වැස්සක් වැස්සොත් ඔක්කොම ඉවරයි

imagesඅපේ පැරණි ජනකතාවක නිල් පාට තීන්ත ගා ගත් නරියා ගැන කතාවක් ඇත. කුකුළන් හොරකමේ ගිය නරියා බල්ලන්ගෙන් බේරෙන්නට පැන දුවද්දී නිල් බාල්දියකට වැටුණේය. ඉන් පසු නරියා නිල් පාට විය. අමුතු පාට සතකු දුටු කැළෑ සතුන් විශ්මයට පත් වූ අතර නරියා තමන් දෙව් ලොවින් ආ දෙවියන්ගේ නියෝජිතයකු බව පැවසුවේය. සතුන් එය විශ්වාස කර නරියා කැළේ රජා ලෙස පත් කර ගත්තේය. එහෙත් එක් දිනක් අනෝරා වැස්සක් ඇද හැලූණු අතර වැස්සෙන් නරියාගේ නිල් පැහැ තීන්ත සේදී ගියේය. තීන්ත සේදී පරණ නරියා මතු විය. කැළේ රජා වී මෙතෙක් කල් තමන්ගෙන් ගෞරව ලබා ගත්තේ තීන්ත තවරා ගත් නරියකු බව දැන ගත් කැළේ අනෙක් සතුන් නරියාට පහර දී කැළෑවෙන් එළවා දැමුවේය. ජනකතාව එයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි අපේ රටේ දේශපාලන පක්ෂද කට ඇරියොත් කියන්නේ අධිරාජ්‍ය විරෝධය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය වැනි වචනය. එහෙත් බලය සම්බන්ධ කාරණය මේ හැම දෙනාගේම ලිට්මස් පරීක්ෂාව වන අතර තමන්ගේ බලය අභියෝගයට ලක් වන සෑම විටකම මේ අය තම සැබෑ මුහුණුවර පෙන්වයි. මේ ගෙවී යන්නේ මැතිවරණ කාල පරිච්ෙඡ්දයකි. මේ හැම දෙනාම බලය ඉල්ලා සිටින හා තිබෙන බලය රැුක ගන්නට හදන කාලයකි. ඒ නිසාම මේ බොහෝ දෙනකුගේ සායම සේදී යමින් තිබේ. මහින්දවාදීන්ද මහින්ද විරෝධීන්ද කරන්නේ එකම දේශපාලනයකි. ඒ මහින්ද කළ දේශපාලනයයි. මහින්ද එළෙව්වා කීවාට හැම දෙනාම ඉන්නේ මහින්ද කර තබා ගෙනය.

  •  රනිල් මහින්දට ඇඳීම

මේ මැතිවරණය ප‍්‍රකාශයට පත් වූ මුල් වකවානුවේදී එක්සත් ජාතික පක්ෂය කීවේ එකම දෙයකි. ඒ මහින්දට යළි ඉඩ නොදිය යුතු බවය. මහින්ද පරාජය කළ යුතු බවය. මහින්ද පරාජය කිරීම යනු මහින්දව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තේරී පත්වීම වැළැක්වීම නොවන බව පැහැදිලිය. එය අසීරු ඉලක්කයකි. මේ කියන්නේ මහින්ද අගමැති වීම වැළැක්වීම ගැනය. රනිල් ඉදිරිපත් කරන තර්කය වන්නේ මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගතහොත් මහින්ද අගමැති පුටුවේ වාඩි වන නිසා එය වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවිය යුතු බවය. රනිල්ගේ තර්කය පැහැදිලිය. එහෙත් එම තර්කය ගොඩනඟා ඇත්තේම මහින්ද මතය. මහින්ද අනෙකා කරගැනීම මතය. මේ මහින්ද විරෝධී තර්කය හරහා එක්සත් ජාතික පක්ෂය කළේ ප‍්‍රතිපත්ති පිළිබඳ කරුණ යටපත් කිරීමය. තමන්ගේ ආර්ථික, දේශපාලන ප‍්‍රතිපත්ති සඟවා මහින්ද විරෝධයක් හරහා ඡුන්දදායකයාගේ කනෙන් රිංගීමටය.

එහෙත් මහ මැතිවරණයක් යනු නිල් පාට නරියා මත ඇද හැලූණු වැස්සක් වැනි එකකි. මෙහිදී ප‍්‍රතිපත්ති ගැන කිසිදු කතාබහක් නැතිව මඟ හැර යා නොහැකිය. ඒ නිසා මැතිවරණයට සති තුනක් තිබියදී දැන් එක්සත් ජාතික පක්ෂයට ප‍්‍රතිපත්ති ගැන යමක් කීමට සිදුව තිබේ. ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වන්නේ ජූලි 23 වැනිදා නිසා මෙම සටහන ලියන මොහොත වන විටත් එය කියවන්නට ලැබී නැත. එක්සත් ජාතික පක්ෂය කියන්නේ පංච විධ ප‍්‍රතිපත්තියක් එළිදක්වන බවය. ඒ ප‍්‍රතිපත්තිය මේ මොහොත වන විටත් අප දැක නැත. එහෙත් එහි කසකරුවන් දැක ඇත. පසුගිය සතිය පුරාම රනිල් කළ කතාවල හුවා දැක්වූයේ ඒ ප‍්‍රතිපත්තිමය කරුණුය. මේ සඳහා හොඳම නිදසුන වන්නේ ජූලි 18 වැනිදා අනුරාධපුරයේ නොච්චියාගම පැවැති රැුස්වීමකදී රනිල් පැවසූ අදහස්ය.

එහිදී රනිල් කියන්නේ ගම්මාන සියල්ල එක්කළ පොකුරු ගම්මාන වැඩපිළිවෙළක් හා ආයෝජකයන් ගෙන්වා ගැනීම බවය. ලොව විශාලතම සමාගම් රටට ගෙන්වා, ඔවුන්ගේ කර්මාන්තශාලා ආරම්භ කරන බවත් ඒ සඳහා වෙනම කර්මාන්ත කලාප පිහිටුවන බවත් රනිල් කියයි. මෙය අලූත් කතාවක් ලෙස කීවද ඉතා පැරණි කතාවකි. මේ කාර්මික කලාප ගැන මුලින් කීවේ රනිල්ගේ මාමා වන ජේ.ආර්.ය. මාමා එයට කීවේ නිදහස් වෙළෙඳ කලාප කියාය. ඒ කලාප තුළ සිදු වන සූරාකෑමත් ඒවා තුළ කම්කරුවන්ගේ ජීවිත විනාශ කරන ආකාරයත් ජනතාව හොඳින්ම දන්නා නිසා රනිල් එයට කර්මාන්ත කලාප වැනි අලූත් නමක් තබා ඇත. නමද අලූත් නැත. මේ නම මහින්ද සකස් කළ 2011-2030 ජාතික භෞතික සැලැස්මේ තිබූ නමකි. ජාතික භෞතික සැලැස්මේ තිබුණේ රටේ ජනගහනය තෝරා ගත් ප‍්‍රදේශවලට සංකේන්ද්‍රණය කර ඉතිරි වන ඉඩම් බහුජාතික සමාගම්වලට පැවරීමත් ජනතාව ජීවත් වන ප‍්‍රදේශ ආශ‍්‍රිතව කර්මාන්ත කලාප ඉදි කිරීමත්ය. රනිල් මේ පොකුරු ගම්මාන ආදී නම්වලින් කියන්නේද ජනගහන ව්‍යාප්ති රටාව වෙනස් කර ඉඩම් පැහැර ගැනීමේ ගැටයක් ගැනය. මේ කියන කර්මාන්ත කලාප හා රනිල් තමන්ගේ යෝජනාවක් වගේ කියන රත්නපුර හා මහනුවර අධිවේගී මාර්ග ඉදිකිරීම ඒ මහින්දගේ සැලැස්මේ කොටස්ය.

මේ ආකාරයට බලන විට හුදු මහින්ද විරෝධය වෙනුවට ප‍්‍රතිපත්ති ගැන සාකච්ඡුාවක් ඉදිරියට ගෙනෙන්නේ යැයි කියමින් එජාපය යළි කරන්නේ මහින්දටම ඇලීමය. මහින්දගේ දේශපාලනයේ ප‍්‍රධාන පදනම් දෙක වූයේ ඊනියා සංවර්ධනයක් පිළිබඳ මිථ්‍යාව හා ජාතිකවාදයයි. රනිල් දැන් සංවර්ධන මිථ්‍යාව පිළිබඳ මහින්දගේ දේශපාලනය ශක්තිමත් කරමින් සිටින අතර ජාතිකවාදයේ ක්ෂේත‍්‍රය අල්ලා ගැනීමට චම්පික රණවක භාවිත කරමින් සිටී. එජාපය කරන ප‍්‍රචාරක කටයුතුවලින්ද ශක්තිමත් වන්නේ මහින්දගේ සංවර්ධන මිථ්‍යාවේ හා ජාතිකවාදයේ දේශපාලනයයි. සමාජය තුළ දෘෂ්ටිවාදීව තහවුරු වන්නේ නවලිබරල් ධනවාදයේ හා පසුගාමීත්වයේ මුහුවක් වන ඒ විනාශකාරී දේශපාලනයයි. සමාජයට අවස්ථාව ලබාදී තිබෙන්නේ වෙනත් දේශපාලනයක් විකල්ප ලෙස තෝරා ගැනීමට නොව මහින්දගේ දේශපාලනයම ඉදිරියට ගෙන යන්නේ රනිල්ද මහින්දද යන තෝරා ගැනීම පමණි.

  • ජවිපෙ ධනපතියාට ඇඳීම

මහින්ද පරාජය කිරීම ගැන වැඩිපුර හයියෙන් කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණද ශක්තිමත් කරමින් ඉන්නේ මහින්දගේ දේශපාලනයයි. මේ සඳහා හොඳම උදාහරණ ජනතා විමුක්ති පෙරමුණ පසුගිය

සතියේ රැුස්වීම්වල කියූ කතාවලින් සහ ඔවුනගේ ප‍්‍රචාරක ව්‍යාපාරයෙන් ගත හැක. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ ප‍්‍රධාන අංගයක් වූයේ ජාතික හා ආගමික හැඟීම් දේශපාලනය සඳහා භාවිත කිරීමයි. සෑම පෝය දිනකම අරලියගහ මන්දිරයේ ධර්ම දේශනාවක් සංවිධානය කර මහින්ද බණ අසන ආකාරය රූපවාහිනියෙන් සජීවීව විකාශය කිරීමේ සිට රැුස්වීම්වලදී ‘අපේ හාමුදුරුවනේ’ කියමින් වරින් වර භික්ෂුන් වහන්සේ දෙසට හැරීම දක්වා විවිධ අංග එයට එකතු විය. පන්සල් ගානේ යාම, මල් වට්ටි ඔසවාගෙන ඡුායාරූප ගැනීම එහි අනිවාර්ය අංග විය. දේශපාලනයේදී මහින්ද පදනම් වූයේ විරුද්ධවාදීන්ට එල්.ටී.ටී.ඊ. ලේබල් අලවමින් රට මහා අනතුරක තිබෙන බව ඒත්තු ගැන්වීමය. පරාජයෙන් පසු යළි දේශපාලනයට ඒමටද මහින්ද තෝරා ගත්තේ බෝධි පූජා පැවැත්වීමයි. දැන් ඔහු ප‍්‍රචාරක වැඩ කරන්නේ තමන්ට එල්.ටී.ටී.ඊ.යෙන් මරණ තර්ජන ඇති බව කියමිනි. මේ සියල්ලේ හරය සමාජය තුළ ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් උත්සන්න කර එයින් දේශපාලන වාසි ලබාගැනීමයි.

දැන් ජනතා විමුක්ති පෙරමුණ කරන්නේද ඊට වෙනස් දෙයක් නොවේ. ඔවුන් මහින්දව අනුකරණය කරමින් මහින්ද පරදවන්නැයි කියයි. පසුගිය සතියේ පැවැති රැුස්වීමකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබුණේ මහින්ද එල්.ටී.ටී.ඊ.යට මුදල් ලබාදී එය ශක්තිමත් කළ නිසා එය පරාජය කළ යුතු බවයි. ඒ අනුව ජවිපෙද මහින්ද විරෝධී දේශපාලනය කරන්නට යන්නේ එල්.ටී.ටී.ඊ. විරෝධී පදනම මතය. මෙහි ඇති විරුද්ධාභාසය වන්නේ මහින්ද දේශපාලනය කරන්නේද එම මනෝභාවයන් මතම වීමයි. ජවිපෙට ඡුන්ද ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් ඇතැම් විට මෙය සාර්ථක ක‍්‍රමයක් විය හැක. එහෙත් ලංකාවේ ජාතික ප‍්‍රශ්නයේ ස්වභාවය, ජාතික පීඩනය, එල්.ටී.ටී.ඊ.ය වැනි සංවිධානයක් බිහිවීම සඳහා බලපෑ හේතු ආදිය පිිළිබඳ ගැඹුරු සාකච්ඡුාවකින් තොරව මෙවැනි සරල එල්.ටී.ටී.ඊ. විරෝධයක් සමාජගත කරලීම කිසිසේත්ම සමාජයට වාසි ගෙන දෙන්නේ නැත. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේද ජවිපෙ මහින්ද අනුකරණය කරන අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විජිත හේරත් හා බිමල් රත්නායක මල් වට්ටි අරගෙන පළමුව ගියේ කැලණි රජමහා විහාරයටය. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අපේක්ෂකයන් නාමයෝජනා දීමෙන් පසු පිරිත් සජ්ජායනය කරවා ගෙන සෙත් පතා ගෙන පිරිත් නූල් බඳින ආකාරය පිළිබඳ ඡුායාරූප ප‍්‍රචාරක කටයුතුවලට භාවිත කරමින් සිටී. මහින්දට එරෙහි යැයි කීවාට මේ ශක්තිමත් කරන්නේ සිංහල ජාතික හැඟීම් හා බෞද්ධ ආගමික හැඟීම් අපහරණය කරන මහින්දගේ දේශපාලනයය.

ඒ නිසා මෙවර මැතිවරණයේදී දෙතුන් පැත්තක් ලෙස මතු පිටින් පෙනී ගියද සන්ධානය, එජාපය හා ජවිපෙ පෙනී සිටින්නේ එකම දේශපාලනයක් වෙනුවෙනි. පිටුවේ ඉඩකඩ මද නිසා පැහැදිලි කළ නොහැකි වුවත් දෙමළ ජාතික සන්ධානය කරන්නේද එයමය. ඒ නිසා පැති ගොඩක් නැත. ඇත්තේ දෙපැත්තක් පමණි. එකක් නවලිබරල් ධනවාදය හා සකලවිධ පසුගාමී අගතීන් මුසු කර ගත් දේශපාලන මාවතයි. එය හැරෙන්නේ දකුණටය. අනෙක එයට ප‍්‍රතිපක්ෂ දිශාවට, වමට හැරෙන ඒ අගතියට එරෙහි විකල්ප මාවතයි. පළමු පාර හොඳින් කාපට් අතුරා ඇති, වේගයෙන් යා හැකි, මාර්ග බාධක නැති අධිවේගී මාවතකි. එහෙත් එය යන්නේ නරකාදිය වෙතය. අනෙක් පාර දුෂ්කරය. වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ග හරහා යා යුතුය. එහෙත් එය යන්නේ ක්ෂේම භූමියක් වෙතය. අගෝස්තු 17 වැනිදා මේ පාරවල් දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව අපට තිබේ. අපේ තෝරා ගැනීම අපේ ජීවිතවලත් අපේ අනාගත පරම්පරාවලත් මිහිතලයේත් ඉරණම තීරණය කරනු ඇත.