ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වය කරා දිවෙන යහපාලන මාවත?

w voteදැනට මාධ්‍ය මඟින් වාර්තා වී ඇති පරිදි පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනාවට අනුව මන්ත‍්‍රීවරුන් 125ක් සරල බහුතර නියෝ්ජන ක‍්‍රමය යටතේ තෝරා ගැනෙනු ඇත. තවත් 75ක් සමානුපාතික ලෙස දිස්ත‍්‍රික් පදනමින් තෝරා ගැනෙනු ඇත. ජාතික ලැයිස්තුවෙන් තෝරාගන්නා සංඛ්‍යාව 25කි. ඉතා පැහැදිලිව සරල බහුතර ක‍්‍රමයට තෝ්රා ගන්නා පිිරිස සමන්විත වනු ඇත්තේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකෙහි අපේ්ක්ෂකයන්ගෙන් සහ උතුරේ ටී.එන්.ඒ. සහ නැෙඟනහිර යම් යම් ප‍්‍රදේශවල මුස්ලිම් කොංග‍්‍ර‍්‍රස් අපේක්ෂකයන්ගෙන්ය. කඳුකරයේ සුළු ජාතික පක්ෂවලටද යම් නියෝජනයක් ලැබෙනු ඇත. දකුණේ විසිර සිටින දෙමළ හා මුස්ලිම් ජනයාටද උතුරේ සිංහල හා මුස්ලිම් ජනයාටද නියෝජනයක් නොලැබෙනු ඇත. රටම

ජනවාර්ගික බෙදුම් රේඛාවන් ඔස්සේ ප‍්‍රාදේශීය බෙදුණු මැතිිවරණ සිිතියමක් බවට පරිවර්තනය වනු ඇත. සමානුපාතික ක‍්‍රමයට අනුව මන්ත‍්‍රීවරුන් තෝරාගනු ලබන්නේ ජාතික මට්ටමින් නොව දිස්ත‍්‍රික්ක මට්ටමින් බැවින් එම ආසන 75ද බෙදී යනු ඇත්තේ විශාල පක්ෂ අතරමය. ඇතැම් කුඩා දිස්ත‍්‍රික්කවලට හිිමි වනු ඇත්තේ සමානුපාතික ආසන එකක් හෝ දෙකකි (මැතිවරණ දිස්ත‍්‍රික්ක 25ක් පවතී යැයි සිතුුවහොත්). ජවිපෙද ඇතුළු කුඩා පක්ෂවලට යම් තනි ආසනයක් හෝ දිනාගැනීමට උත්සාහ කළ හැක්කේ ජාතික ලැයිස්තුවෙනි. නමුත් ඒ සඳහා අවම වශයෙන් ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන් 5%ක් පමණ ලබාගත යුතුය. එහෙත් එක් මන්ත‍්‍රී ධුරයක් දිනාගැනීම සඳහා එම පක්ෂවලට රට පුරාම තම අපේක්ෂකයන් යොදවා විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් කරන්නටද සිදුවෙනු ඇත.

මෙම සමස්ත කි‍්‍රයාවලිය තුළ දේශපාලන පක්ෂවල නායකයන් සතු සුවිශාල බලය තවත් වර්ධනය වනු ඇත. මැතිවරණ කොට්ඨාසවල අපේක්ෂකයන් තේරීමේදීත් සමානුපාතික හා ජාතික ලැයිස්තු නම් කිරීමේදීත්පක්ෂ නායකයාගේ කැමැත්ත ඉතාම තීරණාත්මක වනු ඇත. අනෙක් අතට ජනතා නිියෝජනය ඉමහත් සේ අවධාරණය කරමින් පැවතුනද මෙම යෝජිත ක‍්‍ර‍්‍රමය අනුව මන්ත‍්‍රීවරුන් 225න් 100ක්ම පත් කරනු ලබන්නේ ජනතාව විසින් නොව පක්ෂ නායකයන් විසින්ය. ලංකාවේ දැැනටමත් අතිශය ගැටලූ සහගත වී ඇති පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අර්බුදය මින් තවත් දරුණු අන්තයකට රැගෙන යාම අපේක්ෂා කළ හැකිය. සුළු වාර්ගික පක්ෂවලට (විශේෂයෙන් උතුරේ) යම් ප‍්‍රාදේශීය නියෝජනයක් ලැබෙන බව සහතිකය. නමුුත් ඒත් සමඟම උතුර මුළුමනින්ම (දැනට පවතින කොන්දේසි යටතේ) තනි පක්ෂයක ඒකාධිකාරීත්වයකට ලක් වන අතර දකුණ ඉතාම ප‍්‍රබල (සිංහල) ධනපති ද්විපක්ෂ ආධිපත්‍යයක් කරා ගමන් කරනු ඇත. සමාජ බහුවිධත්වය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමට විශාල සීමා පනවමින් කුඩා පක්ෂ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් ඉවතට වීසි කෙරෙන්නට ඉඩ තිබේ. එසේ ආන්තික කෙරෙන හෝ බැහැර කෙරෙන නියෝජනයක් හා සම්බන්ධ සමාජ බලවේගයන්ට වෙනත් දේශපාලන ප‍්‍රකාශනයන් සොයා ගන්නට බල කෙරෙනු ඇති අතර යළිත් වරක් ”ආයුධවලින් කෙරෙන විවේචනයට” වලංගුතාවක් ලැබේද යන බියද මා තුළ ජනිත වේ.

 

ද්වී-ඡුන්දයේ සහ අනුපූර්ණ මූලධර්මයේ වැදගත්කම

මෙයින් පෙනී යන්නේ එක් අතකිින් පවතින සමානුපාතික ක‍්‍රමය වෙනස් කළ යුත්තේ මන්දැැයිි තර්කානුුකූල ලෙස පැහැදිලි කරන්නට මෙරට යහපාලන බුද්ධි ජීවීන් සමත් වී නොමැති අතර අනෙක් අතින් ප‍්‍රජාතාන්ත‍්‍ර‍්‍රීය බහුවිධත්වය යටපත් කරන ආකාරයේ ප‍්‍රතිසංස්කරණයක් සඳහාද මඟ පාදා ඇති බවය. මෙයට දේශපාලකයන් හටම දොස් පවරා පලක් නොමැත. මන්්ද යත් දේශපාලන ආර්ථිකමය මූලයක් සහිතව පැන නැඟුන දේශපාලන සංස්කෘතිියට අදාළ ප‍්‍රශ්නවලට විසඳුමක්් ලෙස පවත්නා දියුණු නියෝජන ක‍්‍රමය හකුළා දැමීමේ බක පණ්ඩිත යෝජනාව ගෙන ආවේ මෙරට යහපාලන බුද්ධි ජීවීන් විසිින්ය. නමුත් සමානුපාතික ක‍්‍රමයේ සාධනීීය ලක්ෂණ මුුළුමනින්ම බැහැර කළ නොහැකි තතු යටතේ ඔවුන් මිශ‍්‍ර නියෝජන ක‍්‍රමයක් යෝජනා කළහ. ලොව බොහෝ රටවල් සරල බහුතර නියෝජන ක‍්‍රමයේත් සමානුපාතික ක‍්‍රමයේත් යහගුණයන් ඒකරාශි කරගත් මිශ‍්‍ර නියෝජන ක‍්‍රමයක් කරා ගමන් කරන බව සැබෑවකි. එහෙයින් ගැටලූව ඇත්තේ අත්‍යන්තයෙන්ම මිශ‍්‍ර‍්‍ර නියෝජන ක‍්‍රමයෙහි නොවේ. ලංකාවට හඳුන්වා දීමට යන්නේ මිශ‍්‍ර‍්‍ර නියෝජන ක‍්‍රමයේ ලොව පිළිගත් නිර්ණායකයන්ට අනුව ගත් කළ විකෘතියකි. මෙය මදක් පැහැදිලි කරන්නට මට ඉඩ දෙන්න.

තුලනාත්මක නියෝජන ක‍්‍රම පිළිබඳ හැදෑරීම්වලදී සාමාන්‍යයෙන් මිශ‍්‍ර නියෝජන ක‍්‍රම දෙකක් හඳුනාගනු ලැබේ. එනම් මිශ‍්‍ර-මන්ත‍්‍රී-බහුතරවාදී (mix-member majoritarian- mmm) මිශ‍්‍ර-මන්ත‍්‍රී සමානුපාතික (mix- member proportional-mmp) යන ක‍්‍රම දෙකයි. මින් පළමුවැන්න ප‍්‍රවණතාත්මක ලෙස බහුුතරවාදී ද්වී-පක්ෂ ක‍්‍රමයක් දෙසටද දෙවැන්න බහුවිධවාදී සමානුපාතික ක‍්‍රමයක් දෙසටද දිශානත වී ඇත. මිශ‍්‍ර-මන්ත‍්‍රී-බහුතරවාදී ක‍්‍රමයෙන් සිදු කරන්නේ යම් මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් මැතිිවරණ කොට්ඨාස මට්ටමින් සරල බහුතර ඡුන්දයෙන්ද තවත් සංඛ්‍යාවක් දිස්ත‍්‍රික් සමානුපාතික ඡුන්දයෙන්ද තෝරා ගැනීමයි. මෙහිදී ඒ ඒ පක්ෂ සමස්තයක් ලෙස දිනා ගන්නා ආසන සංඛ්‍යාවත් එම පක්ෂවල සමස්ත ඡුන්ද ප‍්‍රතිශතයත්් අතර නොගැළපීමක් පැවතිය හැකිය. රුසියාවේ සහ යුක්රේනයේ දැන් ක‍්‍රියාත්මක වන්නේ් මෙම ක‍්‍රමයයි. එය විශාල බලවත් පක්ෂවලට වඩාත් වාසි සැලසෙන ක‍්‍රමයක් බැව් පොදුවේ පිළිගැනේ. නමුත් මිශ‍්‍ර-මන්ත‍්‍රී සමානුපාතික ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ කුඩා පක්ෂ සහ සුළුතර ජනවර්ගවලට ද යම් නියෝජනයක් ලැබීම සහතිික වන ආකාරයටය. ලොව මිශ‍්‍ර-මන්ත‍්‍රී සමානුපාතිික ක‍්‍රමය ක‍්‍රියාත්මක වන සෑම රටකම මැතිවරණවලදී ඡුන්ද පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් කරනු ලැබේ. එක් ඡුන්දයක් අදාළ මැතිවරණ කොට්ඨාසය සඳහා තරග කරන අපේක්ෂකයන් වෙනුවෙනි. අනෙක් ඡුන්ද පත‍්‍රිකාව දේශපාලන පක්ෂ වෙනුවෙනි. එවිට නිදසුනක් ලෙස යම් ඡුන්දායකයකුට තම මැතිවරණ කොට්ඨාසයේ තරග වදින ශී‍්‍ර.ල.නි.ප අපේක්ෂකයාට ඡුන්දය දෙන අතර දේශපාලන පක්ෂයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඡුන්දය දිය හැකිය. ඉන් පසුව සමානුපාතික ලැයිස්තුවේ මන්ත‍්‍රී ධුර බෙදනු ලබන්නේ ඒ ඒ පක්ෂ (අපේක්ෂකයන් ලෙස නොව පක්ෂ ලෙස* ලබා ගත් ඡුන්ද ප‍්‍රතිශතයන් අනුවය. මෙය ද්වී ඡන්ද ක‍්‍රමය (dual-vote) ලෙස හඳුන්වනු ලැබේ. මිශ‍්‍ර-මන්ත‍්‍රී සමානුපාතික ක‍්‍රමයේ නිර්වචනාත්මක වෙනස වන්නේ සමානුපාතිික ආසන බෙදීමේදී අනුගමනය කෙරෙන අනුුපූරණ (compensation) මූලධර්මයයි. ඉන් අදහස් වන්නේ ඒ ඒ පක්ෂ ලබා ගෙන ඇති ඡන්ද ප‍්‍රතිශතයන් හා හැකිතරම් දුරට ගැළපෙන පරිදි සමානුපාතික ආසන බෙදීමයි. නිදසුනක් ලෙස මන්ත‍්‍රී ආසන 100ක් ඇති රටක ් නම් පක්ෂය 5%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තද කොට්ඨාස මට්ටමින් එකදු මන්ත‍්‍රීවරයකු හෝ තෝරා යවන්නට අසමත් වී ඇතැයි සිතමු. ඊ නම් පක්ෂය 20%ක ප‍්‍රතිශතයක් ලබා ගන්නා අතර කොට්ඨාස මට්ටමින් මන්ත‍්‍රීවරුන් 25ක්ද දිනාගෙන ඇතැයි සිතමුු. එවිට ඉතිරිව ඇත්තේ එක් සමානුපාතික අසුනක් නම් එය හිමි වන්නේ ් නමැති පක්ෂයටය. නමුත් ඊ පක්ෂය තම ප‍්‍රතිශතයට වඩා ලබාගෙන ඇති කොට්ඨාස මන්ත‍්‍රී සංඛ්‍යාව (5 දෙනා) අඩු කිරීමක් සිදු නොවේ. එහෙයින් වරින්වර සුළු වශයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත‍්‍රී සංඛ්‍යාවේ වෙනස්කම් ඇති විය හැකිය. ජර්මනියේ සහ නවසීලන්තයේ ක‍්‍රියාත්මක වන්නේ මෙම ක‍්‍රමයයි.

20 වැනි සංශෝධනයෙන් යෝජිත ක‍්‍ර‍්‍රමය මිශ‍්‍ර-මන්ත‍්‍රී-සමානුපාතික ක‍්‍රමය අනුව යන්නක් යැයි යහපාලන ප`ඩිවරුන් කොතෙක් කීවද එය අමු මුසාවක් බව මෙයින් පැහැදිලි වනු ඇත. මන්දයත් මෙහිදී ද්වී-ඡන්ද ක‍්‍රමය සහ අනුපූරණ මූලධර්මය මුළුමනින්ම බැහැර කොට ඇත. මේ ඉදිරිපත් කොට ඇත්තේ සමානුුපාතික ක‍්‍රමයේ යහගුණයන් ඉවත හෙළන ලද සරල බහුතර ලක්ෂණ රැුගත් නියෝජන ක‍්‍රමයකි. දැනට කැබිනට් මණ්ඩලයේ සම්මත සංශෝධන යෝජනාව ගැන විවේචන ඉදිරිපත් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම කැෆේ සංවිධානයද අවධානය යොමු කොට ඇත්තේ සමානුපාතික නියෝජනයේ ගුණාංග දෙස නොවේ. මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව 225 සිට ඉහළට වැඩි කළ යුතු යැයි පවසන විට ඔවුන් අදහස් කරන්නේ මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් එනම් සරල බහුතර ක‍්‍රමයෙන් පත් වන මන්ත‍්‍රී සංඛ්‍යාවේ වර්ධනයකි. කොට්ඨාස මන්ත‍්‍රීවරුන් 125ක් දැනට අනුමත යෝජනාවේ පවතින විට විරෝධය එල්ල වෙමින් තිබෙන්නේ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 160 සිට පහතට හෙළීම පිළිබඳවය. මෙය පුදුමයට කරුණක් නොවේ. මන්දයත් සමානුපාතික ක‍්‍රමයේ යහගුණයන්්ගෙන් තොර මිශ‍්‍ර ක‍්‍රමයක් සැකසීමේ ව්‍යාපෘතියේ ප‍්‍රමුඛත්වයක් ගත් රොහාන් සමරජීව, සුජාතා ගමගේ, රජිත් කීර්ති තෙන්නකෝන්, කේ. ඩබ්. ජනරංජන යනාදීන් දිගින් දිගටම තර්ක කරමින් සිටියේ (ද්වී-ඡුන්දයෙන් හා අනුපූරණ මූලධර්මයෙන් තොරවද) යෝජිත මිශ‍්‍ර ක‍්‍රමයෙන් සුළු ජාතික පක්ෂවලට හා කුඩා පක්ෂවලට අසාධාරණයක් සිදු නොවන බවය. මේ සඳහා අරුම පුදුම විග‍්‍රහයක්ද ඉදිරිපත් කෙරිණ. එනම් පැරණි මැතිවරණ ප‍්‍රතිඵල යෝජිත ක‍්‍රමයට ආදේශ කොට පරීක්ෂා කොට බැලීමයි. මෙය ශාස්ත‍්‍රීය විග‍්‍රහයක් යැයි කියූ බැවින් ඉන්පසු සියල්ලෝ ප‍්‍රශ්ණ නොකර පිළිගෙන එය පුනරුච්ඡුාරණය කළහ. යෝජිත ක‍්‍රමයෙන් ප‍්‍රායෝගිකව වෙනස් වන්නේ මනාප ක‍්‍රමය පමණක්ය යන විකාර සහගත නිගමනය පැන නැඟුනේ එසේය. නමුත් මෙම ඊනියා විග‍්‍රහයට පදනම ඇත්තේ වැරදි ක‍්‍රමවේදයක් මතය. එයින් උපකල්පනය කොට ඇත්තේ නියෝජන ක‍්‍රමය වෙනස් වූ විටද ඡුන්දදායක චර්යාවේ වෙනසක් ඇති නොවන බවය. නමුත් මෙම උපකල්පනය ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණාත්මකව තහවුරු කොට ඇති දැනුමට පරස්්පරය. සරලව කිවහොත් සරල බහුතර ක‍්‍රමය වෙත නැමුරු වූ මිශ‍්‍ර නියෝජන ක‍්‍රමයක් හඳුන්වා දුන් පසුව බොහෝ ඡුන්දදායකයන් තම මැතිවරණ කොට්ඨාසය තුළ කුඩා පක්ෂවලට කතිරය ගැසීමට පෙලඹෙන්නේ නැත.

එය තම ඡුන්දය අපතේ යාමක් ලෙස සැලකීමට ඔවුන්ව ව්‍යුහාත්මකව පොලඹවනු ලැබේ. එවිට සමානුපාතික ක‍්‍රමය යටතේදී කුඩා පක්ෂ ලබාගත් ඡුන්ද ප‍්‍රතිශතය එලෙසින්ම නව ක‍්‍රමයේදී ඔවුනට හිමිවන්නේ නැත. ද්විත්ව-ඡුන්ද පත‍්‍රිකාවක් අවශ්‍ය වන්්නේ මෙම ගැටලූව විසඳීම සඳහාය. ද්විත්ව ඡුන්දය පිළිබඳ යෝජනාව අප ඉදිරිපත් කළ විට රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ප‍්‍රතිචාරය වූයේ එය හොඳ යෝජනාවක් වුවත් එය ක‍්‍රියාවට නැඟීමට නම් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 265ක් දක්වා වැඩි කළ යුතු බවය. නමුත් ඒ කුමක් නිසාද? මෙම නිගමනයට ඔහු පැමිණියේ කෙසේද? තවමත් එය පැහැදිලි කොට නොමැත. තවද, තායිලන්තයේ මෙන් ද්විත්ව ඡුන්දය දෙවන අදියරකදී හඳුන්වාදීමට හැකි යැයි පවසන ලදි. ලංකාවේ පවතින දේ්ශපාලන යථාර්ථය තුළ එවන් පරිවර්තනයක් සඳහා ඇති ඉඩකඩ ඉතා සීමිතය. කෙසේ වුවද යෝජිත 20 වැනි සංශෝධනය සේම එයට ඉදිරිපත් වන සිවිල් සමාජ විවේචනයන්ද සමානුපාතික ක‍්‍රමයේ යහගුණයන් ඉවත හෙලමින් තිබේ. අවාසනාවකට මේ සමස්ත ව්‍යාපෘතියම ග‍්‍රහණයට ගෙන තිිබෙන්නේ සංඛ්‍යාන විiාඥයන් සහ නීතිඥයන් පිිරිසක් විසිනි. එහෙයින් විවාදය පවතින්නේ නෛතික කරුණු හා සංඛ්‍යාත්මක වෙනස්කම් පිළිබඳවය. යම් තරමකින් හෝ මේ කාරණය ගැන මත පළ කළ දේශපාලන විද්‍යා පසුබිමක් ඇති සියලූම බුද්ධිමතුන් (එම්.ඒ.යූ සොයිසා, විශාකා සූරියබණ්ඩාර, දයාන් ජයතිලක හා මහේෂ් සේනානායක) සමානුපාතික නියෝජන ක‍්‍ර‍්‍රමයේ වැදගත්කම අවධාරණය කොට ඇති බව නීරීක්ෂණය කළ හැකිය. මෙකී බුද්ධිමතුන් සමඟ අන් බොහෝ කාරණාවලදී අප එක`ග නොවූවද මේ නිශ්චිත කාරණයේ්්දී දේශපාලන විද්‍යාත්මක පර්යාවලෝකනයක අනන්‍ය සාධාරණ අගය ඉස්මතු කොට පෙන්වීමට මට අවශ්‍යය.

අවසන් වශයෙන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ තර්කය වූයේ විධායකය අත බලය සංකේන්ද්‍රණය වීමේ තත්වය සංවරණය හා තුලනය කිරීම සඳහා ව්‍යවස්ථාදායකය තුළ බහුවිධ නියෝජනය තහවුරු කළ යුතු බවය. විධායක ජනාධිපති ක‍්‍රමය සමඟ සමානුපාතික නියෝජන ක‍්‍රමය එකට හඳුන්වා දෙනු ලැබුයේ එම තර්කය මත පිහිටාය. දැන් සිදු වන්නට යන්නේ කුමක්ද? 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති සතු බලය සැලකිය යුතු තරමින් අඩු කොට නොතිබියදී සිංහල ධනපති ද්වී-පක්ෂ ආධිපත්‍යයකට පාර්ලිමේන්තුව නතු වන ආකාරයට ව්‍යවස්ථාදායකයේ බලය සංකේන්ද්‍රණය වීමට සැලසීමය. මේ සැකසෙමින් ඇත්තේ නිදහසින් පසු ලංකාවේ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් සඳහා වඩාත්ම උචිත විය හැකි ආකාරයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුව විය හැකිද?

සුමිත් චාමින්ද