ලතින් අමෙරිකානු ‘මාධ්‍යමික වම’ කල් ඉකුත් වෙලාද?

latin america turning left21 වැනි ශත වර්ෂයට ලතින් අමෙරිකාවේ බොහෝ රටවල පොදු මහ ජනතාව පය තිබ්බේ නව-ලිබරල් ධනවාදය සෑහෙන තරම් ආපස්සට තල්ලූ කරලා. 20 වැනි ශත වර්ෂය අගභාගයේදීත් 21 වැනි ශත වර්ෂය ආරම්භයේදීත් බොහොමයක් ලතින් අමෙරිකානු රටවල් මහා පරිමාණ ජනතා නැඟිටීම්වලින් පිරිලයි තිබුණේ. ඒවා බොහොමයක් ඉලක්ක වෙලා තිබුණේ එක්සත් ජනපදයට හිතවත් ඒකාධිපති පාලකයන්ට විරුද්ධව විතරක් නොවෙයි, ඒ අය මෙහෙයවපු කොල්ලකාරී ආර්ථිකයේ පීඩාවටත් එරෙහිවයි. මේ අරගලවලට ඒ රටවල්වල කම්කරු පන්තියයි, ගොවි ජනතාවයි, ස්වදේශික ඉන්දියානු ජනතාවයි, මේ නව-ලිබරල් කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්ති නිසා තමන්ගේ ජීවන තත්වය පරණ විදියට පවත්වාගෙන යන්න අසමත් වුණු ප‍්‍රමාණයෙන් විශාල මැද පන්තියයි බොහොම උනන්දුවෙන් සහභාගී වුණා.

  •  1998-2015 වකවානුව

වෙනිසියුලාවේදී හියුගෝ චාවේස් (1998* බොලීවියාවේ ඊවෝ මොරාලෙස් (2005*, ඉක්වදෝරයේ රෆායෙල් කොරෙයා (2006*, ආර්ජන්ටිනාවේ ක‍්‍රිස්ටිනා ෆර්නෑන්ඩස් කර්ච්නර් (2007* සහ බ‍්‍රසීලයේ ලූලා ද සිල්වා (2002* වැනි වාමාංශික හැඩයක් තිබුණු නායකයන් බලයට පත් වෙන්නේ මෙන්න මේ වගේ තත්වයක් ඇතුළේ. පීඩිත පන්ති ජනතාවන්ගේ අරගල මධ්‍යයේ මෙසේ වාම හැඩයක් ගන්නා ලද නායකත්වයන් බලය තහවුරු කර ගත්තායින් පස්සේ නව-ලිබරල් කොල්ලකාරීත්වයට විරුද්ධව යම් රැුඩිකල් තීන්දු තීරණ ප‍්‍රමාණයක් ආර්ථික ක්ෂේත‍්‍රයේත් දේශපාලන ක්ෂේත‍්‍රයේත් ගනු ලැබුවා. ඒ නිසාම ‘එක්සත් ජනපදයේ පිළිකන්න’ කියලා විරුදාවලි ලබා තිබුණු මේ රටවල් කෙරෙහි එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල්වල ආර්ථික ආධිපත්‍යය ක‍්‍රමානුකූලව ලිහිල් වුණා. ඒ වෙනුවට චීනය සහ රුසියාව ප‍්‍රමුඛ ලෝක ආර්ථික බලවතුන් වේගයෙන් මේ කලාපය තුළ තහවුරු වුණා. ලෝක මහ බලවතුන් ආර්ථික සහ දේශපාලන බලය සඳහා ලෝකයේ විවිධ කලාපයන් නැවත නැවත බෙදා ගැනීමේ දේශපාලන සත්‍යය නැවත වතාවක් තහවුරු කරමින් ලතින් අමෙරිකානු කලාපය මේ ලොක්කන්ගේ වියරු බල තරගයේ කේන්ද්‍රස්ථානයක් වුණා.

  •  බටහිරින් ආ අභියෝගය

තෙල්වලට අමතරව කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඛනිජ ද්‍රව්‍ය අපනයනය මේ කලාපයේ බොහොමයක් රටවල ආර්ථිකයේදී ප‍්‍රධානයි. විශේෂයෙන්ම වෙනිසියුලාව ගත්තොත් තෙල් අපනයනය අතින් ලෝකයේ හත් වැනියා. ඊට අමතරව එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී රටවල බලපෑමට යටත් වෙලා තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුයි, ලෝක බැංකුවෙනුයි යම් තීරණාත්මක හැරවුමක් පෙන්වමින් වෙනිසියුලාවේ මැදිහත්වීමෙන් දකුණු අමෙරිකාවේ අන්දීස් රටවල් (වෙනිසියුලාව, බොලීවියාව, ඉක්වදෝරය, පේරු, කොලොම්බියාව* සඳහා ඇල්බා වශයෙනුත් මධ්‍යම අමෙරිකානු සහා කැරිබියානු රටවල් සඳහා පෙට්ට්‍රෝ කැරිබි වැනිි කලාපීය ආර්ථික සහයෝගීතා සංවිධාන පවා පිහිටුවා ගත්තා. මේ කලාපය තුළ තිබුණු එක්සත් ජනපද අධිකාරිය ලිහිල් වුණාට මේ අලූත බිහිවුණ පාලන තන්ත‍්‍රයන් පෙරළා දාන්න විවිධ ආකාරයේ අමෙරිකානු මැදිහත්වීම්වල නම් අඩුවක් තිබුණේ නැහැ. අන්ත දක්ෂිණාංශික ව්‍යාපාරික කොටස් සහ දේශපාලන පක්ෂ සම්බන්ධ කරගනිමින් ආර්ථික කඩාකප්පල් කිරීම්, බෙදුම්වාදී ප‍්‍රවණතාවන් වර්ධනය කිරීම්, ආර්ථික සම්බාධක, රාජ්‍ය තාන්ත‍්‍රික කොන්කිරීම්වල ඉඳන් මිලිටරි කුමන්ත‍්‍රණ දක්වා සෑම සියලූ ආකාරයේ ප‍්‍රතිගාමී උත්සාහයක්ම දැරුවා. විශේෂයෙන්ම මේ අලූත බිහිවුණ ‘මාධ්‍යමික වමේ’ රටවල් අතුරින් වඩාත් රැුඩිකල් ක‍්‍රියාමාර්ග අනුගමනය කරපු වෙනිසියුලාවේ හිටපු නායක චාවේස්ව නෙරපා දමන්න කුමන්ත‍්‍රණ ගණනාවක් ක‍්‍රියාත්මක වුණා.

  •  අපනයන භාණ්ඩ උත්පාතය මත රඳා පැවැත්ම

ඒත් පොදුවේ මේ රටවල 2000 පමණ ඉඳන් 2015 විතර වෙනකම් බල පැවැත්වූ රාජ්‍ය සුභසාධනවාදී ආර්ථිකය දැන් දැන් අර්බුදයට යමිනුයි තියෙන්නේ. එක් එක් රටවල විවිධ වෙනස්කම් තිබුණත් පොදුවේ මේ රටවල ආර්ථිකය වේගයෙන් බිඳවැටෙමින් යනවා. ඒ නිසා 21 වැනි ශත වර්ෂය ආරම්භයේදී පොදු මහ ජනතාවට හඳුන්වා දුන් විවිධ සහන ක‍්‍රමානුකූලව කපා දැමීමේ තත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්වය නිර්මාණය වීම සඳහා බලපෑ තත්වයන් අපි කොහොමද හඳුනා ගන්නේ. විසිඑක් වැනි ශත වර්ෂය ආරම්භයේදීම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ ගියා. මේ රටවල ආර්ථිකය රඳා පැවතුණු තෙල්, ගෑස්, කෘෂි නිෂ්පාදන සහ විවිධ ඛනිජ ද්‍රව්‍යවලට ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලූමක් තිබුණා. විශේෂයෙන්ම චීනය, එක්සත් ජනපදය පරදවමින් මේ කලාපයේ මිලදී ගැනීම්වලදී ඉදිරියෙන්ම හිටියා. නමුත් 2008දී ආරම්භ වුණු ලෝක ආර්ථික අවපාතය නිසා මේ ලතින් අමෙරිකානු භාණ්ඩ උත්පාතයෙන් ලැබුණු ආදායම් මේ රටවලට ක‍්‍රමානුකූලව අහිමි වෙන්න පටන් ගත්තා. මේ ලිපියේ ආරම්භයේදීම සටහන් තැබූ ආකාරයෙන් විසිඑක් වැනි සියවස ආරම්භයේදී බල පැවැත්වූ නව-ලිබරල් කොල්ලයට විරුද්ධව සටන් කරපු පහළ පාන්තික ජනතාවගේ සැබෑ වුවමනාවන් නිියෝජනය කරන පාලනයක් ගොඩනඟනවා වෙනුවට මේ රටවලදී සිද්ධ වුණේ අපනයනික භාණ්ඩ උත්පාතය හමුවේ ක‍්‍රමානුකූලව එක්සත් ජනපද බලපෑමෙන් මිදුණු දේශීය ධනපති පන්තියක් ඉදිරියට ඒම. ඒ කියන්නේ මේ සුභසාධනවාදී ක‍්‍රියාමාර්ගයන් පවත්වාගෙන යාමට දේශීය ධනපති පන්තියේ සහායත් මේ ආණ්ඩු ලබා ගත්තා. එක් එක් රටවල කලින් පැවැති පාලනාධිකාරීන් විසින් පෞද්ගලිකකරණය කරන ලද සමහර ව්‍යවසායන් නැවත ජනසතු කළා. නමුත් ඒවා ප‍්‍රමාණවත් තරමින් සිද්ධ වුණේ නැහැ. ජාතික ආර්ථිකය මේ දේශීය ධනපති පන්තියේ යැපීම මතින් තීරණය වීමේ සාධකය පාලනය කිරීමට තරම් මේ රටවල රාජ්‍ය අංශය ශක්තිමත් වුණේ නැහැ.

  •  පරස්පර විරෝධීන්ගේ තාවකාලික සන්ධානය බිඳවැටීම

ඒ නිසා විසිඑක් වැනි ශත වර්ෂාරම්භයේදී පැවැති නව-ලිබරල් පාලන වකවානුවලට එරෙහිව පැන නැඟුණු පීඩිත ජනතාවන්ගේ විරෝධය කම්කරු-ගොවි පාලනයක් මඟින් විස්ථාපනය වනවා වෙනුවට මේ රටවලදී සිද්ධ වුණේ පීඩිත ජනතාවත් මැද පාන්තික සමාජ ස්තරයන් හා දේශීය ධනේශ්වර පන්තිය අතර පරස්පර විරෝධීන්ගේ තාවකාලික එක`ගතාවක් ගොඩනැඟීමයි. ඒ නිසා දැන් වමේ බලවේග සහ දක්ෂිණාංශික බලවේග අතර ගැටුම වෙනත් තලයකට අවතීර්ණ වෙලයි තියෙන්නේ. දැන් දැන් මේ රාජ්‍යයන් ක‍්‍රමානුකූලව පීඩිත පන්තියේ වුවමනාවන්ට වඩා ඉහළ පන්තියේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින්න පටන් අරන්. දැන් පහළ පන්තියේ සටනට වඩා ඉහළ පන්තියෙන් පහළට එල්ල කරන පීඩනය වැඩි වෙලා. සහන කප්පාදුව නිසා මැද පන්තිය සුපුරුදු පරිදි නොසන්සුන් වෙලා. මේ අය ක‍්‍රමානුකූලව දක්ෂිණාංශික පැත්තෙන් මේ ආණ්ඩුවලට එරෙහිව ගොඩනැඟී ඇති විරෝධයට එක් වෙමින් සිටිනවා. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පස්සේ පීඩිත පොදු මහ ජනතාව පාලනයේ කොටස්කරුවන් කරගනිමින් ක‍්‍රමානුකූලව පොදු දේපොළ මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීමේ දිශාවට රටයි ජනතාවයි ඇදගෙන යනවා වෙනුවට මේ ‘මාධ්‍යමික වම්මු’ කළේ භාණ්ඩ උත්පාතයෙන් ලැබුණු තාවකාලික සහනය යටතේ මුළු සමාජයම පරිභෝජනවාදී ආර්ථිකයකට ඇදලා දාපු එක. ඉතින් වෙළෙඳපොළ බලවේගවලට අනුවයි, දේශීය වේවා විදේශීය වේවා මහා පරිමාණ ධනවතුන්ට අනුවයි රටක ආර්ථිකයේ වැඩි පංගුවක් පාලනය කරන්න ගියාම වෙන්නේ ලෝක ආර්ථික අර්බුදයට අනුව ජනතාව මත බර පැටවෙන එක. සමාජවාදය ගැන විවිධ ප‍්‍රකාශ, වැඩපිළිවෙළවල් නිකුත් කළාට මේ රටවල ආණ්ඩු පීඩිත පොදු මහ ජනතාව දේශපාලන වශයෙන් බල ගන්වන්න කරපු දේවල් සීමිතයි. ආර්ථිකය මහ ධනවතුන්ගෙන් ගලවාගන්න කරපු දේවලූත් අතිශය සීමිතයි. ඒ නිසා මේ මාධ්‍යමික වමේ ආණ්ඩු වෙනුවට දක්ෂිණාංශික නව-ලිබරල් රෙජීමයන් නැවත බලය තහවුරු කර ගැනීමේ කාලය ඉතා ආසන්න වී ඇති තත්වයකුයි පේන්න තියෙන්නේ.

නිලන්ත ගුණරත්න

Advertisements