මිනී කඳු වළ දමා ඇති බිමක තාජුඞීන් ගොඩගැනීම

thajudeen

පසුගිය දවසක තාජුඞීන්ගේ ඡායාරූපයක් රැුගත් ඬේලි නිව්ස් පුවත්පතේ ප‍්‍රචාරක පෝස්ටරයක් දැන්වීම් පුවරු මත, තාප්ප මත එක පෙළට ඇලවී තිබුණා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයෙන්, නිදහස් පක්ෂයෙන්, ජ.වි.පෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඡුන්දය ඉල්ලන මුහුණු ගොඩකුත් තාප්ප මත, දැන්වීම් පුවරු මත ඇලවී තිබුණා.

දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ පෝස්ටර් අතර ඇති සම්බන්ධය කුමක්ද කියලා. ඇත්තටම මේ පෝස්ටර් දෙජාතියක් නෙමෙයි එක ජාතියක් කියලයි ඒක දැකපු මොහොතෙම මට හිතුණේ. තාජුඞීන් නම් රගර් ක‍්‍රීඩකයා ඡුන්දෙ ඉල්ලනවා තියා ජීවතුන් අතරවත් නොමැති වුණත් ඔහුගේ රූපය මේ මොහොතේ භාවිත කරමින් තිබෙන්නේ බලය වෙනුවෙන් කාකොටා ගන්නා මැතිවරණ අරගලය වෙනුවෙන්. මේ මොහොතේ ලංකාවේ දේශපාලන බල අරගලය මැද පශ්චාත් මරණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති තාජුඞීන්ගේ පණ රහිත දේහයේ කොටස් එක අතකට මහින්ද විරෝධී ආකල්ප වර්ධනය ස`දහා විකිණෙමින් තිබෙනවා. තවත් අතකට තාජුඞීන්ගේ මරණයට යම් තරමක හෝ සාධාරණයක් සිදුවෙනවා යැයි කිසියම් කෙනකු සිතන්නත් පුළුවන්. කෙසේවුවත් මේ නිශ්චිත මොහොතේ තාජුඞීන්ගේ මරණයේ සෙවණැලි කැඳවන්න පටන් ගත්තේ ලංකාවේ ප‍්‍රධාන දේශපාලන කරළියේ අධ්‍යක්ෂවරුන්ගේ උවමනාවට.

janaka_sisithaඒත් එක්කම මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි පුරා තාජුඞීන්ගේ කතාවට සමගාමීව තවත් කතාවක් නැවත කරළියට එමින් තියෙනවා. ඒ මීට අවුරුදු 3කට කලින් 2012 සැප්තැම්බර් 27 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නුවර සිට කොළඹට ආ පා ගමන අතරතුර සිදු වූ ඝාතනයන්ය. එදින අත්පත‍්‍රිකා ගෙන ඒම සඳහා පාන්දර 3ට පමණ බයිසිකලයකින් පැමිණි කැලණිය සරසවියේ සිව්වන වසර ජානක ඒකනායක හා රුහුණ සරසවියේ පළමු වසර සිසිත ප‍්‍රියංකර ඉඹුල්ගොඩ

හන්දියේ මරා දමා තිබුණේ හදිසි අනතුරක් ලෙස මවා පෙන්වමින්. තවමත් ඊට අදාළ නඩුව ගම්පහ මහෙස්ත‍්‍රාත් උසාවියේ විභාග වෙනවා. එය මට හැෙ`ගන ලෙස එය මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්ෂුද්‍ර දේශපාලනය උවමනාව ප‍්‍රදර්ශනය කරන්නක්. කෙසේවෙතත් සරසවි සිසුන් මෙන්ම බහුතරයක් ෆේස් බුක් සටන්කාමීන්ගේ ප‍්‍රකාශ තුළ ජානක හා සිසිත ගේ මරණයට සාධාරණයක් ඉල්ලා තිබුණා.

මේ සිදුවීම් මෙසේ වෙද්දී තාජුඞීන්ගේ මරණයට මෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ අතුරුදන් වූ ප‍්‍රගීත් එක්නැළිගොඩටත් සාධාරණයක් කරන්නැයි සන්ධ්‍යා එක්නැළිගොඩ නැවතත් කරළියට පැමිණ තිබෙනු අප මාධ්‍ය හරහා දුටුවා.

ආණ්ඩුවත් නීතියත් මාධ්‍යයත් මේ සා විසල් පරිශ‍්‍රමයක් දරා තාජුඞීන්ගේ මරණයට වගකිව යුත්තේ කවුදැයි සෙවීම එක් අතකට ඛේදජනක විහිළුවක්. තාජුඞීන් පරීක්ෂණ අවසන් වන්නේත් මේ පසුගිය කාලයේ සන්ධාන ආණ්ඩුවේ හොරු අල්ලන්නට ගත් ප‍්‍රදර්ශනාත්මක ක‍්‍රියාදාමය අවසන් වූ ආකාරයෙන්. එනම් තාජුඞීන්වත් මැතිවරණ උණුසුමින් පසු හීන් සීරුවේ අතහැර දැමීමට ලක්වනු නොඅනුමානයි.

එනිසා අපි මර්දනය විය යුත්තේ මහින්ද ඇතු`ඵ හෙංචයියන්ගෙන්ද රනිල් ඇතු`ඵ හෙංචයියන්ගෙන්ද යන්න තෝරා ගැනීමේ මහා සංග‍්‍රාමයේ මඩ, අවලාද, සංවාද ආදියෙන් උණුසුම් වූ ලාංකේය සමාජයට තාජුඞීන් මතක් වන්නේ හුදු මහින්ද විරෝධයක් ගොඩනැඟීමට පමණක් වීමත් ඛේදයකි.

ඔවුන් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් වන ජානක ඒකනායක, සිසිත ප‍්‍රියංකර, මාධ්‍යවේදී එක්නැළිගොඩ, විශ‍්‍රාම වැටුප් අරගලයේදී මිය ගිය රොෂේන් ශානක, ධීවරයන්ගේ භූමිතෙල් මිල වැඩිවීමේ අරගලයේදී මිය ගිය ඇන්ටනී, උතුරට වාමාංශික දේශපාලනය රැුගෙන යාම නිසා අතුරුදන් කරවූ ලලිත් හා කුගන් සාකච්ඡුාවට ගැනෙන්නේ නැත. අප ජනරළ පුවත්පතින් පසුගිය කාලයේ ඔබ හමුවට ගෙනා සිදුවීම් මීට එකතු කළ යුතුව ඇත. උතුර හා නැෙඟනහිර පළාත්වල තරුණ තරුණියන් මෙන්ම දිවයින පුරා එවැනි අතුරුදන් කිරීමේ සිදුවීම් සිය දහස් ගණනකි. කොළඹ නගරය අවට සලකා බැලූවත් රාජපක්ෂ පාලන සමයේ අතුරුදන් කළ, මරා දැමූ තවත් බොහෝ මිනිසුන්ට ගැහැනුන්ට යුක්තිය ඉටු විය යුතුව ඇත. වරදකරුවන්ට ද`ඩුවම්ද ලැබිය යුතුව ඇත. මට්ටක්කුලියේ හා බ්ලූමැන්ඩල් ප‍්‍රදේශවල අතුරුදන් වූ ප‍්‍රියශාන්තලා මෙන්ම උතුරේදී අතුරුදන් වූවන් ගැන හ`ඩ නැඟිය යුතුව ඇත.

එහෙත් එකී දහසකුත් එකක් ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ කතා අලූත් ආණ්ඩුවට විකිණීමට නොහැකි තරම් ඉතා ලාබදායී කතා ලෙස ඔවුන් කල්පනා කරනවා ඇත. එනිසා මැතිවරණ වේදිකාවේදී රාජපක්ෂ පවුලට චෝදනා නැඟීමේදී වඩාත් වටිනාකමක් ඇති තාජුඞීන් මිනීවළෙන් ගොඩ ගන්නට ඇත.

ගොඩගන්නවා නම්, යුක්තිය ඉටු කරනවා නම්, 71 අරගලයේ සිට 88 – 89 අරගලය මෙන්ම උතුරේ තරුණයන්ගේ අරගලය ඇතු`ඵව අප දන්නා නොදන්නා මානව හිමිකම් අපරාධ පිළිබඳ සිදුවීම් ගොඩගත යුතුව ඇත. කාලයක් තිස්සේ අකාලයේ ටයර් සෑවල දැවී ගිය, පස්කදු යට සැ`ගවී ගිය ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ සිරුරු කොටස් ගොඩගතහොත් පිදුරුතලාගලටත් වඩා උස මිනී කන්දක් ගොඩගන්නට සිදුවනු ඇත.

lalith_kuhanඑනිසාම ආණ්ඩුව තාජුඞීන්ගේ මරණයට වගකිව යුත්තා සොයන අතරේ යුක්තිය උදෙසා වැඩ කරන යුක්තිය ඉල්ලා සිටින අප හැමගේ වගකීම තව තවත් බරපතළ වේ. ජානකලා, සිසිතලා, ලලිත්ලා, කුගන්ලා, එක්නැළිගොඩලා, ප‍්‍රියශාන්තලා, රොෂේන් ශානකලා, ඇන්ටනීලා ගැන විවිධ මට්ටමෙන් විවිධ සමාජ ක‍්‍රියාකාරිකයන් හ`ඩ නැඟු බව අමතක කළ යුතු නැත. එහෙත් පසුගිය මාස හයක කාලය තුළ ඔවුන්ද නිහ`ඩව බලා සිටියේ යහපාලනය දොඩවන පාලකයන් ගැන විශ්වාසයකින් මංමුලා වූ නිසාය. ඒ ලැයිස්තුව තුල මෙන්ම තවත් නම් ගම් නොදන්නා බොහෝමයක් පීඩිතයන්ගේ ඝාතන, අතුරුදන්වීම් පිළිබඳව සෙවීමට පාලකයන්ට බලකිරීම අද දවසේ ඔවුන්ගෙත් අපේත් වගකීම වේ.

නමුත් එපමණකින් නොනැවතී මිනිස් ජීවිතය කුණු කානුවක පණුවෙක් ගාණටවත් නොවටිනා මේ ගඳ ගහන නරුම සමාජය, පාලනය වෙනස් කිරීම සඳහාද අප උත්සුක විය යුතුය. ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී මෙන් මැතිවරණ වේදිකාවට මිනිස් මළසිරුරු ගෙන එන දේශපාලනය වෙනුවට මිනස් ජීවිතයට යුක්තිය ලබා දෙන දේශපාලනයක් ඕනෑ කර තිබේ. එය කිසිවකු විසින් අප වෙත ලබා දෙන දේශපාලනයක් නොවේ. ඒ වනාහී පීඩිත අප විසින්ම ගොඩ නැඟිය යුතු එවැනි යුක්ති සහගත ජීවිතයක් වෙනුවෙන් කරන අරගලයක දේශපාලනය බව අවසන් වශයෙන් සටහන් කරමි.

ශ්‍යාමලී ලියනආරච්චි