ජ.වි.පෙ.ට ඡන්දයක් දීම

imagesලංකාවේ වම ගැන සාකච්ඡුාව මතුව ආවේ සම සමාජය පිහිටුවා ගැනීමත් සමඟය. එහෙම බලන විට 1935දී වැඩකරන ජනයා වෙනුවෙන් වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟුණේ එජාපය පිහිටුවා ගැනීමට දශකයටත් පෙරාතුවය. එය උතුරේදී කුල පීඩන ජනයා අතරද වතුකරයේද නාගරික කම්කරු පීඩිත ජනයා අතරද වශයෙන් ව්‍යාප්ත විය. මෙකී වාමාංශික ව්‍යාපාරය මුල පටන්ම මැතිවරණ කි‍්‍රයාවලියටද එමෙන්ම වෘත්තීය අරගල තුළද කි‍්‍රයාකාරී වු අතර එ්වායේ ප‍්‍රතිඵලයක් ලෙස ආරම්භයේදීම පීඩිත ජන කොටස් අතර වාමාංශික ව්‍යාපාරය පැතිර ගියේය.

එහෙත් ඔහු ඒ වාම දේශපාලනය සමාජවාදය වෙනුවෙන් වූ අරගලය වෙනුවට පවත්නා සමාජ රටාවම යළි ආරක්ෂා කෙරෙන ක‍්‍රමවේදයකට ඉක්මනින් සීරුමාරු විය. සිය පදනම් අවසන් අරමුණු වෙනුවෙන් පොදු ජනයා අතර කටයුතු කරනවා වෙනුවට එය ධනපති පන්තිය සමඟ හවුල් වීමටද ජාතිවාදයටද ඇද වැටුණි.

එයට එරෙහිව සම සමාජයේත් කොමියුනිස්ට් පක්ෂයේත් පැහැදිලි හඬක් මතු වූ අතර ඒ සමඟ වෙනස් වාම ප‍්‍රවණතාද පළ විය. එසේ කි‍්‍රයාකාරීත්වයට ආ සංවිධාන අතුරින් වඩාත් රැුඩිකල් ප‍්‍රවේශයක් ගත්තේ විජේවීර සහෝදරයා ඇරඹූ රැුඩිකල් වාමාංශික ව්‍යාපාරයයි.

එය පැවැති ව්‍යාපාරයේ අරමුණු නිර්දය ලෙස විවේචනයට ලක්කරමින් නව වාම භාවිතයක් ඈත ගිරුවාපත්තුවේ සිට රට පුරා පීඩිත ජන කොටස් වෙත ගෙන ගියේය. සැබැවින්ම චේ ගුවේරාකාරයන් වැනි විවිධ නම් පටබඳිමින් සමාජවාදය පිළිිබඳ අරගල කරන නව ජීවන විලාසයන්ද සමඟ මෙකී වාම ක‍්‍රියාකාරීත්වය පුළුල් විය. එහෙත් 1994න් පසු ක‍්‍රමානුකූලව සිය මුල් අරමුණු පසෙක ලමින් වත්මනයේ නවීන සමාජවාදයක සාකච්ඡුාවක්ද සමඟ ජවිපෙ ජනප‍්‍රිය, පාර්ලිමේන්තුවාදී බහුජන ක‍්‍රියාකාරීත්වයකට එළඹ ඇත. කොටින්ම ලාංකේය සමාජයේ ඕනෑම ජන කොටසකට ඡුන්දයක් දිය හැකි මට්ටමට එය සිය හැඩය වෙනස් කොට ඇත. එය බැලූ බැල්මට මනස්කාන්තය.

මැතිවරණ වේදිකාවේදී අපට රෝහණ විජේවීර පමණක් නොව විජේදාස ලියනආරච්චි, ගාමිණී ජයලත් වැනි තවත් බොහෝ දෙනකු හමු විය. අසූ දෙකේ ජනාධිපතිවරණයේදී නගරයේද ගමේද එක ලෙස තැනූ වේදිකාවලට ගොඩවූ විජේවීර ජනතාව අමතා කීවේ එක් පැහැදිලි කතාවකි. එජාපයටද ශ‍්‍රීලනිපයටද ඒ වගේම ඔවුනට මුක්කු ගහන පරණ වමටද ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නැති බවය. එමෙන්ම අපට විසඳුමක් ඇති බවත් එ් සඳහා සමාජවාදය ගොඩනැඟීමට අප එක්ව ක‍්‍රියා කළ යුතු බවත් ඔවුහු අපට කීහ.

අද අනුර ඔබ අමතයි කියා පෝස්ටර් අලවයි. එඒවාට ජනතාවද ඇදී එයි. එහෙත් වත්මන් ජවිපෙ මැතිවරණ වේදිකාවේ කියන්නේ අලූත් කතාවකි. තමන්ට ආයෝජකයන් කැඳවා, පුහුණු ශ‍්‍රමිකයන් විදෙස් රටවලට යවා පෞද්ගලික අංශයද සමඟ රට ගොඩනඟන බව ඔවුන් අද කියයි. ඔවුන් නොකියා කියන්නේ එජාපයද පොදු පෙරමුණද ආරක්ෂා කරන ආර්ථික ප‍්‍රතිපත්තිය ඊට වඩා හොඳින් ඔවුන් පවත්වා ගෙන යන බවය.

වත්මන් පාලන ක‍්‍රමවේදය තුළ ලංකාවේත් ලෝකයේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇති බොහෝ කතාබහ තුළ ඉදිරියෙන්ම ඇති සාකච්ඡාවකි, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ලංකාවේ මීළඟ පාර්ලිමේන්තුවද මෙකී නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය මඟින් නියෝජිතයන් පත්කර ගැනීමට නියමිතය. බැලූ බැල්මට නම් මෙය වඩාත් ප‍්‍රජාතන්තී‍්‍රය ක‍්‍රමවේදයක් ලෙස පෙනී ගියද මේ අය කියන අන්දමේ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ඉන් පළවන්නේ නැත.

පීඩාවට පත් වන ජන කොටස්වල විවිධ ගැටලූ නියෝජනය කරමින් බලයට එන අයද පාර්ලිමේන්තුවට පත් කළ මොහොතේ පටන් පෙන්වන්නේ එහි අනෙක් දිසාවය. සත්‍ය මෙය වුවත්, දිගුකාලීනව එජාපයත් පොදු පෙරමුණත් ඇතුළු සියලූ දේශපාලන ව්‍යාපාර මෙම රැවටිල්ල ජනතාව තුළ ඉතා හොඳින් රෝපණය කොට ඇත.

අද එහි අලූත් ප‍්‍රවේශයත් ඉදිරියට ගෙනවිත් නැත. හොරුන්, තක්කඩියන්, දූෂිතයන් වෙනුවට උගත් බුද්ධිමත් අය පත්කිරීම එහි එන එක් කතාවකි. අනෙක් අතින් වඩා හොඳ පාර්ලිමේන්තුවක් සඳහා වගකීම ඇත්තේ ඡුන්දදායකයාට බව අපිට කියයි. රටේ බොහෝ ජනතාව මෙම අදහස අද වන විට පිළිගෙන ඇත. මේ සඳහා අගොස්තු 17 වැනිදා තෙක් උපරිම නිදහසක්ද අපිට තිබේ. ඊට විවිධ මාධ්‍ය මඟින්ද ඉතා ඕනෑකමින් ප‍්‍රචාරයක් ලබාදෙමින් සිටී.

තවත් පැත්තකින් පත් වන නියෝජිතයන් ජනතාවගේ අභිලාෂයන්ට පිටු පා බොහෝ විට පාලක පක්ෂය වෙතට මාරු වේ. මේ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප‍්‍රතිපාදන ගෙන ආවේ ජේ.ආර්.ය. සිය පාලන බලය වෙනුවෙන් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දඩයම් කරගත හැකි වන පරිදි 79 ව්‍යවස්ථාවට තුන් වැනි සංශෝධනය නමින් නව පනතක් ගෙන ආවේ ජේ.ආර්.ය. එතැන් පටන් අධිකරණයේද සහයෙන් ඕනෑම මන්තී‍්‍රවරයකුට තමන් පත් වූ නියෝජනය මඟ හැර තවත් පිළකට මාරුවීමේ ඉඩ ප‍්‍රස්ථාව නිර්මාණය කොට ඇත.

මේ සියල්ල ඔස්සේ අපට පෙන්වා දෙන්නේ අගෝස්තු 17න් පසුව පත් වන පාර්ලිමේන්තුව තුළද පිල් මාරුව මන්තී‍්‍රවරුන්ද සමඟ නව හවුල් ආණ්ඩුවක් බිහිවන බවය. ඒ සඳහා පූර්ව සූදානමක් එජාපයේද පොදු පෙරමුණේද ඇති බව දැනටමත් ඔවුන් කියයි.

මේ අපට පෙනෙන්ට ඇති එක් කතාවකි. අනෙක් කථාව ඊට වඩා සූක්ෂමය. වඩාත් රැඑවටිලිකාරිය. ඒ අනෙකක් නොව මෙතෙක් අප නොදුටු ආකාරයේ හවුල් ආණ්ඩුවකි. එහි පළමු වටය ඇත්තෙන්ම රඟදැක්වුවේ යහපාලන ආණ්ඩුවයි. යහපාලන ආණ්ඩුව සිය පාලනය සඳහා බොහෝ දෙනකු කැඳවනු ලැබීය. ඒ ජාතික විධායක සභාව නම් කුස්සි කැබිනට්ටුවටය. අප දන්නා ඉතිහාසයේ හැමදාකම පාලකයන් එළියේ අපට පෙනෙන කැබිනට්ටුවක්ද නොපෙනෙන කුස්සි කැබිනට්ටුවක්ද පවත්වාගෙන ගියේය. ජේ.ආර්.ගේ කුස්සි කැබිනට්ටුවේ වික‍්‍රමසිංහලා ඇතුළත් මුදලිලා සිටි බව ප‍්‍රකටය. චන්ද්‍රිකාගේ කුස්සි කැබිනට්ටුවේ මනෝ තිත්තවැල්ල, මංගල, එස්.බී. සිටි බව ප‍්‍රකටය. දැන් එය වත්මන් පාලය විසින් මහජන ගැලරියට ගෙනැවිත් ඇත. ජාතික විධායක සභාව නමින් ටීඑන්ඒ ද, හෙළ උරුමයේද, ජවිපයද, එජාපයද ඇතුළු බොහෝ දෙනකුගේ දායකත්වය ඊට එක් විය. මෙහි අලූත් ජවනිකාව අගෝස්තු 17 වැනිදාට පසු අලූත් ආණ්ඩුවක් සමඟ එළිදකිනවා ඇත. එය හවුල් දේශපාලනය අපව හප කරන ආර්ථික කි‍්‍රයාවලියේ තවත් රැවටිලි සහගත දේශපාලන සොරකමක් වනු ඇත.

මේ අලූත් ආකාරයේ හවුල් දේශපාලනය තුළ එජාපයද පොදු පෙරමුණද ජවිපෙද අපෙන් ඉල්ලන්නේ අපව හපයක් කරන අරුමෝසම් ආර්ථිකයට තවත් රැවටෙන ලෙසය. අපට ඇසීමට ඇත්තේ එක් පැනයකි. ඔබ ඊට එකඟද?

සමන්ත වර්ණසූරිය