සාධාරණ මැතිවරණයක් (ඇමැතිවරු සමඟ)

 

පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිම කතාබහ ඇති වුණු මාතෘකා කීපයෙන් එකක් තමයි ‘සාධාරණ මැතිවරණ’. ඒ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ තමන්ගේ විධායක ජනාධිපතිකම භාවිත කිරීම ගැන, රාජ්‍ය බලය රාජ්‍ය සම්පත් – රාජ්‍ය සේවකයන් අයුතු ලෙස භාවිත කිරීම ගැන, රාජ්‍ය මාධ්‍යවල පක්ෂපාතීභාවය ගැන බොහෝ දේ කතා වුණා. මින් ඉදිරියට පවත්වන මැතිවරණවලදී එවැනි දේ සිද්ධ නොවන බවට මෛතී‍්‍ර හා රනිල් බොහෝ පොරොන්දු දුන්නා. ඔවුන්ගේ පාලනයක් යටතේ මැතිවරණවල දැනට පවතින අක‍්‍රමිකතා හැම එකක්ම පාහේ දුරලන්න නීති සම්මත කරනවා කියලත් කිව්වා. අගෝස්තු 27 වැනිදා මහ මැතිවරණය තමයි ඔවුන්ගේ පාලනයක් යටතේ පවත්වන පළමුවැනි මැතිවරණය. කියූ දේවල ඇත්ත නැත්ත බලාගන්න මේක හොඳ අවස්ථාවක්.

මේ පවතින මැතිවරණ ක‍්‍රමය අතිශය දුෂිතයි. ඒකෙන් ජනතාවගේ මතය ප‍්‍රකාශයට පත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට මැතිවරණවලින් කරන්නේ උණුසුම් දේශපාලන පරිසරයක් සකස් කරලා ජනමතයක් කෘතීමව නිර්මාණය කරන එක. ඒ කි‍්‍රයාවලියට ධන බලය, මැර බලය, මාධ්‍ය බලය, සිවිල් බලය ආදී හැම බලයක්ම භාවිත කරනවා. ධනය වැඩිපුර ඇති සිටුවරුන්ට, මාධ්‍ය ආයතන හිමිකාරීත්වයෙන් මාධ්‍ය හිමිකරුවන් සමඟ ගනුදෙනු ඇති අයට, මැර කණ්ඩායම් නඩත්තු කරන අයට අනෙක් අපේක්ෂකයන්ට වඩා විශේෂ වාසිියක් හිමිවෙනවා. මේ දේ කරන්න අපේ සමාජයේ තිබෙන පසුගාමීකම්, මෝඩකම්, අසරණකම් වගේම කපටිකම්, අවස්ථාවාදය හා උපයෝගීතාවාදයත් භාවිත කෙරෙනවා. ඉතින් මෛතී‍්‍රපාලලා රනිල්ලා පොරොන්දු වුණේ මේ කුණුගොඩම ඉවත්කරලා අලූත් මැතිවරණ ක‍්‍රමයකින් ඡුන්ද දායකයන්ගේ අයිතිය හා නිදහස ආරක්ෂා කරනවා කියලා. ඉතිරි ක්ෂේත‍්‍ර හැම එකකම කුණු පිරිලා තියෙද්දි මැතිවරණ ක‍්‍රමය විතරක් සුද්ද කරන්න බැරි බවට අපට නම් සැකයක් නෑ. ඒත් සමහරු හිතාගෙන හිටියේ මෛතී‍්‍රලා – රනිල්ලා මේක මුළුමනින් සුද්ධ නොකළත් අඩුම ගානේ කැතවත් මකයි කියලා.

අන්තිමට මහා සද්දයක් දාලා 19 වැනි සංශෝධනය ආවා. ඒක ප‍්‍රශ්නයක්. මැතිවරණ කාලෙදී මාධ්‍ය පාලනය කරන්න මැතිවරණ කොමසාරිස්ට බලය දෙන වගන්තිය අන්තිමට රාජ්‍ය මාධ්‍යවලට නිසි බලධාරියෙක් පත් වන තැනට වෙනස් වුණා. පවතින ආණ්ඩුව ඉවත් වී මැතිවරණ කොමිසමක් යටතේ මැතිවරණ පවත්වනවා කියපු එක පැවැති ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය භාරකාර ආණ්ඩුවක් ලෙස සිටිමින් මැතිවරණ පවත්වනවා කියන එක දක්වා දියාරු වුණා. අන්තිමට මැතිවරණ කොමිසම නම් ඉතිරි වුණා. ඒත් කියපු තරම් ස්වාධීන විදියට නෙවෙයි. මැතිවරණ කොමිසමක් ඇතුළු ඉතිරි කොමිෂන් පත්කරන ව්‍යවස්ථාදායක සභාවේ දහයෙන් හතක්ම මන්තී‍්‍රවරු. ඉතිරි තුන්දෙනා පත් කරන්නෙත් පාර්ලිමේන්තු අනුමැතියෙන්. නම් කළ තුන්දෙනාම පාර්ලිමේන්තු අනුමැතිය නැති නිසා ඒ කොමිෂන් තාම නෑ. පත් කළත් ඒවා ස්වාධීන වෙන්නෙත් නෑ. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ගැන ලොකු කතාවක් කියමින් 20 වැනි සංශෝධනය ආවේ ඊට පස්සේ. ඒක තමයි අනෙක් මගඩිය. ඒකෙන් සමානුපාතික නියෝජන ක‍්‍රමය, සමානුපාතික – කේවල මිශ‍්‍ර ක‍්‍රමයක් දක්වා වෙනස් කරන්න නීති සකස් කළාට මැතිවරණවලදී ධන බලය, මැර බලය, මාධ්‍ය බලය, සිවිල් බලය භාවිත වන එක වළක්වන්න කිසිම ප‍්‍රතිපාදනයක් ඇතුළු කරලා නෑ. අඩුම ගානේ මැතිවරණවලදී ඒ වන විට ආණ්ඩුවේ සිටින අය රාජ්‍ය බලය භාවිත කරන එක වළක්වන්නවත් ක‍්‍රමයක් හදලා නෑ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා නමක් දැම්මාට මේ තියෙන්නේ පාලක පන්තියේ ආඥාදායකත්වයක්. ඒක පොඞ්ඩක්වත් දුර්වල වෙන්න මේ අය ඉඩ තියන්නේ නෑ කියලා දන්න නිසා අපි නම් නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලා සිටින්නෙ නෑ. ඒත් පසුගිය ජනාධිපතිවරණයේදී බෝධිසත්වයෙක් වගේ කතා කළ මෛත‍්‍රීයි රනිලූයි නීති සම්මත කිරීම බැරි නම් රාජ්‍ය බලය භාවිත නොකිරීම ආදර්ශයෙන් හරි පෙන්වයි කියලා හිතාගෙන හිටපු අය ඉන්නවා. අපි මේ ලියන්නේ ඒ අයට දැන්වත් දෑස් පෑදෙන්න කියලා ප‍්‍රාර්ථනා කරගෙන.

මහින්ද ජනාධිපති තනතුරේ සිටින අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සදාචාර විරෝධී කියපු රනිල් කිසිම ලැජ්ජාවක් නැතිව අගමැති තනතුරේ ඉන්න ගමන් මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. මෛත‍්‍රී ජනාධිපති බලය භාවිත කිරීම ගැන වෙන දවසක කතා කරමු. එදා රනිල්ට හුරේ දාපු අයත් ලැජ්ජා නහරේ කපලා වගේ කට වහගෙන ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ට හැමදෙයක්ම සති දෙකෙන් අමතක වෙන නිසා රනිල් මේ කතාව කියලා සති දෙකේ කෑලි දුසිමක් විතර ගිහින් තියෙන නිසාත් ඒක කාටවත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. හැමෝම හොඳයි කියපු 19 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදනවලට අනුව හිටපු ඇමැතිවරු 40න් 39කුම මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇමැති බලතල පාවිච්චි කරමින්. (ඇමැති කරු ජයසූරිය තරග නොකර ජාතික ලැයිස්තුවෙන් එනවා.* කලින් සදාචාරය හා සාධාරණ මැතිවරණ ගැන කීව ආණ්ඩුව 19 වැනි සංශෝධනයෙනුත් ඔබ්බට ගිහින් නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ටත් සිය ධුරවල රැුඳී සිටින අතර අපේක්ෂකත්වය ලබාදෙන්න තීරණය කරලා. දැන් ඇමැතිවරු 39, නියෝජ්‍ය ඇමැතිවරු 28, රාජ්‍ය ඇමැතිවරු 14 ලෙස අපේක්ෂකයන් 81ක් අනික් අපේක්ෂකයන් භුක්ති නොවිඳින විශේෂ වරප‍්‍රසාද හා බලතල සහිතව තරගයට එනවා. ඔවුන් අමාත්‍යාංශ සම්පත් භාවිත කරනවා. මේකද පොරොන්දු වුණු නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමය?

රනිල්ලාට මෛත‍්‍රීලාට ඇත්ත ජයග‍්‍රහණයක් සමාජයට දෙන්න බෑ විතරක් නෙවෙයි අඩුම ගානේ යුරෝපීය රටවලට හා සමහර අපේ කලාපයේ රටවලත් තිබෙන ලිබරල් ප‍්‍රතිසංස්කරණයක්වත් දෙන්න බෑ. ඒ ගොල්ලන්ගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය. ආර්ථික යුක්තිය, නෛතික සමානාත්මතාව වගේ දේවල් විතරක් නෙවෙයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලන එක ඉබ්බගෙන් පිහාටු ඉල්ලීමක්. 17 වැනි වතාවටත් ඒක ඔප්පු වෙලා තව සැරයක් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවාද? නැත්නම් මොළේ පාවිච්චි කරනවාද? පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිම කතාබහ ඇති වුණු මාතෘකා කීපයෙන් එකක් තමයි ‘සාධාරණ මැතිවරණ’. ඒ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ තමන්ගේ විධායක ජනාධිපතිකම භාවිත කිරීම ගැන, රාජ්‍ය බලය රාජ්‍ය සම්පත් – රාජ්‍ය සේවකයන් අයුතු ලෙස භාවිත කිරීම ගැන, රාජ්‍ය මාධ්‍යවල පක්ෂපාතීභාවය ගැන බොහෝ දේ කතා වුණා. මින් ඉදිරියට පවත්වන මැතිවරණවලදී එවැනි දේ සිද්ධ නොවන බවට මෛතී‍්‍ර හා රනිල් බොහෝ පොරොන්දු දුන්නා. ඔවුන්ගේ පාලනයක් යටතේ මැතිවරණවල දැනට පවතින අක‍්‍රමිකතා හැම එකක්ම පාහේ දුරලන්න නීති සම්මත කරනවා කියලත් කිව්වා. අගෝස්තු 27 වැනිදා මහ මැතිවරණය තමයි ඔවුන්ගේ පාලනයක් යටතේ පවත්වන පළමුවැනි මැතිවරණය. කියූ දේවල ඇත්ත නැත්ත බලාගන්න  මේක හොඳ අවස්ථාවක්.

මේ පවතින මැතිවරණ ක‍්‍රමය අතිශය දුෂිතයි. ඒකෙන් ජනතාවගේ මතය ප‍්‍රකාශයට පත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට මැතිවරණවලින් කරන්නේ උණුසුම් දේශපාලන පරිසරයක් සකස් කරලා ජනමතයක් කෘතීමව නිර්මාණය කරන එක. ඒ කි‍්‍රයාවලියට ධන බලය, මැර බලය, මාධ්‍ය බලය, සිවිල් බලය ආදී හැම බලයක්ම භාවිත කරනවා. ධනය වැඩිපුර ඇති සිටුවරුන්ට, මාධ්‍ය ආයතන හිමිකාරීත්වයෙන් මාධ්‍ය හිමිකරුවන් සමඟ ගනුදෙනු ඇති අයට, මැර කණ්ඩායම් නඩත්තු කරන අයට අනෙක් අපේක්ෂකයන්ට වඩා විශේෂ වාසිියක් හිමිවෙනවා. මේ දේ කරන්න අපේ සමාජයේ තිබෙන පසුගාමීකම්, මෝඩකම්, අසරණකම් වගේම කපටිකම්, අවස්ථාවාදය හා උපයෝගීතාවාදයත් භාවිත කෙරෙනවා. ඉතින් මෛතී‍්‍රපාලලා රනිල්ලා පොරොන්දු වුණේ මේ කුණුගොඩම ඉවත්කරලා අලූත් මැතිවරණ ක‍්‍රමයකින් ඡුන්ද දායකයන්ගේ අයිතිය හා නිදහස ආරක්ෂා කරනවා කියලා. ඉතිරි ක්ෂේත‍්‍ර හැම එකකම කුණු පිරිලා තියෙද්දි මැතිවරණ ක‍්‍රමය විතරක් සුද්ද කරන්න බැරි බවට අපට නම් සැකයක් නෑ. ඒත් සමහරු හිතාගෙන හිටියේ මෛතී‍්‍රලා – රනිල්ලා මේක මුළුමනින් සුද්ධ නොකළත් අඩුම ගානේ කැතවත් මකයි කියලා.

අන්තිමට මහා සද්දයක් දාලා 19 වැනි සංශෝධනය ආවා. ඒක ප‍්‍රශ්නයක්. මැතිවරණ කාලෙදී මාධ්‍ය පාලනය කරන්න මැතිවරණ කොමසාරිස්ට බලය දෙන වගන්තිය අන්තිමට රාජ්‍ය මාධ්‍යවලට නිසි බලධාරියෙක් පත් වන තැනට වෙනස් වුණා. පවතින ආණ්ඩුව ඉවත් වී මැතිවරණ කොමිසමක් යටතේ මැතිවරණ පවත්වනවා කියපු එක පැවැති ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය භාරකාර ආණ්ඩුවක් ලෙස සිටිමින් මැතිවරණ පවත්වනවා කියන එක දක්වා දියාරු වුණා. අන්තිමට මැතිවරණ කොමිසම නම් ඉතිරි වුණා. ඒත් කියපු තරම් ස්වාධීන විදියට නෙවෙයි. මැතිවරණ කොමිසමක් ඇතුළු ඉතිරි කොමිෂන් පත්කරන ව්‍යවස්ථාදායක සභාවේ දහයෙන් හතක්ම මන්තී‍්‍රවරු. ඉතිරි තුන්දෙනා පත් කරන්නෙත් පාර්ලිමේන්තු අනුමැතියෙන්. නම් කළ තුන්දෙනාම පාර්ලිමේන්තු අනුමැතිය නැති නිසා ඒ කොමිෂන් තාම නෑ. පත් කළත් ඒවා ස්වාධීන වෙන්නෙත් නෑ. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ගැන ලොකු කතාවක් කියමින් 20 වැනි සංශෝධනය ආවේ ඊට පස්සේ. ඒක තමයි අනෙක් මගඩිය. ඒකෙන් සමානුපාතික නියෝජන ක‍්‍රමය, සමානුපාතික – කේවල මිශ‍්‍ර ක‍්‍රමයක් දක්වා වෙනස් කරන්න නීති සකස් කළාට මැතිවරණවලදී ධන බලය, මැර බලය, මාධ්‍ය බලය, සිවිල් බලය භාවිත වන එක වළක්වන්න කිසිම ප‍්‍රතිපාදනයක් ඇතුළු කරලා නෑ. අඩුම ගානේ මැතිවරණවලදී ඒ වන විට ආණ්ඩුවේ සිටින අය රාජ්‍ය බලය භාවිත කරන එක වළක්වන්නවත් ක‍්‍රමයක් හදලා නෑ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා නමක් දැම්මාට මේ තියෙන්නේ පාලක පන්තියේ ආඥාදායකත්වයක්. ඒක පොඞ්ඩක්වත් දුර්වල වෙන්න මේ අය ඉඩ තියන්නේ නෑ කියලා දන්න නිසා අපි නම් නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලා සිටින්නෙ නෑ. ඒත් පසුගිය ජනාධිපතිවරණයේදී බෝධිසත්වයෙක් වගේ කතා කළ මෛත‍්‍රීයි රනිලූයි නීති සම්මත කිරීම බැරි නම් රාජ්‍ය බලය භාවිත නොකිරීම ආදර්ශයෙන් හරි පෙන්වයි කියලා හිතාගෙන හිටපු අය ඉන්නවා. අපි මේ ලියන්නේ ඒ අයට දැන්වත් දෑස් පෑදෙන්න කියලා ප‍්‍රාර්ථනා කරගෙන.

මහින්ද ජනාධිපති තනතුරේ සිටින අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සදාචාර විරෝධී කියපු රනිල් කිසිම ලැජ්ජාවක් නැතිව අගමැති තනතුරේ ඉන්න ගමන් මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. මෛත‍්‍රී ජනාධිපති බලය භාවිත කිරීම ගැන වෙන දවසක කතා කරමු. එදා රනිල්ට හුරේ දාපු අයත් ලැජ්ජා නහරේ කපලා වගේ කට වහගෙන ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ට හැමදෙයක්ම සති දෙකෙන් අමතක වෙන නිසා රනිල් මේ කතාව කියලා සති දෙකේ කෑලි දුසිමක් විතර ගිහින් තියෙන නිසාත් ඒක කාටවත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. හැමෝම හොඳයි කියපු 19 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදනවලට අනුව හිටපු ඇමැතිවරු 40න් 39කුම මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇමැති බලතල පාවිච්චි කරමින්. (ඇමැති කරු ජයසූරිය තරග නොකර ජාතික ලැයිස්තුවෙන් එනවා.* කලින් සදාචාරය හා සාධාරණ මැතිවරණ ගැන කීව ආණ්ඩුව 19 වැනි සංශෝධනයෙනුත් ඔබ්බට ගිහින් නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ටත් සිය ධුරවල රැුඳී සිටින අතර අපේක්ෂකත්වය ලබාදෙන්න තීරණය කරලා. දැන් ඇමැතිවරු 39, නියෝජ්‍ය ඇමැතිවරු 28, රාජ්‍ය ඇමැතිවරු 14 ලෙස අපේක්ෂකයන් 81ක් අනික් අපේක්ෂකයන් භුක්ති නොවිඳින විශේෂ වරප‍්‍රසාද හා බලතල සහිතව තරගයට එනවා. ඔවුන් අමාත්‍යාංශ සම්පත් භාවිත කරනවා. මේකද පොරොන්දු වුණු නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමය?

රනිල්ලාට මෛත‍්‍රීලාට ඇත්ත ජයග‍්‍රහණයක් සමාජයට දෙන්න බෑ විතරක් නෙවෙයි අඩුම ගානේ යුරෝපීය රටවලට හා සමහර අපේ කලාපයේ රටවලත් තිබෙන ලිබරල් ප‍්‍රතිසංස්කරණයක්වත් දෙන්න බෑ. ඒ ගොල්ලන්ගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය. ආර්ථික යුක්තිය, නෛතික සමානාත්මතාව වගේ දේවල් විතරක් නෙවෙයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලන එක ඉබ්බගෙන් පිහාටු ඉල්ලීමක්. 17 වැනි වතාවටත් ඒක ඔප්පු වෙලා තව සැරයක් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවාද? නැත්නම් මොළේ පාවිච්චි කරනවාද?