වෙනස්කමත් සමඟ වෛද්‍ය නාමල් ගමගේට ශල්‍යාගාරය භාවිත කිරීමට ලැබෙන්නේ දින දෙකක් පමණි. ඒ නිසා පොරොත්තු ලේඛනය තවත් දිගු වේ. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරයාගේ විරෝධය එල්ල වූයේ හෘද සැත්කම් සිදු කරන ශල්යා ගාරයේ ආසාදන පැතිරයාමේ අවදානම උත්සන්න කරමින් වෙනත් සැත්කම් සිදු කිරීමට අවසර දීම පිළිබඳවය. ඔහු පවසන්නේ වෛද්‍ය ආචාරධර්මවලට හා රෙගුලාසිවලට පටහැණිව තමන්ට කටයුතු කළ නොහැකි බවයි. ඔහුගේ විරෝධය සාධාරණය. සිදු කරන ලද ඉල්ලීම් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු නොවන තැන වෛද්‍ය නාමල් ගමගේ තීරණය කළේ හදවත් සැත්කම්වලින් ඉවත්වීමටයි. ඒ අනුව මැයි 12 වැනිදා සිට ඔහු සැත්කම් කිරීම නතර කරන ලද අතර අසාධ්‍ය තත්වයේ සිටි රෝගීන් සිව් දෙනකුගේ පමණක් සැත්කම් සිදු කළේය.

ලංකාවේ බෝ නොවන රෝග අතුරින් වැඩිම දෙනකු මිය යන්නේ හදවත් රෝග නිසාය. මේ තත්වය සැලකිල්ලට ගෙන බලධාරීන් කළ යුත්තේ වෛද්‍ය නාමල් ගමගේ වෙත වැඩි පහසුකම් ලබාදී ඔහු මඟින් හැකි උපරිමයෙන් සැත්කම් කරවා ගන්නා අතර වෛද්‍ය ටොලූෂා හරිස්චන්ද්‍ර වෙනුවෙන් ශල්‍යාගාරය හා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමයි. රෝහලේ තවත් ශල්‍යාගාර කිහිපයක්ම සතියේ ඇතැම් දිනවල වසා තැබෙන බැවින් වෙනත් සැත්කම් ඒවායේ සිදු කළ හැකිය.
මේ සරල සත්‍ය බලධාරීන්ට නොවැටහෙන්නේ නොවේ. ඇතැම් විට ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේම වෛද්‍ය නාමල් ගමගේ විසින් සිදු කරනු ලබන සැත්කම් ප්‍රමාණය අඩුකර රෝගීන් පෞද්ගලික අංශයේ රෝහල් වෙත තල්ලූ කිරීම හෝ මුදල් නොමැති රෝගීන් ජීවත් වන කාලය තුළ බහුජාතික ඖෂධ
සමාගම්වල ගොදුරු බවට පත් කිරීම විය හැකිය. ඒ අහිමි වන සෑම මිනිස් ජීවිතයක් වෙනුවෙන්ම ඔවුන්ට කොමිස් මුදල්, විදේශ සංචාර හා වෙනත් වරදාන, වරප්‍රසාද ලැබෙන බව රහසක් නොවේ. සේනක බිබිලේගේ ඖෂධ පර ම තිපත්තිය ගැන පාරම් බෑ සහ කරාපිටිය රෝහලේ හෘද ශල්යම ඒකකය පුළුල් කරන බවට පොරොන්දු දුන් සෞඛ ඇමැතිවරයකු රටේ ජනාධිපති වී සිටින සමයක මෙවැනි සරල ගැටලූවක් විසඳීමට කල් ගත වෙමින් තිබීම අප සරලව තේරුම් ගත යුතු නැත. ඒ එය නවලිබරල් ආර්ථිකයේ සෞඛ්යව ප්‍රතිපත්තිය සමඟ ගැට ගැසී පවතින බව සක්සුදක් සේ පැහැදිලි වන බැවිනි.

ජනක තුෂාර