මැතිවරණය ගෙනාවෝ රෝස කැලෙන් ගෙනාවෝ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණය පැමිණ ඇත්තේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡුාව උච්ඡුස්ථානයකට පත්ව තිබියදීය. දැන් ඒ සාකච්ඡුාව යට ගොසිනි. 20 වැනි සංශෝධනය සම්මත කිරීමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැති බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න පසුගිය

සතියේ පැවසුවේය. එහෙත් ඊට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. මැතිවරණයක් අවශ්‍ය වන්නේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහාය. එසේ නම්, මැතිවරණය පැවැත්වීම සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් විය යුතු අතර ජනතාව දැනුවත්ව සිටිය යුතුය. එහෙත් මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත‍්‍රීපාල සිරිසේනද මැතිවරණ ගැන තීන්දු ගන්නේ ජනතාවට රහසිනි. ඒ ඇයි? ඔවුන් වගකියන්නේ ජනතාවටද? නැත්නම් වෙනත් බලවේගයකටද? දැන් රටම ක‍්‍රම ක‍්‍රමයෙන් මැතිවරණයකට සූදානම් වෙමින් සිටින නිසා මේ මැතිවරණය පැමිණි ආකාරය ගැන මඳක් විමසා බැලීම වැදගත්ය.

  •  ශුද්ධ වූ අරගලය

රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, බොනපාට්වාදී ගමනට එරෙහි විරෝධයක් ඇවිළෙමින් තිබිණි. එම විරෝධයේ එක් පැත්තක් වූයේ රාජපක්ෂ පාලනය විසින් දියත් කරන ලද දැඩි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයට එරෙහි අරගලයයි. තවත් පැත්තක් වූයේ රාජපක්ෂ පාලනය විසින් රටේ ආර්ථිකය අධිරාජ්‍යවාදයට අවශ්‍ය පරිදි හැසිරවීමට එරෙහිව කරන ලද අරගලයයි. එමෙන්ම පරිසර හානියට එරෙහිව, වංචා-¥ෂණ-කොමිස් ගැසීම්වලට එරෙහිව ආදී වශයෙන් තවත් එක් එක් ප‍්‍රමාණවල අරගල රැුසක්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ඇවිළී තිබිණි. එහෙත් මේ විරෝධය ආණ්ඩු පෙරළියක් සිදු කිරීම සඳහා ප‍්‍රමාණවත් තරමට වර්ධනය වී නොතිබුණේ සිංහල-බෞද්ධ ජාතිවාදී ප‍්‍රවණතාව ආණ්ඩුවේ ආරක්ෂක පවුර ලෙසත් සංවිධානාත්මකවත් ප‍්‍රමාණයෙන් විශාලවත් සිටි නිසාය.

මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු ‘නිර්පාක්ෂික ජනමත නායකයන්’ සංවිධානාත්මකව පෙරට ආවේ මේ පසුබිම තුළය. ඔවුහු මෙම විරෝධය ආණ්ඩු පෙරළියක් දක්වා ගෙන යාමට අවශ්‍ය ඡුන්ද පදනම නිවැරදි ලෙස සොයා ගැනීමට සමත් වූහ. ඒ ඡුන්ද පදනම වූයේ ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡුන්දදායකයන්, වාමාංශික හා සුළු ධනේශ්වර ඡුන්දදායකයන්, දෙමළ හා මුස්ලිම් වාර්ගික ඡුන්දදායකයන්ය. මේ සියලූ කණ්ඩායම් එක් පෙරමුණකට එකතු කිරීමෙන් හැර සිංහල-බෞද්ධ උරුමයකට පටු වෙමින් පැවැති රාජපක්ෂ පාලනය පෙරළා දැමීම පහසු නැත. මෙම දේශීය බලවේග සමඟ අමෙරිකාව, ඉන්දියාව ප‍්‍රමුඛ විදේශීය බලවේගද එකතු විය.

එහෙත් ගැටලූව වූයේ ඉහත කී සියලූ බලවේග එක් පෙරමුණකට ගොනු කරන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා පහසු හා පොදු සටන් පාඨ තෝරා ගැනිණි. සමාජයේ පොදු ඉල්ලීම් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ඒකාධිපති බලතල ඉවත් කිරීම, වංචාව හා ¥ෂණය අහෝසි කිරීම, බඩු මිල අඩු කිරීම හා ආර්ථික පීඩනය අඩු කිරීම, සියලූ ජනතාවට ආර්ථික සහන ලබා දීම, පීඩිත ජාතික ප‍්‍රජාවන් පීඩනයෙන් මුදා ගැනීම යනාදී සටන් පාඨ තෝරා ගැනිණි. ඔවුන් විසින් ආරම්භ කරන ලද, මෙම සටන් පාඨ මූලික කර ගත් අරගලය ශුද්ධ වූ අරගලයක් ලෙස දියත් විය. සෝභිත හිමි වැනි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගැනත් පක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති නිසා එවැන්නකු මඟින් මෙම ඉල්ලීම් සම්පූර්ණ වශයෙන් ඉටු කිරීමේ හැකියාව ගැනත් සාකච්ඡුා විය. සමාජය විශ්වාසය තබන ලද්දේ ඒ කෙරෙහිය.

කෙසේවුවත් ඔවුන්ගේ අවශ්‍යතාව තිබූ පරිදිම නියමිත මංසන්ධියේදී එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් මුස්ලිම් කොංග‍්‍රසයත් ඇතුළු දේශපාලන පක්ෂ විසින් ව්‍යාපෘතියට කර ගැසීම බාර ගනු ලැබීය. ඉන් පසුව එහෙත් ශුද්ධ වූ අරගලයක් ලෙස ආ අරගලය ‘ප‍්‍රායෝගික දේශපාලන න්‍යාය පත‍්‍ර’ තුළ කළමනාකරණය වන්නට පටන් ගත්තේය. වැදගත්ම කරුණ වන්නේ ශුද්ධ වූ අරගලය කරගෙන ආ පිරිසද එය එසේ වන බව හොඳාකාරවම දැන සිටීමයි.

  •  ජනවාරි 08 ජයග‍්‍රහණය සහ පරාජය

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන පැමිණීමෙන් හා අරගලයට දේශපාලන පක්ෂ කර ගැසීමෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවට බලතල සංශෝධනය කිරීම දක්වාත් තමිල් හා මුස්ලිම් පීඩිත ජන ප‍්‍රජාවන්ගේ ප‍්‍රශ්න විවෘතව කතා නොකිරීම දක්වාත් (සිංහල ජාතිකවාදී ඡුන්ද පදනම අවුල් විය හැකි නිසා* ආදී වශයෙන් සටන් පාඨ වියැකී ගියේය. අවසානයේ එය හුදෙක් මහින්ද රාජපක්ෂ නමැති ඒකාධිපතියා පරාජය කිරීමේ තනි උවමනාවක් දක්වා පටු කරනු ලැබීය. ජනවාරි 08 වැනිදා ජයග‍්‍රහණය කරන ලද්දේ ඒ පටු කරන ලද උවමනාව මිස පුළුල් අරගලය නොවේ.

සෝභිත හිමි ඇතුළු මතවාදී පෙරමුණ පසෙකට තල්ලූ කරනු ලැබීය. ඔවුන්ට සිදු වූයේ යළිත් වරක් රාජපක්ෂ පාලනය සමයේදී මෙන් ඔවුන් විසින් ගොඩනඟන ලද යහපාලන ආණ්ඩුවටද විරුද්ධව මාධ්‍ය හමු හා සම්මන්ත‍්‍රණ පැවැත්වීමටය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වරක් පැවසුවේ මෛත‍්‍රීපාල සිරිසේන තමන්ට සාකච්ඡුාවක්වත් නොදෙන බවයි. වංචා, ¥ෂණ ෆයිල් සමඟ අල්ලස් කොමිසම ඉදිරිපිට රස්තියාදු වූ ජනතා විමුක්ති පෙරමුණට දැන් සිදුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේද ¥ෂිතයන් සිටින බවට සිය අතීත මතකය යළි සිහිපත් කිරීමටය. ජනතාව සිදු වූයේ කුමක්දැයි නිනව්වක් නැති, බලාපොරොත්තු කඩ වූ, එහෙත් අලූත් පාලනය එකවරම අතහැර දැමීමටද නොහැකි තත්වයට පත්ව තිබේ. ඒ අතින් ගත් කල ජනවාරි 08 වැනිදා පරාජයක්ද සිදුව තිබේ. සමාජ අරගලය පරාජය විය. මහින්ද රාජපක්ෂ පැරදවීමේ උවමනාව පමණක් ජයග‍්‍රහණය කළේය. දින සියයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබූ වගවීම කුමක්දැයි දැන් පැහැදිලිය. සියලූ දෙනාගේම අපේක්ෂාව වූයේ බලය ලබා ගැනීම සහ ලබා ගත් බලය රැුක ගැනීමයි. ජනවාරි 08 වැනිදාට පෙර කතා කළ උතුම් අරමුණු පසෙකට විසි කර බලය ලබා ගැනීමේ හා රැුක ගැනීමේ අරමුණ වටා සියලූ බලවේග භ‍්‍රමණය වන්නට පටන් ගත්තේය.

  •  මැතිවරණය කාගෙන්ද?

මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන මොහොත වන විට ‘ජනවාරි 08 විප්ලවයේ’ ප‍්‍රතිඵල ඔය ආකාර විය. දින සියයේ වැඩපිළිවෙළට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබුණේ අපේ‍්‍රල් 23 වැනිදාය. එහෙත් එදින විසුරුවා හැරියේ නැත. ඊට එක් හේතුවක් වූයේ දින සියයේ වැඩපිළිවෙළ හුදු මැතිවරණ ලියවිල්ලක් පමණක් වීමත් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වග කියන්නේ නැතිවීමත්ය. දින සියයේ වැඩපිළිවෙළට අත් වූ ඉරණම ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. ඒ නිසා මේ මැතිවරණය පැමිණියේ දින සියයේ වැඩපිළිවෙළට අනුව නොවන බවට කිසිදු සැකයක් නැත.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයක් ඉල්ලා සිටියේ, මහින්ද රාජපක්ෂ පරාජය කළ සැණින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇති මොහොතේ පැවැත්වෙන හදිසි මැතිවරණයකින් ඔවුන්ට ජය ගත හැකි වනු ඇති බවට වූ විශ්වාසය නිසා මිස එය දින සියයේ පොරොන්දුවක් නිසා නොවේ. එජාපයට අනෙක් පොරොන්දු ගැන වගේ වගක් නැත. එහෙත් මෛත‍්‍රීපාල සිරිසේනට එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට සමපාත වන තීන්දු ගත නොහැකිය. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වනවා පමණක් නොව ජනාධිපති ධුරයේ බලතල හොඳින් භුක්ති විඳිය හැක්කේ තමන්ගේ නායකත්වය යටතේ පවතින පක්ෂයක් ආණ්ඩු බලය මෙහෙය වන තත්වයක් තුළයි.

මහින්ද රාජපක්ෂ සන්ධානයේ මන්ත‍්‍රීවරුන් එකතු කර ගනිමින් මෛත‍්‍රීපාලට විරුද්ධව වෙනම පෙරමුණක් ලෙස නැඟී සිටින තත්වයක් තුළ මෛත‍්‍රීට අවශ්‍ය වූයේ හැකි තරම් කල් ගැනීමටය. මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනකු මහින්ද වටා ගොනු වන්නේ ඔහුට යළිත් බලය ලැබෙනු ඇති බවට වන විශ්වාසය නිසාය. ඔහුට බලය නොලැබෙන බව දැනෙන පළමු ඇසිල්ලේම ඔවුන්ගෙන් බහුතරය යළිත් මෛත‍්‍රීපාල වෙත ළංවීම පුදුමයට කරුණක් නොවේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ සංවාදයට වඩා ප‍්‍රමුඛ වී තිබිණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාව එය විසින් කල් දමනු ලැබ තිබිණි. අනෙක් අතට මෙය මෛත‍්‍රීපාල සිරිසේනටද වාසි සහගත මොහොතක් නොවේ. ඔහු කල් බැලූවේ තමන්ට වාසි මොහොතක මැතිවරණයට යාමට වුවත් මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද රාජපක්ෂගේ බලය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත. එමෙන්ම, ඔහු වටා සැලකිය යුතු තරමේ ඡුන්දදායකයන් ප‍්‍රමාණයක්ද ගොනු වී සිටියි. ඔහු ඉතා සදාචාර විරහිත ලෙස ජාතිවාදය පාවිච්චි කරමින් සිටියි. ජනතාව රවටමින් සිටියි. එසේනම්, මේ මැතිවරණය පැමිණියේ කාගේ උවමනාව මතද?

උවමනාව කාගේ වුවත් මෙම හදිසි මැතිවරණය අමෙරිකාවට හා ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව පැහැදිලිය. පසුගිය අපේ‍්‍රල් මාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දිවයිනට පැමිණියේය. ඔහු සහ මෛත‍්‍රීපාල සිරිසේන අතර පැවැති සාකච්ඡුාවේදී මැතිවරණය සම්බන්ධයෙන්ද රාජ්‍ය තාන්ත‍්‍රික භාෂාවෙන් කතා බහක් වූ බව ප‍්‍රසිද්ධ කරුණකි. ලංකාවේ යුද්ධයට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කර ඇති මානව හිමිකම් වාර්තාව පසුගිය මාර්තු මාසයේ ඉදිරිපත් නොකළේ අමෙරිකාවේ මැදිහත්වීම මතය. ඒ, චීන හිතවාදී ගමනක යමින් සිටි ලංකාවේ ‘ලයින් එ’ වෙනස් කළ ආණ්ඩුවට සහනයක් දීමටයි. එහෙත් එය සැප්තැම්බර් මාසයෙනුත් පසුවට කල් දැමිය නොහැකි බව ජෝන් කෙරී ලංකාවේ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. එම වාර්තාව මැතිවරණයට පෙර පැමිණියහොත් එහි දේශපාලන වාසිය මහින්ද රාජපක්ෂට බව තේරුම් ගැනීම අපහසු නැත. ඒ නිසා මෛත‍්‍රීපාලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට තමන් පැමිණෙන බවත් එසේ පැමිණෙන්නේ ‘අලූත් ආණ්ඩුවේ නියෝජිතයන්’ සමඟ බවත් පැවසුවේය. ඒ සැප්තැම්බරයට පෙර මැතිවරණය පවත්වන බවට මෛත‍්‍රීපාල සිරිසේන රාජ්‍ය තාන්ත‍්‍රික භාෂාවෙන් දුන් පොරොන්දුවයි. එය එසේ සිදු වී තිබේ. එපමණක් නොව මෛත‍්‍රීපාලගේ හිතෛෂියකු ලෙස සැලකෙන චම්පික රණවක මැතිවරණය ගැන දැන ගෙන තිබෙන්නේ ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයාගෙනි.

මෛත‍්‍රීපාල තම කිට්ටුම සගයාට කලින් මැතිවරණය ගැන ඉන්දියාවට දැනුම් දී තිබෙන බවට මෙය හොඳ සාක්ෂියකි. කැබිනට් ප‍්‍රකාශකවරයා පවා මැතිවරණය ගැන දැන සිටියේ නැත.

මෛත‍්‍රී නරකයි, මහින්ද හොඳයි කියා මින් කියැවෙන්නේ නැත. මහින්ද රාජපක්ෂද බලයට පත් වූ පසුව කළේ රටේ ආර්ථිකය මුළුමනින්ම සිය හාම්පුතුන්ගේ අවශ්‍යතා මත හැසිරවීමයි. දේශපාලනයේදී ඔහු අධිරාජ්‍ය විරෝධී මුහුණක් පෙන්නුවේ ජනතාව රැුවටීම සඳහා පමණක් බව පැහැදිලිය. ඒ අතින් මහින්දගේත් මෛත‍්‍රීගේත් වෙනසක් නැත. ඔවුන් කිසිවකුත් ජනතාවට වග කියන්නේ නැත. ජනතාව සම්බන්ධ වගකීම බාර ගන්නා බවට පොරොන්දු දුන් සිවිල් බුද්ධිමතුන්ද තමන්ට හැකියාව තිබෙන්නේ යකා ගෙන්වා ගැනීමට මිස යකාගෙන් වැඩ ගැනීමට නොවන බව පෙන්වා ඇත. යකා එළවා දමා ජනතාව තමන් ගැන බලා ගැනීමට සමත් විය යුතුය.

ජේ. ටී. ගමගේ