මහ වැස්ස පෑයීමෙන් පසු…

politමැතිවරණය අවසන් වෙමින් තිබේ. මෙය ලියැවෙනුයේ මැතිවරණ ප‍්‍රතිඵලය ගැන නොදන්නා තත්වයක් තුළය. ප‍්‍රතිඵලය නොදන්නවා වුවත් අගෝස්තු 18 වැනිදායින් පසු දේශපාලනය හැසිරෙන ආකාරය ගැන උපකල්පනය කිරීම අපහසු නැත. එය උපකල්පනය කිරීම සඳහා එක් එක් දේශපාලන බලවේගවල හැසිරීම නිරීක්ෂණය කිරීම පමණක් වුවද ප‍්‍රමාණවත්ය. මහින්දගේ උත්සාහය තිබෙන්නේ ජාතිවාදය, ආගම්වාදය ඇතුළු කවර හෝ කුණුගොඩක් භාවිත කර යළි බලය ලබා ගැනීමටය. ඒ කුණු ගොඩවල් මේ දින වල නැවත නැවත අවුස්සමින් තිබේ. රනිල්ගේ ව්‍යාපෘතිය ලංකාවේ නවලිබරල් ධනවාදයේ දෙවැනි ඉනිම සඳහා පසුබිම සකස් කිරීම වන අතර මැතිවරණයක් ආසන්නයේදී වෙනත් පක්ෂ නායකයකු කිරීමට පසුබාන දේවල් පවා ඔහු ‘නිර්භීතව’ සිදුකරමින් සිටී. මීට හොඳම උදාහරණය ස්වභාවධර්මයේ දායාදයක් වන ජල සම්පත වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරන නීති පසුගිය සතියේදී කැබිනට් අනුමැතියට යටත් වීමයි. එමෙන්ම පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැුස්වීමේදී මෙතෙක් වෙළෙඳ භාණ්ඩයක් ලෙස සැලකුනේ නැති මිනිස් රුධිරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම සඳහා වන නව නීතියකට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි. නවලිබරල් ධනවාදය යනු ප‍්‍රාග්ධනයට අලූත් නිදහසක් අත්පත් වීමයි. මේ අලූත් නිදහස ලැබෙන්නේ මෙතෙක්

ප‍්‍රාග්ධනය ගමන් නොකළ ක්ෂේත‍්‍ර වෙත ගමන් කිරීමටය. ඒ අනුව ධනේශ්වර ක‍්‍රමයේ මුල් අවධියේදී කිසිසේත්ම මිල කළ නොහැකි, විකිණිය නොහැකි දේ ලෙස සමාජ සම්මතයේ තිබූ බොහෝ දේ වෙළෙඳ භාණ්ඩ බවට පිරිහෙළා ඒවාට මිලක් නියම කෙරේ. පසුගිය සතියේ සිදු වුණේ මෙතෙක් පොදු සමාජමය දේපළ හා පෞද්ගලික අයිතිය යටතේ තිබූ ජලය හා රුධිරය ප‍්‍රාග්ධන වෙළෙඳපොළට ඇතුළත් කර ගැනීමයි. වෙනදා මේවාට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂද අද කතා කරන්නේ නැත. ඒවා ‘පවතින තත්වයට අනුව වෙනස් වීම’ යන තේමා පාඨය යටතේ සිදු කෙරෙන්නේ යාවත්කල් වීම නොව ප‍්‍රාග්ධනය ඉදිරියේ දණ නැවීමයි. මෙලෙස පැහැදිලි කරන විට එක් එක් දේශපාලන බලවේග තමන්ගේ මතවාදය හා දේශපාලන වැඩපිළිවෙළ නිශ්චිත කරගෙන ඊට අනුව බලවේග බෙදාගෙන ඇතැයි මතයක් ඇති විය හැක. නමුත් එය එසේ නොවේ.

  •  මහා පැටලිල්ල

මේ සියල්ල මැද එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදුම් රේඛාව මැකී, කවුරු කුමන පක්ෂයේ දැයි පැහැදිලි කරගත නොහැකි තත්වයක් උද්ගත වී තිබේ. මේ ප‍්‍රශ්නය මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ පැන නැඟුනක් නොව පසුගිය

ජනාධිපතිවරණයේ සිටම පවතින තත්වයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත‍්‍රී ජය ලැබීමෙන් පසුව තමන්ට විරුද්ධව ඡුන්දය දුන් බලවේගයේ නායකයා බවට පත් විය. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත් විය. ඉන්පසු එක් වරෙක ඔහු සිය ප‍්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදුන් අතර තවත් වරෙක මහින්ද රාජපක්ෂ ප‍්‍රබල ලෙස විවේචනය කරමින් ජාතිය අමතා කතාවක් කළේය. මේ තත්වය තුළ තව තවත් උදාවී ඇත්තේ ව්‍යාකූලතාවයි. මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල අවසන් සතිය වන මේ සතියේ පුවත්පත්වල පළවූ එක් දැන්වීමක මෛත‍්‍රීගේ හා රනිල්ගේ ඡුායාරූප සහිතව එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය දෙන ලෙස සඳහන්ව තිබිණි. ඒ අතර එම පුවත්පත්වලම මෛත‍්‍රීගේ ඡුායාරූපය සහිතව පළවූ තවත් දැන්වීමක බුලත් කොළයට ඡුන්දය දෙන ලෙස පවසා තිබිණි. දැන්වීම් දෙකම බලන්නන්ට මෛත‍්‍රී කාගේ පැත්තේදැයි සිතාගත නොහැක. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකාවක වන චන්ද්‍රිකා පක්ෂය ගැන සිතමින් ඡුන්දය භාවිත කරනු වෙනුවට රට ගැන සිතා ‘සතා’ට ඡුන්දය දෙන ලෙස පවසා තිබේ. චන්ද්‍රිකා ‘සතා’ කියන්නේ, අලියාටය. (එහෙත් චන්ද්‍රිකාගේ කතාව අලූත්ම කතාවක් නොවේ. වසර 70කට ආසන්න කාලයක් අපේ රටේ ජනතාව ඡුන්දය දුන්නේ සතුන්ට මිස මිනිසුන්ට නොවේ* මේ සියල්ල විසින් සියල්ල අවිනිශ්චිත වී ඇති අතර මුළු මැතිවරණ ව්‍යාපාරයම මේ අවිනිශ්චිත බව හා ව්‍යාකූලකම ගැබ් කරගත් එකක් විය.

මේ අතර ජාත්‍යන්තර දේශපාලනයද ලංකාවේ මැතිවරණය තුළ සිය අඬු විහිදා ක‍්‍රියාත්මක වෙමින් සිටී. එක්සත් ජාතික පක්ෂයට අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ සහය ලැබෙන අතර කොළඹ පිහිටි එම රටවල තානාපති කාර්යාල දැනටමත් බරට වැඩකරමින් සිටී. කලාපීය දේශපාලනය තුළ ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකරන ඉන්දියාව, ජනාධිපති මෛත‍්‍රීට සමීප වී ඔහු හැසිරවීමට උත්සාහ කරමින් සිටී. මහින්ද රාජපක්ෂගේ සහයට චීනය විශේෂ වැඩ කොටසක් කරන බව තවදුරටත් රහසක් නොවේ. මේ හැම රටකම තානාපති කාර්යාල හා ඔත්තු සේවා සිය උපරිම බර යොදන අතර මුදල් ගෝනි පිටින් එහා මෙහා විසිවෙමින් තිබේ. මැතිවරණය තුළ සිදු වන මේ සෙල්ලම ගැන කාගේවත්

අවධානයක් නැත. එහෙත් ඉන්දියානු සාගර කලාපය තුළ ආර්ථික – දේශපාලන හා යුදමය බලය තහවුරු කර ගැනීම සඳහා ලෝක අධිරාජ්‍යවාදී බලවතුන් අතර සිදු වන සීතල යුද්ධය ලංකාවේ මැතිවරණ ව්‍යාපාරය යටින් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. ලංකාවට කෙරෙන මෙම මැදිහත්වීම පිළිබඳ හොඳම නිදසුන මීළඟට ලංකාවට පත්කර එවීමට නියමිත අමෙරිකානු තානාපතිවරයාය. ඔහු වෙනිසියුලාවද ඇතුළු ලතින් අමෙරිකානු කලාපයේ රටවල අධිරාජ්‍ය විරෝධී පාලනයන් පෙරළා දැමීම සඳහා කුමන්ත‍්‍රණ කළ බවට චෝදනා ලැබූ භ්එසදබ්ක ෑබාදඅපැබඑ දෙර ෘැපදජර්ජහ නම් සංවිධානයේ ප‍්‍රමුඛ පෙළේ නියෝජිතයෙක් වන ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවකු වන අතුල් කේෂරය. සී.අයි.ඒ. සංවිධානයට කළ නොහැකි කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කිරීම සඳහා රොනල්ඞ් රේගන්ගේ කාලයේ නිර්මාණය කළ රාජතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණ සංවිධානයක ප‍්‍රබලයකු ලංකාවේ තානාපතිවරයා ලෙස පත්කිරීම මෙන්ම ඔහු ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයකු වීමද අහම්බයක් නොවේ.

  •  මහා ඇන්දිල්ල

මේ සියල්ල දෙස බලන විට පෙනී යන්නේ මෙවර මැතිවරණයද ජනතාව රැුවටීමේ හා ඇන්දීමේ තවත් මෙහෙයුමක් වී ඇති බවය. අන් සියලූ මැතිවරණ මෙන්ම මෙහිදීද සිදුවන්නේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ, ලිබරල් වෘත්තිකයන්, මාධ්‍ය,

ප‍්‍රාග්ධන හිමි ජාවාරම්කරුවන්, රාජතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණකරුවන් හා ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී ඔත්තු සේවාවන් එක්ව අටවන උගුලේ ලංකාවේ සමාජය තව තවත් පැටලීමයි. මුළු සමාජයම නූල් බෝලයක පැටලූනාක් මෙන් ඒ උගුලේ පටලැවෙන අතර එහි ලොකු කොටසක් අත්පත් කරගැනීමට කරන තරගය විකාරයක් බවට පත්ව තිබේ. මැතිවරණයේදී කෙරෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් නියෝජිතයන් පත්කර ගැනීම යැයි පොත්පත්වල ලියා තිබුණාට සැබැවින්ම සිදුවන්නේ වෙනත් දෙයකි. මෙවර මැතිවරණය ගත් කළ එහි ජනගහනයේ බහුතරය වන පහළ පන්තියේ ප‍්‍රශ්න සාකච්ඡුා වූයේ නැත. වැඩකරන ජනතාවගේ ජීවිතවල ප‍්‍රමිතිය යාන්තමින් හෝ ඉහළ නංවන යෝජනාද නැත. දක්ෂිණාංශික පක්ෂ හා ඒවායේ වලිග බවට පත්ව තිබෙන ව්‍යාජ වාමාංශික පක්ෂ ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අන්තර්ගතය මේ පිළිබඳ හොඳම නිදසුනකි. බහුජාතික සමාගම් හා ලංකාවේ ජාවාරම්කරුවන් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සකස් කර ඇති එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ ඇපෙන් බේරෙන්නට මෙන්, වැඩකරන ජනතාව ඇන්දීම සඳහා වැටුප් සොච්චමකින් වැඩි කිරීම හා තත්පර කිහිපයකින් දියවී යන – මෙලෝ හරයක් නැති සහන ලබාදීමේ යෝජනා කිහිපයක් ඇත. මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම සැකසූ ප‍්‍රතිපත්තිවල අයිසිං තලය සුළු ව්‍යාපාරිකයන් හා ස්වයංරැුකියා කරන්නන් ගැන පොරොන්දු තවරා ඇත.

එහෙත් ඒවායින් වැඩ කරන ජනතාවගේ, කම්කරුවාගේ, ගොවියාගේ, ධීවරයාගේ, සුළු ව්‍යාපාරිකයාගේ, ස්වයංරැුකියා නියුක්තිකයාගේ ජීවිතවල අබමල් රේණුවකවත් වෙනසක් වන්නේ නැත. ලංකාවේ නිෂ්පාදනයේ මුළුමනින්ම බර දරන මේ ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීම ගැන කතාවක් නැත. යහපත් මිනිස් ජීවිතයක දර්ශක වන කෑම – බීම, ඇඳුම් – පැලඳුම්, නිවාස ඇතුළු ආර්ථික ජීවිතයේ වර්ධනයන්ද කලාව – ක‍්‍රීඩාව – අධ්‍යාපනය ඇතුළුව ඇති සංස්කෘතික ජීවිතයේ වර්ධනයන්ද මේ මැතිවරණයෙන් කවුරු දිනුවත් අත්පත් කරගත නොහැකි බව පැහැදිලිය. යාචකයන්ට ලැබෙන ඉඳුල් ටිකක් මිස මේ ප‍්‍රතිපත්ති හරහා ජනතාවට ලැබෙන දෙයක් නැත. එනිසා මැතිවරණ ප‍්‍රතිඵලය මෙන්ම මැතිවරණයෙන් පසු ඉරණමද පීඩිතයාට ආශ්වාදනීය වන්නේ නැත. වාමාංශිකයාට හා ප‍්‍රගතිශීලියාට ආශ්වාදනීය වන්නේද නැත. මැතිවරණ ප‍්‍රතිඵලය බැලීමෙන් සතුටු වීමට සූදානම් වී සිටින කවුරු හෝ වේ නම් ඔවුන්ට අප යෝජනා කරන්නේ ඇත්ත සතුට අත්පත් කර ගත හැක්කේ මැතිවරණ ප‍්‍රතිඵල තුළ නොව මැතිවරණයෙන් පසු කරන දේශපාලනය තුළ බැවින් එයට සූදානම් වන ලෙසය.

ධනවතුන්ගේ හා ආයෝජකයන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවා ඒ අපගේ නියෝජිතයන් යැයි සිතාගෙන සිටීම හරහා ලැබෙන විමුක්තියක් නැත. ‘අපි නියෝජිතයන් පත් කළා, දැන් නියෝජිතයෝ වැඩ කරගෙන යන්න’ කියා ජනතාව දේශපාලන වේදිකාවෙන් ඉවත්ව සිටීමෙන්ද ලැබෙන විමුක්තියක් නැත. මැතිවරණ කාලයේ තිබූ උද්යෝගය හා උණුසුම අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිරි දේශපාලනයට සක‍්‍රීයව සහභාගි වීමට පහළ පාන්තික ජනතාව තීරණය නොකරන්නේ නම් හෙටත් අපට අත්වනුයේ මේ ඉරණමමය. පාලක පන්තිය කැමති ජනතාව මැතිවරණ තලයේ කොඩි දමා, පෙළපාළි ගොස්, අසල්වැසියන් සමඟ ගහගෙන මැතිවරණයෙන් පසු කඬේ වහනවාටය. අප කළ යුත්තේ ඔවුන් අකමැති දෙයයි. එනම් දේශපාලනය ප‍්‍රභූන් අතළොස්සකට බාරදී පැත්තකට වී සිටීම නොව පහළ පාන්තික ජනතාව තමන්ගේම දේශපාලනයකට පිවිසීමයි.