ඉන්දියාව මැගී නූඞ්ල්ස්

An open packet of Maggi 2-Minute Noodles, manufactured by Nestle India Ltd., are arranged for a photograph inside a general store in Mumbai, India, on Tuesday, June 2, 2015. Nestle, one of India's biggest processed food makers, slid to the lowest in a month after a complaint was filed in a local court over lead levels in its Maggi instant noodles. Photographer: Dhiraj Singh/Bloomberg via Getty Images

An open packet of Maggi 2-Minute Noodles, manufactured by Nestle India Ltd., are arranged for a photograph inside a general store in Mumbai, India, on Tuesday, June 2, 2015. Nestle, one of India’s biggest processed food makers, slid to the lowest in a month after a complaint was filed in a local court over lead levels in its Maggi instant noodles. Photographer: Dhiraj Singh/Bloomberg via Getty Images

තහනම් කරයි දරුවන්ගේ කඩිසර බවත් බුද්ධියත් වර්ධනය කිරීමට හේතු වන බව වෙළෙඳ දැන්වීම්වලින් කියන මැගී ක්ෂණික නූඞ්ල්ස් තම රට තුළ විකිණීම තහනම් කිරීමට පසුගිය දා ඉන්දියාව පියවර ගත්තා. ඉන්දියානු විද්‍යාඥයන් පවසන්නේ මැගී නූඞ්ල්ස්වල මොනෝ සෝඩියම් ග්ලූටමේට් (Mono-Sodium Glntamate) හෙවත් MSG ලෙස කෙටියෙන් හඳුන්වන රසායන ද්‍රව්‍යය ඇති බවත් එය මොළයට හා ස්නායු පද්ධතියට හානි කරන බවත් MSGසම්බන්ධයෙන් විද්‍යඥයන් හා වෛද්‍යවරුන් අතරම බරපතළ විවාදයක් පවතිනවා. ඇතැම් අය කියන්නේ එය කෘත‍්‍රිම රසකාරකයක් ලෙස ශරීර හානියකින් තොරව භාවිත කළ හැකි බව. නමුත් තවත් වෛද්‍යවරුන් පිරිසක් පවසන්නේ MSG නිසා කෙටිකාලීනව ආසාත්මිකතා ඇති වීමේ සිට දිගුකාලීනව ඇල්ෂයිමර් රෝගය, පාකින්සන් රෝගය, පාන්ටින්ටන් රෝගය වැනි ස්නායු පද්ධතියට වැලඳෙන භයානක රෝග දක්වා විශාල පරාසයක සෞඛ්‍යයට හානිකරන බව. නෙස්ලේ නම් සුප‍්‍රකට ආහාර නිෂ්පාදන බහුජාතික සමාගම විසින් නිෂ්පාදනය කරන මැගී නූඞ්ල්ස්වල MSG අඩංගු වීමත් එය අඩංගු වන බව එහි දවටනයේ සඳහන් නොකිරීමත් නිසා එම නූඞ්ල්ස් වර්ගය තහනම් කළ බව ඉන්දීය ප‍්‍රමිති කාර්යාංශය පවසනවා. නමුත් ලංකාව තුළ තවමත් බාධාවකින් තොරව මැගී නූඞ්ල්ස් විකුණන නිසාත් වෙළෙඳ දැන්වීම්වලට මුළා වන වැඩිහිටියන් කුඩා දරුවන්ට නිතරම මේවා ආහාර පිණිස දෙන නිසාත් මේ ගැන කතා කිරීම අත්‍යවශ්‍යයි.

Maggiලංකාවේ ආහාර වර්ගවල MSG තිබේදැයි පරීක්ෂා කිරීම දැනට සිදුවෙන්නේ නෑ. කොහොම වුණත් වෙළෙඳපොළේ විකුණන කෘතිම නූඞ්ල්ස් වර්ග කිහිපයක් සහ කොත්තු රොටී නිෂ්පාදන කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශීය පරීක්ෂණාගාරවලට යොමු කළා කියලා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය පසුගිය සතියේ අනාවරණය කළා. ලංකාව තුළ MSG තහනම් නෑ. එය සාමාන්‍යයෙන් කෙටි කෑම වර්ග, බයිට් වර්ග, බර්ගර්, සොසේජස් ආදිය සඳහා යොදන බවත් සැකයක් නෑ. එම කෑම වර්ගවල ස්වභාවිකව නැති ‘සේවරි’ රසය එන්නේ MSG නිසා. නමුත් ලංකාවේ වෙළෙඳපොළේ ශුද්ධ MSG රසායනිකය විකිණීම තහනම්. කලකට ඉහත ‘අජි-නො-මොටෝ’ නමින් පැමිණි රසකාරකය දැන් වෙළෙඳපොළේ නෑ. මැගී නූඞ්ල්ස් ඇතුළු ක්ෂණික නූඞ්ල්ස් වර්ගවල MSG අඩංගු බව දැනට කරන පරීක්ෂණවලින් තහවුරු වුණොත් ඒවා ලංකාව තුළ තහනම් කෙරෙනවාද යන්නත් තවම ස්ථිර නෑ.

එයට හේතුවMSGවලින් සෞඛ්‍ය හානියක් සිදු වෙනවාද කියන එක සම්බන්ධයෙන් පවතින විවාදයේදී ලංකාවේ ආහාර සම්බන්ධ බලධාරීන් තවමත් නිශ්චිත නිගමනයකට පැමිණ නොසිටීම. මේ පිළිබඳව තිබෙන එක් මතයකින් කියවෙන්නේ මෙම රසායනිකය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අත්හදා බැලූ එකක් නිසා එහි ප‍්‍රශ්නයක් නැති බව. 1952දී අමෙරිකා එක්සත් ජනපදය MSG කිසිදු හානියක් නැති ආහාර රසකාරකයක් ලෙස අනුමත කළා. තවමත් එය එක්සත් ජනපදය, යුරෝපා රටවල්, නවසීලන්තය, චීනය වැනි රටවල ආහාර සඳහා බහුලව භාවිත වෙනවා. ක‍්‍රිස්තු පූර්ව 5500දී ඉපැරණි ගංගා නිම්න ශිෂ්ටාචාරවලත් චීස් රස කිරීමට MSG යෙදූ බව මෙයට පක්ෂපාත රසායන විද්‍යඥයන් පවසනවා. නමුත් තවත් විද්‍යඥයන් පිරිසක් පවසන්නේ මෙය ඉතාම හානිකර බව. මෑතකදී මීයන් යොදා කළ පරීක්ෂණයකට අනුව MSG ආහාරයට ගත් මීයන්ගේ අක්මාවේ තෙල් ප‍්‍රමාණය ඉහළ ගොස් අක්මාව ස්ථුල වී තිබුණු බව නිරීක්ෂණය කළා. මෙය වැඩිපුර සැලකිල්ලට ගත යුත්තේ ලංකාවේ ජනතාව අතර ස්ථුලතාව හා අක්මාවේ ආබාධ ඉතාම වැඩි නිසා. මේ අක්මාවේ තෙල් වැඩි වීමට හේතුව වැරදි ආහාර පුරුදු බව කාලයක් තිස්සේ වෛද්‍යවරුන් පවසමින් සිටියා. නමුත් දැන් එයට හේතුව MSG බව පැහැදිලියි. ඒ වගේම MSG වල අඩංගු ග්ලූටමික් අම්ලය ස්වාභාවිකව මොළයේ ස්නායුවල පණිවුඩ හුවමාරුවට භාවිත වන්නක්. 2009දී අමෙරිකානු ස්නායු ශල්‍ය වෛද්‍ය රසල්  ඕලේබ්ලොක් නිකුත් කළ වාර්තාවකට අනුව ග්ලූටමික් අම්ලය අධිකව ශරීරගත වීම නිසා මොළයටත් ස්නායු පද්ධතියටත් හානි වෙනවා. ”නිහඬ මාරයෙක් ඔබේ කුස්සියේ රාක්කය තුළ සැඟවිලා” නමින් ඔහු ලියන ලද ලිපියට අනුව පාකින්සන් රෝගය, ඇල්ෂයිමර් රෝගය, හන්ටින්ටන් රෝගය, ලෝ ගෙරිග් රෝගය වැනි මාරාන්තික ස්නායු රෝග රැුසකට MSG හේතු වෙන්න පුළුවන්. ආසාත්මිකතා සහ සැරව බිබිලි දැමීමේ ලක්ෂණ සහිත ‘චීන අවන්හල් රෝගය’ (Chinese Restaurant Syndrome) නමැති චීන අවන්හල්වල ආහාර ගැනීම නිසා ඇති වන රෝගයට හේතුවත් චීන ආහාර සඳහා එකතු කරන MSG බව දැන් සොයාගෙන තිබෙනවා.

14-3ඉන්දියාවේ මැගී ක්ෂණික නූඞ්ල්ස් තහනමට හේතුව MSG පමණක් නෙවෙයි. එම නූඞ්ල්ස් තුළ අධික ලෙස ඊයම් අඩංගු බව සොයාගෙන තිබෙනවා. ඊයම් පිළිකාකාරකයක්. ලංකාවේ විකුණන මැගී නූඞ්ල්ස්වල ඊයම් අඩංගුද යන්න අපි තවමත් දන්නෙ නෑ. නමුත් එහි MSG අඩංගු වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. ලෝක පරිමාණ ආහාර නිෂ්පාදන බහුජාතික සමාගමක් වන නෙස්ලේ සමාගම මේ පිළිබඳව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නෑ. ඉන්දියාවේ මැගී නූඞ්ල්ස් තහනම් කරද්දී ඒවායේ MSG අඩංගු වීම, ඊයම් අඩංගු වීම වගේම ‘MSG අඩංගු නැත’ කියා වැරදි සහ  පාරිභෝගිකයා මුළා කරන තොරතුරු දවටනයේ සඳහන් කිරීමත් හේතු වී තිබෙනවා. වර්තමාන ආහාර නිෂ්පාදනය වගේම අනෙකුත් නිෂ්පාදනත් පදනම් වන්නේ ලාභය මත. සමාගම්වල එකම අරමුණ වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම. එසේ ලාභ ඉපැයීම සඳහා කරන දේවලින් ඒවා පරිභෝජනය කරන ජනතාවගේ සෞඛ්‍යයට, ජීවිතවලට සිදු වන දේ ගැන ඒ සමාගම්වලට වගකීමක් නෑ. ඒක නෙස්ලේ සමාගමට පමණක් නොව අනෙක් හැම සමාගමටමත් පොදු කාරණයක්. පසුගිය කාලයේ ඇන්කර් කිරිපිටි සම්බන්ධයෙන්, මංචි බිස්කට් සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරී තත්වය මෙහිදී අපට සිහිපත් වෙනවා. ඉන්දියාව තුළ මැගී නූඞ්ල්ස් තහනම් කළා වගේ ලංකාව තුළ තහනම් කරන්න පුළුවන්. එහෙම නැතිනම්  සමාගම්වල අල්ලසට යටවෙලා දිගටම ලංකාවේ ජනතාවට ඵීඨ කවන්නත් පාලකයන්ට පුළුවන්. ඒ දෙකෙන් මොන දේ වුණත් මාරයාගෙන් ගැලවෙන්න බෑ. ඒ සමාජ යහපැවැත්මට වඩා ලාභය ප‍්‍රමුඛ කරගන්නා සමාජයක අපි හැම තිස්සෙම ඉන්නේ මාරයා හිස උඩ තබාගෙන නිසා.

දිනිත් හෙට්ටිආරච්චි