පොකුණුවිට සිසුවාට මෙන්, මාතලේ සමූහ මිනීවළේ වැළලූනවුන්ටත් යුක්තිය…..?

DSC02760 (2)බොහෝ සිදුවීම් රැුලි පිට රැුලි නැෙඟමින් වාර්තා වන මේ සංක‍්‍රමණීය අවධියේ පානදුර මහාධිකරණය විසින් ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවකින් යුක්තිය හා සාධාරණය රජයන සමාජයක් ඉල්ලා පෙළ ගැහෙමින් සිටින සමාජයකට මහත් වූ අස්වැසිල්ලක් ලැබිණි. ඒ සුවිශේෂී නඩු තීන්දුව වූයේ 1989 ධවල භීෂණ සමයේ හොරණ, පොකුණුවිටදී අත්අඩංගුවට ගත් 16 හැවිරිදි තරුණයකු ඝාතනය කර ටයර් මත දමා පිලිස්සූ වරදකරුවනට ද`ඩුවම් ලබාදී මියගිය තරුණයාට යුක්තිය ඉටුකිරීමයි. එය සිදු වීමටත් වසර 25කට ආසන්න කාලයක් ගත විය.

මේ ලිපියේ අරමුණ ඒ සම්බන්ධව පසු විපරමක් කිරීම නොවේ. එකී භීෂණ සමයේම ඝාතනයට ලක් වූ 154 දෙනෙකුගේ අස්ථි කොටස් සහිත මෙතෙක් ලංකාවේ හමු වූ දැවැන්තම සමූහ මිනීවළ ලෙස හ`දුන්වන, මාතලේ සමූහ මිනීවළේ වැළලූන උනට යුක්තිය ඉටුකිරීමට නිර්මාණය වෙමින් තිබූ ඉඩකඩ ඇහිරී යමින් පැවතීමයි. ඒ උදෙසා අලූත් වටයකින් අරගල කිරීමට සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමට පසුබිම සැකසීමටයි. ඒ ස`දහා සුදුසුම හෝරාව මේ බව පැවසීමටයි. ඉතිහාසය විසින් එවන් අවස්ථා ලබා දෙන්නේ එක් වරක් පමණි.

මළවුන්ට යුක්තිය ඉටුකිරීම මළවුන් පිළිබඳ කාරණයකට වඩා ජීවත්ව සිටින අය පිළිබඳ ප‍්‍රශ්නයකි. අනාගත පරම්පරාවන් පිළිබ`ද ප‍්‍රශ්නයකි. ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රශ්නයකි.

තමන් කැමති මතයන් දැරීමට ඒ මත කි‍්‍රයාත්මක වීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇත. ඒ අයිතිය ඔවුන් අනෙකුත් අයගේ අයිතීන් උල්ලංඝනය වන පරිදි යොදවනවා නම්, ඊට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රණයක් ශිෂ්ට සමාජය සතුව පවතී. ඉන් බැහැරව තිරශ්චීන ලෙස බලය යොදා කෙනකුට හිමි ගෞරවනීය මරණය කවරකු විසින් හෝ උදුරා ගනු ලබන්නේ නම් ඊට එරෙහිවීමට ඇති ශුද්ධ වූ අයිතිය ලබාගැනීමද සමාජයක් ලෙස පෙළගැසිය යුතු වේ.

අහඹු ලෙස මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ හමු වූ වකවානුවේම ඒ ගැන විවිධ නිගමන දීමට විවිධ පාර්ශ්ව උත්සාහ කළහ. මෙම සමූහ මිනීවළේ වැළලී ඇත්තේ 1848 කැරැුල්ල, 1915 සිංහල මුස්ලිම් කෝලාහලය, 1947 දියහෙණය, වසූරිය, එමෙන්ම 1971 අරගලයේදී ඝාතනයට ලක්වූවන් යැයි පවසමින් 88 – 89 භීෂණ සමයට අත පොවන්නටවත් ඉඩ නොදෙන ආකාරයේ මහා සමාජ කතිකාවතක් නිර්මාණය කෙරිණි. එමෙන්ම සමූහ මිනීවළ වසා දමන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් නිර්ලජ්ජිත ඉල්ලීමක්ද කර තිබිණි.

නමුත් ඒ සියල්ල නිෂ්ප‍්‍රභ කරමින් 2013 මාර්තු 23, වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශයේ රාජ් සෝමදේව මහාචාර්යවරයා ප‍්‍රමුඛ පිරිසකගේ පිටු 54කින් යුත් වාර්තාව සැලකිල්ලට ගත් මාතලේ මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය මෙම මිනිස් ඇටසැකිලි 1986 – 1990 කාල පරාසයට අයත් යුගයේ ඝාතනයට ලක් වූ පිරිසකගේ බවට තීරණය ලබා දුන්නාය. එම දිසා විනිසුරුවරිය 2013 ජුනි 22 වැනිදා ස්ථාන මාරුවක් ලැබ යාම මෙම සිද්ධියට සම්බන්ධදැයි නොදනිතත් ඒ පිළිබඳව ජනතාව අතර මහත් කතාබහක් ඇති විය.

2013 අපේ‍්‍රල් මස ජනාධිපති කොමිසමක්ද පත්කෙරුණු අතර එම කොමිසම හමුවේ සාක්ෂි දුන් සමූහ මිනීවළේ කැණීම් සිදුකළ හා එම අස්ථි භාරව කටයුතු කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා එකී මානව අස්ථියකට ඇණයක් ඇනී තිබුණ බවත් පාද අස්ථි කොටසක කම්බි වළල්ලක් තිබී නිරීක්ෂණයට ලක්වුණ බවත් ප‍්‍රකාශ කළේය. එකී කම්බි වළල්ල මඟින් විදුලිය ශරීරගත කර සිදුකරන ලද හිංසනයක් බව නිරීක්ෂණවලින් හෙළිවුණ බව පැවසූ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මළ සිරුරුවලින් වෙන් වූ හිස්කබල් කිහිපයක් එක ගොඬේ තිබුණ බවත් නිරීක්ෂණය වූ බව පැවසීය. එම වකවානුව තුළ සිදු වූ අතිශය ම්ලේච්ඡු, අමානුෂික, කෲර වූ මනුෂ්‍ය සංහාරය පිළිබඳව සිය නිරීක්ෂණයන් තුළින් ලොවට හෙළි කළ ඒ වෘත්තියවේදියා 2013 මැයි මස 20 වැනි දින සිට කුරණෑගල මහ රෝහලට මාරුවීමක් ලැබ ගියේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් මාතලේ සමූහ මිනීවළේ කාල නිර්ණය කිරීම පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇත.

”මා විසින් මාගේ ආනුභවික දත්ත හා ඒ අවටින් ලබා ගත් අනෙක් දත්ත සාරාංශ කොට මිනීවළ අයත් වකවානුව තීරණය කිරීමට උත්සාහ කළෙමි. දන්නා දින දෙකක් මැදින් යම් සිද්ධියකට අදාළ දිනයක් සොයා ගැනීම සඳහා පුරාවිද්‍යාවේදී භාවිත වන ‘කාල නිර්ණමය සැන්ඞ්විච්’ යන අදහස මේ සඳහා යොදා ගතිමි. ලැබුණු දත්ත විශ්ලේෂණයන්ට අනුව මෙම මිනීවළ වර්ෂ 1986 – 1990 කාල වකවානුවට අයත් බව පෙනේ.”

නමුත් ‘කාබන් කාලනිර්ණයට යැවීමට’ අවශ්‍ය පරිසරය සැකසුන බැවින් අස්ථි කොටස් අමෙරිකාවේ ප්ලෝරීඩා ප‍්‍රාන්තයේ බීටා එනලයිටික්ස් :ඊැඒ ්බ්කහඑසජ* පුරාවිද්‍යා කෞතුක රසායනාගාරය වෙත යොමු කෙරිණි.

එකී රසායනාගාරයෙන් ලැබුණ වාර්තාවේ සඳහන් වූවේ කුමක්ද? එම අස්ථි කොටස් පනහේ දශකයේ මුල් භාගයට එනම් 1951 වකවානුවට අයත් බවයි. නමුත් ලංකා ඉතිහාසය තුළ හෝ මාතලේ ඉතිහාසය තුළ එවන් අතිශය කෲර වධ බන්ධනවලට ලක්කොට සාපරාධී මිනිස් ඝාතනයක් සිදු කිරීමට ඇවැසි සමාජ පරිසරයක් එකල නොවීම සැවොම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. අමෙරිකාවේ රසායනාගාරයකින්

ලැබුණ වාර්තා හා මහාචාර්ය රාජ් සෝමදේව මහතා අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා ඇතුළු කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද පිටු 54කින් යුත් වාර්තාව මේ තරමටම වෙනස් වූවේ කෙසේද?

රාජ් සෝමදේව මහාචාර්යවරයා විසින් සිය වාර්තාවේ මෙසේද සඳහන් කර තිබුණි.

”……නමුත් කවරකු විසින් හෝ කුමන හේතුවක් නිසා පුද්ගලයන් 154 දෙනකුට නිදහසේ මිය යාමට ඇති අයිතීන් උදුරාගෙන ඇති බව මගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරන විට මගේ හදවතට දැනෙමින් තිබේ.”

එමෙන්ම ඔහු සිය වාර්තාවේ අවසන් වශයෙන් යෝජනා දෙකක්ද ඉදිරිපත් කර ඇත.

”මෙම ස්ථානය දැනට ලංකාවේ හමුවුණ විශාලම සමූහ මිනීවළ නිසා ඉගෙන ගන්නා විද්‍යාර්ථින්ට තම කටයුතු සඳහා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කර පවත්වාගෙන යාම හා ඉතා සානුකම්පිත හදවතින් බලා මේ සිරුරු අයිති නියම හිමිකරුවන් නියමිත ක‍්‍රමවේදයකට සොයා ගෙන ගෞරවනීය ලෙස මිහිදන් කිරීම ස`දහා ඔවුනට භාරදීමයි.”

මේ තරම් දෘඪ විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කළ වාර්තාව අමෙරිකාවේ රසායනාගාරයකින් හා කුඩා වාර්තාවක් හමුවේ උඩු සුළ`ගට ගසාගෙන යාමට ඉඩ දී නිහ`ඩව බලා සිටීමට තරම් අපි අකෘතඥයෝ වෙමුද?

පොකුණුවිට සිසුවාට මෙන්ම මාතලේ සමූහ මිනීවළේ මිහිදන් වූ මිනිසුන්ටද සාධාරණය හා යුක්තිය ඉටුකිරීමට සමාජයක් ලෙස අප පෙළ ගැසිය යුතුය.

මිනිසකුට ගෞරවාන්විත ලෙස ඉපදීම මෙන්ම මියැදීමට ඇති අයිතිය විශ්වීය මානව අයිතියකි. එම අයිතිය කැලෑ නීතිය තුළ පැහැර ගෙන මිනිසුන් මරා දැමුණේ මාතලේ දීද, චෙම්මිනිවලදීද, මුල්ලෙවයික්කාල්හිදීද ඔවුන් සිංහලද තමිල් ද එම ඝාතන සිදුකරන ලද ඝාතකයන් සන්නද්ධ කණ්ඩායම්වලද රජයේ ද යන්න පිළිබව කිසිම වෙනසක් නැතිව සමාජයක් ලෙස අප මේ ඝාතනයන්ට එරෙහි විය යුතුය. එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ පසු කළ භීෂණ සමයන්හි විපතට පත් සියලූ පාර්ශ්වයන්ට යුක්තිය ඉටුකරදීම සඳහා හදවතක් ඇති මිනිසුන් ලෙස අප එක්ව පෙළ ගැසිය යුතුය. ඒ අප සඳහා නොව අපේ දරුවන් වෙනුවෙනි.

සුජාතා අලහකෝන්