දෙගිඩියාව මැදින්

Cartoon 01පසුගිය සතියේ මෙන්ම මේ සතියේද මෙම සටහන ලියැවෙනුයේ දෙගිඩියාව හා  ඕනෑම දෙයක් වීමේ සම්භාවිතාව තුළය. පසුගිය සතියේ අප සටහන ලියන විට මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට එන බව නිශ්චිත වී තිබිණි. එහෙත් ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද නැතිනම් වෙනත් පක්ෂයකින් හෝ පෙරමුණකින්ද යන්න ස්ථිර වී නොතිබිණි. තිබුණේ තමන් කෙසේ හෝ මැතිවරණයට එන බවට වන මැදමුලන ප‍්‍රකාශය පමණි.

මෙවර සටහන ලියන විට ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදෙන බව ස්ථිර වී තිබේ. එහෙත් ඒ සඳහා ඇත්තේ පසුගිය සිකුරාදා සුසිල් පේ‍්‍රමජයන්ත්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනය පමණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඒ සඳහා වන සිය අනුමැතිය ප‍්‍රකාශයට පත් කළේ නැත. කෙසේවෙතත් මහින්ද දේශපාලන වේදිකාවට ගොඩවන බව නම් නිශ්චිත වී තිබේ. ඉදිරියේදී නිර්මාණය වන පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂත් රනිල් වික‍්‍රමසිංහත් අතර බල තුලනයක් ඇති වන හා බල තරගයක් ඇති වන අවකාශයක් බව නම් ස්ථිරය. අප අද කතා කරන්නේ එවැනි තත්වයක් තුළ පීඩාවට පත්ව සිටින ජනතාව සතු වගකීම කුමක්ද යන්නය.

  •        කියන කතා

මහින්දගේ පුනරාග-මනයත් ඒ සඳහා මෛතී‍්‍රගේ අනුග‍්‍රහය ලැබීමත් පිළිබඳ විවිධාකාර අදහස් ප‍්‍රකාශයට පත්වෙමින් තිබේ. ඒ අතරින් එක් අදහසකට අනුව මහින්ද ක‍්‍රමානුකූලව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩම අතු අල්ලාගෙන ඇත. සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර ප‍්‍රියදර්ශන, නිමල් සිරිපාල වැන්නන්ද මහින්දගේ පාර්ශ්වයට එක්වූ නිසා මෛත‍්‍රී සිරවිය. මහින්දට නාමයෝජනා ලබාදීමට අකමැත්තෙන් එකඟ වීමට ඔහුට සිදු විය. තවත් අදහසකට අනුව මෛතී‍්‍රට වැදගත් වී ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය තුළ නිකුත් වූ දේශපාලන සංඥාව නොවේ. ඔහු සිතන්නේ මීළඟ මහ මැතිවරණයෙන් සන්ධානය ජයග‍්‍රහණය කරවීම ගැනය. ඒ අනුව මෛත‍්‍රී මහා පාවාදීමක් සිදු කර ඇත. තවත් අදහසකට අනුව මෛත‍්‍රී පාවාදීමක් කර නැති අතර යටත් වීමක්ද සිදු වී නැත. සිදුව ඇත්තේ උපක‍්‍රමයක් අනුගමනය කිරීමකි. මහින්දට නාමයෝජනා දෙන බව ප‍්‍රකාශයට පත්වීමත් සමඟ ඔහුට තිබූ රැුල්ල යටපත් වූ බවත් මහින්දට මින් අනතුරුව වැඩ කරන්නට වන්නේ මෛත‍්‍රීගේ නායකත්වය යටතේ බවත් මහින්දට අගමැති අපේක්ෂක ධුරය ලබා නොදෙන නිසා ඔහු අනෙක් අය වැනිම තවත් මන්ත‍්‍රීවරයකු බවට පත්වී බලරහිත තත්වයකට පත් වන බවත් එම මතයේ ප‍්‍රකාශකයෝ පවසති. තවත් පිරිසක් කියන්නේ මෛත‍්‍රී එවැන්නකට අනුමැතිය ලබාදී නැති අතර එය සුසිල් පේ‍්‍රමජයන්ත්ගේ අසත්‍ය ප‍්‍රකාශයක් බවයි. දැන් ඇත්තේ මහින්ද විරෝධීන් එකක් කියන මහින්ද හිතවාදීන් වෙනම එකක් කියන තත්වයකි. ඒ නිසා මේ සියල්ල මැද විය හැකිව ඇත්තේ ජනතාවගේ පැත්තෙන් අවාසිදායක තත්වයක් උද්ගත වීම හැර අන් දෙයක් නොවේ.

මහින්දගේ පැමිණීම ගැනද එක් එක් අය කරන්නේ එක් එක් වර්ගයේ ප‍්‍රකාශයන්ය. රන්ජන් රාමනායක මහින්දට ගම්පහෙන් තරග කරන ලෙසත් සුජීව සේනසිංහ ඔහුට කොළඹින් තරග කරන ලෙසත් අභියෝග කරයි. අකිල විරාජ් කියන්නේ කුරුණෑගලින් තරග කළත් මහින්දව පරාජය කරන බවයි. විමල් වීරවංශ හා දිනේෂ් ගුණවර්ධන මහින්දට රටේ  ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරග කර ජයගත හැකි යැයි පවසන අතර දයාසිරි ජයසේකර කුරුණෑගලින් තරග කරන්නේ නම් මහින්ද වාර්තාගත ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගන්නා බව කියයි. මාදුළුවාවේ සෝභිත හිමි පවසා ඇත්තේ යක්කු දෙන්නෙක් සිටින අතර හානිය සාපේක්ෂව අඩු යකා තෝරාගන්නා ලෙසය. මේ බොහෝ අයට අවශ්‍ය වී ඇත්තේ මහින්ද නමැති නමත් එනමින් සිටින පුද්ගලයාත් පරාජය කිරීමය. සමාජයට දිගුකාලීනව වැදගත් වන්නේ මහින්ද නියෝජනය කරන දේශපාලනය පරාජය කිරීමය. ඒ සඳහා වන පළමු පියවර වන්නේ මහින්ද නමැති පුද්ගලයාද පරාජය කිරීම බවට විවාදයක් නැත. එහෙත් දිගුකාලීන හා ස්ථාවර ප‍්‍රතිඵල සඳහා අවශ්‍ය වන්නේ නවලිබරල් ධනවාදයේත් පසුගාමීත්වයේත් ඒකාධිපතීත්වයෙත් ඥාති සංග‍්‍රහයේ හා ¥ෂණයේත් සලාදයක් වන ඒ දේශපාලනය පරාජය කිරීමයි. දැන් සිදු වන්නේ මහින්දව ප‍්‍රතික්ෂේප කරමින් ඔහු පුද්ගලයකු ලෙස පරාජය කිරීම සඳහා ඔහු නියෝජනය කළ ප‍්‍රතිගාමී දේශපාලනයම වැලඳගෙන එය පෝෂණය කිරීමයි.

  •      වම තාර්කිකද?

මෙවර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ කවර හෝ පක්ෂයක් විසින් පවත්වනු ලබන ප‍්‍රථම රැුලිය වන ජූලි 11 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැුලියට එම පක්ෂය විසින් අලවා ඇති පෝස්ටරයෙන් කියැවෙනුයේ සැබෑ වෙනසක් සඳහා වමේ බලයක් ගොඩනැඟිය යුතු බවයි. එය සත්‍යයකි. සැබෑ වෙනසක් පමණක් නොව මතුපිට සරල වෙනසක් සිදු කර ගැනීමට පවා දක්ෂිණාංශික දේශපාලනය පසුපස යාමෙන් පලක් නැති බව ඉතිහාසයේ නොයෙක් වර ඔප්පු වී තිබේ. නමුත් වමේ බලයක් පිළිබඳ අදහස සමාජයට ඒත්තු යන තරම් තාර්කිකදැයි ඇතැම් අය ප‍්‍රශ්න කරමින් සිටී. පසුගිය ජනාධිපතිවරණයේදී එය සමාජයට ඒත්තු ගියේ ඉතා අඩුවෙනි. එහිදී ඉහළට එසැවී තිබුණේ මහින්දටම ඉඩ දෙනවාද මහින්ද පරදනවාද යන ප‍්‍රශ්නයයි. එනිසා මහින්දවාදීන් හා මහින්ද විරෝධීන් හැරුණු විට තුන්වැනි පාර්ශ්වයක් ගැන සමාජයේ අවධානය යොමු වූයේ ඉතා අඩුවෙනි. දැඩිව වාමාංශික මතයක් දරාගෙන සිටින, වමටම පත්තියන් වූ අයට හැර අන් අයට වමේ බලයක් උදෙසා ඡුන්දය භාවිත කළ යුත්තේ මන්දැයි පැහැදිලි නොවිණි. එහෙත් මහ මැතිවරණයේදී තත්වය වෙනස්ය.

මේ දිනවල ඇතැම් ගුවන්විදුලි නාළිකා අනාවැකි කීමේ තරග සංවිධානය කර තිබේ. එහිදී අසන්නේ මීළඟ අගමැතිවරයා වන්නේ කවුරුන්ද යන්නයි. නිවැරදි පිළිතුර ලබා දෙන්නා හට ත්‍යාග පිරිනැමේ. ඒ සඳහා වන ගුවන්විදුලි ප‍්‍රචාරක දැන්වීම්වල කියැවෙනුයේ ජනතාවට මැතිවරණයේ ජයග‍්‍රහණ ලබාගත හැක්කේ සිය තරග වැඩසටහන හරහා බවය. මීළඟ පාර්ලිමේන්තුවේ සංයුතිය කවරක් වුණත් ජනතාවගේ ජීවිතවල වෙනසක් ඇති නොවන නිසා ජයග‍්‍රහණ ගත හැක්කේ ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන් හරහා මිස මැතිවරණ ප‍්‍රතිඵල හරහා නොවේ. රනිල් අගමැති වුවද මහින්ද අගමැති වුවද වෙන කවුරුන් අගමැති වුවද ක‍්‍රියාත්මක වන්නේ පෙර කී ආකාරයේ නවලිබරල් ධනවාදයේත් පසුගාමීත්වයේත් ජාතිවාදයේත් ඒකාධිපතීත්වයේත් ඥාතී සංග‍්‍රහයේ හා දූෂණයේත් සලාදයක් වන් දේශපාලනයයි. එපමණක් නොවේ. පාර්ලිමේන්තුවට ‘මහජන නියෝජිත ආයතනය’ යන නම තබා තිබුණද එය ජනතාවගේ සැබෑ උවමනාවන් හා අභිලාෂයන් නියෝජනය කරන්නේ නැත. එය නියෝජනය කරන්නේ ජනතා අභිලාෂයන්ගේ ප‍්‍රතිපක්ෂයයි.

උදාහරණයක් ලෙස කම්කරුවන් ඉල්ලා සිටි පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ පනත පාර්ලිමේන්තුව මඟහැරි අතර සම්මත කිරීමට සූදානමින් සිටියේ කම්කරුවන් විරුද්ධ වූ පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනතය. එය ගොවියන්ගේ විරෝධයට බඳුන් වූ බීජ පනත, ජල කළමනාකරණ පනත සම්මත කිරීමට දතකට මැදගෙන බලා සිටියේය. ශිෂ්‍ය විරෝධය නොවන්නට පෞද්ගලික විශ්වවිiාල පනත හා පාසල් නඩත්තුවේ බර මව්පියන් මත පටවන නව පාසල් අධ්‍යාපන පනත මේ වන විටත් සම්මත වී හමාරය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට, පැය 48 නීතියට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු අතර ඇඟිලි සලකුණු හැඳුනුම්පත් පනත වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනත් සම්මත වීමට නියමිතව තිබිණි. මීළඟ පාර්ලිමේන්තුවේ බලය එජාපයේ හා ශ‍්‍රීලනිපයේ දක්ෂිණාංශිකයන් අතර කවර අනුපාතයකින් බෙදී ගියත් පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කරන්නේ නැත.

පහළ පාන්තික ජනතාවගේ උවමනාවන් ඇත්තටම නියෝජනය කරන වාමාංශිකයන් කිහිප දෙනකු හෝ පාර්ලිමේන්තුව තුළ සිටීම ප‍්‍රතිගාමීත්වය පරාජය කිරීමට සමත් නොවූවත් අඩුම ගානේ ක‍්‍රියාත්මක වන ප‍්‍රතිගාමීත්වය ගැන සමාජ අවබෝධය වැඩි කිරීමටවත් හේතු වනු ඇත. පසුගිය කාලයේ හැම දෙනාම එක්ව ඔල්වරසන් දුන් ඇතැම් පනත්වල හානිය සමාජය දැනගත්තේ ඒවාට එරෙහිව හඬ නැඟූ එකම වාමාංශික මන්ත‍්‍රීවරයා නිසාය. වමේ බලයක් පිළිබඳ තර්කය ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණයේදී ඒත්තුයනසුලූ තර්කයක් බව අප ප‍්‍රකාශ කළේ එහෙයිනි. මෙවර ඡුන්දදායකයාට සිය ඡුන්දය අවභාවිතාවේ නොයෙදවනු ඇතැයි විශ්වාසයක් සහ ප‍්‍රතිපත්තිමය නිරවiතාව ගැන සහතිකයක් ඇත්තේද වමේ බලයක් තුළ පමණි. දේශපාලන තත්වය ගැන ඇති දෙගිඩියාව දේශපාලන තීරණය ගැන තිබිය යුතු නැත.