විකිණෙන කී‍්‍රඩාව තුළ විකුණන නිරුවත

larryfitzgeraldලෝක ප‍්‍රකට කී‍්‍රඩා ක්ෂේත‍්‍ර හා සම්බන්ධ මාධ්‍ය සමාගමක් වනESPN සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරනESPN සඟරාවේ Body Issue නමැති ශීර්ෂය යටතේ එහි කවරය සැරසීමට මෙවර තෝරා ගැනුණේ කී‍්‍රඩා තරු කිහිප දෙනකුගේ නිරුවත් ඡුායාරූප පෙළකි. ඔලිම්පික් පදක්කම් ලාභීන් වන සත්ප‍්‍රයාම ශූරී චාන්ටේ මැක්මිලන්, මිටිය විසිකිරීමේ ශූරී ඇමෙන්ඩා බින්ගිසන්, පිහිනුම් ශූරී නටාලි කොෆ්ලින්, MLB, NBA, NLF යන කී‍්‍රඩාවල සුපිරි තරු ලෙස සැලකෙන බ‍්‍රයිස් හාපර්, කෙවින් ලව් සහ ඔඩෙල් බෙකම් මෙලෙස තම නිරුවත් ඡුායාරූපවලින් මෙහි කවරයේ පෙනී සිටිනු ලැබීය.

මෙලෙස තම නිරුවත ප‍්‍රදර්ශනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතමෙක් පැවසුවේ කී‍්‍රඩාව තුළ ලෝක මට්ටමේ ජයග‍්‍රහණ ලැබීමට නම් මහත් කැපවීමක් කළ යුතු බවත් තම සිරුරේ සෑම පේශියක් තුළින්ම එම කැපවීම පිළිඹිබු වන බවත් එය ලොවට පෙන්වීම වරදක් නොවන බවත්ය. මෙම ඡුායාරූප පළ වීමත් සමඟ ලොව පුරා ඒ පිළිබඳව කතා බහක් ඇති වී ඇති අතර එහිදී ඇතැම් විචාරකයන් මෙලෙස නිරුවත් ඡුායාරූපවලට පෙනී සිටීම එඩිතර තීරණයක් බව පවසයි. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉදිරිපත් වන දරුණුම විවේචනය වන්නේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නිරුවත පෙන්වීම හරහා ලිංගික ආකර්ෂණය විකිණීම හැර මෙහි අන් යමක් නොමැති බවයි. මෙම මතය ඉදිරිපත් කරන හිටපු කී‍්‍රඩිකාවක් ප‍්‍රශ්න කරන්නේ විවිධ කී‍්‍රඩාවලට අනුව විවිධ ශාරීරික සැකසුම් අවශ්‍ය වන බවත් එතරම් හැඩිදැඩි ශරීර සැකැස්මක් අවශ්‍ය නැති දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වන මැරතන් වැනි ඉසව්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නිරුවත් ඡුායාරූප නොගන්නේ ඇයිද යන්නයි. ස්තී‍්‍රවාදී සංවිධානද මෙය තදින්ම හෙළා දකියි.

කී‍්‍රඩාව විනෝද මාධ්‍යයක සිට වෙළෙඳපොළ මාධ්‍යයන් වී ඇති වත්මන් ධනවාදී සමාජය තුළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලිංගික භාණ්ඩ ලෙස අලෙවි කිරීම සිදු වන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරදESPN සඟරාවම මේ දෙය කර තිබුණි. සුපිරි ටෙනිස් කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්ද පසුගිය කාලයේ මෙම මාතෘකාව තුළ කතා කළ චරිතයකි. එසේම එංගලන්ත කි‍්‍රකට් නායක ඇලෙස්ටෙයාර් කුක් වසර කිහිපයකට පෙර ලෝඞ්ස් කී‍්‍රඩාංගණය මැද නිරුවත් තරුණියන් දෙදෙනකු සමඟ ඡුායාරූපයකට පෙනී සිටීම යුරෝපය තුළ සාම්ප‍්‍රදායික රටක් වන එංගලන්තයේ මහත් ආන්දෝලනයක් ඇති කරන ලදී. මෑත කාලයේ විශේෂයෙන්ම කී‍්‍රඩිකාවන් සහභාගී වන කාන්තා අමෙරිකන් ෆුට්බෝල්, රෙස්ලින් වැනි තරග කාමුක හැඟීම් උද්දීපනය සඳහාම කෙරෙන කී‍්‍රඩා බවට පත්ව ඇත.

384810936තමන් කෙලින්ම නිරුවත පෙන්වීම වෙනුවට කලාත්මක ආකාරයට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ කී‍්‍රඩා ඉරියව් නිරූපනය කරන අයුරින් මෙම ඡුායාරූප ගෙන ඇති බවESPN සඟරාව පැවසිය හැක. එහෙත් මෙහිදී ගැටලූව වන්නේ නිරුවත යොදා ගන්නේ කලාත්මකවද නැතිනම් අමුවෙන්ද යන්න නොවේ. නිරුවත යොදාගෙන ලිංගික භාණ්ඩ බවට මෙම ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් පත්කර ධන කුවේරයන්ගේ සමාගම් විසිින් කරන ලාබ ගැරීමයි.

සොහාන් ප්‍රනාන්දු