විකල්ප වාම මහජන ව්‍යාපාරයක් වෙනුවෙන් වමේ බලයක් ඕනෑ! – සේනාධීර ගුණතිලක

senadheera-gunatilakeමෙවර මහ මැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළමුවරට තනිව තරග කරනවා. ජනමාධ්‍ය ඔස්සේ දක්ෂිණාංශික දේශපාලන ධාරානිපාතයක් මැද ඔවුන්ගේ හ`ඩ ජනතාවට ඇසෙන්නට ඉඩ ඇත්තේ මඳ වශයෙන්. එහෙත් ‘එදා පවුල් – මෙදා හවුල් – රටම අවුල්, සැබෑ වෙනසක්, වමේ බලයක්’ යන තේමාවෙන් වාම දේශපාලන සාකච්ඡුාවක් ඉදිරියට ගෙන තිබෙනවා. මෙවර අපගේ සංවාදය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් සේනාධීර ගුණතිලක සමග.

  •   ඇයි ඔබ ජනතාවට කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජන්දය දෙන්න කියලා?

පැහැදිලිවම මේ වෙද්දි ටී.එන්.ඒ. එක, ජනතා විමුක්ති පෙරමුණ වගේම එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙනවා. එක පැත්තකින් ඒක හොඳයි. ඒ ගොල්ලො ඉදිරි ආණ්ඩු බලයක් ගත්තට පස්සෙ කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියනවා. ඉතින් පළවෙනි කාරණය තමයි මේ දහරාවේ ඉල්ලන මේ සියලූම ව්‍යාපාර දක්ෂිණාංශික සුළු ධනේශ්වර ව්‍යාපාර සියල්ලක්ම මෙතෙක් පැවතිච්ච සම්ප‍්‍රදායට අරුමෝසම් ආර්ථිකයට පණ දෙන්නයි මේ අය ජනතාවගෙන් ජන්දය ඉල්ලන්නෙ.

අපි හිතනවා මේ වෙලාවේ වාමාංශික ව්‍යාපාරයක් විශේෂයෙන් මහජන ව්‍යාපාරයකට නැවත පණ දෙන වාමාංශික ව්‍යාපාරයක් අපේ රටේ ගොඩන`ගන්න ඕන. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට මෙවර මහ මැතිවරණයට අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කාරණය මුල් කරගෙන. දැනට මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න දක්ෂිණාංශික සුළු ධනේශ්වර ව්‍යාපාරවලට විකල්ප වාම මහජන ව්‍යාපාරයක් විදිහට ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් ජනතාවගේ උවමනාවන් අරමුණු වෙනුවෙන් වැඩකරන ව්‍යාපාරයක් විදිහට තමයි අපි මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

  • එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්දය ඉල්ලන්නෙ ජාතිවාදය අවුළුවමින්. හවුල් ආණ්ඩුව කියනවා වංචා දූෂණ නැතිකරන්න ජන්දය දෙන්න කියලා. මැතිවරණ වේදිකාවේ මෙවැනි කතා එක්ක ජනතාව සාම්ප‍්‍රදායික ක‍්‍රමයටම බෙදිලා යද්දි කොහොමද ජනතාව ඔබ සම`ග එකතු වෙන ඉඩක් හැදෙන්නෙ?

අපේ රටේ ජනතාව පහුගිය අවුරුදු 67ක්ම ඔය තත්වයට වරින්වර මුහුණ දුන්නා. එක පැත්තකින් වාමාංශික ව්‍යාපාරයක දේශපාලන අවශ්‍යතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නෙත් ඔන්න ඔය කාරණයත් මුල් කරගෙන. දැන් ඇත්තටම පළවෙනි කාර්යභාරයක් වෙලා තියෙනවා පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව තමන් කළ යුත්තේ කුමක්ද කියන සාකච්ජාව මතුකරගන්න. අපි හිතනවා දැන් අලූත් ජනතාවක් පත්කරගන්න අවශ්‍ය වෙලා තියනවා කියලා.

එතකොට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන ආණ්ඩුවක් කියන පැත්තට කලින් අපි අලූත් ජනතාවක් බවට පත්වෙන්න ඕන, අලූතෙන් හිතන්න පටන් ගන්න ඕන. අපි කොහොමද අපේ ඉරණම වෙනස් කරගන්නෙ කියන සාකච්ජාව ගන්න පුළුවන් නම් අපි හිතනවා අපිට පැවරිලා තියෙන කාර්යභාරය ඒක කියලා. ඒක පහසු කටයුත්තක් නෙවෙයි. දවස ගානේ මාධ්‍ය ගත්තත් විවිධ දේශපාලන ව්‍යාපාර ගත්තත් අපේ රටේ සාම්ප‍්‍රදායිකව වරදාන එහෙම නැත්නම් අල්ලස්වල රටේ සමස්ත ක‍්‍රියාවලියේ ගොදුරක් බවට ඔවුනුත් පත්වෙලා තියෙනවා.

අපි පුළුවන් තරම් උත්සාහ කරනවා විවිධ ක‍්‍රමවේද, විවිධ සන්නිවේදන ක‍්‍රම ම`ගින් ජනතාව දැනුවත් කරන්න. විශේෂයෙන් මැතිවරණයක් කියන්නේ ජනතාව මේ රැුවටිල්ලට වැඩියෙන් ගොදුරු වන අවස්ථාවක්. හැබැයි ඒක නැවත හෙළිදරව් කරන අවස්ථාවක් කරගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා.

  • දැන් මැතිවරණ ව්‍යාපාරයේදි දේශපාලන පක්ෂවලින් කියනවා උගතුන් බුද්ධිමතුන් ඉදිරිපත් කරනවා කියලා. මහජන නියෝජිතයන් පත්කරගැනීමෙදි පුද්ගල ප‍්‍රතිරූප ගැන වැඩියෙන් සාකච්ජා වෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේකෙන් වෙනස් වෙන්නෙ කොහොමද ?

පැහැදිලිවම මේ තත්වයේ වර්ධනයක් මතුවෙන්නේ 1977න් පස්සෙ. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා තමන්ගේ බල කඳවුර තහවුරු කරගත්ත වගේම විවෘත ආර්ථිකයත් එක්ක නව දේශපාලන සංස්කෘතියකුත් අරගෙන ආවා. විශේෂයෙන් පාතාලයේ කුඩු සංස්කෘතිය මැර දේශපාලනය මේවත් එක්ක තමයි ජේ.ආර් ජයවර්ධන මුල් වෙච්ච 77න් පස්සේ ගලාගෙන ගිය දේශපාලන දහරාව ඉස්සරහට ආවේ. ඒකෙ වඩාත් ගුණාත්මක තත්වයක් තමයි අපි දැක්කෙ මහින්ද රාජපක්ෂ පාලන වකවානුව. එහෙම තැනකට සමාජයක්් තල්ලූ වුණාට පස්සෙ ඒක පෙරළා ප‍්‍රශ්න කරන්න ගත්තා.

ඉන් පස්සේ තමන් ලංකාවෙ එකම වාමාංශික ව්‍යාපාරය කියාගන්න ජනතා විමුක්ති පෙරමුණයි තවත් සුළු ධනේශ්වර ව්‍යාපාරයි සිවිල් සමාජ මත දක්වන අය සියලූ දෙනාමයි එකතු වෙලා නැවත මේ තත්වය පිළිසකර කරන්න සටන් පාඨ ගොඩනැ`ගුවා. එහෙම ගොඩන`ගපු ප‍්‍රධාන සටන් පාඨයක් තමයි උගත් බුද්ධිමත් අවංක අය පාර්ලිමේන්තුවට යවන්න කියන එක. ඔවුන් ගෙනාවෙ තර්ක දෙකයි. එකක් තමයි උගත් බුද්ධිමත් අවංක පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්න කියන එක. අනිත් එක තමයි පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන එක. අපි හිතනවා මෙතනත් තියෙන්නේ මහ දැවැන්ත රැුවටිල්ලක්. මොකද ඔය වගේ විවිධ උගත්තු බුද්ධිමත්තු ප‍්‍රාඥයන් කියන අය අවුරුදු 67ක දේශපාලනය ඇතුලෙ හැම පාර්ලිමේන්තුවෙම හිටියා. ඩබල් ඩොක්ටර්ස්ලා හිටියා. එහෙම යුගයක් අපි පහුකරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ගොඩනැෙ`ගන පාර්ලිමේන්තුව කාගේ කැමැත්තද? අපි හැමදාම කියනවා වගේ පාලකයගේ කැමැත්ත. එහෙම ගොඩනැෙ`ගන පාර්ලිමේන්තුවකට කවුරු ගියත් පැහැදිලිවම පොදු ජනතාව වෙනුවෙන් පීඩිත ජනතාවගේ අරමුණු වෙනුවෙන් එක ජයග‍්‍රහණයක්වත් ගේන්න බෑ. එක සංශෝධනයක්, එක පනතක් ගේන්න බෑ.

  • නමුත් ඊට විකල්ප ලෙස පුළුල් අවකාශයක වාම දේශපාලනය ගොඩන`ගන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමත්වෙලා නෑ නේද ?

අපි පහුගිය රාජපක්ෂ මර්දනකාරීත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරපු බොහෝ අය ම`ග හැරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම කටුක මර්දනීය තත්වයන්ට මුහුණ දුන්න ව්‍යාපාරයක්. ලලිත් කුමාර්, කුගන් මුරුගානන්දන් සහෝදරවරු වගේම දිමුතු සහෝදරියත් කුමාර් ගුණරත්නම් සහෝදරයත් පැහැර ගැනීමට ලක්වුණා. ලලිත් සහෝදරයට කුගන් සහෝදරයට වෙච්ච දෙයක් තාමත් හෙළිදරව් වෙලා නෑ. පහුගිය කාලෙ තිබුණ පැහැදිලි මර්දනීය තත්වයන් යටතේ තමයි අපේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැෙ`ගන්න සිදුවුණේ. අදටත් අපේ යාපනේ දිස්ත‍්‍රික්කෙ මැතිවරණ ක‍්‍රියාවලියට ඉදිරිපත් වෙලා ඉන්න සහෝදරවරුන්ට ඊ.පී.ඞී.පී. සංවිධානයෙන් සහ වෙනත් සංවිධානවලින් පවා විවිධාකාරයෙන් බාධා කරනවා. රාජ්‍ය ඔත්තු සේවාවලින් ඇවිල්ල අහනවා ඇයි මෙහෙම දේශපාලන ව්‍යාපාරයක වැඩකරන්නේ කියලා. එහෙම තත්වයක් යටතේ තමයි අපිට ක‍්‍රියාත්මක වෙන්න බල කරලා තියෙන්නෙ. ඒ වගේම වාමාංශික කතාව තවදුරටත් විවිධාකාර වෙස්ගැන්වීම් හරහා ලංකාවේ සමාජය ඇතුළෙ දුර්වල කර තිබෙනවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වගේ ව්‍යාපාරයක් වාම අවකාශය වහගෙන ඉන්න තත්වයක් ඇතුළෙ තමයි නැවත සමාජවාදය ගැන විකල්ප දේශපාලන අදහසක් සමාජගත කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා ඉතාම දුෂ්කර තත්වයන් යටතේ නමුත් අපි ඉතාම විශ්වාසයෙන් අනාගතය තුළ රටේ විවිධ පීඩිත බලවේග එක්ක මේ දේශපාලන ක‍්‍රියාමාර්ග සාර්ථක කරගන්න පුළුවන් කියන ඉතාම දැඩි විශ්වාසයෙන් මේ ක‍්‍රියාවලියෙ යෙදිලා ඉන්නවා.

  • මහින්දගෙ මැතිවරණ වේදිකාවේ කියවුණා ටී.එන්.ඒ. එක ෆෙඩරල් එකක් ඉල්ලීම ගැන. මොකක්ද ඒ ගැන ඔබේ පක්ෂයේ ස්ථාවරය?

හොඳට කල්පනා කරලා බැලූවොත් පහුගිය අවුරුදු කිහිපය පුරාම මේ ෆෙඩරල් සාකච්ඡුාව අපි ඉස්සරහට ආවෙ නෑ. කොටින්ම පසුගිය ජනාධිපතිවරණෙවත් මේක ආවේ නෑ. මිනිස්සු හිතුවා යුද ගැටුම් අවසන් වෙලා තවදුරටත් රඳවගෙන ඉන්න ඉතා දීර්ඝ කාලයක් රැුඳවුම් හෝ හිරබත් කන උතුරේ තරුණයන් නිදහස් කිරීමේ සටන් පාඨයවත් අඩු ගානෙ ඉස්සරහට ගනී කියලා. අපි විශ්වාස කළා ඔය ෆෙඩරල් ඉල්ලීම ගැන සාකච්ඡුා කරන ටී.එන්.ඒ. එක හෝ වෙනත් සංවිධාන අඩුම ගානෙ ඒ අවශ්‍යතාව ඉදිරිපත් කරයි කියලා. දැන් ෆෙඩරල් සාකච්ඡුාව අරගෙන ඇවිල්ලා තියෙනවා. මේව පැහැදිලිවම බංකොළොත් ව්‍යාපාර. ධනේශ්වර දක්ෂිිණාංශික ව්‍යාපාර සියල්ලක්ම විශේෂයෙන් උතුරේත් දකුණේත් මහින්ද රාජපක්ෂලා විමල් වීරවංශලා ඒ වගේම ටී.එන්.ඒ. සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණත් මේ හැමෝම තොරොම්බල් කරන වාද කරන සාකච්ඡුාව තමයි ෆෙඩරල් සාකච්ඡුාව. ඒත් දැන් මේ ෆෙඩරල් සාකච්ඡුාව අරගෙන ඇවිල්ලා තියෙන්නෙ උතුරේ ජනතාවගේ පීඩාව හෝ ප‍්‍රශ්න සාකච්ඡුා කරන්න නෙමෙයි. ඒ නිසා ෆෙඩරල් ක‍්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි විනිශ්චයක් පවා කරගන්න බැරි විදිහට සාකච්ඡුාව බොඳ කරලා තියෙන්නෙ. අපි හිතනවා

පළවෙනි දේ තමයි උතුරේ පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයේදී පෙනී සිටීමක් නැතුව ඔවුන්ගේ දෛනික ගැටලූ, දරුවන්ගේ, අතුරුදන් වූවන්ගේ ප‍්‍රශ්න, පැහැරගැනීමට ලක්වෙච්ච අයගේ ප‍්‍රශ්න ඒ වගේම තාමත් හිරබත් කන තරුණයන්ගේ ප‍්‍රශ්න සාකච්ඡුා නොකර ජාතිවාදය අවුස්සන්න පුළුවන්. විශේෂයෙන් මේ මොහොතේ අපි ඉස්සරහ තියෙන උතුරේ පීඩිත ජනතාවගේ ප‍්‍රශ්නය පවා මේකෙන් ම`ග ඇරිලා යනවා. ඒ වෙනුවට ෆෙඩරල් සාකච්ඡුා ඉස්සරහට දාල කවුරු කවුරුත් ජන්ද ඩැහැගැනීමක යෙදිලා ඉන්නේ.

ඒක නිසා ෆෙඩරල් විසඳුමක් හොඳයිද නරකයිද කියන දේශපාලන සාකච්ඡුාව පවා මේක ඇතුළේ ම`ග ඇරිලා ගිහින්. සිංහල දෙමළ මුස්ලිම් කාටත් සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි. ඉතින් අපි හිතනවා මේක ව්‍යාජ සාකච්ඡුාවක්. මේ විධියට එන්නෙම බැහැර කළ යුතු ජාතිවාදී සාකච්ඡුාවක්.

  • කලින් එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරීන් වූ පිරිසක් ස්වාධීනව ඡුන්දයට ඉදිරිපත් වෙනවා. ඒක ලංකාවේ දේශපාලනයට කොයි විදිහේ බලපෑමක් කරයිද ?

ඔව්, අපිටත් එහෙම තොරතුරු තිබුණා. සමහර අය කලබල වෙලත් තිබුණා. එල්.ටී.ටී.ඊ. එක වෙන ආකාරයකට නැගිටින්ඩ යනවා කියලා. ඉතින් අපි හිතනවා විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. එක හෝ වෙනත් සංවිධානයක සන්නද්ධ ව්‍යාපාරයක ක‍්‍රියාත්මක වෙච්ච අය සන්නද්ධ හෝ වෙනත් ඕනම මුහුණුවරකින් මේ දේශපාලන ක‍්‍රියාවලියට මුහුණ දීම කියන එක බලාපොරොත්තු නොවුණු තත්වයක්. නමුත් මේ සාකච්ඡුාව තවම ඔවුන් කවුද, ඔවුන් සැබෑවටම එල.්ටී.ටී.ඊ. එකේ වැඩ කළ අයද, ඔවුන්ගේ අලූත් දේශපාලන අරමුණු මොනවද? ඒ කිසිවක් පිළිබඳ හරියාකාරව තොරතුරු නෑ.

කුමක් වුවත් උතුරේ තරුණයන්ගෙ දේශපාලනයක් එනවා නම්, ඒක එල්. ටී. ටී. ඊ. වෙන්න පුළුවන්, වෙනත් ආකාරයක දේශපාලන ක‍්‍රීයාකාරීත්වයක හිටපු අය වෙන්න පුළුවන් ඕනම තරුණයකුට හා උතුරේ ජනතාව අතර දේශපාලනය කිරීමේ අයිතිය ඉස්සල්ලම අපි පිළිගන්න ඕන. ඔවුන් එන්නේ කුමන ආකාරයකින්ද කුමන පක්ෂයකින්ද කුමන වැඩපිළිවෙළකින්ද කියන එක වෙනම කාරණයක්. ඒවා සම්බන්ධයෙන් අපිට විවිධ වාද විවාද තියෙයි. එවැනි දේශපාලන ප‍්‍රවණතාවක් හා ඔවුන්ට දේශපාලනය කිරීමට තිබෙන අයිතිය ඉස්සල්ලම අපි පිළිගන්න ඕන.

  • දැන් ලෝක දේශපාලනය තුළ විශේෂයෙන් යුරෝපයේ මතුවෙලා තියෙන වාම ප‍්‍රවණතා ගැන ඔබේ අදහස මොකක්ද?

මේ වාම ප‍්‍රවණතා මතුවෙන්න මුල්වුණු ඇත්ත කාරණය තමයි ලෝක ධනේශ්වරය තුළ සිදුව තිබෙන දීර්ඝකාලීන බිදවැටීම්. ඒක තමයි පළවෙනි කාරණය. විශේෂයෙන් වත්මන් ග‍්‍රීසිය, ස්පාඤ්ඤය වැනි රටවල් ගණනාවක වාම ප‍්‍රවණතාවන් මතුවෙමින් තියෙන්නෙ. විශේෂයෙන් යුරෝපාකරයේ දීර්ඝ කාලයක් අඛණ්ඩව වර්ධනය වන ආර්ථික අර්බුදයත් එක්ක එය වටහාගත යුතුයි.

ලෝක පරිමාණයෙන් සමාජවාදී කඳවුරු බිඳ වැටුණට පස්සේ තවදුරටත් වාම දේශපාලනයක අවශ්‍යතාව අදාළ නෑ කියපු තත්වයක් යටතේ ලෝකයේ පවතින ධනවාදය තමයි අවසන් රාජ්‍යාකාරය කියන සාකච්ඡුාව දැන් බිඳවැටිලා තියෙනවා. ඒක ඉතාම වටිනා දෙයක්. හැබැයි තාමත් අපිට පේන්නේ නෑ මේ ගොඩනැ`ගිලා තියෙන ව්‍යාපාර පැහැදිලිව දක්ෂිිණාංශිකයට එරෙහි නවලිබරල් ධනවාදයට එරෙහි විශේෂයෙන් ලාභයම අරමුුණු කරගත් ආර්ථිත ප‍්‍රතිපත්තියට එරෙහි සමාජවාදී අරමුණ කරා දිවෙන වාම ව්‍යාපාර කියලා.

හැබැයි, බිඳවැටීම්, පසුබෑම්, නැගිටීම් සහ සංවිධානය වීම් නැවත නැවත නැවත නැවත ඒ සම්බන්ධයෙන් කෙරෙන අරගල සාකච්ඡුා ඔස්සේ තමයි වාම ව්‍යාපාරයන්ගේ අලූත් වර්ධනයක් ගොඩනැෙඟන්නේ.   පැහැදිලිවම වාම ව්‍යාපාරයන්ට ඕන පසක් මේ ධනවාදය තූළම ඇතිවෙමින් තිබෙනවා. අපි හිතනවා ඒක සුබදායක තත්වයක් කියා. කලබල වෙලා ඒ මත ලේබල් ගහලා වෙන් කරනවට වඩා මේ මතුවෙමින් එන තත්වය පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට වඩාත් විමසුම්සහගත විදිහට දකිමින් තමයි අපි මේ වෙලාවෙ දේශපාලනය කරන්නේ.

සංවාද සටහන  – නිලූකා තරංගනී