නරක ගොඩක් තුළ වුවත් විශ්වාසය තියාගන්න පුළුවන් පැති තියෙනවා. – සංගීතවේදී ගයාන් ගනකධාර

IMG_5429නව පරපුරේ සංගීතඥයෙක් ලෙස ඔහු හඳුන්වාදිය හැකියි. ඊටත් වඩා ඔහු නව දැනුම හා ආකල්ප සහිත සංගීත ආචාර්යවරයෙක්. ‘විමුක්ති ගී’ ප‍්‍රසංගය නැවත ඉදිරිපත් කිරීමේදී සුවිශේෂී දායකත්වයක් දැක්වූ ඔහුගේ කලාව පීඩිත මිනිසුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමේ අරමුණු සම`ග බැඳී තිබෙනවා. සංගීතය විෂයක් ලෙසත් වින්දනීය කලාවක් ලෙසත් ඉදිරියට ගෙනයාම ගැන අප ඔහු සම`ග කළ සංවාදයක් ඇසුරින් මේ සටහන පළ කරමු.

  • සංගීතය පැත්තට ගමන් කරන්න ඔබේ ජීවිතේ පසුබිම සකස් වුණේ කොහොමද?

සංගීතයට මම මුලින්ම යොමුවෙන්නෙ හාරිස්පත්තුවෙ අපේ ගෙදරදි, අපේ අයියගෙන්. ඒ කාලෙ අසූ ගණන්වල ඒ පළාතටම ගිටාර් එකක් තිබුණෙ අපේ අයියට. අයිය හිටියා විමුක්ති ගී කණ්ඩායමේ. ගෙදර නිතරම තිබුණෙ විමුක්ති ගී, කැසට් වගේ දේවල්. මං මුලින්ම වාදනය කළෙත් ‘කම්හලෙන් අර නැෙ`ගන්නේ දුම් කඳක් නොවේ’ කියන ගීතය. මට බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි විමුක්ති ගී කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඕනෙ කියල. එහෙම ඉන්නකොට 89දි මං තේරුණා සෞන්දර්ය විශ්වවිiාලයට. දැන් මම වෘත්තියෙන් සංගීත ගුරුවරයෙක්.

  • බටහිර රටවලදි නේද සංගීතය තාක්ෂණික පැත්තෙන්, විෂය පැත්තෙන් දියුණු වෙලා තියෙන්නෙ?

ඔව්. ඒකට හේතුව තමයි සංගීතයෙ තියෙනවා පැති දෙකක්. එකක් තමයි ස්වර. ස්වර පිළිබඳව හොයාගෙන ඒක පල්ලියෙ අවශ්‍යතාව මත තමයි ගොඩනැෙ`ගන්නෙ බටහිර ලෝකයෙ. සංගීත භාණ්ඩ හොයාගෙන ඒ අය සියලූම දේ කරන්නෙ ආගම උදෙසා. ලංකාවේ අතීතය තුළ විශේෂයෙන් ඒ ස්වර ඥානය ආවෙ නෑ, තාල වාi පැත්ත තමයි දියුණු වුණේ. පන්සලේ පිරිත්වල තිබුණෙ එක්තරා ආකාරයකට භාවනාමය ස්වාභාවයක්. ඒ පිරිත්වල ස්වරයෙන් ඉහළට ගායනා කළේම නෑ. ඒ නිසා ස්වර වාi භාණ්ඩයක අවශ්‍යතාවක් තිබුණෙම නෑ පන්සලට. නමුත් අර අසංවිධිත භාණ්ඩයක් තියෙනවා හොරණෑව. හැබැයි හොරණෑවෙන් ගහන්න පුළුවන් ස්වර දෙක තුනයිනෙ.

බටහිර පල්ලියෙ ආභාසය සංගීතයට කලාවට ආශිර්වාදයක් වෙලා තියෙනවා හැම අවස්ථාවකම. පන්සලේදී අපි හාමුදුරුවො කියන එකම පුනරුච්චාරණය කරනවා. කෝවිල්වල, ඉස්ලාම් පල්ලිවලත් මේ සාමූහික ගායනාවන් දකින්න පුළුවන්. දැන් අපේ රටේ ගායකයො, නළු නිළියො වැඩි දෙනෙක්ගෙ පසුබිම වෙන්නෙ කතෝලිකයන් වීමයි. සම්භාව්‍ය සංගීතය ලෙස ගන්නා විශිෂ්ටතම සංගීත ක‍්‍රමවල ආරම්භය දේව ඇදහිල්ල. අද ලෝකයේ සියලූම තාක්ෂණික උපකරණ ගත්තම ඒව නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ අවශ්‍යතාවන් පදනම් කරගෙන.

  • දැන් අපේ සංගීත අධ්‍යාපනයෙදි පෙරදිග බටහිර කියල කියන බෙදීම හැදෙන්නෙ කොහොමද?

දැන් ඉස්කෝලවල උගන්නන විදිහත් එක්ක පෙරදිග සංගීතය වෙන්නෙ මේ ආසියාතික රටවල තියෙන සංගීත ක‍්‍රම. අපරදිග රටවලත් මොන තරම් වෙනස්කම් තිබුණත් ඒක එක පැත්තකට දානව බටහිර සංගීතය කියල. බටහිර සංගීතයේ ස්වර ප‍්‍රස්තාර ක‍්‍රමය හරිම විiාත්මකයි. ඒ අය පර්යේෂණ කරලා ගණිතය, විiාව ආදි හැම දෙයක්ම සම්බන්ධ වෙලා තමයි ඒ ප‍්‍රස්තාර ක‍්‍රමය හැදිල තියෙන්නෙ. ලංකාවෙ එහෙම දියුණු සංගීතයක් ගොඩනැෙ`ගන්නෙ නෑ. ඉන්දියාවෙ සංගීතය තමයි අපි ළ`ග තියෙන්නෙ. ඒ හින්දුස්ථානී සංගීතයෙ තියෙන සරල ස්වර ප‍්‍රස්තාර ක‍්‍රමය තමයි අපි අනුගමනය කරන්නෙ.

ඊළ`ගට ගායනා විදිහට ගත්තොත්, පෙරදිග සංගීතයේ අපි ගායනා කරන්නෙ ස්වර රටාවක් පදනම් කරගෙන. තනුවකට විතරයි ගායනය කරන්නෙ. බටහිරදි තනුව එක්ක තව හ`ඩ කිහිපයක් එකවර ඉදිරිපත් කරනවා.

  • එහෙම නම් අපේ සංගීත අධ්‍යාපනයේ ගැටලූවක් තියෙනව නේද?

මේ හැම දෙයක්ම කල් ඉකුත් වෙලා. විෂය නිර්දේශ සෑදීමේදී හින්දුස්ථානී රාගධාරී සංගීතයම උගන්නන්න කියල ලයනල් එදිරිසිංහ මහත්තයා, ඩබ්ලිව්.ඞී මකුලොළුව මහත්තයල තමයි නිර්දේශ කරන්නෙ. ඒකට ඔවුන්ගෙ කාලෙ යම් අවශ්‍යතාවක් තිබුණා. අදත් විෂය නිර්දේශ හදද්දි ඒක හදන කිහිපදෙනා ඉහළ සිට පහළට තමයි ගලාගෙන එන්නෙ. එහෙම නැතුව පොළවෙ අවශ්‍යතා අනුව විෂය නිර්දේශ සකස් කිරීමක් සිදුවෙන්නෙ නෑ.

මකුලොළුව, සී ද එස් කුලතිලක වැනි අයට සංගීත විෂයෙදි ප‍්‍රායෝගිකව මුහුණ දෙන්න සිදුවුණ ගැටලූත් එක්ක තමයි ඒ අය පරීක්ෂණ කරන්න ගන්නෙ. ඒ වෙනකොටත් මේ අයට අධ්‍යාපනය තුළ බෙදාගන්න බැරිවුණා අපේ දේ මොනවද? පිටස්තර දේ මොනවද? කියල. හොඳම උදාහරණය තමයි මෑතකදි හෙළිවුණ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය. ඒකෙ පදනම බටහිර ආගමේ එන එකක්. ඒ හ`ඩ මාලාව යොදාගෙන තමයි ‘සිරිසඟ බෝ’ නූර්තියෙ ගීත හැදෙන්නෙ. මකුලොළුව මහත්තයා ඇතුළු පිරිස රට පුරා ගිහින් විවිධ සංගීත සම්ප‍්‍රදායන් පරීක්ෂා කරලා ‘හෙළ ගී ම`ග’ කියල ග‍්‍රන්ථයක් එළි දැක්වූවා. දැන් කාලෙ විශ්වවිiාල හරහා මෙවැනි පරීක්ෂණ වෙනවා ඇති, ඒත් ගුරුවරු හැටියට අපි ඒවා දන්නේ නැහැ. පර්යේෂණ කෙරුණත් සමාජයට එන්නෙ නෑ.

  • දැන් සංගීතය කියල තියෙන්නෙ ගීත කලාව. ඒකත් නාළිකාවලට සින්න වෙලා තියෙන එක ගැන මොකද හිතන්නෙ?

සිංදු නැත්නම් ඔය නාළිකා නෑනෙ. අතීතයෙ එක්තරා ප‍්‍රමිතියක් තිබුණා. ගුවන්විදුලි සංස්ථාව ඒකට ප‍්‍රමිතිය හැදුවා. මමත් ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණය අසමත් වුණා. ඉන්පස්සෙ මං කල්පනා කළා මීට වඩා යමක් කරන්න ඉගෙන ගන්න, මහන්සි වෙන්න ඕන කියලා. අද වෙළෙඳ ආයතන මිනිසුන්ව සූරාකෑමේ මාධ්‍යයක් බවට ගීතයත් පත්කරගෙන. ඉස්සර අපි ගීත අහන්න ගුවන්විදුලි යන්ත‍්‍රයක් තියෙන ගෙවල් හොයාගෙන ගියා. අද තාක්ෂණය දියුණු වෙලා. ඒත් ගීතය සමඟ අපේ තිබුණු බැඳීම තියෙනවද කියන ප‍්‍රශ්නයක් තියෙනවා.

  • සුපිරි තරු වැඩසටහන්වල පැරණි ගායකයන්ගෙ ගීත නැවත ගායනා කෙරෙනවා. අහන්න දකින්න නොලැබෙන්න නියමිතව තිබූ ගීත මේ නිසා යළි අහන්න දකින්න ලැබෙනවා නේද?

නරක ගොඩක් තුළ අපිට විශ්වාසය තියාගන්න පුළුවන් පැතිත් තියෙනවා. මෑතකදී සනත් නන්දසිරි මහත්තයගෙ අප‍්‍රකට ගීතයක් කවුරු හරි ඔය ජනප‍්‍රිය වැඩසටහනකදි ගායනා කරල තියෙනවා. සනත් නන්දසිරි මහත්තය සංගීත ප‍්‍රසංගයකදි කිව්වා ඒ තරුණයා මේ ගීතය ජනපි‍්‍රය කරලා දුන්නා කියල. හැබැයි මෙහෙම දේවල් වෙන්නෙ හරිම ස්වල්ප වශයෙන්.

  • සංගීතය විෂයට අදාළ මේ පරිහානික තත්වයන්ගෙන් ගැලවෙන්න ලැබෙන්නෙත් මේ අධ්‍යාපනය සහ ඊට අදාළ ප‍්‍රතිපත්තිය ඒ කියන්නෙ දේශපාලන තීන්දු තීරණ අනුව නේද?

දැන් අපි අන්තර් පාඨශාලා සංගීත තරගවලට ගියාම ඈත දුෂ්කර පාසල්වල දරුවන්ට හැකියාවන් තියෙනවා. ඉදිරියට එන්න ඉඩ අඩුයි. හිමිවෙන අවස්ථා සහ පහසුකම් නෑ. ඔවුන්ට වඩා කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද වගේ පාසල්වල දරුවන් දක්ෂතා අනුව ඉතාම ඉහළයි. මෙතනදි ප‍්‍රාග්ධනය බලපානවනෙ. අනිවාර්යෙන්ම අන්න ඒ විෂමතාව වෙනස් වෙන්න ඕනෙ. ඒ වගේම එම තරගවලින් තෝරගන්න දක්ෂයන් ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ සංගීත ගුරුවරුන්ගෙ සීමාවන් පුළුල් වෙන්න ඕන.

මම හිතන්නෙ ගුරුවරු හැටියට අපේ හැමදෙනාගෙම දැනුම පුළුල් කරන යාවත්කාලීන කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැන් ළමයි සිය දහස් ගණනක් ඉගෙන ගන්න එන්නෙ පාසලක ගුරුවරු ළඟට. ඒ අයගෙ දැනුම, අත්දැකීම්, ශිල්පීය ක‍්‍රම අලූත් කළ යුතු නැද්ද? පුහුණු සැසි කියන ඒවා ප‍්‍රමාණවත් නෑ. සමහරවිට මාසයක්වත් පුහුණු සැසි කරලා නව දැනුම, ශිල්ප ක‍්‍රම යාවත්කාලීන කරන්න වේවි. ගුරුවරුන් පුහුණු කිරීමේ සහ ඔවුන්ගේ පීඩනයන් කියවා ගැනීමකුත් අවශ්‍ය වෙනවා

  • ඔබේ සංගීත දිවියේ වැඩකටයුතු ගැන ටිකක් කතා කළොත්?

විවිධ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. විමුක්ති ගීවලින් පස්සෙ මට තවමත් තෘප්තිමත් අත්දැකීමක් තියෙන්නෙ ප‍්‍රසන්න ජයකොඩිගෙ ‘සඳ අමාවකයි’ ටෙලිනාට්‍ය වෙනුවෙන් කරපු සංගීත නිර්මාණය ගැන. චිත‍්‍රපටයක සංගීතය කළේ පළවෙනියෙන්ම ‘ස්තූතියි නැවත එන්න’ චිත‍්‍රපටියේ. නැවත එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. මෑතකදි සංගීතය නිර්මාණය කළ ‘මීදුම් අම්මා’ ස්වර්වාහිනියෙ යන ටෙලි නාට්‍යය සහ ජාතික රූපවාහිනියෙ ‘සඳ විනිවිද’ කියල පි‍්‍රයන්ත ප‍්‍රනාන්දුගෙ ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ඒ වගේම දැන් මම ගීත ටිකක් තෝරාගෙන තියෙන්නෙ. ඒවා සීඞී තැටියක් ලෙස ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

  • බාල කලෙදි සංගීත ජීවිතයට ඔබට ආභාසය ලැබෙන්නෙ විමුක්ති ගීවලින්. ඉන්පස්සෙ කාලයක ඇත්තටම විමුක්ති ගී කණ්ඩායම වෙනුවෙන් ඔබට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා නේද?

මම සංගීත ගුරුවරයකු හැටියට වැඩ කරද්දි සේනාරත්න අයිය ආව මාව හොයාගෙන ඇවිත් කිව්ව සම්බන්ධ වෙලා වැඬේ කරමු කියලා. මට කලින් ගොඩක් අයට කියල තියෙනවා. ඒ දවස් වල රතුපාට දැක්කමත් මිනිස්සු බයයි. මගේ කැමැත්ත හින්දා වැඬේ භාරගත්තා. ඊට පස්සෙ පුරුදු වෙන්න ගත්තා එක එක තැන්වල. මට මතකයි බුලේගොඩ සහෝදරයගෙ ගෙදර අපි පුහුණුවීම් කරද්දි නන්දන ගුණතිලක, ටිල්වින් සිල්වා වගේ අයත් හිටියා. අපි පුරුදු වෙද්දි ඒ අය කෑම උයනවා. සිංදු කියන්න හිටියෙත් ඒ දවස්වල යුද්ධෙට සහභාගි වෙච්ච අය. කැළෑවල ඉඳල අත පය කැඩිලා. සමහරු පවුල් පිටිනුත් ඇවිල්ලා හිටියා එක එක පළාත්වලින්. සමහරුන්ට සිංදු කියන්න බෑ. බැරි වුණත් කියනවා. කොහොම කොහොම හරි අපි පුරුදු වෙලා ප‍්‍රසංගය එල්ෆින්ස්ටන් එකේ පටන් ගත්තෙ. ඒ වෙනකොටත් මර්දනීය තත්වයක තිබුණෙ.

අපි මේ ප‍්‍රසංගය අරන් රට වටේම ගියා. ඒ ගිය හැමතැනකම පුදුම උණුසුමක් තිබුණා. ගිය හැම තැනම මිනිස්සු අපිට පුදුම විදිහට ආදරේ කළා. ඒත් කන්නත් නෑ. බඩගින්නෙ දුක් වින්දා. මට මතකයි ඊට පස්සෙ ඉල්මහ විරු සමරුව, මැයි දිනය මේ හැම තැනකදිම පුදුම බැඳීමක් තිබුණෙ අපේ. එක පවුලක් වගේ. ඒ තත්වය ටික ටික වෙනස් වුණා. ඒක මට දැණුනා. මං දවසක් ටිල්වින් සහෝදරයගෙන් ඇහුව ඇයි මෙච්චර දේවල් දැනි දැනී මේව වෙන්න ඉඩ ඇරියෙ කියල. එයා උත්තර දුන්නෙ නෑ. දැන් ඔය තත්වය තුළ මං හිතන්නෙ මේ ජනතා විමුක්ති පෙරමුණේ අන්තිම කාලසීමාව තමයි ගෙවෙමින් තියෙන්නෙ.

සංවාද සටහන් – චන්දන සිරිමල්වත්ත/ රිවිහාර පින්නදූව