‘සංගා’ – සමුගැනීම දක්වා ක‍්‍රීඩාවේ ආදර්ශය

Kumar-Sangakkaraලා කේය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෙන්ම ලෝක ක‍්‍රිකට් වංශකතාවේ අගනා පරිච්ෙඡ්දයකට හිමිකම් කියන ක‍්‍රීඩකයකු තමන්ගේ ක‍්‍රීඩා ජීවිතයට සමුදීමට තීරණය කර තිබේ. ඔහු ක‍්‍රීඩාවට ලැදි බොහෝ මිනිසුන්ගේ ආදර නාමයෙන් හඳුන්වන්නේ නම් ‘සංගා’ය, ක‍්‍රිකට් කණ්ඩායමේදී බොහෝ විට කුමා, කුමා, යන නමින් සහෝදර ක‍්‍රීඩකයන් ඇමතූ ඔහු කුමාර් සංගක්කාරය.

කුමාර් සංගක්කාර ක‍්‍රීඩා දිවියේ අවුරුදු 15ක මතක සටහන් ඉතිහාසයට එක්කර සමු ගන්නේ තමන් ටෙස්ට් පිටියට පිවිසි ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයෙනි. මෙතෙක් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩාංගණ අතරින් තමන් වඩාත් කැමති ගාල්ල ක‍්‍රීඩාංගණයට බව සංගක්කාර කියා තිබේ. ඊට හේතු දක්වන සංගක්කාර තමන් මුල්ම ටෙස්ට් ශතකය ලබා ගත්   ක‍්‍රීඩාංගණයත් තමන් පළමුවෙන් කණ්ඩායමට නායකත්වය දුන්  ක‍්‍රීඩාංගණයත්  ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය බව පවසා තිබේ. තවදුරටත් ඉතිහාසය පිළිබඳ සිහිකරන සංගා කියා ඇත්තේ ලංකාවේ සිටි බොහෝ සුපිරි ක‍්‍රීඩකයන් බොහොමයක් ක‍්‍රීඩාවෙන් සමුගෙන ඇත්තේ ගාල්ලෙන් බවයි.
”මම තවදුරටත් ක‍්‍රීඩාවේ රැුඳී සිටියොත් ඒක නැඟී එන තරුණ ක‍්‍රීඩකයන්ට කරන අසාධාරණයක්” යැයි සංගක්කාර කියා තිබේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට මෙයට කලින් සිතුවත් එය මේ දක්වා යම් ප‍්‍රමාදයක් වූයේ තවදුරටත් රැුඳී සිටින්නැයි තමන් වෙත පැමිණි ඉල්ලීම් නිසා බව ඔහු සඳහන් කර ඇත.

2013 වසරේ තමන් වෙත දුරකථනයෙන් කතා කළ තම පියා තාම ක‍්‍රීඩාවට සමුදීමට තීරණය කර නොමැති දැයි ඇසූ බව ඔහු කියයි. එතැන් සිට තමන් ඒ පිළිබඳ සිතමින් කටයුතු කළ බව කියන සංගා තමන්ගේ ගෙදර දොර සිටින අය දැක්වූ අනුග‍්‍රහය විශේෂයෙන් දක්වා සිටී. තමන් ක‍්‍රීඩාවේදී හොඳින් සහ සතුටින් සිටියිද යන්න සොයා බැලූවා මිස තමන් කීයක් ලකුණු රැුස් කළාද හෝ තමන් කොතරම් ජනප‍්‍රියද වැනි දේ ඔවුන් විසින් කිසිසේත්ම සලකා නැති බව සංගා කියයි.

මිනිසුන් ක‍්‍රීඩාවේදී හෝ වෙන යම් තමන් නිරත වන ක්ෂේත‍්‍රයන් තුළ බොහෝ දක්ෂතා දැක්විය හැකිය. එසේම සුවිශේෂතාවන්ද කැපීපෙනීම්ද මුදල් හම්බ කරගැනීම්ද තිබිය හැකිය. බොහෝ විට ක‍්‍රීඩකයකු මිනිසුන් අතරද මාධ්‍ය අතරද සිටිමින් ඉලක්කයන් සහ තමන්ගේ පැවැත්ම පිළිබඳ සිතා කටයුතු කරන අතර ආචාර ධාර්මික ආස්ථානයන්ගේ සිට කටයුතු කිරීම අභියෝගයකි. අනාගතය සඳහා වන පරමාදර්ශයක් වීම කෙනකුට පහසු කටයුත්තක් නොවේ. සංගා ක‍්‍රීඩාවේ පැවැති අමාරු සියලූ දේ ජය ගත් බව ඔහුගේ බොහෝ විවේචකයන් පවා පෙන්වා ඇත.

නමුත් සංගා තවත් වෙනත් කලාපයක් ජය ගෙන තිබේ. ඒ ලාංකේය සමාජයට පරමාදර්ශී ජීවන පැවැත්මක් තහවුරු කිරීමයි. වෙළෙඳපොළ විසින් මිනිසුන්ගේ ජීවිතවලට එල්ල කරන පීඩනය මෙන්ම ජනප‍්‍රියවාදී සංස්කෘතිය විසින් හඹා එන රැුලිවල ගුණයන්ට අනන්‍ය වන ක‍්‍රීඩකයන් ඒ රැුලි තුළින් මැකී නොපෙනී යයි. සංගා මේ සියලූ දේ අතර යම් මට්ටමක ආදර්ශයක් තහවුරු කර තිබේ. සංගාගේ  මෙම ස්වභාවය ඔහුගේ පවුල් පසුබිමින් පැමිණෙන්ට ඇතැයි විශ්වාස කළ හැකිය. සිය පියා පිිළිබඳ නිතර සංගා සඳහන් කරනු ලබයි. පියාගෙන් ලද බොහෝ උපදෙස්ද මඟ පෙන්වීම්ද පිළිබඳ බොහෝ වර ඔහු පවසනු දැකිය හැකිය. සංගා පිටුපස සිටි ඒ මෙහෙයුම්කරුවා පියා බව බොහෝ විට සංගා කළ කතාබහෙන් යමකුට වැටහී යා හැකිය.

සංගාට වර්ධනයට තවත් සුසංයෝගයක් වූයේ යැයි යමකු කියයි නම් එයද තර්කානුකූලය. ඉතාම හොඳ බැඳීමක් සහිත මිත‍්‍රත්වයත් ක‍්‍රීඩාවත් එක් තැන් කරමින් කණ්ඩායම් හැ`ගීමත් පොදුවේ සාමූහිකත්වයේ ගැම්මත් තහවුරු කිරීමට සංගක්කාර – මහේල සුසංයෝගයට හැකි විය. අනෝන්‍ය මිත‍්‍රත්වය අබිබවා යමින් එකිනෙකා කෙරෙහි වූ අසීමිත විශ්වාසය හා ගෞරවය තුළින් සමස්ත කණ්ඩායම් මානසිකත්වය පැවැත්ම තහවුරු කිරීමට හැකි විය. විශේෂයෙන් අවසන් 20-20 ලෝක ජයග‍්‍රහණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ක‍්‍රිකට් පාලකයන් සහ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර පැවැති තත්වය තුළ කිසිසේත් තරගයන් ජයග‍්‍රහණය සඳහා මාවත විවර කිරීමක් නොවේ.
නමුත් කණ්ඩායම් මානසිකත්වය, පොදු උවමනාව සහ කැපවීම, විශ්වාසය, සහ නායකත්වය තුළ ක‍්‍රීඩාවේ හැකියාවන් එක්තැන් කර තමන් ක‍්‍රීඩා කරන්නේ ඇයිද යන්නත් පෙන්වා දීමට සංගාට හා මහේලට හැකි වීම සරල නොවේ. අතිශයින් ¥ෂිත වූ පාලන සහ මෙහෙයුම් පරිසරයක කිසිවකුට තමන් වෙත අභියෝග කිරීමට ඉඩ ලබා නොදීමට තරම් සංගක්කාර දක්ෂ විය. දක්ෂතා මත ඉදිරියට යාමත් දක්ෂතා අතර රැුඳෙමින් අභියෝග කිරීමත් තුළින් සංගක්කාර නායකත්වය පිළිබඳ නව ආදර්ශයන් තහවුරු කර තිබේ. බොහෝ දෙනා වර්ණනා කරන ක‍්‍රිකට් පොතේ වාර්තා පිට වාර්තාවලට වැඩි අවධානයක් යොමු වේ. ඊට වඩා සංගා ක‍්‍රීඩා පිටියට සම්බන්ධ වෙනත් කලාපයක අමාරු අභ්‍යාසයන් තුළින් ඔහු ලෝක වාර්තාවක් තැබූ බව අපේ විශ්වාසයයි. ඍජු තීරණ ගැනීමත් අනාගතය සහ පොදු බව තුළ කටයුතු කිරීමත් ඔහු තුළින් ප‍්‍රකට වූ සුවිශේෂත්වයන්ය.

තම සමූහයා වෙනුවෙන් ඍජුව පෙනී සිටීම නායකත්වයේ ගුණාංගයක් වන අතර සෑමවිටම සාමූහිකත්වය තුළ රැුඳී සිටිමින් ජයග‍්‍රහණයන් තහවුරු කර ගැනීමට උත්සාහ ගැනීම සහ තම කණ්ඩායමේ අනාගතය පිළිබඳ සුභවාදීව සිතා කටයුතු කිරීම සංගක්කාරගේ විශේෂතා අතර විය. අරවින්ද – අර්ජුන සුසංයෝගයට වඩා සංගක්කාර – මහේල සුසංයෝගය වෙනස් සහ අමාරු අභ්‍යාසයකි. වෙළෙඳපොළ ක‍්‍රිකට් ලෝකය තුළ තහවුරු වෙද්දී මුදල් වෙනුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩාවේ ආධ්‍යත්මික භාවිතාවන් අභාවයට යාම ප‍්‍රකට ලෙස පෙන්නුම් කරයි. විශේෂයෙන්ම ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩාවේ පරිපාලකයන් විසින් වෙළෙඳපොළ ප‍්‍රසාරණයන් තුළ පරිහානියට යද්දී සංගක්කාර තමන්ගේ භාවිතාවන් තුළ වෙනත් අනන්‍යතාවක් ප‍්‍රකට කරයි. කණ්ඩායම් ක‍්‍රියාවලියත් කණ්ඩායම් මානසිකත්වයත් බිඳ නොවැටීමට වග බලා ගැනීම පරිණත ක‍්‍රීඩකයන්ගේ උරමත පැටවී ඇති වගකීමකි.

කෙතරම් දක්ෂතා පැවතියත් කිසිවිට විසිරුණු හැකියාවන්ට කණ්ඩායම් ජයග‍්‍රහණ අත්කර ගැනීමට නොහැකිය. සංගා බොහෝ අවස්ථාවල තමන් රට වෙනුවෙන් සහ රටේ ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ක‍්‍රීඩා කරන බව පවසා තිබේ. එය වචන හරඹයක් නොව ජීවන භාවිතාවක් දක්වා රැුගෙන ඒමට ඔහු සමත් විය. සංගා – මහේල සුසංයෝගයේ සමාජ භාවිතාව ක‍්‍රීඩාවේ නවකයන්ට ජීවන භාවිතාවක් දක්වා රැුගෙන ආ යුත්තේ එහෙයිනි.     සංගා ක‍්‍රිකට් ඉතිහාස පොතට බොහෝ පැතිවලින් ප‍්‍රවේශ විය. ඔහු එක්දින තරගයන්ගෙන් සමුගත්තේ තමන්ගේ උපන් බිමින් එනම් නුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයෙනි. එංගලන්තය සමඟ තරගයේ ලකුණු 113 ක් ලබා ගනිමින් එහි සදාතනික මතකය තබා යාමට ඔහු සමත් විය.
තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය තුළ සදා මතකයක් රැුඳවීමට ඔහු සමත් විය. තරගාවලි ඉතිහාසය පුරාවට ශතක හතරක් පිට පිට ලබා ගත් පළමු ක‍්‍රීඩකයා ඔහු විය. ඔහු එහිදී ලකුණු 105, 117, 104, 124 බැගින් රැුස්කර තිබිණි. ගාල්ල සංගාට විශේෂ වන්නේ 2001 වසර සහ 2009 වසර නිසාය, 2009යේ පළමු ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වය දරා කණ්ඩායම ජයග‍්‍රහණය කළේ එහිය. එසේම 2001 වසරේ පළමු ටෙස්ට් ශතකය ලකුණු 105ක් ලබා ගනිමින් වාර්තා කලේ ගාල්ලේය. සංගා මෙවර තරගාවලියේදී කුමන සලකුණක් තබයිද යන්න බොහෝ දෙනා දෙනෙත් අයා බලා සිටියි.

සංගාගේ ද්විත්ව ශතක ලබාගැනීම ඉහළින් සලකුණු වී තිබේ, ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ලබා ඇති ද්විත්ව ශතක 12ට පසුපසින් සිටින සංගා ලබා ඇති ද්විත්ව ශතක ගණන 11කි. ශතක 38ක් ක‍්‍රිකට් දිවිය තුළ ලබා ඇති සංගා තවමත් දෙවැනියා වී ඇත්තේ බ‍්‍රැඞ්මන්ට පමණි. සංගාගේ අනන්‍යතාව ප‍්‍රකට කළේ පිත්තෙන් පමණක් නොවේ. ඔහු අතිදක්ෂ මෙන්ම ආකර්ෂණීයම කඩුලූ රකින්නෙකි. කඩුල්ල පිටුපස සිට කරනු ලැබූ බොහෝ හරඹයන් ක‍්‍රීඩා ලෝලීන්ගේ මතකයේ තවමත් රැුඳී ඇත්තේ ඒ නිසාය. මහේල – සංගා සුසංයෝගයේ තවත් අපූර්ව ලෝක වාර්තාවක් සටහන් කිරීමට හැකිවිය. එනම් ලෝකයේ තුන්වැනි කඩුල්ල සහ  ඕනෑම කඩුල්ලක්  වෙනුවෙන් පවත්වා ඇති සම්බන්ධතාව ලෝක වාර්තාවයි. ලකුණු 624ක් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලබා ගනිමින් මේ වාර්තාව පිහිටුවා ඇත්තේ 2006 වසරේ කොළඹදීය.
සංගා මාධ්‍ය අභිමුඛයේ තවත් අපූර්ව කතාවක් කර ඇත්තේ පසුගියදාය. තමන්ගේ වාර්තා බිඳදැමීමට සමත් ක‍්‍රීඩකයන්ගේ නම් පෙළක් ඔහු එහිදී සඳහන්  කළේය. ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කුසල් පෙරේරා යන සගයන්ට තමන් තැබූ වාර්තා බිඳ දැමීමේ හැකියාව ඇතැයි ඔහු නිර්ලෝභීව පැවසීය. ඒ අතර අජනකයා රහනේ, චිරාත් කෝලි, හසීම් අම්ලා, විවියන්ස්, ස්ටීවන් ස්මිත්, ජෝ රූට්, සිටින බවද සංගා කියා සිටියේය. එය වැදගත් ප‍්‍රකාශයක් වන්නේ තමන්ගේ දක්ෂතා සහ අන්‍යයන්ගේ හැකියාවන් පිළිබඳ සංගාට ඇති සබුද්ධික තක්සේරුව හෙළි වන නිසාය. සංගක්කාර මේ ගෙවා දමන්නේ තමන්ගේ ජීවිතයේ 38 වැනි වසරයි. තමන්ගේ දක්ෂතාවන්ගේ උපරිමයේ සිටිමින් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට සැරසීම බොහෝ දෙනාගේ නොමනාපයට හේතු වුවත් සංගා ඉතාමත් හොඳ තීරණයක් ගෙන තිබේ. තමන් ඉදිරියේදී ප‍්‍රාන්ත තරග කිහිපයකට සම්බන්ධ වීමේ ඉඩක් පැවතියත් ඉක්මනින්ම සම්පූර්ණයෙන් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව ඔහු කියා තිබේ.

සංගා වාර්තා කර ඇති තරග සංඛ්‍යාව 132ක් වන අතර ලකුණු 12,300ක කඩඉම ඉක්මවා ඇත. ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් 5 දෙනා අතර සංගාගේ නමද සටහන් වේ. සංගාගේ ලෝක වාර්තා සටහන් බොහෝ මාධ්‍යවල නිරන්තර කතාබහට ලක්වී තිබේ.
ඒවා ලිවීමට නැවත නැවතත් ඉඩ සහ කාලය යොදවනවාට වඩා ක‍්‍රීඩකයකු ලෙස අනාගත ලාංකේය ක‍්‍රීඩාවටත් ක‍්‍රීඩකයන්ටත් සංගා විසින් ඉතිරිකර තබා යන්නේ කුමන දෙයක්ද යන්න ඉදිරියේදී සෑම දෙනාගේ අවධානයට ලක්විය යුතුය. විශ්ලේෂණය කළ යුතුය. ඉදිරි පරම්පරාවන්ගේ ජීවන අභ්‍යාසයන් වෙනුවෙන් ඒවා අභ්‍යාස කළ යුතු වන්නේ ඇයිද යන්න සංවාදයට ලක් කළ යුතුය. ‘ක‍්‍රීඩාව යනු මුදල්ය’ යනුවෙන් ලෝක මතයක් ගොඩ නැංඟී ඇත්තේ වෙළෙඳපොළ ක‍්‍රීඩාවේ වර්තමාන ක‍්‍රියාවලිය නිසාය. අනෙකා ගැන හෝ   තමන් ක‍්‍රීඩාවේ නිරත වන්නේ ඇයිද යන්න පිළිබඳ නොසිතා කටයුතු කිරීම, මූල්‍ය සාර්ථකත්වයන් අත්පත් කර ගැනීමට යාමේදී ක‍්‍රීඩකයන් නිතැනින් පවතින සමාජ ආර්ථික ක‍්‍රමයේ ගොදුරු බවට පත් වේ.

මේ තත්වය ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තවදුරටත් ඉදිරියේදී බැ?රුම් තත්වයක් ලෙස වර්ධනය විය හැකිය. තරග පාවාදීම්වලදී ක‍්‍රීඩකයන්ගේ සිට නිලධාරීන් දක්වා සියලූ දෙනා වූදිතයන් වන්නේ ක‍්‍රීඩාවේ වෙළෙඳපොළ තර්කනයන් නිසාය. ක‍්‍රීඩාව වෙළෙඳපොළක් වීම හෝ ඒ වෙළෙඳපොළ තුළ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා මිල නියමයන්ට ලක් වීම යනු සාකච්ඡුා කළ යුතු ගැටලූවකි. නමුත් සංගා දුන් ආදර්ශය නවක ක‍්‍රීඩකයන් ඉදිරියට රැුගෙන යා යුත්තකි.

විමංඝ ආටිගල