පොළොන්නරුවේ වැලි ජාවාරම මෛත‍්‍රී පාලනයට

GSMBමේ මාතෘකාව දැක්කම කෙනකුට හිතෙන්න පුළුවන් පොළොන්නරුවේ වැලි ජාවාරම ම`ඩින්න ‘යහපාලන ආණ්ඩුව’ කටයුතු කරලා කියලා. මොකද පහුගිය සතියේ තිබුණු ලෝක පරිසර දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියලා තිබුණා ‘පරිසරය විනාශ කරන කිසිවකුටත් ඔහුගෙන් සමාවක් නෑ’ කියලා. එහෙම කරන කෙනා කොයි පක්ෂයෙද කියලා බලන්නෙ නෑ කියලත් ඔහු මැදිරිගිරියෙ වටදාගේ ජාතික උත්සවයේදී ප‍්‍රකාශ කළා කියලා මාධ්‍ය මහ ඉහළින් වාර්තා කර තිබුණා. අනෙක් පැත්තෙන් මේ රටේ පරිසර ඇමැතිත් ඔහු. නිකම් නෙමෙයි 19 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනයේ විශේෂ වගන්තියකින්ම පරිසර ඇමැතිකම ජනාධිපතිටම පවරා ගත්තු පරිසර ඇමැති ඔහු.

පොළොන්නරුවේ වැලි ජාවාරම මෛත‍්‍රීපාල සිරිසේන ඇමැතිකම් දරපු කාලෙ ඉඳලම කරගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි. ඒ ඔහුගෙම සහෝදරයෙක් වෙච්ච, පහුගිය දවස්වල පොරොවකින් ගහලා මරලා දැම්ම වැලි රාජු සහ මෛත‍්‍රීගෙ ගෝල බාලයො ටික. පොලිසිය අහක බලාගෙන හිටියෙ ඇමැති සහෝදරයන්ට බයේ. එක වෙලාවක වනජීවි එකේ නිලධාරී කණ්ඩායමක් වැලි රාජුගෙ වැලි පටවපු වාහන කිහිපයක් අත්අඩංගුවට ගත්තා. එදාම වැලි රාජු පොළොන්නරුවේ වනජීවී කාර්යාලයට මැරයොත් එක්ක කඩන් පැනලා ඒ කාර්යාලයම ගිනිබත් කළා. වැලි ජාවාරම මෛත‍්‍රීගෙ සහෝදරයො කරගෙන ගියේ එහෙමයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිකමට පත්වෙලා සති 4න් පොළොන්නරුවෙ වැලි ගොඩ දැමීමට නිකුත් කර තිබුණු සියලූම බලපත‍්‍ර අවලංගු කළා. ඒ ගැන බොහෝ දෙනා සතුට පළ කළා. නමුත් මේකෙ තව පැත්තක් තියෙනවා. වැලි ගොඩ දැමූවන්ගෙ උද්ඝෝෂණ, උපවාස ආදී සියලූ තොරතුරු වරින්වර අපි ලිව්වා. වැලි ගොඩදැමීමෙන් ජීවත් වන ජනතාවට මේක මරුපහරක්. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නෙ? මේ කියන්න යන්නෙ ඒ වැලි ජාවාරමේ අලූත්ම සෙල්ලම් ටිකක්.

Weli_Raajuවැලි රාජුගෙ මරණයත් එක්ක ඔහුගෙ වැලි තිප්පොළ බවට ප‍්‍රසිද්ධ වැලිකන්ද වඩමුණේ වැලි මංකඩ දැන් පාලනය කරන්නෙ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්තී‍්‍රවරයකු වන මහින්ද රත්නායක විසින්. ඔහු දැන් පරිසර ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. ඔහු මේ කටයුත්ත කරගෙන යන්නේ මහවැලි PD ඔෆිස් එකක කාර්යාලයකුත් දමාගෙනයි. මේ කාර්යාලය පවත්වා ගෙන යන්නේ GSMB ටෙක්නිකල් සර්විස් නමැති පෞද්ගලික සමාගමේ කාර්යාලය ලෙසයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සෙ වැලි පර්මිට් තහනම් කළේ පොළොන්නරුවෙ විතරයි. අනික් දිස්ත‍්‍රික්කවල වැලි ගොඩදාන්නෙ තවමත් පෞද්ගලික හිමිකරුවන් යටතේයි. පොළොන්නරුවේ පමණක් වැලි ගොඩදැමීම ඨීඵඊ ටෙක්නිකල් සර්විස් නමැති පෞද්ගලික සමාගමටම සින්න කර දුන්නා. ඒකට විරුද්ධව උද්ඝෝෂණ – උපවාස තිබුණත් ඒවා උසාවි නියෝග අරන් මර්දනය කර දැම්මා.

කලින් වැලි පර්මිට් එකක් හිමි පුද්ගලයෙක් මිනිසුන් දාලා වැලි ඇද්දම ඒ වැලි ඨීඵඊ කම්පැනියට දිය යුතුයි. කම්පැනිය පර්මිට් ලාභියාට රු. 1,600/=ක්

ගෙව්වා. වැලි කියුබ් එකකට ඔහු ඒකෙන් වැලි ඇද්ද අයට රු. 1,200/=ක් ලබා දුන්නා. වැලි අදින බෝට්ටු, කූඩ, පනිට්ටු, සවල් ඇතුළු සියලූ මෙවලම් පර්මිට් අයිතිකරු විසින් ලබා දුන්නා.

දැන් වැලි අදින කටයුත්තත් සමාගමටම භාර දුන්නට පස්සේ සමාගම වැලි අදින කම්කරුවන්ට කියුබ් එකට රු. 1,300/=ක්

ගෙවනවා. නමුත් බෝට්ටුවේ සිට ඉහත කී සියලූ මෙවලම් කම්කරුවන් සපයා ගත යුතුයි.

ඒ විතරක් නෙමෙයිETF/EPF වලටත් කපා ගෙන අතට දෙන්නේ රු. 1,090/=ක් විතරයි. සමාගම්කරු යෙදිය යුතුETF/EPF කොටසත් රු. 1,300/= තුළම ඇති බව සමාගම්කරු දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඔහුගෙ ඒ කොටස දාන්න නම් මාසයකට එක් කම්කරුවෙක් වැලි කියුබ් 22ක් අදින්න ඕන.

බෝට්ටු ගන්න කම්කරුවො 3-4 දෙනකු එකතු වුණාම සමාගම ණයක් ලබා දෙනවා. ඒකට පඩියෙන් රු. 2000/=ක් කපා ගන්නවා. මේ අපූරු සමාගම කම්කරුවකුට කහට උගුරක්වත් දෙන්නෙ නෑ. අඩුම තරමින් වතුර ටිකක් බොන්න වතුර ටැංකියක්වත් නෑ.

මේ නිසාම වෙනදා වැලි ඇදපු හුඟක් කම්කරුවො සමාගම යටතේ වැලි අදින්න එන්නෙ නෑ. වෙනදා පොළොන්නරුවෙ මනම්පිටියෙන් විතරක් වැලි ටිපර් 400ක් කොළඹ ඇතුළු පිට දිස්ත‍්‍රික්කවලට ගියා. (ටිපර් එකක වැලි කියුබ් 3ක් තියෙනවා) දැන් යන්නේ වැලි ටිපර් 70ක් 75ක් විතරයි.

වැලි රාජුගෙ මරණින් පස්සෙ වැලිකන්ද වඩමුණේ වැලි මංකඩින් හිටපු පළාත් සභා මන්ත‍්‍රී මහින්ද රත්නායකගෙ මැදිහත් වීමෙන් ඨGSMB ටෙක්නිකල් සර්විස් පුද්. සමාගම නමින්ම (මනම්පිටියෙ සමාගම නමින්ම) තවත් ශාඛාවක් විවෘත වුණා. එතන කෙරෙන්නෙ බැංකුවලට සල්ලි බැඳලා රිසිට් එක දුන්නම එතැනින් වැලි දෙනවා.

මනම්පිටියෙ ඒ සමාගමම වැලි අදින කම්කරුවන්ට කියුබ් එකට රු. 1,300/=ක් දෙනකොට වඩමුණේ වැලි මංකඩෙන් ගෙවන්නෙ රු. 1,000/=යි. මනම්පිටියේදී කම්පැනිය ටිපර්වලට පටවන්නෙ කියුබ් එක රු. 2,800/=ට.

ඒත් වැලිකන්දෙදි එය රු. 2500/=ට දෙනවා. එහි ෑඔත්‍රැුෑඡුත්‍ කතා කිසිවක් නැහැ. මෙහි ඇති තවත් පුදුමය නම් ඨීඵඊ ටෙක්නිකල් සර්විස් නමින් ඇති මහජන බැංකුවේ සමාගම් ගිණුම වෙනුවට මහජන බැංකුවේම අලූත් ගිණුමක් වැලිකන්ද කම්පැනිය පවත්වාගෙන යාමය. එහි ගිණුම් අංකය වනුයේ 337100140000881යි. එකම බැංකුවේ ගිණුම් දෙකක් පැවතීමම බරපතළ සැකයකට තුඩු දෙන්නකි.

ජනාධිපති පැවසුවේ වැලි බලපත‍්‍ර තහනම් කළ බවයි. නමුත් තමන්ගේම සම්බන්ධීකරණ ලේකම් වන මහින්ද රත්නායක යොදාගෙන වැලි රාජුගේ තිප්පොළ මෙලෙස පවත්වාගෙන යනු ලබනවා. බැංකුවට මුදල් ගෙවා රිසිට් පත ඉදිරිපත් කර ගෙන යන වැලිවලට අමතරව දිනපතාම මහින්ද රත්නායකගේ නියෝගයන් මත මේ තොටුපළින් වැලි ටිපර් එළියට එනවා. අපි මෙම තොරතුරු සොයා බැලූ දින එනම් මැයි 18 වැනි දින පමණක් රිසිට් පත් ඉදිරිපත් කර වැලි ටිපර් 17ක් පිටට එද්දී ඒ කිසිවක් නොමැතිව ටිපර් 20ක් එළියට ගිහින් තියෙනවා.

මේ මුදල් යන්නෙ කාටද? ජනාධිපති (පරිසර ඇමැති) මේ කිසිවක් නොදන්නා තොත්ත බබෙක්ද? මේ හොර කම්පැනියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ සභාපති මහින්ද රත්නායකට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කලහගල ප‍්‍රියන්ත හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සම්පත් ඇතුළු පිරිසක්. මේ තුළ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ වැලිකන්ද සිංහපුර ප‍්‍රදේශයේ නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කළ ග‍්‍රාම නිලධාරීවරයෙක්.

දැන් කොළඹ වැලි ගිනි ගණන්. වෙනදා මනම්පිටියෙන් ආ ටිපර් 400 දැන් 70ට 75ට බැසීම ඊට හේතුවයි. වැලි අදින කම්කරුවන් දැන් වෙනත් කුලී වැඩවලට යොමු වෙලා. මෛත‍්‍රී පාලනය යටතේ පොළොන්නරුවේ වැලි ජාවාරම අලූත් මුහුණුවරකින් පවත්වාගෙන යමින් තිබෙනවා. ලෝක පරිසර දිනයේ පොළොන්නරුවේ මැදිරිගිරිය වටදාගේ අසල සිට ‘පරිසරය වනසන කිසිවකුට මගෙන් සමාවක් නෑ’යි ජනාධිපති පුරසාරම් දොඩවද්දි පොළොන්නරුවේ ජනතාව දෙකොනින් සිනාසෙනවා.

ජනාධිපතිගේ නීතිගරුකභාවය ගැන තවත් කතා කිව හැකිය. ඒ කුමක්ද යත් ජනාධිපතිගේ අනෙක් සොහොයුරාගේ (ඩඞ්ලි සිරිසේනගේ) සුදු අරලිය හෝටලය ඇත්තේ පරාක‍්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේය. මේ දිනවල ඊට යාබද මහා මාලිගාවක් ඉදි කෙරෙමින් පවතී. එය කොයි දරුවා වෙනුවෙන් ඉදි කෙරෙන්නක්ද යන්න පොළොන්නරුවේ ජනතාවට නම් රහසක් නැත. එය ඉදි කෙරෙන්නේත් වැව් තාවුල්ලේය.

නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. පුරාජේරු කතාත් ඒ හාමුදුරුවන්ගේමය. ධනපති පාලනයකට පරිසරය යනු මුදල් ඉපැයීම සඳහා වන තවත් එක් කප්රුකක් පමණි. නරුමයා යනු ‘යමක මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා’ තැනැත්තා බව ප‍්‍රකාශ කළේ ඔස්කා වයිල්ඞ්ය. මේ නරුමයන් යළි යළිත් ඔප්පු කර සිටින්නේද එයයි.

විශේෂ ලියුම්කරුවකු විසිනි