නාටක මාරයි ප‍්‍රශ්න හමාරයි

2-more-mps-leave-rajapaksa-government-1112201416223774මේ සතිය ගෙවී ගියේ මෛත‍්‍රී – මහින්ද – රනිල් ප‍්‍රතිවිරෝධතා පිළිබඳ ප‍්‍රවෘත්ති නරඹමිනි. සඳුදා පුවත්පත්වල සිරස්තල සැරසුණේ මෛත‍්‍රී හා රනිල් අතර විවාදයකින්. මහින්දගේ, චම්පිකගේ සහායද සහිතව ඉදිරි මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් ගොඩනඟා ගන්නා බව ජනාධිපති මෛත‍්‍රී පවසා තිබිණි. සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් කිසිසේත් ඉඩනොදෙන බව ඊට පිළිතුරු වශයෙන් අගමැති රනිල් පවසා තිබිණි. පුවත්පත්වල එක පැත්තක මෛත‍්‍රීගේත් අනෙක් පැත්තේ රනිල්ගේත් ඡුායාරූප සහිතව එය පළකර තිබෙනු දැකිය හැකි විය. අඟහරුවාදා පුවත්පත්වල සිරස්තල ප‍්‍රකාශ කළේ මෛත‍්‍රී – මහින්ද ගැටුම උච්ඡුස්ථානයකට පැමිණ තිබෙන බවයි. මහින්දට අගමැති අපේක්ෂක ධුරය කෙසේ වෙතත් නාමයෝජනා හෝ ලබා නොදීමට මෛත‍්‍රී දැඩි තීරණයක සිටින බවද තමන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා එම ඉඩකඩ නොලැබෙන්නේ නම් වෙනත් පක්ෂයක් හරහා හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට මහින්ද තීරණය කර ඇති බවද ඒවායෙන් කියැවිණි. මේ කතාව පුවත්පත්වල පළකර තිබුණේ එක් පැත්තක මෛත‍්‍රීගේත් අනෙක් පැත්තේ මහින්දගේත් ඡුායාරූප සහිතවය. බදාදා පුවත්පත්වල ගැටුම් දෙකක් ගැන ප‍්‍රවෘත්ති පළ විය. කොළඹ නගරයේ පදික වේදීකාවල වෙළෙඳාම් කිරීමට යළි ඉඩකඩ ලබාදීමට රනිල්ගේ උපදෙස් මත කොළඹ නගරාධිපති මුසම්මිල් ගත් තීරණය වහා අත්හිටුවන්නැයි මෛත‍්‍රී ඔහුට පැවසූ බව මේ සිරස්තලවලින් කියැවිණි. ඒ අතරම 20 වැනි සංශෝධනය පිළිබඳ එජාපය ඉල්ලූ කල් තැබීමේ විවාදය අවලංගු කරන්නැයි ශ‍්‍රීලනිපයේ නිමල් සිරිපාල කළ ඉල්ලීම ශ‍්‍රීලනිපයේම චමල් රාජපක්ෂ කථානායකවරයා ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුවතද මුල් පිටු සරසා තිබිණි. ඒ අනුව බදාදා මඟතොටේ කතාබහ තිබුණේද ආණ්ඩුව තුළම ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමත් ශ‍්‍රීලනිපය තුළ මෛත‍්‍රී – මහින්ද ප‍්‍රතිවිරෝධයත් ගැනය.

  •  එදාවේල ටුවර්ස්

පොදු ජනතාව වන අපේ දවස ගෙවී යන්නේ මේ ආකාරයටය. දිනපතාම අපට පාලක පන්තියේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා ගැන පුවත් වාර්තා වේ. ඒවා එන්නේද ඕපා¥පවල ආකාරයෙනි.

‘අද මෛත‍්‍රී මහින්දට හිනා වුණා, ‘අද මහින්ද මෛත‍්‍රීත් එක්ක කතා කළා, ‘අද නම් මහින්දයි මෛත‍්‍රීයි තරහ වෙලා, ‘අද මේ දෙන්නා නොයෙකුත් තැන්වල ඉඳගෙන හැපෙනවා, ‘අද මෛත‍්‍රී රනිල්ට දෙහි කපලා, ‘අද රනිල් මෛත‍්‍රීගේ ගෝලබාලයෝ විවේචනය කරලා, ‘අද නම් පේන්නේ රනිලූයි මෛත‍්‍රීයි එකතු වෙලා සමගි සන්ධාන ආණ්ඩුවක් හදයි වගේ….’ මේ ආකාරයට පුවත්පත්වල විවිධාකාර ඕපා¥ප පළ වේ. එක දවසක පිටුව දෙකට බෙදා එක පැත්තක මෛත‍්‍රීය. අනෙක් පැත්තේ මහින්දය. තවත් දවසක පිටුව දෙකට බෙදා එක පැත්තක මෛත‍්‍රීය. අනෙක් පැත්තේ රනිල්ය. පාලක පන්තියේ කෙරුමන්ටද මේ නාටකවලින් දවස ගෙවීම හැර අන් විකල්පයක් නැති බව හොඳින්ම පෙනේ. ජනතාවටද මේ නාටක බලා සිටිනවා හැර තමන්ගේ ප‍්‍රශ්න ඉදිරියට ගැනීමට තරම් ඉස්පාසුවක් ඇති බවක් නොපෙනේ. මේ නරි නාටක බලමින් සිටින විට ඇත්ත ප‍්‍රශ්නය අමතක වේ.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී රනිල්ලා මෛතී‍්‍රලාද, මහින්දලාද කළේ අපේ ප‍්‍රශ්න වෙනුවට තමන්ගේ ප‍්‍රශ්න ටිකක් ඉදිරිපත් කිරීමය. මෛත‍්‍රී කීවේ තමන්ට මහවැලි ඇමැති ධුරය නොලැබීමේ ප‍්‍රශ්නයය. චන්ද්‍රිකා කීවේ තමන්ට ශ‍්‍රීලනිප ප‍්‍රධාන කාර්යාලයට යාමට ඉඩනොදීමේ ප‍්‍රශ්නයය. මහින්ද කීවේ යුද අපරාධ අධිකරණයෙන් තමාව විදුලි පුටුවට යැවීමේ ප‍්‍රශ්නයය. රනිල් කීවේ තමන්ට වසර ගණනාවකින් බලය නොලැබීමේ ප‍්‍රශ්නයය. එදා ද කවුරුවත් ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නය කතා කළේ නැත. පෞද්ගලික අංශයේ කම්කරුවාගේ, රජයේ සේවකයාගේ, වතුකම්කරුවාගේ ප‍්‍රශ්නය කතා කළේ නැත. ගොවියාගේ, ධීවරයාගේ, විශ්වවිiාල ශිෂ්‍යයාගේ ප‍්‍රශ්නය කතා කළේ නැත. රතුපස්වල හා තුන්නාන පරිසර ව්‍යසනයෙන් බැට කන ජනතාවගේ ප‍්‍රශ්නය හෝ වනාතමුල්ලේ නිවෙස්වලින් එළියට ඇද දමන නාගරික පීඩිතයාගේ ප‍්‍රශ්නය කතා කළේ නැත. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නයත් ප‍්‍රශ්නයට හේතුවත් එය විසඳන ආකාරයත් කතා කළේ නැත. දක්ෂිණාංශික පක්ෂවල නායකයන් තම තමන්ගේ පෞද්ගලික ප‍්‍රශ්න කතා කරන විට ඒ අය වටා සිටි බුද්ධිමතුන් යැයි කියන අය කළේ ජනතාවගේ ප‍්‍රශ්න මොනවාදැයි අර්ථකථනයක් කිරීමය.

ඒ අය ඉදිරිපත් කළ අර්ථකථනවලට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සමස්ත ප‍්‍රශ්නය ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නයක් බවට කපා කොටා සකස් කෙරිණි. ආර්ථිකය පිළිබඳ සමස්ත ප‍්‍රශ්නය වංචා ¥ෂණ පිළිබඳ ප‍්‍රශ්නයක් බවට පටුකරන ලදී. ඒ ජනාධිපතිවරණයේදීය. මහ මැතිවරණය හරහාද ඔවුන් ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නවලට නොව තමන් නිර්දේශ කරන ප‍්‍රශ්නවලට පිළිතුරු සම්පාදනය කරමින් සිටී. ඒ අතර ඔවුන්ගේ නායකයන් තමන් අතර ඇති ගැටුම් පිළිබඳ නාටක දෛනිකව ඉදිරිපත් කරමින් සිටී.

  •  අපේ ප‍්‍රශ්න – අපේ වගකීම

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනතාව පීඩාවට පත් වූ ඇත්ත ප‍්‍රශ්නවල මූලය දෙආකාරය. එක් වර්ගයක ප‍්‍රශ්න ගලාගෙන ආවේ මහින්දගේ නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියෙනි. දෙවැනි ප‍්‍රශ්න වර්ගය ගලාගෙන ආවේ ඒහා සමඟ බැඳුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අත්තනෝමතිකත්වයෙනි. මේ ප‍්‍රධාන මූලයන් දෙකටම රනිල් – මෛත‍්‍රී හවුලට විකල්ප නැත. ඔවුන්ට විකල්ප ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති අතර එනිසාම කම්කරුවන්ගේ – ගොවියන්ගේ – ශිෂ්‍යයන්ගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් විකල්ප වැඩසටහනක්ද නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ක්ෂේත‍්‍රයේදී මේ ආණ්ඩුවටද කළ හැක්කේ මහින්ද අනුකරණය කිරීම පමණක් බව දඹුල්ල, කොළඹ, යාපනය, කොටකෙතන, මීතොටමුල්ල, චුන්නාකම්, දෙහිඅත්තකණ්ඩිය උද්ඝෝෂණවලට එල්ල කළ මර්දනයෙන් පෙනේ.

අවශ්‍ය ඕනෑම විටෙක ජනතාව මර්දනය කිරීම සඳහා සූදානම් කොට සකස් කරන ලද මෙවලම් කිසිවක් ආපස්සට ගෙන නැත. යුද්ධය පැවැති කාලයේ රාජපක්ෂ පාලනය වෙන් කළ ආරක්ෂක වැය මෛත‍්‍රී-රනිල් පාලනය යටතේ ද කිසිදු වෙනසක් සිදු වී නැත. ත‍්‍රස්තවාදී මර්දන පණත හෝ පැය 48 ක් පොලිස් කූඩුවේ රඳවා ගැනීමේ ඇතුළු මර්දන අණ පණත් වෙනස් වී නැත. ඒ වෙනුවට කියන්නේ මෛත‍්‍රී ‘හොඳ මිනිසෙකු’ නිසා ඒවා පාවිච්චි නොකරාවි කියාය. සෑම ජනාධිපතිවරයෙකුම බලයට පත්වූ විගස ‘හොඳ’ වී පසුව නරක් වූ ආකාරය ගැන රටේ ජනතාවට අවබෝධයක් පවතී. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පදනමින් සිදු විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් එකක්වත් සිදු වී නොමැති තත්ත්වය නිවැරදිව වටහාගත යුතුය. ආර්ථික ප‍්‍රතිපත්තියට අදාළව නම් මේ දෙපිරිස අතර අබමල් රේණුවක වෙනසක් නැත. ඒ ප‍්‍රශ්නවල ප‍්‍රධාන මූලයයි. ඊට අමතරව රාජපක්ෂ පාලනයේ ජාතිවාදය, ඥාති සංග‍්‍රහය, වංචා ¥ෂණ හා පසුගාමී ස්වභාවය විසින්ද ප‍්‍රශ්න පැන නැඟිනි. ඒ එකකටවත් අභියෝග කිරීමේ දැක්මක් හෝ ප‍්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුවට නැති අතර කළ හැක්කේ ඒවා සමඟ සම්මුතියට යාම පමණක් බව හොඳාකාරව පෙනේ. මේ කිසිම අගතියකට එරෙහි ප‍්‍රබල දේශපාලන ව්‍යාපෘතියක් හෝ ඒවා ගැඹුරින් වෙනස් කිරීමේ අදහසක් මේ අයට නැත. ජනවාරි 8 වැනිදා සිදුවූවා යැයි කියන ඊනියා විප්ලවය තුළ එවැනි ගැඹුරක් තිබුණේද නැත. ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ උපක‍්‍රමික වැඩසටහනකින් මිස කේන්ද්‍රීය දේශපාලන ප‍්‍රතිපත්තියක් වටා බලවේග පෙළගැස්වීමෙන් හා සමාජ චින්තනය වෙනස් කිරීමෙන් නොවේ. එනිසා අදත් සමාජය හිතන්නේ පරණ ආකාරයටමය. පොදු ජන අවකාශය දේශපාලන වශයෙන් කිසිසේත් පුළුල් වී නැත. ජනතාවට නොතේරෙන ව්‍යවස්ථා සංශෝධන හා ජනතාව අන්දන හොරු ඇල්ලීමේ මෙහෙයුම් හරහා සමාජයේ දේශපාලන චින්තනය වර්ධනය කිරීමද කළ නොහැක.

මහ මැතිවරණයක් ඉතාම සමීපයේ තිබෙන මේ මොහොත තුළ විවිධ බලවේගයන්ගේ හැසිරීම බලන විට එහි වර්ග කිහිපයක් පෙනේ. මෛත‍්‍රීලා, මහින්දලා, රනිල්ලා උත්සාහ කරන්නේ දිනපතා පෙන්වන නාටක හරහා ඡුන්දදායකයාගේ ඇස් නිලංකාර කර මහ මැතිවරණයේදී සිය ව්‍යාපෘතිය ජයග‍්‍රහණය කරවීමටය. ‘මහින්ද අයෙ එනවා’ යන භීතිය වගා කිරීම හෝ ‘මහින්ද හිටියානම් මීට වඩා හොඳයි’ යන පසුගාමී මිථ්‍යාව වැපිරීම හරහා ඡුන්ද ගරාගැනීම ඒ අයගේ අරමුණයි. මහින්දගේ ව්‍යාපෘතියේ සිටින දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, ජාතික සංවිධාන එකමුතුව වැනි සංවිධානද ආණ්ඩුවේ ව්‍යාපෘතිය සමඟ සිටින පුරවැසි බලය වැනි සංවිධානද කරන්නේ සමාජයේ සැබෑ ප‍්‍රශ්නවලින් ප‍්‍රවේශ වී සමාජයේ පොදුජන විඥානය වැඩි දියුණු කිරීම නොවේ. සිය පක්ෂග‍්‍රාහී භාවිතාව හරහා එය තවත් මොට කරවීමය. ඒ අතර ජනතාවගේ ප‍්‍රශ්න මේවා යැයි තමන් විසින්ම නිර්දේශ කරන ප‍්‍රශ්න ප‍්‍රමාණයක් විසඳීමට ඉදිරිපත් වීමය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ මේ අය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන විට, එය සමාජයේ ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය යැයි කියන විට, රූපවාහිනී කැමරා ඉදිරියේ ජනතාව ”19 වැනි සංශෝධනය ගැන නම් අපි දන්නෙ නෑ. අල මිල – හාල් මිල – පරිප්පු මිල ගැන කතා කරමු” යැයි පවසන තත්වයක් ඇතිවීමය. ජවිපෙ වැනි පක්ෂද මහ මැතිවරණයේදී ඡුන්ද ගොඩ වැඩි කරගැනීමේ ඉලක්කයකට අවශ්‍ය කරන වැඩ කොළය සම්පූර්ණ කරනවා මිස දිගු කාලීනව පහළ පාන්තික බලවේගවල දේශපාලනය වර්ධනය කිරීම ගැන හෝ එම බලවේග සංවිධානය කරන ආකාරය ගැන හිතන්නේවත් නැත. හිතන්න අවශ්‍යතාවක්ද නැත.

දැන් සමාජය ඉදිරියේ ඇත්තේ ඉතා සංකීර්ණ අභියෝගයකි.

පාලක නායක කාරකාදීන් දිනපතා පෙන්වන නාටකවලින් දෑස් නිලංකාර කර නොගැනීම එක් අභියෝගයකි. තමන් සමාජ මත සකසන්නන් යැයි කියන අයගේ නිර්මාණය කරන ලද ප‍්‍රශ්න වෙනුවට තමන්ගේ ඇත්ත ප‍්‍රශ්න තේරුම් ගැනීම තවත් අභියෝගයකි.

ඒ හැම අභියෝගයටම වඩා බරපතළ අභියෝගය වන්නේ පහළ පන්තීන් තමන් වෙනුවෙන් වන දේශපාලනයකට අවතීර්ණ වීමේ අභියෝගයයි. හැමදාම අනුන්ගේ පදයට නටනවා වෙනුවට තමන්ගේ ජීවන රිද්මය හා තමන්ගේම

ප‍්‍රශ්න ඇසුරින් නව තනුවක් නිර්මාණය කර ගැනීමයි. නාටක මාර වුණාට ප‍්‍රශ්න හමාර නැත. ප‍්‍රශ්න එලෙසමය. අභියෝගය වන්නේ සැබෑ ප‍්‍රශ්නය හඳුනා ගැනීම හා එය විසඳන මාර්ගය අනාවරණය කර ගැනීමය.